Wednesday, February 22, 2012

අඩුම තරමේ නිදා ගන්නවත් දෙන්න..At least I want to Sleep

බෑං..
            හොස්ටල් කාමරයේ චිප් බෝඩ් බිත්තිය දෙදරුම් කෑවා. මමත් මගේ යාලුවත් කරපු වැඩේ නතර කළේ ගැස්සිලා ගිහිල්ලා. 
මේ තමා රාමනාදන් ශාලාව
              ඒ අපි සරසවියෙ පළවෙනි වසර ගත කරපු කාලෙ. අපි නැවතිලා හිටියෙ අර කතන්දරගෙ පොස්ට් එකෙන් කියපු රාමනාදන් ශාලාවෙ. නේවාසිකාගාරයේ ළමයින්ට ඉන්න ඉඩ මදි වුණාම උඩම තට්ටුවේ තිබුනු පොදු ශාලාව අඩි දහයේ දහයේ වගේ කෑලි 16කට විතර ප්ලයිවූඩ් බෝඩ් වලින් වෙන් කරලා කාමර දාසයක් හදලා තිබුනා. මේ කාමර කුකුළ් කොටු වලින් වෙනස් වුනේ ලොකු නිසාත් වීදුරු දොර නිසාත් විතරයි.
කොමන් රූම් එක බෙදපු නිසා සී ආර් කියලා නම් කරපු ඒ කාමරවල  එක කාමරේ තුන් දෙනා ගානෙ ගාල් වෙලා අපි හැමෝම අකුරු කරපු කාලෙ නම් හරිම සුන්දරයි. සී ආර් කාමර වල ඉන්න අයට එක එක්කෙනාට කතා කරන්න අනිත් කාමර වලට යන්න ඕන වුනේ නෑ. කාමරේ ඉදන් කෑ ගැහුවාම අනිත් කාමර 15ටම ඇහෙනවා. ඒ කාමරේට වාත්‍රාශය එන්න ගහල තිබුනු කම්බි දැල් නිසා. අපි මේ කාමර වල ඉන්න කාලෙ අපේ බැච් එකේ අය අපිට කිව්වෙ සී ආර් ගැන්සිය කියලා. සී ආර් කාමර වල ඒ අවුරුද්දෙ හිටියෙ අපේ පීඨෙ කට්ටිය විතරමයි. මොකද වෙන පීඨවල කට්ටිය ඇවිල්ලා සතියක් යනකොට සබ්වෝඩන්ට කියලා මාරුවෙලා යනවා අපේ කචකචේ ඉවසන්න බැරිව. මේ කච කචේ කොච්චරද කියනවා නම් මේ පොදු ශාලාවට අල්ලපු කොටසේ තිබුනු නිල නිවාසේ හිටිය සබ්වෝඩන් මැඩමුත් ඇවිල්ලා කියලා යනවා අනේ ළමයිනේ සද්දෙ වැඩී කියලා.
අද කතාව කියන්න යන්නේ මේ සද්දෙ නිසා අපේ යාළුවෙකුට වුනු සිද්දියක් ගැන. 


