“මම හිටියෙ ජූජක බමුණට“ මට නැවතත් සිනහ පහළ විය.
“ඔයා දන්නවනෙ ජූජක බමුණට බත්මුලකුත් ගෙනියන්න තිබුනා ඉතින් මගෙ බත් මුලට තිබුනෙ අර උඩින් සීනි මලක් තියන පුංචි විස්කෝතු උරයක්“
“ඒ කාලෙ මම හරි ආසයි ඒ විස්කෝතු වලට. ඉතින් අපේ තාත්තට ඕවා ගේන්න තරම් සල්ලිත් නෑනෙ.“
“ඉතින්“ කතාවේ රසවත් තැනක් වෙනුවෙන් නිරූපා අලගු තැබුවාය.
“බත් මුල ලිහාගත්තම මට නාට්‍ය මතක නැති වුණා“ රජ්ජුරුවො මට හිස දන්දෙන්න බලන් ඉන්නවා. මම විස්කෝතු මුල ලිහාගෙන කන්න පටන් ගත්තා.
“හා..හරි ෂොක්.“ නිරූ මහ හඬින් සිනාසුණාය.
“පන්තියෙ ටීචර් මගෙ කනෙන් අල්ලනකම් මම විස්කෝතු කෑවා. ඔක්කොම ළමයි හරියට හිනාවුනා.“
http://www.picturesof.net |
අද පුස් තකාව උපුටා ගැනීම “පියතෙපුල“ පොතින්.
“පිය තෙපුල“,ධර්මා එස් සමරනායක, 1994, ඇස් ගොඩගේ ප්‍රකාශකයෝ, 1 පරි 10-11 පිටු.
පුස්තකා 1 පුස්තකා 2
මේ වගේ කතා දෙක තුනක්ම එක පාර දාමුකෝ අක්කේ මේවගේ කොටස් දැක්කම පොත හොයන් කියවන්න හිතෙනවා... මේ මම ඔයාගේ පුස්තකා කියෙව්වමයි.... මාර වැඩේ උනේ මම මාතෘකාව මුලින්ම දැක්කේ පූස් කතා වගේ කොමෙන්ටුවටත් ලිව්වේ එහෙමයි ආයේ කතාව කියවල බැලුවා කෝ පූසා කියලා එතකොටයි හරියටම දැක්කේ වචනේ හි හි
ReplyDeleteම්..මේ පොතත් හරිම ලස්සන පොතක් මලේ..පුළුවන් වෙලාවක කියවලා බලන්න..
Deleteමාත් හරි ආසයි ඒ විස්කෝතු වලට. මං කරන්නෙ බිස්කට් එක කාලා සීනි මල ඉතුරු කර ගෙන අන්තිමට කන එක.තාමත් කන්නෙ එහෙමයි....:D
ReplyDeleteදැන් ඒ විස්කෝතු එන්නෙ නෑ නේද නිසූ..මගෙත් ආසම විස්කෝතු ජාතියක්..
Deleteනෑ නෑ තාම තියෙනවා අක්කා.මං තාමත් කන්නෙ ඔහොම තමා..:)
Deleteමාත් තාම කැමති බිස්කට්වල ක්‍රීම් ටික ලෙව කන්ට පොඩි එකෙක් වගේ. :D
ReplyDeleteඅපි ඉතින් ලොකු පොඩ්ඩො නේ..හික්ස්..
Deleteමොනාද අප්පේ ඒ විස්කොතු ජාතිය??
ReplyDeleteඅයියෝ මලේ ඔයා කාලා නැද්ද එව්වා!!
Deleteහරිම රසයි..
මමත් ගොඩාක් ආසයි
ReplyDeleteඑත් මට විස්කෝතු කෑම දොස්තරතුමා තහනම් කරලා තියෙන්නේ :(
දුක හිතෙන වැඩේ අප්පා..විස්කෝතු කෑම තහනම් කිරීම..
Deleteබැරිද දොස්තර තුමා එක්ක සාම සාකච්ජාවක් වත් තියන්න..
