විවිධ නම් වලින් හදුන්වපු නේවාසිකාගාර අතරෙ රූ අවසාන අවුරුදු දෙකම නැවතිලා හිටියෙ පොඩි කඳු ගැටයන් උඩ පිහිටලා තිබුන සංඝමිත්තා ශාලාවෙ. මිත්තා කියල ප්‍රසිද්ධ මේ නේවාසිකාගාරය පේරාදෙණිය සරසවි ගෘහ නිර්මාණ ශිල්පය හොඳින් පිළිඹිඹු කරන, ලොකු මැද මිදුලක් තියන තෙමහල් ගොඩනැගිල්ලක්.
මේ තමා අපි හිටිය මිත්තා නේවාසිකාගාරය |
විභාග කාලවලදි අධ්‍යන ශාලාවෙ සංගීත පුටු තරඟය පැවැත්වෙන නිසා අපි ගොඩක් වෙලාවට පාඩම් කලේ අපේ කාමරවලමයි. ඇඳ පෙනි පෙනි පාඩම් කරන කටුක අත්දැකීම අවුරුද්දට කිහිප සැරයක්ම විදින්න වුනා. මේ අතරෙ සිද්ද වුනු රසවත් සිදුවීම් නම් ගොඩයි.
මේ වගේ අපි කාමරේට වෙලා පාඩම් කරන දවසක රූගෙ යාළුවෙක් (අපි එයාට සු කියලා කියමු. ) රෑ මද්දහනේ කාමරෙන් එළියට ආවෙ ඇස් දෙක තෙමාගෙන ඇවිල්ලා ආයෙත් පාඩම් කරන්න හිතාගෙන. දිග කොරිඩෝවක් එක්ක තිබුනු කාමර පේළියෙ අන්තිමට වෙන්න තමයි ලොකු බාත්රූම් එක ළඟ පාත තිබුන කාමර 8ක හිටපු ළමයින්ට පාචිච්චි කරන්න පුළුවන් විදිහට හදලා තිබුනා. එදා ඒ හරිය ටිකක් කළුවර වෙලා තිබුනෙ බාත් රූම් එක ඉස්සරහ බල්බ් එක නිවිලා ගිහින් නිසා.
නිදිමතේ කාමරෙන් එළියට ආව සූට ඉස්සරහට එනවා පේනවා සුදුපාට හිස්වැස්මක් දාගත්ත කළු පාට ඇඳගත්ත රුවක්. හීන් කෙඳිරිලි හඬින් මොනවද කියාගෙන ඒ රූපෙ සූ ඉන්නවා කියලා වගේ වගක් නැතිව ඉස්සරහට එනවා. නිදිමත කොහෙන් ගියාද මතක නැතිවුනු සූ එතනම ගල් ගැහුනා බයටම. සූ දිහා අමුතු විදිහට බලලා ඒ රූපෙ සූ පහු කරලා ගියේ වගේ වගක් නැතිව.නාන කාමරේට යන අදහස අතෑරපු සූ ආපහු කාමරේට ආවෙ දාඩිය පෙරාගෙන. පාඩම් කර කර හිටපු අපි සේරම සූ දිහා බැලුනා.
“හො..හො..හොල්මනක්“ සූ ගොත ගැහුවා.
අපේ ඇඟේ මයිල් කෙලින් වෙලා ගියෙ කාන්තා නේවාසිකාගාරවල තියන හොල්මන් ගැන කතා ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිබුන නිසා. (මේ කතා ගොඩක් දැනං හිටියෙ අපේ පිරිමි යාළුවො නිසා උන් මේවා කොහොම දැනගත්තද කියන එක රූට අදටත් ප්‍රශ්නයක්)
අපි දෙතුන් දෙනෙක් ඒ එක්කම එළියට ආවෙ ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ බලන්න. කාමරේ දොර හිමින් සැරේ අරලා අපි හිමීට ඔළුව එළියට දැම්මෙ හොල්මන අපිට බයවෙලා පැනලා ගියොත් කියලා. ඒ එක්කම අර සුදුපාට රුව එහා පැත්තෙ කොරිඩෝවෙ ඉන්නවා අපිට පේනවා.