බෑං... 
              ආයෙත් බිත්තියට තඩි බාන සද්දයක් ඇහුනා. මේ කාමර වල ඇතුලෙ කතා කරන සද්දෙ පවා අනිත් කාමරවලට ඇහෙන නිසා කට්ටිය කතා කරන එක පාඩම් වැඩවලට කරදරයන් නම් අපි කාමරේ බිත්තියට තට්ටුවක් දානවා. ප්ලයි වුඩ් බෝඩ් වලින් හදලා තියන නිසා පොඩි තට්ටුවකින් වුනත් ලොකු සද්දයක් දාලා අහල පහල ඉන්න අයගෙ කටවල් වහන්න පුළුවන්. සී ආර් කාමර වල ඉදන් පාඩම් කරන එක අමාරු වැඩක් නිසා අපි ගොඩක් අය පාඩම් කරන්න පහල තට්ටුවෙ තියන පාඩම් කාමරේට යන්න පුරුදු වෙලා හිටියා. මේ බෑං කියලා බිත්තියට තඩි බාන සද්දෙ ඇහුනෙ අපිට විභාග කාලෙ දවසක රෑ දෙගොඩහරියෙ. එදා මේ කාමර පේළියෙ හිටිය දමිළ බැචීලගෙ උපන්දින පාටියක්. එයාලා එකොලොස් දෙනෙක් විතර එක කාමරේකට එකතුවෙලා උපන්දිනේ සමරනවා. කාලෙකට පස්සෙ සමරන නිසාත් සිංහල අපිට වගේ එයාලට නිතරම ගෙවල්වලට යන්න බැරි නිසාත් අපි කවදාවත් එයාලගෙ පාටි වල සද්දෙට බාධා කලේ නෑ. මමත් මගේ යාළුවත් පහුවදාට බාරදෙන්න ඕන පැවරුම් වගයක් ඉවර කර කර හිටිය නිසා කාමර පේළියේ ඇහරලා හිටියෙ පාටි සෙට් එකයි අපි දෙන්නයි විතරයි. ඉස්සෙල්ලා ඇහනු හැම “බෑං“ සද්දෙකටම පාටි සෙට් එකේ සද්දෙ  අඩු වුනා. ඒත් ටික වෙලාවකින් ආයෙ සද්දෙ වැඩි වෙන්නෙ එයාලටම නොදැනී.
මේ තවත් විදිහකට ශාලාව පේන හැටි
බෑං..බෑං.. 
             තුන් වෙනි පාරටත් බිත්තියට තඩි බාන සද්දෙ ඇහුනා. මේ විදිහට බිත්තියට තඩි බාන්නෙ කවුරු වෙන්නැතිද කියලා අපි දෙන්නා කතා වුනේ හොර රහසේ. කොහොම වුනත් ආයෙ සුපුරුදු විදිහට කට්ටිය හැමෝම ඒ තඩි බෑමට නිහඬ වුනත් ඒක රැඳිල තිබුනෙ විනාඩි කීපයක් විතරයි. කොහොම වුනත් මේ තට්ටු කිරිල්ල නිසා පාටි සෙට් එක හිටියෙ නොරිස්සුමකින් කියලා අපිට තේරුනා. මැජික් එකක් බලන්න ලෑස්තිවෙනවා වගේ අපි දෙන්නා අපේ වැඩේ නවත්තලා හරි බරි ගැහිලා වාඩි වුනා. කොහොම වුනත් මෙහෙම බිත්තියට තඩි බාලා විරෝධය පෙන්නුවා කියන්නේ හරියට අහස ගොරවනවා වගේ. මහ වැසි අත ළඟම පේන නිසා අපි දෙන්නා කන්දියාන බලන් හිටියා. 
ආයෙත් පාටි සෙට් එකේ සද්දෙ සුපුරුදු විදිහට වැඩි වුනා. ඒ පාර අපිට එයාලගෙ දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා.


ටොක්..ටොක්..
          දොර අරින සද්දෙත් ඇහුනා.ඒ එක්කම ගොරව ගොරව හිටපු අහස වහින්න පටන් ගත්තා. 
!$!R@!#$%@!$
Can you pls keep your bloody mouths shut. I can't sleep at all.
If I want to study, I can go to the study room. But if I want to sleep what can I do with our noise?
Please at least I want to sleep. !@$^%$#!$@#%$^


          මේ විදිහට තරහෙන් වෙව්ල වෙවල කඩ්ඩෙන් කොටාන කොටාන ගියේ පාටි සෙට් එකට එහා කාමරේ හිටිය “සූ“. මෙහෙම බැනලා දෙමළ බැචීලගෙ පාටියේ අවසානය සනිටුහන් කරපු සූ ආපහු තමන්ගෙ කාමරේට ගිහින් දොර වහගන්න සද්දෙ අපිට ඇහුනා. ඊළඟට ගතවුනු මිනිත්තු කීහිපය ගෙවිලා ගියේ ඉදිකට්ටක් වැටුනත් ඇහෙන නිහැඞියාවකින්. සූගේ සද්දෙටද කඩ්ඩටද නැත්නම් ඇත්තටමද දන්නෑ පාටි සෙට් එක පාටිය නවත්තලා ආපහු තමන්ගේ කාමරවලට ගියා. 
මැජික් බලන්න වගේ අපේ වැඩ නවත්තලා සිද්දිය අහන් හිටිය අපි දෙන්නත් නිදා ගන්න ගියේ අපි බැරිවෙලා හරි කතා කරනවා ඇහුනොත් සූ ඇවිල්ලා අපිටත් බැනලා යයි කියලා බයවෙලා. හිනාවෙන්නද බයවෙන්නද කියලා හිතා ගන්න බැරිව අපි නිදාගත්තා. පහුවෙනිදා උදේ අපි බලන් ඉන්නවා තවත් රණ්ඩුවක් යයි කියලා. ඊයෙ රෑ මෙච්චර කෑ ගහපු ළමයට පහුවෙනිදට ඒකෙ වගේ වගක් නෑ.
         කොහොම වුනත් මේ සිද්දියෙන් පස්සෙ මාස කීපයක් යනකම් දෙමළ බැචීලා සෙට් එක සූ ව මග ඇරියා කියලයි ආරංචිය. ඒත් අපි ඒවගේ කැත වැඩ නොකර ඒ මාස කීපයේම සූ ළඟ පාතින් යද්දි At least I want to sleep කියලා කියාගෙන යන එක පුරුද්දක් කරගත්තා. 




