Wednesday, March 14, 2012

වින්ඩ් ස්ක්‍රීන්..සුළඟින් ඔබ සුරකියි..

අපි ගමන් කරන වාහන වල වින්ඩ්ස්ක්‍රීන් එක කොච්චර වැදගත්ද?
වින්ඩ්ස්ක්‍රීන් එක නැතුව වාහනේක යන්න වුනොත් මොකක් වෙයිද?

              මේ වගේ අමුතු ප්‍රශ්න ගොඩක් හිතට ආවෙ ගිය සතියෙ නිවාඩු දාලා ගැරේජ් එකේ රස්තියාදු වුනු වෙලාවෙ. වින්ඩ්ස්ක්‍රීන් නැත්නම් වින්ඩ්ශීල්ඩ් කියන්නෙ වාහනේක ඉස්සරහ තියන වීදුරු කවුළුවට. වාතයේ පාවි පාවි තියන අපද්‍රව්‍ය, ගල්, දූවිලි වලින්  ඇතුලෙ ඉන්න අයව ආරක්ෂා කරන්න හා අනතුරකදී මගීන්ගේ ආරක්ෂාව සලසන්නත් වින්ස්ක්‍රීන් එක කටයුතු කරනවා.


                අතීතයේ ඉදන් විකාශනය වෙමින් ආව වින්ඩ් ස්ක්‍රීන් තාක්ෂනය අද වෙනකොට වාහනයේ අත්‍යවශ්‍ය ආරක්ෂක උපාංගයක් තරමට දියුණු වෙලයි තියෙන්නෙ. අද කාලෙ කොහොමද වින්ඩ් ස්ක්‍රීන් හදන්නෙ කියලා මේ වීඩියෝවන් බලන්න.


               මට නම් හිතට අල්ලම ගියේ ටෙස්ට් කරන විදිහ. වාහන තියන ගොඩක් අයට වින්ඩ් ස්ක්‍රීන් එක තියනවා කියලා මතක් වෙන්නෙ කපුටෙක් ජරා කරාම හරි ගල් කැටයක් වැදිලා හීරුනොත් හරි තමා.

             ඒත් මෙහෙම හීරුනාට වින්ඩ්ස්ක්‍රීන් එක හදන්න බැරි නෑ. වින්ඩ්ස්ක්‍රීන් එක හැදිලා තියෙන්නෙ වීදුරු තල දෙකක් මැද්දට ප්ලාස්ටික් තලයක් එකතු කරලා කියලා උඩ වීඩියෝ එකේ දැක්කනෙ.  ගලක් වගේ දෙයක් වැදුනාම වෙන්නෙ පහල තියන පින්තූරෙ වගේ උඩ වීදුරු තලයත් පහල ප්ල්ස්ටික් තලයත් අතර වායු ස්ථරයක් නිර්මාණය වීම. 
http://americanglassrepair.wordpress.com/2010/07/12/windshield-cross-section/
             වාහනයේ ඉදිරි පස තහඩුවට ගම් ගා අලවා තිබෙන වින්ඩ් ස්ක්‍රීන් එක නිතර නිතර මාරුකරන එක ආරක්ෂාවට බලපා නිසා පොඩි හීරීම් වින්ඩ් ස්ක්‍රීන් එක නොගලවාම හදන්න පුළුවන්. බහුයවීක රෙසිනයක් මේ ස්ථරයට ඇතුල් කලාම හීරීම අතුරුදහන් කරන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන්නකො.

        ඒත් සමහර වෙලාවට පොල් ගස් යට වාහනේ නතර කරපුවාම පහලා පෙන්නන මේ වගේ කෙනෙක්ගේ සහය නම් නැතුවම බෑ.මෙයා නම් මේ වැඩේ කරන්නෙ පැය බාගෙටත් අඩු කාලෙකදි.  සැන් දියාගෝවල මෙහෙම අය හිටියට ලංකාවෙ නම් ඉන්නවද කියලා නම් සුවර් නෑ.

57 comments:

  1. පට්ට, ඔටෝ මොබයිල් ඉංජිනියරින් ලෙක්චර් එකක් වගේ........

    ReplyDelete
    Replies
    1. තැන්කූ කිව්වොත් හරිද මන්දා..
      කොහොම වුනත් මේ පැත්තෙ ආවාට ස්තුතියි..

      Delete
  2. අක්කට මොකෝ එක පාරම වින්ඩ්ස් ක්‍රීන් මතක් වුනේ...

    වින්ඩ්ස් ක්‍රීන් නැති වාහනත් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද?
      වින්ඩ් ස්ක්‍රීන් මතක් වුනේ නම් කරන්න දෙයක් නැතුව ගරාජ් එකේ කැරකි කැරකි ඉද්දි..