“අයියෝ ඔය අර ආට් එකේ පාතිමානෙ. එයා මල් කඩන්නෙ මේ වෙලාවනෙ. මල් කැඩිල්ලෙ හැටියට එයා පොන් එකෙන් කතා කර කර මුළු හොස්ටල් එකේ කොරිඩෝ ඔක්කොම කවර් කරනවා අඩුම ගානෙ පැයක්වත්.“
අපිට පිටිපස්සෙන් ඔළුව දාපු යාළුවෙක් කිව්වත් එක්කම අපි හැමොගෙම හිනාව එළියට පැන්නෙ එක සැරේට. සද්දෙට ආපහු හැරිල බලපු පාතිමා ආපසු සුපුරුදු කොරිඩෝ මල් කැඩිල්ල පටන් ගත්තා.
මෙහෙම මුමුණද්දි එහා පැත්තෙ ඉන්න පෙම්වතාට ඇහෙනවද කියලා කල්පනා කර කර අපි ආපහු කාමරේට ආවා.
මේ කතාව මතක් වුනේ රූගෙ ආසම කතුවරයගෙ බ්ලොග් අඩවියෙ තිබුන මේ කතන්දරෙ දැකලා.
“තරහ ගියාම ඇයි මිනිස්සු කොච්චර ළඟ හිටියත් අනිත් එක්කෙනාට කෑ ගහන්නෙ?“ ගුරුතුමා තමන්ගෙ ගෝලයින්ගෙන් ඇහුවා.
“තමන්ගෙ හැඟීම් පිට කරන්න.ඒකෙන් සැනසීමක් ලැබෙනවනෙ“ එක ගෝලයෙක් පිළිතුරු දුන්නා.
“එයාට සාමාන්‍ය විදිහට කතා කරලා ඒක කරන්න පුළුවන්නෙ.“ ගුරුතුමා ආපසු ඇහුවා.
“ගෝලයො කොච්චර උත්සාහ කලත් ගුරුතුමාට සෑහීමකට පත් වෙන්න පුළුවන් පිළිතුරක් හම්බ වුනේ නැති නිසා“ ගුරුතුමාම උත්තරේ කිව්වා.
“තවත් කෙනෙක් ඒක්ක තරහා වුනාම වෛර කරන්න
වුනාම එයාලගෙ හදවත් ඈත් වෙනවා.
භෞතිකව කොච්චර ළඟින් හිටියත්
හදවතට ඇහෙන්න එයාලට හයියෙන් කෑ ගහන්න වෙනවා.
ඒ වගේම තමා බලන්න
ආදරය කරන දෙන්නෙක් කොච්චර හිමින්ද කතා කරන්නෙ කියලා.
ඒ එයාලගෙ හදවත් ගොඩක් ළංවෙලා නිසා.
කෙඳිරීමක් මිමිණිමක් වුනත් හොඳට ඇහෙනවා.“
ප/ලි: හොස්ටල්වල පාඩම් කරන හැටි දැනගන්න මේ ලිපියට යන්න.
එකඟ නොවෙමි! වැඩියෙන්ම ආදරේ කෙනාටත් අපි බනින්නේ තරහකට නෙවෙයි සමහර වෙලාවට එයාලගෙම හොඳට!
ReplyDeleteමම මේ කියලා තියෙන්නේ තරහා ගිහාම බනින එක ගැනනේ..ඔයාගෙ අදහසත් ඇත්ත තමයි..
Deleteමම වැඩියෙන් කේන්ති යන වෙලාවට නිහඩව පැත්තකට වෙනවා.. එතකොට ප්‍රශ්ණ අඩුයි..
ReplyDeleteඒක නම් ඇත්ත මලේ..එක පැත්තක් නිහඬ වුනාම ගැටුම් අඩුවෙනවා..
Deleteලස්සන කතාවක්. මාත් ආසයි Paulo Coelho ගේ Alchemist පොතට එහෙම.
ReplyDeleteසබිත් මේක literally අරගෙන වැඩියි. :) මට තේරුණ විදියට මේක අදාළ කරන්න ඕනේ ඒ මොහොතේ හදවතට දැනෙන හැගීම. වැඩියෙන්ම ආදරේ කරන කෙනාට උනත්, එයාට බනින මොහොතේ අපේ හිතේ තරහක් ඇතිවෙනවා නේන්නම්.
අනිත් පොතුත් හරිම ලස්සනයි නිරෝෂිනී..පවුලෝ කොයියෝගෙ බ්ලොග් එකෙත් අමුතු කතා තියනවා..ගිහිල්ලම බලන්නකෝ
Deleteස්තුතියි මේ පැත්තෙ ආවාට..
සු කියලා කිව්වේ එයාගේ කාඩ් එක වෙන්ටෑ.
