Friday, March 9, 2012

Alithina....ඇත්තෙන්ම

ගිම්හානයද සිසිරයද එකසේ මැ
සිනෙසිත්තමක රැදි රූපයක් මෙන් 
පියාඹායයි සැනෙන්
නුඹගේ සෙනෙහෙ විල ගැලූ සඳ උතුරාම
ඇත්තෙන්ම දැනුනෙ මට එලෙසින්ම


ඇත්තෙන්ම අවංකව සමාව 
වදන්වලට නවමු අරුතක් එක් කල
නුඹට සිත බැඳි ආදරය 
ඇත්තෙන්ම නුඹටමයි..

කඳු යටින් ගලනා දියදහර

එක හුස්මකින් නවතා සිර කරන 
නුඹට බැඳි ආදරය 
ඇත්තෙන්ම නුඹ නොදැරුවා සත්තකයි..



ප/ලි: මෙය අසහාය හඬ පෞරුෂයක් හිමි ග්‍රීක ජාතික පානෝ කියාමොස්ගේ මුල් කාලයේ ගැයු ගීයක්.
“ග්‍රීක් වගේ“ ඇසුනාට රසවිඳිය හැකි අපූරු මේ ගීය ලැබුනෙ මූනු පොතේ සැරිසරද්දි..

38 comments:

  1. අපොයි ඇත්තටම ග්‍රීක් වගේ. වෙලාවට තේරුම දැම්මේ! අක්කා එහෙනම් ග්‍රීක් එහෙමත් දන්නවා නේද? අපිට එතකොට ග්‍රීක් වගේ කියන්න බැරිවෙනවා එතකොට!

    ReplyDelete
    Replies
    1. හික්ස්..මම නොදන්නවා වුනාට ගූග්ල් දන්නවනේ..
      දැන් ඉතින් ප්‍රශ්නයක් නෑ..

      Delete
  2. මුකුත් නොතේරුනාට සිංදුවනම් ලස්සනයි වගේ.. තේරුම දාපු එක කොච්චර දෙයක්ද..

    ReplyDelete
    Replies
    1. ආසන්න වශයෙන් තේරුම කියන්න තමා වෙන්නෙ මලේ..
      සින්දුව නම් ලස්සනයි තමයි..

      Delete
  3. හයියෝ...... වීඩියෝ බලන්ඩ අපට වසනාවක් කොයි ? අපට වීඩියෝ ලෝඩ් වෙන්නේ නෑ නෙව. වැඩපොලේදිවත් මේක අහලා බලන්ඩ ඕනා.

    ReplyDelete
    Replies
    1. අයියෝ ඒ මොකද ඒ..ලංකාවෙ අපිට නම් “...“ තමයි..

      Delete
    2. වී කෙයා ඕල්වේස් !!

      Delete
  4. සිංදුව කියන විදිය ලස්සනයි තේරුම ගොඩක් ලස්සනයි මට නිකන් ඇහුනේ හින්දි වගේ....එල එල

    ReplyDelete
    Replies
    1. හින්දි නෙවේ මලේ..ඇහුන්නැද්ද අතරින් පතර ටීටා, බීටා,ගැමා එහෙම ඉන්නවා..

      Delete
  5. අක්කා ෂෙයාර් කරොත් .. මේ වගේ දවස් ගානක් අහගෙන ඉන්න පුළුවන් සිංදු තමා... නියමයි...

    ReplyDelete
    Replies
    1. තැනකූ මාළුවෝ..මොකද ඔයාගෙ බ්ලොග් කොමෙන්ටු ක්ලෝස් කරලා කියලා පෙන්නන්නේ?

      Delete
  6. ඉස්සෙල්ලාම මැ කියල තියෙද්දි මම බැලුවේ ඇකාරයෙන් ලියපු එකක්ද කියල... වෙලාවට එහෙම නෙමේ... කොහෙන්ද අක්කේ මේ සිංදුව හොයාගත්තේ... ලස්සනයි...!!!

    ReplyDelete
    Replies
    1. මූණු පොතේ යාළුවෙක් ෂෙයා කරලා තිබ්බා ශානි..
      මමත් කීප සැරයක්ම ඇහුවා..