      Delete
  3. ඉස්සර ලංකාවට බස් සහ ලොරි ගෙන්නනකොට, එන්ජිම හයි කරපු චැසිය විතරයි ගෙන්නන්නෙ. බොඩිය ගහන්නෙ ‍ලංකාවෙදි. ඉතින් වරායෙන් එළියට ගත්තට පස්සෙ බොඩිය ගහන තැනට එනකන් ලී වලින් හදාපු පුටු කෑල්ලක් තියාගෙන වින්ස්කිරින් තියා වටේට මොනවත්ම නැතුව අරගෙන යන්න වෙනව.
    ලංගම බස් බොඩි ගැහුවෙ වේරහැර හරි ඒකල හරි තිබුන වැඩපොලවල් දෙකේ.ලොරි බොඩිනම් හදන තැන් ගොඩක් තිබුන පොඩි පොඩි තැන්වලත් මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම වේරහැර ඇප්රෙන්ටිස්ශිප් [71-75] කරන කාලේ සහ ලංගම වැඩ කරන කාලේ හාබර් එකේ ඉඳල ඒ විදියට බස් බොඩි ගහන්න ලොරි චෙසි අරන් එනව හොඳට මතකයි.

      Delete
    2. හරිම අපූරු අතීතයක් බව නම් පේනවා..
      දැන් නම් වාහනේක අනිවාර්ය ආරක්ෂක උපාංගයක් තමයි මේක..

      ස්තුතියි අත්දැකීම බෙදාගත්තට..

      Delete
  4. නොදන්න දේවල් ටිකක් දැනගත්ත..ස්තුතියි අක්කේ

    ReplyDelete
    Replies
    1. ඕ කේ ඕ කේ යූ ආ වෙල්කම්...:D

      Delete
  5. අර ස්ටිකරයක් වගේ එකකුත් තියෙනව නේද බිදිල කැඩිල නොවැටෙන්න..

    ReplyDelete
    Replies
    1. අර පළවෙනි වීඩියෝ එක බලන්නකෝ...

      Delete
  6. මම ෆෙරාරි ගැන කියද්දි අක්කා වින්ඩ්ස්ක්‍රීන් ගැන දාලා.. මොනවා උනත් සමහර කරුණු ගැනනම් දැනන් හිටියේ නෑ..

    ReplyDelete
    Replies
    1. මමත් කියෙව්වා ඔයාගෙ විශ්ලේෂනාත්මක පෝස්ටුව..මමත් කරුණු හොයලා තමා කිව්වෙ මලේ..ඉගෙන ගෙන නම් නෑ..

      Delete
    2. එතකොට මමත් ලිවුවා මරුටියක් ගැන.

      Delete
    3. @ අසර්,
      අය්යෝ අපි නම් කියෙව්වෙ සුනිතා ගැන..හික්ස්..

      Delete
  7. මෙහෙ සෑහෙන වාතයක් වෙනවා කලර් ලයිට් අසල කාර් එක නැවත්තුවාම වින්ස්ක්රීන් එක හෝදල කීයක් හරි ඉල්ලන කට්ටිය

    ReplyDelete
    Replies
    1. හේදුවනං දෙන්ඩෝන තමා....

      Delete
    2. @ඔබා,
      ඔය වගේ දේවල්වලට ලෝබ වෙන්න එපා අප්පා..මම ළඟඳි වීඩියෝ එකක දැක්කා වින්ඩ්ස්ක්‍රීන් හෝදල ලැබුනු සල්ලිවලින් වාහනේකුයි තට්ටු තුනේ ගෙදරකුයි ගහපු මනුස්සයෙක්..

      @බුද්ධි,
      හික්ස් ...ඒක ඇත්ත..
      බැඳගත්තනම් ගහන්නත් ඕනෙනෙ..(අදාල නැති කතාවක්ද මන්දා)

      Delete
    3. මෙහෙත් ඒ සෙතේමයි ඔබා. පුදුම කරදරයක් තියෙන්නේ. බැරි වෙලා හරි හෝදන්න එපා කිවෝත් උන් වින්ඩ්ස්ක්‍රීන් එකට සබන් දාල යනවා... උස්සල මරන්න හිතෙන්නේ ඒ වෙලාවට.

      Delete
    4. @ Il mondo,
      කොහොමද ලංකාවෙ ට්‍රැෆික් ලයිට් ගාව හිඟන්නො සීන් එක ?

