සිත සවි එරින් |
එරින් බොකොවිච් කියන්නෙ විධිමත් නීති අධ්‍යාපනයක් නොලැබුවත් තමන්ගෙ හිතේ ධෛර්යය නිසා පරිසරය විනාශ කරපු බහුජාතික යෝධයෙකුට අභියෝග කරපු නීති ලිපිකාරිනියක්. එරින්ව මට මුණ ගැහෙන්නෙ එයාගෙ කතාව අළලලා ස්ටීවක් සොර්බර්ග් හදපු ෆිල්ම් එකෙන්.
පැසිෆික් ගෑස් ඇන්ඩ් ඉලෙක්ට්‍රිකල් කොම්පැනිය තමන්ගෙ තාප විදුලි බලාගාරයේ සිසිලන පද්ධතිය සඳහා පාවිච්චි කරපු හෙක්සාවැලන්ට් ක්‍රෝමියම් නිසා අවට ජනතාව බීමට ගන්නා ජලය අපවිත්‍ර වීමට එරෙහිව ඇය හඬ නැගුවා. බහු ජාතික සමාගම් එක්ක හැප්පෙන්න බැහැයි කියලා හිතන් හිටපු ප්‍රසිද්ධ නීතිඥයෙක් වුනු එයාගෙම ලොක්කත් ධෛර්යයමත් කරලා අධෛර්යය වෙලා අසනීප වෙලා හිටිය මිනිස්සුන්වත් හරි මගට අරගෙන ඇය ගෙන ගිය අරගලය 1996 දි සාර්ථකව නිමවුනා. ඒ එච්චර කාලයකට ඇමරිකාවෙ කොම්පැනියකට ගෙවන්න සිද්ධ වුණුලොකුම වන්දි මුදලකුත් එක්ක. ඒ ඩොලර් මිලියන 333ක්!
ඇයගේ කතාව ගොඩක් ජනප්‍රිය වුණේ 2000 අවුරුද්දෙ හදපු එරින් බොකොවිච් සිනෙ සිත්තමෙන්. ආදරය, නොපසු බස්නා ධෛර්යය,සමකාලීන ඇමරිකානු සංස්කෘතිය අපූරුවට සිත්තම් කරපු ඒ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය පණ ගැන්වූයේ ජූලියා රොබට්ස්. ඒ අවුරුද්දෙහොඳම නිළිය සඳහා වන ඇකඩමි සම්මානය ඇය දිනාගත්තෙ මේ වීර චරිතයට පණ පෙවීම වෙනුවෙන්.
පටන් ගත්ත මිනිත්තුවේ ඉදන් ඉවර වෙනකන්ම මම ඒ සිත්තම දිහා බලන් හිටියෙ හරිම ආශාවෙන්. අපේ අවට සිදුවෙන වෙනස් කම් වලට අපිටත් සංවේදී වෙන්න කාලය ඇවිල්ලා කියලා මේ චිත්‍රපටිය බැලුවොත් ඔයාලටත් තේරේවි.
මේ ෆිල්ම් එකේ ලස්සන කෑලි පරිවර්තනය කරන්න මගේ ඉංග්‍රීසි දැනුම මදි (සිංහල දැනුමද මන්දා..) නිසා ඔයාලා මෙතෙනට ගිහින් බලාගන්න.
කතාවේ හැටියට නම් ලස්සන ෆිල්ම් එකක් වෙන්නෝන. බලමු හොයාගෙනවත් බලන්න....
ReplyDeleteහිනා යන ඒත් හිතන්න දෙයක් ඉතුරු කරන කතාවක්..
Deleteහ්ම් ගොඩක් ස්තූතියි අපිත් එකක් බෙදාගත්තට මේ චිත්‍රපටය ගැන....මම බාගන්න ඕනේ බලන්න....
ReplyDeleteඔයාටත් ස්තුතියි මේ පැත්තෙ ආවාට..
Deleteබලලා නැහැ . බැලිය යුතු යයි සිතමි
ReplyDeleteස්තුතියි මේ පැත්තෙ ආවාට සහ කොමෙන්ටුවට..
Deleteවෙන්ඩ ඕනනං ඒක තමා...!
ReplyDeleteඒක ඇත්ත බුද්ධි.ඒත් අපි මේ වගේ දේවල් ගැන කතා කරන්න ක්‍රියාත්මක වෙන්න හරිම බයයි නේද?
Deleteඅපි වගකීම් වලින් හිරවෙලා හින්දා වෙන්ඩැති. ඒ රටවල මිනිස්සු නිදහස් අපිට වඩා මට හිතෙන හැටියට. කරදරයක් උනොත් පාඩුව තමන්ට විතරයි. නැත්තං අවමයි! මං කියන දේ තේරුනාද දන්නැ.... මං මේ නිදා ගන්ඩ යද්දි උත්තරේ දැකලා ආය ආවේ.....:D
Deleteස්තුතියි..නිදාගන්න කලින් ආවාට..
Deleteවගකීම් වලට වඩා අපි ශේප් තියරිය නිතරම පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්න නිසා කියලා මට නම් හිතෙන්නෙ..
මමත් බලලා නැහැ රූ... ඔයා කියපු ඒවා බැලුවම මටත් හිතුනා ඒක බලන්න... ස්තුතියි ලින්ක් එක දුන්නට....