      Delete
  7. නියමයි අක්කේ ස්තුතියි බෙදාහදාගත්තට....මම හරි ආසයි මුලින් යන පියානෝ පාර්ට් එකට

    ReplyDelete
    Replies
    1. මමත් ඒකට තමා මුලින්ම වශී වුනේ..හිත නිවන ගතියක් තියනවා නේද?

      Delete
    2. ඔව් අක්කේ...කොහොමත් පියානෝව කියන්නේ ලස්සණ සංගීත කණ්ඩ නිපදවන්න පුලුවන් සංගීත භාන්ඩයක්නේ

      http://www.youtube.com/watch?v=MuZb54UJ530&feature=related

      ඔන්න ඔය සින්දුවේ පියානෝව ලස්සනට පාවිච්චි කරනවා..

      Delete
    3. ම්..ලස්සන සින්දුවක්...ස්තුතියි බෙදාගත්තට..

      Delete
  8. ග්‍රීක් වගේ ඇහුනට ලස්සන සින්දුවක්. :D

    මාර වොයිස් එකක්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා.
      පානො කියාමොස් කියන්නෙ පොප් ගායකයෙක්..මට නිකම් දැනෙන්නෙ මයිකල් ජැක්සන්ගෙ හුරුව..

      Delete
  9. මට නිකන් ග්‍රීක් වගේ..:D සිංදුවයි තේරුමයි ලස්සනයි හැබැයි!!!

    ReplyDelete
    Replies
    1. මටත් මුලින් එහෙම තමා...ඒත් ඇත්තටම ග්‍රීක් වුනාම හිනාත් ගියා..
      ග්‍රීක් වුනත් ලස්සන වචන සැට් එකක් නේ..

      Delete
  10. Replies
    1. අයියෝ මේ සින්දුව ඇසීමෙන් බඹරකන්ද දිය ඇල්ල මෙන් කඩා හැලෙනා සෑම්ගේ උපමා දිය දහර හරකුන් ලගිනා මඩ වලක් මෙන් එක තැන පල් වීමට පටන් ගත්තාදෝ සිතේ..

      Delete
    2. තිත් දෙකයි ඩී

      Delete
  11. මේ සින්දුව පෝස්ට් කළාට ගොඩාක් ස්තුතියි රූ... හරිම ලස්සනයි... හොඳට රස වින්දා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මියුරු..සංගීතය විශ්ව භාෂාවක් කියන්නේ ඇත්තම ඇත්ත නේද?

      Delete
  12. මේක ලස්සන ගීයක්... පානෝ කියාමොස්.. ලංකාවෙ සංගීත් විජේසුරියගෙ ස්ටයිල් එක නියමයි. මම බේක බාගත්තා පොඩි වැඩක් කරන්න.

    ReplyDelete
    Replies
    1. ම්..සංගීත්ගෙ සින්දුවල වචන සෙට් එක මට ගෝචර වෙන්නෙ කලාතුරකින්...
      පොඩි වැඩේ අපිටත් කියනවද රත්නායක මහත්තයෝ..?

      Delete
  13. ලස්සන සින්දුවක් අක්කේ :) හැබැයි තේරුනේ නැහැ. එත් එක රසවින්දනයට භාදාවක් නැහැ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නගේ..සංගීතය හැමෝමට රසවිඳින්න පුළුවන් වුනු එක කොච්චර දෙයක්ද?

      Delete
  14. කිරියම්මේ...... !!!!! මගේ කමෙන්ට් එක නැති වෙලා !!

    ReplyDelete
    Replies
    1. හැබෑමයිනෙ කොළුවො..හිටපං බලන්ට..ආ..මේ තීන්නෙ..

      තිත් දෙකයි ඩී..කෝ බලන්ට ඔය මූණෙ තියන හිනාව..

      Delete
  15. සංගීතයට භාෂා මායිම් නැහැ නොවෑ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මකල්
      ස්තුතියි මේ පැත්තෙ ආවාට..

      Delete
  16. තේරුම දැම්ම හින්දම හොඳා...

    ReplyDelete
    Replies
    1. ඒ නැතත් මේ සින්දුවෙ පොඩි ගතියක් තියනවා නේද?

      Delete
  17. ගෙදර ගිහින් අහලා බලන්න ඕනෙ.... :)

    ReplyDelete
    Replies
    1. ම්..අහලා බලලම විස්තරේ කියන්නකො..

      Delete