බිස්කට් එකේ මුල් අකුර කියන්නකො බලන්න... (රහස්)
ReplyDeleteඒක රහසක්..!!
Deleteඔය කියන්නේ අර පුංචි අයිසිං මලක් තියෙන විස්කෝතු ගැන වෙන්න ඇති...
ReplyDeleteඔව්..අයිසිං මල් නැති බිස්කට් එකට කිව්වෙ ජෙම් බිස්කට් කියලා..
Deleteඒ බිස්කට් මතක් වෙද්දි මට දුකයි. අපේ ආච්චි අපි පොඩි කලේ ඔය බිස්කට් සමුපකාරෙන්ද කොහෙද ගෙනාවා
ReplyDeleteඅපේ ආච්චි දවසක් ඒව අරන් එනකොට මග කලන්තෙ දාලා වැටිලා. මට මතකයි බිස්කට් තැන් තැන් වල බිම තිබුණා
අපේ ආච්චි තවම ඉන්නවා. අපේ තාත්තගේ අම්ම වුනාට. අපේ අම්ම සලකන්නෙ තමන්ගෙ අම්මට වගේ.
ස්තුති මාව අතීතයට ගෙනිච්චට !
අයියෝ..ආච්චි තාම හොඳින් ඉන්නවා කියලා අහන්නත් සතුටුයි..විශේෂයෙන් සෑම් වගේ ළමයෙක්ගෙ ආච්චි වෙලා ඉන්න එකත් ලේසි පාසු රාජකාරියක්ද?..හික්ස්
Deleteපොත් කියවන්නේ නැති අපට මෙහෙමවත් පොතකින් උපුටලා බ්ලොග් එකක ලියන එක හොදයි !
ReplyDeleteනැත්නම් ඉතින් කොහෙන් කියවන්ටදෑ !!!
අළුත් රස්සාවට ගියාම මල්ලි බිසි වෙලා වගේ..තව ටික දවසකින් කියයිද දන්නෑ දැන් බ්ලොග් එකක්වත් කියවන්න නෑ කියලා..
Deleteඒ බිස්කට් තාම තියෙනෝ.... මම අදත් දැක්කා... හැබැයි ඉතින් මම ආස නෑ. ඒක තමා කේස් එක..
ReplyDeleteඅයියෝ..අපරාදෙ..මගේ ආසම බිස්කට් එකක්..
Deleteමම නම් තාමත් ආසයි ඒ බිස්කට් වලට! ඒත් දැන් කන්න ලැජ්ජයි වගේ කවුරුත් දැක්කොත් එහෙම!
ReplyDeleteඒක නම් ඇත්ත...ඒ බිස්කට් කන ආට් එකට කන්න ගියොත් වටේ පිටේ ඉන්න මිනිස්සු හිනාවෙයි තමා..
Deleteකෙටියෙන්ම රසවත් කතාවක්..අයෙමත් පුංචි පුංචි පොත් කියවපු ළමා කාලෙට සිතුවිලි ඇදුනා..
ReplyDeleteම්..පුංචි පොත් කියවන්න අපි තාම ලොකු වැඩි නෑනේ..
Deleteස්තුතියි මේ පැත්තෙ ආවාට..
හංසයෝ වගේ තියෙන බිස්කට් තමයි අපේ පැත්තේ තියෙන්නේ.හැබැයි අර ජාතියේ ඒවටත් මාර ආසයි.ඒවා තිබුනේ ඉස්කෝලේ ළඟ කඩේ.
ReplyDeleteමටත් මතකයි සමහර දවස්වල යාළුවො දවල්ට කෑම එකටත් ඔය බිස්කට් ගොඩක් ගේනවා..කෑම කනකොට බෙදාගන්න නිසා හැමොටම හිච්චං විස්කෝතුවක් හම්බවෙනවා..
Deleteකන බොන වෙලාවට ඉතින් බෝම්බ පත්තු වුණත් තේරෙන එකක්යැ
ReplyDelete