ප/ලි: 
      හොස්ටල් මඩ වලට ලක්වෙන හැමෝටම සූ කියන නම පාවිච්චි කරන්න හිතාගෙන ඉන්න නිසා මේ සත්‍ය කතාවෙ නම් සේරම මනඃකල්පිතයි. මේ කතාව දාන්න අවසර දුන්නු “සූ“ ට ගොඩක් තැන්කූ..


ප/ප/ලි 24/02/2010
කතා නායිකාවගෙ කොමන්ටුව..

50 comments:

  1. සූකිරි කතාවක් !!!
    අර බෑං බෑං සද්දේ තමා මරු !!!

    ReplyDelete
    Replies
    1. ඒ සද්දෙ නාදන් ස්පෙශල් හොඳද..:D

      Delete
  2. රාමනාදන් හෝල් එක මාර ලස්සනයි. ඕනිම සද්දයක් අනිවාර්යෙන්ම කඩ්ඩට නතරවෙනවා. හැබැයි හොඳට මුවහත් තවත් කඩුවක් හම්බ උනු දවසට තමා වැඩේ....:D

    ReplyDelete
    Replies
    1. ඕනිම සද්දයක් අනිවාර්යෙන්ම කඩ්ඩට නතරවෙනවා.// පරගැති කම තියෙනකල් මේක නං වෙනස් කරන්ඩ බෑ. ඒ අතින් කඩු හරඔ දන්නැති අය පව්!

      Delete
    2. මේකට තියෙන්නේ කඩ්ඩෙන්ම ආපහු වැඩ දෙන එකයි.

      මේක මම කරපු දෙයක් නෙමේ. මෙහේ නම් අපට ඒ භාෂාව පාවිච්චි කරන්ට සිද්ධවෙනවා. ඒත් ඔහේ ඇයි ඒක පාවිච්චි කරන්නේ...:D

      Delete
    3. ඒත් ඔහේ ඇයි ඒක පාවිච්චි කරන්නේ...:D// ඒකට හේතුව Zඕනිම සද්දයක් අනිවාර්යෙන්ම කඩ්ඩට නතරවෙනවාZ කියලා දන්න එක. :P

      Delete
    4. @පොඩ්ඩි,
      නාදන් එක තමා පේරා වල තියන ලස්සනම හොස්ටල් එක..පැත්තකින් මහවැලි ගඟ අනිත් පැත්තෙන් හන්තාන..හරිම ලස්සනයි..

      @බුද්ධි,පොඩ්ඩි,
      භාෂවෙන් විතරක් නෙවි අපි හිතන විදිහත් වෙනස් කරන්න වෙනවා පරගැතිකමට නම්.හැබැයි මේ වෙලාවෙ සූ ඉංග්‍රීසියෙන් බැන්නෙ යාපනෙන් ඉදලා ආපු ළමයින්ට සිංහල බැරි නිසා එයාලට තේරෙන්න...සුවර්ම නැතත් මම හිතන්නෙ එයාලා සයිලන්ට් වුනේ කරපු වැරැද්ද නිසා වෙන්නෝනැ..

      Delete
  3. මටත් නිදා ගනිද්දි සද්ද ඇහෙන එක තරම් කේන්ති යන තවත් දෙයක් නෑ..

    ReplyDelete
    Replies
    1. මේ සද්දෙ එසේ මෙසේ සද්දයක් නෙවි මලේ ගෑනු ළමයි එකොලොස් දෙනෙක්ම කතා කරන සද්දයක්නෙ..!!

      Delete
    2. දිනේශ් ඔන්න මමත් ඒ ගොඩේ - පිරිත් වුනත් ඒ වෙලෙට අරහං

      Delete
    3. @තිස්ස,
      රූ මහත්තය නම් කියන්නෙ බෝමබයක් කන ලඟ පිපිරුවත් මම නිදි කියලා..ඒ අතින් නම් හරිම වාසනාවන්තයි..