ReplyDeleteඅම්බෝ ඔලුවත් එක්ක පෙරෝගෙන මල් කඩනකොට කොයි කෙනාද බය නොවී ඉන්නේ
සු කිව්වෙ කාඩ් එකම නෙවි මලේ..ඒක නෙවි හොස්ටල් හොල්මන් කතා ගැන සීරීස් එකක් ලියන්න බැරිද?
Deleteඔයාලා ඒවට එක්ස්පර්ට්නේ..හික්ස්
හ්ම්ම් නියම කතාව. මම ත ඕනා තරම් මුස්ලිම් අයට බයවෙලා තියෙනවා පොරවාගෙන යන නිසා
ReplyDeleteකළු පාටට ඇඳන් ගිහාම කාගෙ වුනත් හිත හෙල්ලෙනවනේ...
Deleteඔයා නම් පොඩි දේවල්වලටත් බයවෙන පාටයි නගේ..
හික් හික් නියමෙටම ලියලා තියෙනවා ඇත්තටම ඔය ෆාතිමාලා රෑකටවත් අර ගෝනිබිලි ඇඳුම ගලවන්නේ නැතිව ඇති නේද මට නම් පිස්සු වගේ ඇයි දෙයියනේ එක අයිඩින්ටි කාඩ් එකක් ඇතිනේ ෆාතිමාලාගේ සනුහරේටම මොකෝ අර ගෝනිය ගලවල බලන්නයැ...මම නම් තරහා ගියාම පුළුවන් තරම් හයියෙන් බනිනවා කෑ ගහනවා එහෙම කරන්න බැරිවුනොත් නින්ද යන්නෙත් නෑ වගේ
ReplyDeleteඇත්තම කියන්න ඔය සිද්දිය වුනාට පස්සෙත් කීප සැරයක් අපි බයවුනා පාතිමාටම..හික්ස්
Deleteතරහා ගිහාම අපේ හිත් ඈත් වෙන එක ගැනනම් සලකලා බලන්න වෙයි..
අන්තිමට ලියල තියන ටික හරිම ලස්සනයි රූ...
ReplyDeleteහ්ම්ම්..පේරාදෙණිය මම ආසම කැම්පස් එකක්...සුන්දරත්වය හින්දම
තැන්කූ සයුරි..පේරාදෙණියට වගේම මොරටුවෙත් ආවේනික ලස්සනක් තියනවා නේ?
Deleteතරහ ගියාම කෑගහන්නේ කේන්තිය පිටකරන්න !
ReplyDeleteහිමින් කතා කලොත් කේන්තිය පිටවෙන්නැද්ද සෑම්?
Deleteහැහ් . . . විබාග දවස් වල මමයි ඇටියයි (ඉංජෙක්) හොස්ටල් එකේ හොල්මං කරල තියනව . . . කරපු විදිය තමයි කියන්න අමාරු ප්‍රසිද්දියෙ
ReplyDeleteප්‍රසිද්දියෙ කියන්න බැරි නම් අපිට හිතාගන්න තමයි වෙන්නෙ..හැබැයි ඔය වැඩ වලට පව් සිද්ද වෙනවා ඔන්න..
Deleteහොස්ටල් හොල්මන් ගැනනම් කියලා වැඩක් නැ... මේ ලගදිත් අපේ හොස්ටල් එකේ ළමයෙක් බය වුනා (නාදන් එකේ) කොච්චර බය වුනාද කියනව නම් අන්තිමට කට්ටඩියෙක් එක්ක ඇවිල්ලා නුලකුත් දම්මලා පහුවෙනිදම ගෙදරත් ඇරියා... කොහොම වුනත් හොස්ටල් වල රැට ගොඩක් බය වෙන්නේ මුස්ලිම් ළමයි නිසා... අම්මේ ඒ කතා මතක් වෙද්දිත් හිනා යනවා..
ReplyDeleteමමත් නාදන් හිටියා පළවෙනි අවුරුද්දෙ..එකෙත් රසකතා ගොඩයි පස්සෙ ලියන්නම්කො..
Deleteතැන්කූ මේ පැත්තෙ ආවාට..
හ්ම්ම්..තරහ ගියාම කෑ ගහල කේන්තිය පිටකිරීමත් ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් ඉතාම සුලු මිමිනීමකින් තම අදහස් ප්‍රකාශ වීමත් සාමානයෙන් බොහෝ දෙනෙක් කරන දෙයක් නේද..
ReplyDeleteඑහෙම වෙන්නෙ සිත් අතර තියන දුර නිසා කියන එක අළුත් සිතිවිල්ලක් නේද?
