Sunday, December 25, 2011

ජිංගල් බෙල්ස්..ජිංගල් බෙල්ස්...

“මචං උඹලට කියන්න මාර සීන් එකනෙ වුනේ...!! “
යාළුවො සේරම සෙට් වෙලා ඉන්න වෙලාවක ජේම්ස් කතාවට මුල පිරුවෙ එහෙම. 
උඹල දන්නවනෙ මම ගිය සතියෙ ෆැනී එක්ක සවාරියක් ගහපු විත්තිය..උඹලට කියන්න මාර සීන් එකනෙ වුනේ..“ජේම්ස් මේ හදන්නෙ පