Sunday, February 5, 2012

දිනපොතෙන් 3: සඳ සිසිල

මේ විසල් අහසට
එක සඳයි-තරු අහුරයි
නුඹ ලොවට
සඳ පායා ඇවිත් ඉවරයි
මම දන්නවා 
මට බැහැ 
නුඹ ලොවට සඳක් වන්නට

නුඹ සඳ දුටු නිසා නොවෙයි
සඳ සිසිල විඳි නිසා
දැං සඳ බැස ගිහින් ලොව අඳුරින් පිරුනත් 
නුඹ මට පෙම් කලත් 
මම දන්නවා 
මා තරුවක් පමණන් බව
ඒත් මට බෑ 
අහිංසක පුර සඳට වෛර කරන්න
සඳ යළිත් ආවත්- සඳ යළිත් නාවත්
මේ පාළු අහසට
මා 
තරුවක්ම වන්නම් නුඹේ ලොවට....
‍්ර්‍෴තරූ෴

ප/ලි: මේ කවිය නම් මගේ එකක් නෙවි..හොඳම යාළුවෙක් වුනු තරූ අයියගෙ..ඉංජිනේරු පිඨ කලා කවයෙ බිත්ති පුවරුව අයිති කරගෙන හිටිය තරූ අයියා ඉඳල හිටලා මටත් කවි එක දෙකක් ලියලා දුන්නා. ඒත් මේ කවිය මට ලැබුනෙ කොහොමද මගේ දිනපොතේ අලවන්න තරම් මට මේක විශේෂ වුනේ කොහොමද කියලා මට දැන් මතක නෑ..අවුරුදු කීපයකට පස්සෙ ආයෙත් මේ කවිය කියෙව්වාම මට දැනුනෙ වෙනස්ම හැඟීමක්. ඒ ගොඩක් යාළුවො වෙලා හිටිය අපි දෙන්න දැන් හදිසියකටවත් එස් එම් එස් එකකින්වත් කතා කරන්නෙ නැති තරමට අපේ ලෝකවල හිරවෙලා නිසා. දැන්නම් අපි දෙන්න අතර තිබනු ඒ යාළුකමේ හිදැස පුරවන්නේ එයාගෙ ආදරණීය බිරිඳ ඉදල හිටලවත් දෙන ඇමතුමකින්.
 තරූ අයියේ ඔයා මේ කවිය අඳුර ගත්තොත් මේක මං ගාව තියන්නේ ඇයි කියන නිදාන කතාව කියලා යන්න අමතක කරන්න එපා.
මේ කවිය මට ගොඩක් ලස්සනයි කියලා දැනුන නිසා අනිත් අයත් එක්කත් බෙදාගන්න හිතුවා.

22 comments:

  1. කාලානුරූපීව කවි වලත් අර්ථය වෙනස් වෙනවා. ආසයි නිධාන කතාව අහන්න. තරූ අයිය නොදැම්මොත් ඔයා ආයෙත් දාන්න..

    ReplyDelete
    Replies
    1. ම්..ඒක ඇත්ත සෑම්..නිදාන කතාවක් නම් නෑ මලේ..මට ඇත්තටම මතක නෑ..තරූ අයියා බැරි වෙලාවත් මේ ක දැක්කොත් එයා කියාවි මොකද කවිය අයිති එයාටනේ..

      Delete
    2. තරූ ඇවිත් නැහැ නොවැ.. අපරාදේ කතාව.. :(

      Delete
    3. අයියෝ ඕවත් ගනන් ගන්න දේවල්ද මලේ..ඇත්තම කියනවා නම් මට එයාට ඊයක්වත් යවන්න බැරිවුනා..තරූ අයියා ඇවිත් කමෙන්ට් කරලා ගියොත් මම අළුත් පොස්ටුවක කියන්නම්කෝ..

      Delete
  2. කවියනම් ඇත්තටම ලස්සනයි.. කොහොමත් කවියක් ලියපු ගමන් දකිනවට වඩා ගොඩක් කාලයක් ගිහින් ආයෙම කියවද්දි ඒකේ එදා නොදැක්ක අමුතු ලස්සනක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. කවි සර්වකාලීනයි වෙන්නෙ එතකොට නේද?
      මල්ලිගෙ කවි වල ඒ ගුණය හොඳටම තියනවා..

      Delete
  3. එක සඳයි, තරු අහුරයි නේ. ඒ කියන්නේ හැම තරුවම සඳට ආදරේ බවද?
    ලස්සන කවි. සඳට පෙම් කරන්ට බැරි කෙනෙක් ලියලා තියන බව ඉතින් අපූරුවට පේනවා.

    ReplyDelete
    Replies
    1. ම්..පොඩ්ඩිට හිතුනෙ එහෙමද?
      ඇත්තම කියනවා නම් මට මේ සඳයි තරුයි ටිකක් විතර ටැපලිලා..:)

      Delete
  4. ලස්සනයි...මටත් ඔය වගේ මොකක් හරි අමතක උනාම මතක් කරගන්නකම් හරිම අසහනයක් තියෙන්නේ හිතට..

    ReplyDelete
    Replies
    1. ම් එක එක්කෙනා කවිය ගැන හිතන විදිහ වෙනස්නේ..ඇත්තම කියනවා නම් මටත් මේ අමතක වුනු කතාව මොකක් වෙන්නැතිද කියලා තාම මතක් කරනවා..

      Delete
  5. ලස්සන කවි පෙළක් නේ.. නිධන කතාවත් දැනගන්න ආසයි.. :DDD

    ReplyDelete
    Replies
    1. අනේ මතක නෑ නගේ..බලමු කවියෙ අයිතිකාරයා දැක්කොත් මොනවා කියයිද කියලා?