      Delete
    5. ඔව්. මම පුදුම විදියට භයයි. ඒ මිනිස්සු කලුම කලු පාටට ඇවිත් කතා කරන විදියට මම හීනෙන් හිටන් භය වෙනවා ලංකාවට ගියාම. මම ඉතින් ඉස්සරහා සීට් එකේවත් යන්නේ නෑ භය වැඩිකමට.

      Delete
    6. @ Il mondo di una povera pazza

      ඇත්තමයි මට නම් ඔන්න ඔය 2.50 කතා නම් පේන්න බැහැ.. මට දුක ඔහෙලා වගේ මිනිස්සුන්ට ඉර පායන එක ගැන..

      Delete
  8. අපේ රටේනම් ඔය තාක්ෂණය තියෙනවාද දන්නෙ නෑ.වැදගත් තොරතුරු ටිකක් අක්කේ...

    ReplyDelete
    Replies
    1. නිසුපා තාක්ෂනේ නං මන්දා අර පලවෙනි වීඩියෝ එකේ තියෙන චැක් කරන යකඩ බෝලයක් හම්බුනා මට.... ඕන්නං වාහනේ අරගෙන එන්ඩ අපි වින්ඩ්ස්ක්‍රීන් එක හයිය හත්තිය තියෙන එකක්ද කියලා චැක් කරලා බලමු....!

      Delete
    2. @ නිසූ,
      අපේ රටේ මේවා හදන්නෙ නම් නෑ..ඒත් එන වාහන හැම එකකම මේ වගේ වින්ඩ් ස්ක්‍රීන් හයි කරලා තියෙන්නෙ..

      Delete
    3. @ බුද්ධි,
      ඔයාට නම් මාර අයිඩියාස් තියෙන්නෙ අප්පා..
      @ නිසූ,
      බුද්ධි ගාවට වාහනේ අරන් ගියොත් අනිවා ඇග්‍රමන්ට් එකක් ගහන්න අමතක කරන්න එපා..

      Delete
  9. මම නම් මේවා දැනගෙන උන්නෙම නෑ... ස්තුතියි අක්කා!!!

    ReplyDelete
    Replies
    1. යූ ආ වෙල්කම් නගේ..
      සිංහලෙන් මේකට මොකද්ද කියන්නෙ..

      Delete
  10. හොඳ විස්තරයක්!!! :D

    ReplyDelete
    Replies
    1. එක පාර කමෙන්ට් කියෝගෙන යද්දි මම දැක්කෙ පොඩ්ඩි "නොදකින්විතරක්!!" කියලා ලියලා ගිහිල්ලා වගේ... හෙහ් හෙ.... මං හිතුවා දෙල්ලා කෙහෙවලු පටලවගෙන ද කියලා....

      Delete
    2. @ පොඩ්ඩි,
      තැන්කූ..;)

      @ බුද්ධි,
      ඔය කොළුවගෙ ඇස්දෙක හොඳටම නරක්වෙලා නෙව..නරකද ඔය ග්‍රැපික් පෙත්තෙන් ඇස් අහකට අරගෙන ඇස්වලට බෙහෙතක් හේතක් කරගත්තොත්..
      අනික අපි දෙන්න මොකටද කෙහෙවලු පටලෝගන්නෙ?

      Delete
    3. අම්මපා බුද්ධි අයියේ මාත් දැක්කේ නොදකින් විතරක් කියලා තියෙනවා වගේ ඊට පහලින් ඔයා ලියලා තියෙන එක දැක්කමයි ආයේ බැලුවේ මොනාද පොකු ලියලා තියෙන්නේ කියලා හි හි....ගෑණු ලමයි දෙන්නෙක් එකතුවුනාම මොනා හරි කියලා රණ්ඩුවක් අල්ලන්නැත්තම් ඒක තමා මාරම ප්‍රශ්නේ

      Delete
    4. @ගැමියා,
      මමයි පොඩ්ඩියි කෙහෙවලු පටලෝගන්න එක කෙසේවෙතත් අපි දෙන්නම එකතුවෙලා ඔයාට සලකයිද කියලා නම් සුවර් නෑ..
      ඔයත් පුළුවන් නම් බුද්ධිත් එක්කම එකතුවෙලා ඇස් විෂේශඥයෙක් ගාවට ගියොත් නරකද?

      Delete
  11. පානදුර මොර‍ටුව අළුත් පාර හදපු අළුත පාරේ සුදු පාට අඟලක් වගේ ඝනකම ඉරි වගයක් ඇඳලා තිබුනා කහ ඉරට ඉස්සෙල්ලා..මගේ යාළුවෙක්ගේ තාත්තගේ පරණ ලඩි fb11 මට මතක ඇරලා ආවා....ඩ්ර්ර් ගාලා අර ඉරි උඩින් ගියා...අඩි 10 යන්න උනේ නෑ වින්ඩ්ස්ක්‍රීන් එක බිම....ඌ කියනවා බීඩින් එක ලූස් වයිබ්‍රේට් එකට කැඩුනා කියලා...