      Delete
  4. මරු වැඩේ... ඇත්ත නේන්නම්.... මට නම් පාඩම් කරන කාලෙට ඔය මොන සද්ද බද්ද තිබ්බත් ඇඳට වැටුනු ගමන්ම නින්ද යනවා.....
    මං හිටපු බෝඩිමකත් ඔහොම වැඩක් වෙලා අන්තිමට නඩුව ඉහළ උසාවියටත් ගිහින් තමයි නතර උනේ... විත්තිකාරයා බෝඩිම අයිති ඇන්ටිගෙම දුව.... :D

    ReplyDelete
    Replies
    1. අපොයි..නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගෙනෙ...හික්ස්..

      Delete
  5. ඔය අපි හිටිය කැදැල්ලෙත් ඔහොම දේවල් නං එමට..... මතක් වෙද්දිත් ආසාවේ බෑ.... එහෙම බලද්දි සූ හොදයි. වචනෙන්නෙ ගේම දීලා තියෙන්නෙ.... අපේ එව්වොන්ට වචනෙන් කියලා දන්නන්ඩ බෑ.

    ReplyDelete
    Replies
    1. වචනෙන් කීවට සම්පූර්ණ කඩ්ඩෙන් නිදිමරගාතෙ කොහොම මතක් වුනාද දන්නෑ ඉංග්‍රීසි..

      Delete
  6. හොස්ටල් වල ඉද්දි නම් ඔහොම කේස් නම් ඕන තරම්, ඒත් අපෙ නම් එක්සෑම් කාලවලට මොන සද්දත් තහනම්, එහෙම නැති කාලෙට ඕන දෙයක්! සූ කෙහෙල් ගහකට කෙටුව දවසට තමයි...!

    ReplyDelete
    Replies
    1. සූ කොහොමත් දඩ මීටරේ නිසා කෙහෙල් ගස්වලට කොටලත් බේරුනු පස්සෙන් පහු..බලමු මේ පැත්තෙ ආවොත් කොමෙන්ටුවක් දාවි..

      Delete
  7. හික්ස්.... සූ නම් නියම වැඩේ කරලා තියෙන්නෙ. මම කැම්පස් එකේ ඉන්නකොට හොස්ටල් වල ඉදලා නෑ නෙ.අපේ තිබුනෙ දෙන්නෙකුට එක කාමරේ ගානෙ.

    ReplyDelete
    Replies
    1. අපි හිටියෙ කාමරේට තුන් දෙනා ගානෙ..මේ දවසෙ තුන්වෙනියා කලින්ම නිදාගෙන..
      මොරටුව කැම්පස් එකේ යාළුවොන්ගෙ බෝඩිමක අපිත් දවසක් හිටියා..මදුරුවො බාගයක් දුර උස්සගෙන ගිහින් ආපහු ආවා..එදා නම් මොරටුව බෝඩිං එපා වුනා අප්පා..

      Delete
  8. හික්ස්...විසේකාර,පිස්සු හැදෙන,කවදාවත් අමතක නොවෙන කැම්පස් ජිවිතේ..
    අක්ක පේරාදෙණියේ කැම්පස් එකේ මොන පිඨයේද ඉගෙන ගත්තේ??

    ReplyDelete
    Replies
    1. පාසල් කාලේ කැම්පස් කාලෙ අපේ ජීවිතවල ලස්සනම කාලෙ නේද මලේ..

      Delete
    2. ඔව්නේ...:) කියල වැඩක් නෑ ඒක නම්..
      ඉතින් කෝ අනිත් ප්‍රශ්නෙට උත්තරේ?

      Delete
    3. කුරුල්ලා දස්සයානෙ..කියන්නකො බලන්න පුළුවන්නම්..;)

      Delete
    4. නෑ..මරුනේ..මම නම් තාමත් රුහුණේ ඉංජිනේරු පිඨයේ ඉගෙන ගන්නවා...

      Delete
    5. අක්කා බුකියේ ඉන්නවද??? ඉන්නවනම් මට රික්වෙස්ට් එකක් දාන්න පුලුවන්ද?
      :)
      https://www.facebook.com/SamilaMethmal

      Delete
  9. අනේ ඒකට මම . . .කන ලග ඩයිනමයිට් ගැහුවත් නිදි . . .පාඩමට ඔය කිසිම සද්දයක් බාදාවක් උනේම නැති තරං . . . පාඩං කලේ නෑනෙ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ඕනයා බරපතල මීටරයක්..පාඩං නොකරම ගොඩයන්න..
      ඔය කියන්නා වගේ අපිත් පස්සෙන් පහු ඔය වගේ කම්මලේ බල්ලො වුනා..