      Delete
  6. කවි ටික ගොඩක්ම ලස්සනයි.
    සමහර දේවල් වලට ආස හිතෙන්නේ ඇයි කියලා හරියටම පහදන්න බැරි ලෙඩක් තියෙනවා. ඒකට සමහරු නමකුත් දාලා තියෙනවා. තරූ අයියෑගෙන් අහලා බලන්ට නිදාන කතාව !

    ReplyDelete
    Replies
    1. හෑ..මොකද්ද මල්ලි මේ නම..කියමුකෝ බලන්න..
      මෙහෙම දුන්නු අන්තිම කවිය මම ඉක්මනටම දාන්නම්.එතකොට බලමුකෝ..

      Delete
  7. මොන තරම් සඳට ආදරේ කළත් කවදාවත් අයිති කරගන්න බැරි බව දන්නා තරුවක්....
    ඒ මට හිතෙන හැටි... :D

    ReplyDelete
    Replies
    1. ම්..ඒකත් එහෙමද?
      මට නොපෙනුනු ගොඩක් දේ මේ යාළුවන්ට පෙනිලනෙ..අපරාදෙ..

      Delete
  8. අයියෝ මට මේක මිස් වෙලානේ කොහොමද අප්පා එහෙම වුනේ...

    නුඹේ ලොවට සඳ එලියක් වෙන්නට
    සඳ වතුරින් මුළු ලොව නහවන්නට
    පැතූ නමුදු මට ඉඩ නැහැ එන්නට
    එක් ලොවකට දෙසඳක් තව කුමකට

    ඔබ විඳිනා සඳ එලිය තරම් මට
    බැරිවෙයි ඒ පරයා දිදුලන්නට
    ඒ සඳ බැස ගිය පසුව වුවත් මට
    බැරිවෙයි ඔබේ ලොව අඳුරු මකන්නට

    ඕං බලන්නකෝ අක්කේ මේකෙනුත් අදහසක් එනවද කියලා ඔයා ලියපු එකමයි මම වෙන විදියකට ලියන්න හැදුවේ...මියුරු අක්කා කිව්වා වගේ ඔයාට ඒක පාර්ශවිකව ආදරේ කරපු කෙනෙක් තමයි මේක ලියලා තියෙන්නේ ඔයා අන්සතු වෙලා ඉද්දි...ඕං මං හරිනම් මේ කවිය ඔයාට දෙන කාලේ ඔයාට කොල්ලෙක් ඉඳලා තියෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ලස්සනම ලස්සනයි මලේ ඔයාගෙ නිසදැසත්..තරූ අයියා ආපු වෙලාවක කියයි නේද ඇත්ත කතාව..
      මම රූ මහත්තයත් එක්ක යාළු වුනේ තරූ අයියා බැඳලා එයාලට පොඩි පැටියෙකුත් ඉන්න කාලෙ..ඉතින් මේක ඒක පාර්ශවික ආදරයක් කියලා මට හිතෙන්නෑ..
      මේ කතන්දර ඔක්කොම අතීතයට ගිහින් නිසා ආයෙත් හාරලා බලන්න බයයි හිත රිදෙයි කියලා..

      Delete
  9. මේ කවිය පරාජිතයෙකු ගේ කවියක්. එදා මේක ලියූ කවියා, අද වෙනත් කෙනෙකුට සඳක් වෙලා ඉන්න බව පෙබරවාරි 29 පලවූ පෝස්ට් එකෙන් දැන ගත්ත එක සතුටක්.

    ජීවිතේ සම්පූරණවෙන්න මේ හැම ආකරායේම අත්දැකීම් ඕනෑ!

    මගේ ජිවිතේ අවුරුදු හතරක් ගෙවුනු විදිය ගැන මං සලකුණු ඔය ඉංජිනේරු පීඨ කලා කවයේ නිර්මාණ පුවරුවේ ලියවුණා. ඒ සොඳුරු මතකය කවදාවත් අමතක නොවේවී.

    ReplyDelete
    Replies
    1. කතන්දර කලා කවයෙ ලියපු කවි මතක් කරලා ලියලා තියන පෝස්ටු දකින හැම සැරේම මට මතක් වෙන්නෙ තරූ අයියව..මොකද ඔහුගෙ කවි 5ක්වත් අඩුම ගානෙ එක සැරේක බිත්ති පුවරුවේ තියන නිසා..

      Delete
  10. තරු අයියා...., රූ නංගී...., මධුරංග මල්ලී....

    මේ අයියා මල්ලී කතා නං මට මාර අවුල්. ඇයි නම නොකියන්නේ. කවදද මේ වෙනස වුනේ. මං හිතන්නේ මේ වෙනස අගතියට යාමක් කියලයි.

    ReplyDelete
    Replies
    1. ඒකට කියන්නෙ පරම්පරා වෙනස කියලා..
      කතන්දරට දැනුනු විදිහට ඒක අගතිගාමී කියලා මට ඒක දැනෙන්නෙ වෙනස් විදිහට..එකිනෙකාට තියන ගෞරවය, සමීප බව අපිට දැනුනු විදිහ හා පහසුව..
      මේ ගැන ලියවුනු ඔබගේ පෝස්ටුවත් කියවලා ඉවර වෙලයි මම මේ කියන්නෙ..

      එකම දේ කීප දෙනෙකුට වෙනස් විදිහට දැනේන පුළුවන්..ඒත් ඔයාගෙ මතයට මම ගරු කරන නිසා මම කතන්දර අයියා කියලා කවදාවත් කියන්නැතිවේවි..(මට එහෙම කියන එක පහසුවක් වුනත්)

      ස්තුතියි අදහසට..

      Delete