    ReplyDelete
    Replies
    1. හපොයි හපොයි..වින්ඩ් ස්ක්‍රීන් එක නොගලවා හදන ක්‍රම ජනප්‍රිය මේක නිසා වෙන්නැති..
      තැන්කූ කතාව බෙදා ගත්තට..

      Delete
  12. Replies
    1. ස්තුතියි චතුරංග මේ පැත්තෙ ආවටත් කොමෙන්ටුවටත්..

      Delete
  13. මෙහෙ වින්ඩ්ස්ක්‍රීන් දාන බාස්ලා හෙන අඩුයි. හිටියත් දාන්න අදි මදි කරනවා. මොකද එයාලා අතින් ඒකෙ කොන් බිදෙන්න තියෙන සම්භාවිතාව වැඩි හන්දා.

    ඔයා දන්නවද දන්නැ. වාහන අයිතිකාරයයි ඕක දාන මනුස්සයයි මුලින් වාචික ඇග්‍රිමන්ට් එකක් ගහනවා.. සවිකරද්දි මේකට අලාභයක් උනොත් මොකද කරන්නෙ කියලා.. සවිකරනවට වැඩිය ඒ හරිය තමා විඩියෝ කරලා දාන්ඩ වටින්නෙ... හිනා කාලා පණ යනවා.... ඇග්‍රිමන්ට් එක ගහන හැටි දැක්කම....

    ඇත්තටම රූට ස්තුති කරන්ඩ ඕනේ මේ විස්තරයට. මම කොච්චර තට්ටු දාලා ඇද්ද වින්ඩ්ස්ක්‍රීන් එකට. එක පාරකට වීදුරු වගේ. එක පාරකට ප්ලාස්ටික් වගේ...... දැන්නෙ දන්නෙ මේක ‍ලේයස් කෙක් එකක් කියලා...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත වෙන්නැති..
      මොකද අපේ වාහනේ පිටිපස්සෙ වීදුරුව ගලවන්න ගිහිල්ලත් හරියට වැඩ කාරයෙක් අල්ලගන්න අමාරු වුනා..ඇග්‍රමන්ට් නම් ගැහුවෙ නෑ..ඒත් අර වීඩියෝ එකේ ඉන්න මනුස්සයා තනියම පැය බාගෙකින් විතර එක ගලවලා ආයෙ හයි කරනවත් එක්ක..

      ඔයා ඇග්‍රිමන්ට් ගහන හැටි පොඩ්ඩක් කිව්වනම් දැනගන්න..

      ආ ඔයාගෙ තැන්කූ එකට වෙල්කම් හොඳේ..

      Delete
    2. මට නම් මැවිලා පේනවා බුද්ධි වාහනේ වින්ඩ් ස්ක්‍රින් එක වටේ කැරකි කැරකි තට්ටු දානවා..හපොයි..
      බලාගෙන ගොඩක් තට්ටු දාන්න එපා “ඔබ නොදුටු ලොවක්“ කිව්වා වගේ පාරෙ යද්දි ගැලවිලා වැටෙයි..හික්ස්

      Delete
  14. අක්කා ඔටෝමොබයිල් ඉංජිනියරින් ද කලේ?

    ReplyDelete
  15. පිසික්ස් පාඩමක්... ඇයි වීදුරු?

    ReplyDelete
    Replies
    1. හික්ස්
      කැමති විදියට හිතාගන්නකෝ..

      Delete
  16. මේ පැත්තේ පිට්ටනියක් තියෙන්නේ පාරක් අයිනේ....දවසක් ක්ලබ් එකේ ක්‍රිකට් මැච් එකක් වෙලාවකදි එකෙක් ගහපු හයේ පාරක් ගිහිල්ලා කෙලින්ම එතන තිබුණු වෑන් එකක වින්ඩ්ස්ක්‍රීන් එකේ වැදිලා මකුළු දැලක් වුනා....වටේ පිටේ හිටිය සේරමල්ලා ඇවිල්ලා කෑ කෝ ගහලා සන්සුන් වුනාම ඊළඟ බෝලේ දැම්මා ඊට එහා පැත්තේ තිබුණු කාර් එකත් සුං....සේරමල්ලා එතන වාහන අයින් කරගත්තා ගහන එකා ෂුවර් නැති නිසා....ඊළඟ බෝලෙන් මිනිහා අවුට්....හිතාගන්න පුළුවන් නේද හයේ පාරට ලැබුනු ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොම තියෙන්න ඇතිද කියලා....