      Delete
    2. අපි ඉතිං බ්‍රයිට් කොල්ලො නේ . . . කොච්චර බ්‍රයිට්ද කීවොත් පාඩං කරද්දි ලයිට් දාන්නෙත් නෑ . . .

      හැක් හැක් . . මීටරේ නෙමේ මෙයා . . මම තමයි අපේ බැච් එකේ වැඩිම කුප්පි ප්‍රමානයක් දැම්මෙ . .

      Delete
    3. මේකා අනුන්ගෙ මොළ හූරලද කොහෙදෝ...

      Delete
    4. @ ඕනයා,
      මම කියන්න හිතන් හිටිය එක මියුරු කියලා..
      කොහොම වුනත් කුප්පි දාලා කෝස් එක ගොඩයන එකත් මීටරේ දාන වැඩක් තමා..
      මල්ලිගෙ බැච් එකේ යාළුවෙක් හිටියා ඌ ගෑල්ලමයින්ට කුප්පි දාලා ඒ සබ්ජෙක්ට් එක ඇර අනිත් ඔක්කොම පේල්..

      Delete
  10. හප්පේ රූ නියමෙට දීල . කට්ටියට අහු වුනොත් මම කපෝති. සෙට් එක මාත් එක්ක එල ෆිට් දැන්. කොටින්ම ඖරුද්දකට (මේකේ අකුරු වැරදියි නේ අප්පා) පස්සේ මට මොකක් හරි දිනයකට සාරි ඇන්දුවේ ඔය සෙට් එක.
    පොඩි කුමාරිහාමි සහ බුද්ධි: මම දැන් ඉන්නේ අහවල් රටේ ඉගෙනුමට. අපේ ඇත්තෝ කඩ්ඩෙන් කොටද්දීත් දෙන්නේ සිංහලෙන්. මුන්ට මෙලෝ හසරක් සිංහල තේරෙන්නේ නැහැ-වචන 2 ක් දන්නේ නැහැ ඒ කාලේ.
    දන්නේ නැතුව වැරදි කොමන්ටු දෙන්න හොඳ නැහැ නෙව?
    රූ මන් කිව්වද පල වෙනි ජොබ කාලේ මාස 9 ක් බෝඩිමක හිටියා. එතන ගෑනු ළමෛ 5 ක් විතර උගුර යටින් කෑ ගහනවා. මන් නෙමෙයි කට ඇරියේ. බැරිම තැන ගියා. ඒත් හොඳම යාලු කමින් . යන්න කලින් සතියේ සෙට් එකම අහනවා ඇයි අනේ යන්නේ අපි කෑ නොගහ ඉන්නම් . (කොහොමද දන්නේ? ) යන දවසේ මට lamp shade 1 ක් දුන්නා. කොහොමද නාදන් පාඩමේ වටිනාකම. සූ

    ReplyDelete
    Replies
    1. තැන්කූ මේ පැත්තෙ ආවට, කොමෙන්ටුවයි කතාව දාන්න අවසර දුන්නටයි..
      කොහොමත් නාදන් එකේදිත් මිත්තා එකේදිත් අපි ගත්ත ෆන් කවදාවත් අමතක වෙන්නෑ..

      Delete
    2. ඉස්සර දවසක
      ලස්සන සවසක
      අත්වැල් බැඳ ගෙන අප දෙන්නා
      මහවැලි ඉවුරේ
      නන්දන උයනේ
      මතකයි හෙමිහිට පිය මැන්නා

      හන්තානේ කඳු
      පිසගෙන සුසිනිඳු
      සීතල පිණි පොද හමාගියා
      සිත සන්සුන් කල
      හද කුල්මත් කල
      සුන්දර ගී හඬ ගලා ගියා

      නාදළු පහසක
      මල් පෙති රහසක
      රස පිරි සමයයි ගෙවී ගියේ
      කොළොම් පුරවරේ
      ගිනිදැල් අතරේ
      තාමත් ඒ සුව මතක තියේ

      MP3: http://kathandara.blogspot.com.au/2010/09/blog-post_13.html

      Delete
    3. මේ සින්දුව සීඩී එකකට ලියලා කාර් එකේ ප්ලේයර් එකේ දාලා තියෙන්නේ..ඒ කට හඬට නම් මම එච්චර මනාප නෑ..ඒත් ආපහු පේරා ජීවිතේ ගැන මතක් වෙනවා..