Deleteමේ පැත්තෙ ආවාට තැන්කූ..
අන්තිමම ටිකට පට්ට ලයික්.
ReplyDeleteඅයියෝ සල්ලි..මගේ කතාවට නිකම් ලයික්ද මාළුවෝ?
Deleteපවුලෝ කොයියොගෙ බ්ලොග් එකේ මේ වගේ කතා ගොඩක් තියනවා..ගිහින් බලන්න මලේ..
cyber lokedi komada kenthiya pirimahaganne ...
ReplyDeleteඅනේ මේ පෝස්ට් එක දැම්මට මේ ගැන මම එක්ස්පර්ට් කෙනෙක් නෙවි උපදෙස් දෙන්න..මට නම් හිතෙන්නෙ මේ Cyber ලෝකෙ දේවල් වලට කේන්ති ගන්න එකම පිස්සු වැඩක් කියලා...හික්ස්..
Deleteකොහොම වුනක් මේ පැත්තෙ ආවාට ස්තුතියි හොඳේ..
අදමයි ආවෙ..කියෙවුව ඔක්කොම... අවසන් ටික හරිම ලස්සනයි....
ReplyDeleteතැන්කූ තැන්කූ දිනිති..මේ පැත්තෙ ආවාට..
Delete//ආදරය කරන දෙන්නෙක් කොච්චර හිමින්ද කතා කරන්නෙ කියලා.
ReplyDeleteඒ එයාලගෙ හදවත් ගොඩක් ළංවෙලා නිසා.
කෙඳිරීමක් මිමිණිමක් වුනත් හොඳට ඇහෙනවා.“//
ඇහෙනවා නේන්නම්. අසරණයාට හුස්ම ගන්ටවත් ඉඩක් නෑ. :D:D:D
කට්..කට්..කට්..කෝ ඔයා වැඩේ කෑවනේ..අපරාදෙ..හික්ස්..
Deleteඒක නෙවේ හුස්ම ගන්නෙ පෙනහළුවලින්නේ?
බයට කෑගන්නේ නම් මට හිතෙන්නේ සරීරය හැදිලා තියන විදිහක් කියා මටට් හිතෙන්නේ
ReplyDeleteවතාවත් එල්ලලා තියන රෝලර් කෝස්ටර් එකක ගමන් කලා
චන්ඩියා වාගේ ගියාට මුල් ටික ඈඟට දරාගන්න බැරි පීඩනයක් ගොඩනැගෙනවා වාගේ දැනුනා
ඒ පාර අනෙක් අය වාගේ ලතෝනි දෙන්න ගත්තා මමත්
කෑගැහිල්ලත් එක්ක බඩේ මාංශ පේශී තදවෙනවත් එක්කම ඇඟට පහසුවක් දැනුනා
අර පාදුක්කේ ලෙෂර් වර්ල්ඩ් එකේ ටින් එකක දාලා දෙපැත්ත කරකවන එකක් තියේ
ගිහිල්ලා බලන්නකෝ රූ නෝනේ; මම කීදේ හැබෑව නේ කියලා
ම්..ඒක නම් ඇත්ත..මමත් ඕකෙ ගිහින් තියනවා..මම හිතන් හිටියෙ ඒ ටින් එකේ යද්දි කෑ ගහන්නෙ ජොලියට කියලා..අපි දෙන්නම හූ තිබ්බා කියලා නම් මතකයි..බැස්සට පස්සෙත් කැරකෙනවා වගේ..
Deleteහැබැයි මේ පෝස්ටුවෙ නම් කියන්නෙ බයට කෑ ගහන එක ගැන නම් නෙවි..තරහට කෑ ගහන එක ගැන..
බයවීමයි, දුක්වීමයි දෙකම ද්වේෂයේ ස්වරූප කියා අසා තිබේ... :-)
Deleteඅර අන්තිමට කියල තියෙන ටික මට කවදාවත් හිතිල නෑනෙ... බැලින්නම් ඇත්ත නේන්නං.....
ReplyDeleteහ්ම්..
Deleteඅපි දන්නෙම නැතුව අපේ හිත් ඈත් වෙනවා නේද?
මල් කැඩිලි ගැන නම් කතා කරන්නේ නැහැ :D
ReplyDeleteඅන්තිමට කිව්ව කතාව ඇත්ත වෙන්න ඇති මයේ හිතේ
එක එක අය ඒ ගැන හිතන්නෙ වෙනස් විදිහට..
Deleteහිත් ඈත්වෙන එක ගැන නම් මාත් එකඟයි..