    ඒක නෙමෙයි අක්කේ කොහේ හරි ගිහින් හප්පගත්තද??මම අහලා තියෙනවා ගෑණූ ළමයි වාහන එලවද්දි පාර හරහා හදිසියේ බල්ලෙක් පැන්නත් කරන්නේ ඇක්සලේටර් එක හයියෙන්ම පාගන ගමන් දෝතින්ම ඇස් වහගන්න එක කියලා....ඔයත් ඒ සැම්පලේද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. අනේ දෙයියනේ.ඔයාගෙ යාළුවා වින්ස්ක්‍රීන් දෙකකටම වැඩේ දීලද? ගුටිකන්නැතුව බේරුනා පුදුමයි..

      ඔය පාර හරහා කවුරු හරි පනිද්දි ඇක්සලරේටර් එක පාගෙන ඇස් වහගන්නෙ හින්දි ෆිල්ම් වල නිළියො..ඇත්තට නම් එහෙම වෙන්නෙ නෑ..ඉඳල හිටලා පාරෙ මැද පයින් යන “ලොරි“ බයකරන්න මිසක් මම නම් මිනිස්සු හප්පලා නෑ..

      Delete
  17. හොඳ විස්තරයක්....

    ReplyDelete
  18. ඔව් හොඳ විස්තරයක් තියෙනවා.වීඩියෝ ටිකත් නියමයි.

    ReplyDelete
  19. වින්ඩ්ස්ක්‍රීන් එක විදුරු නෙවෙයි කියලා දැනගත්තතට තාක්ෂණය දැනගත්තෙ අදයි. වීඩියෝ ටික මේ විස්තරයට හොඳටම වැදගත්

    ReplyDelete
    Replies
    1. වින්ස්ක්‍රීන් මුලින්ම හදලා තියෙන්නෙ සාමාන්‍ය ජනෙල් වීදුරු වලින් පස්සෙ ඒව නිතරම කැඩෙන නිසා ලොකු කට විදිහට බිඳෙන ෂැටර්පෘෆ් වීදුරුවලින් හැදුවා..අන්තිමට බිඳුනත් කෑලිවලට වෙන් වෙන්නැති ලැමිනේටඩ් වීදුරු වලින් වින්ස්ක්‍රීන් හදන්න පටන් ගත්තෙ 1927 තරම් ඈතදි..

      Delete
  20. මෙහේ on the spot insurance තියෙනවා වින්ඩ්ස්ක්‍රීන් වලට. පැය භාගයක් ඇතුලත් ෆිට් කරලා දෙන්න ඕනේ ඇග්‍රිමන්ට් එකේ විදියට. ඕක හරි යූස්ෆුල් වෙන්නේ වින්ටර් එකේ හෙම කාර් එක ඇක්සිඩන්ට් වුනොත්. නැත්නම් දවස් හයක් හතක් වේටින් ලිස්ට් ඉන්න ඕනෙ එපා වෙනවා.

    ReplyDelete
    Replies
    1. රංගි,
      වේටින් ලිස්ට් එකේ ඉන්න වෙන්නෙ වින්ඩ්ස්ක්‍රීන් හොයාගන්න නැති නිසාද ටෙක්නීෂියන්ස් ලා නැති නිසාද?
      වින්ටර් එකේ ඇක්සිඩන්ට් වෙලා හීතලේ ඉන්න වුනොත් නම් එපා වෙයි අප්පා..

      Delete
    2. ටෙක්නීසියන්ලා හිඟයක්ම නෙවිද මන්දා. ඒත් අපි අක්වුරුත් වගකීමක් නැතිව මේ වගේ ඒව දෙන්නේ නෑ නේ. ඉතින් මේ සබ්ජෙක්ට් එක හැන්ඩ්ල් කරන වෙනම සර්විස් සෙන්ටර් තියෙනවා. ඒත් අර වගේ ඉන්සුවරන්ස් එකක් දැම්මාම ඔන් ස්පොට් නැත්නම් ඇපොයින්ට්මන්ට් එන්නේ සතියෙන් දවස් දහයෙන් එහා.

      Delete
  21. ගිරිපුර ඇත්තෙක් වෙන ගලයා ලස්සනට කාර් එකේ යන්නේ වින්ඩ්ස්ක්‍රීන් එකක් නැතුව :D

    ReplyDelete
  22. ගොඩක් හොඳ පොස්ට් එකක් රූ..........මාත් වෙලාවක ලියන්න ඕනේ .......

    ReplyDelete