      Delete
  11. මහ නෝටි එවුන් ටිකක්.... රූ නෙමේ රෑ....

    ReplyDelete
    Replies
    1. හිකස්..දැන් කවුද නෝටි..?

      Delete
  12. අයියෝ මාර වැඩේනේ. මටත් වෙලාවකට තරහා යනවා දෙමල අයගේ සද්දෙට. අපේ ගේ අහා පැත්තේ අලුතින් ආවා දෙමල කට්ටියක්ක්. අම්මෝ සද්දේ ඉවසන්න බෑ. දෙමල අයගේ කටහඩේ තාරතාවය වැඩි මොකද මන්දා

    ReplyDelete
    Replies
    1. මාත් ඕන නෝටිස් කරලා තියනවා වර්ණා, කොච්චර ට්‍රයි කලත් ඒ සද්දෙත් එක්ක තරඟ කරන්න අපිට බෑ..හික්ස්

      Delete
  13. නාදන් ඉඳලා ගඟෙන් මෙගොඩට හැමදාම පයින් එන්න වෙන එක නං පව් වැඩේ. ඉඳිආප්ප තුනක් කන කෙල්ලෝ කොහොම ඔය ටික ඇවිදිනවද මන්දා.

    මං වී.සී. වුනොත් අක්බාර් එක පැත්තේම හෝල් එකක් හදනවා කෙල්ලන්ට. අබේකෝන්ලට උනන්දුවක් නෑ ඕවාට!

    ReplyDelete
    Replies
    1. හික්ස්..කතන්දරගෙ කාලෙ තිබුනු ඒ උද්ඝෝෂනේ නිසා මම හිතන්නෙ කාලයත් එක්ක ඉඳි ආප්පෙ සයිස් එක එන්න එන්න පරිණාමය වුනා. අපේ කාලෙ එද්දි ඉඳි ආප්ප හතලිහක් විතර කන්න ඕන අපේ බඩ පිරෙන්නත්...
      දැන් නම් පරිණාමයේ උච්චතම අවස්ථාව ඇවිල්ලා මම හිතන්නේ ඉඳි ආප්පෙ පේන්නැති සයිස් එකට ඇති..බලන්නකො උද්ඝොෂන ලවල ප්‍රථිපල පරම්පරා ගානක් භුක්තිවිදින හැටි..

      දුර ගැන නම් කියන්න වෙන්නෙ උදේ නැගිටින වෙලාවත් එක්ක සමානුපාතිකයි කියලා..පස්සෙ ඒ ගැනත් කතාවක් ලියන්නම්කො..අබේකොන් සර්ට මස්සිනා වගේ කතා කරද්දි කතන්දර එච්චර වයසයිද කියලත් හිතෙනවා..;)

      Delete
  14. සූ කිව්වේ.. අලේ මන්දා මට තේලෙන්නේ නැහැ :(

    ReplyDelete
    Replies
    1. සු කිව්වෙ නමක් සෑම්..හරි නම පාවිච්චි කරන්න මම අවසර ගත්තෙ නෑ..කොණ්ඩෙ කොටට කපපු සුදුම සුදු ලස්සන ගෑල්ලමයෙක් හිතේ මවාගෙන ආපහු කතාව කියවන්නකෝ..

      Delete
  15. හික්ස් මඩම තමා
    අපේ පැත්තේ කෙනෙක්නේ, බූඩි අදනේ මේ පැත්තේ ආවේ,
    ඔන්න සයිට් එකටත් ජොයින් වුනා !
    තව මඩ දාන්න සූ සූ ගාලා :D

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙ කෙනෙක් කිව්වෙ?
      කොහොම වුනත් මේ පැත්තෙ ආවාට ස්තුතියි..

      Delete
    2. අපේ පැත්ත කිව්වේ ඉතින් පේරා ගැනනේ හලෝ :P

      Delete
  16. පට්ට කතාව. මෙතුමට උනත් මල විදිනවා නිදාගන්න දෙන්නැති වුනාම.පාවිච්චිය නම් සුද්ද සිංහල.හෙහ් හේහ්හ්හ්

    ReplyDelete
    Replies
    1. එක අතකට ඒක වැරදියි කියන්න බෑ..නිදහසේ නිදාගන්නවත් තියෙන්න එපැයි...
      ස්තුතියි මේ පැත්තෙ ආවාට

      Delete
  17. නිදාගන්න එකවත් සැනසීමේ කරගන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ තමා :D

    ReplyDelete