ReplyDeleteකාන්තාවක් උපතින්ම පිහිටන දරු සෙනෙහස මේ චිත්‍රපටියෙ සිද්ධින් අතර දිවෙන නිසා මේ කතාව හරිම ලස්සනයි...
Deleteඑළ කියා සිතමි!!!
ReplyDeleteඔබගේ සොබා දහම් කතා ගැන සතුටු වන කෙනෙක් වෙමි.
අනික් බ්ලොග් කරුවන්ද මේ දේවල් ගැන කතා කරන දවසක් ඒවි. :)
සුබ පතනවා ඉදිරි ගමනට.
ස්තුතියි..එරින් මෙන් මෙවන් දේ ගැන හඬ නැගීමට ඔබට ශක්තිය ලැබේවා..
Deleteඅපොයි මාත් බලලා නැතෝ. නොවැරදීම බලන්ට ඕනි. දැන් බලන්ට ෆිල්ම්ස් ගොඩයි.
ReplyDeleteමම ආසම නිලියක් ජුලියා රොබර්ට්ස්.....:D
මගෙත් ආසම නිලියක් පොඩ්ඩි. මම ඇගේ ආසම කතාව තමා නොටිං හිල්..විශේශ හේතුවක් නැතත් ඒ බොළඳ චිත්‍රපටියට මම ගොඩක් කැමතියි..
Deleteමේකෙ පයිට් කෑලි තියෙනවද ???
ReplyDeleteගෑනියි මිනිහයි රණ්ඩු කරන ඒවා තමයි..ඒත් ඔයා බැලුවොත් ආස වෙයි කියලා මට ලොකු සුවර් එකක් තියනවා..හික්ස්..
Deleteකොහොම වුනත් කුණුහරුප කෑලි නම් එමටයි..
බාගන බලමු කෝකටත්
Deleteමම මේ ෆිල්ම් එක බලලා තියෙනවා.. කියන්න වචන නෑ අක්කේ.. නියම සිනම පටයක්..
ReplyDeleteඒක නම් ඇත්ත මල්ලි..ලස්සන චිත්‍රපටියක් තමා..
Deleteපුදුම වැඩක්නේ... ඊයේ පෙරේදා මේක බැලුවනේ...!!!!
ReplyDeleteවෘත්තියටත් අදාල නිසා හෙක්සාවේලන්ට් ක්‍රෝමියම් ගැනත් සොයා බැලුවා...
සුපිරිම ෆිල්ම් එකක් - ඔබගේ රුචිකත්වයට මගේ සතුට හා ගෞරවය...!!!
ස්තුතියි තිස්ස, මම දන්න තරමින් දැන් හෙක්සාවැලන්ට් ක්‍රෝමියම් පාවිච්චි වෙන්නෙ නෑ. මේ චිත්‍රපටිය ගැන ආයෙත් මතක් වුනේ මේ දවස්වල අපි සිසිලන පද්ධතිවල කැල්සියම් කාරම අයින් කරලා කාර්යක්ෂමතාව නංවන්න පුළුවන් අයිතමයක් මාකට් කරන නිසා..
Deleteබූඩිගේ හාමිනේ මේ ගැන බූඩිට කිව්වේ ගිය අවුරුද්දේ, ලංකාවේත් ඔය බැර ලෝහ/ කෘමි නාශක ගැන ගොඩාක් කතා බහ වෙච්ච නිසා මේ කතාව ටිකක් පොප් උනා ඒ කාලේ. http://www.brockovich.com ඇගේ වෙබ් අඩවියයි. ෆිල්ම් එක උඩින් පල්ලෙන් බැලුවේ, ආයේ බලන්න කියලා හිටියත් බැරි වුනා. මේ ගැන ලියපු එකනම් හොද දෙයක් !
ReplyDeleteබහුජාතික සමාගම් වලට කරන්න පුළුවන් දේ එමටයි කියලා මේ කතාව බැලුවාම පේනවා...ස්තුතියි ඔබේ පැමිණිමටයි කොමෙන්ටුවටයි..
Deleteමාත් ආසයි ජුලියා රොබට්ස් ට.... බලන්න හිතුනා...
ReplyDeleteජුලියාගෙ ඇක්ටිං නම් නියමයි ශානි...අනිවා බලන්න..
Deleteබලලා නෑ අක්කේ.. :(
ReplyDeleteස්තූතියි මේ ගැන සඳහන් කලාට..
අද බා බලමි.. :)
ස්තුතිය් නන්දු මේ පැත්තෙ ආවාට..නංගිලා මල්ලිලා එක්ක බලද්දි නම් පරිස්සමෙන්..
Deleteඅක්කටත් එයා වගේ වෙන්න ආස හිතුනද??? මගෙන් සුභ පැතුම් ඕන්න්න්න්..
ReplyDeleteවිභාග වැඩ නිසා පරක් වුනා අක්කේ
ඇත්තටම එහෙම වෙන්න පුළුවන් නම් හොඳයි..ස්තුතියි මලේ..
Deleteවිභාග වැඩ ටික හොඳට කරගන්න..
නිලිය දැක්කම චිත්‍රපටිය ගොඩක් ලස්සන එකක් කියලා හිතෙනවා.
ReplyDeleteබලලම විස්තර කියන්නකෝ...
Deleteබලන්න ඕනේ. විභාගේ ඉවර වෙලා නිවාඩු කාලේ ආපුවාම
ReplyDelete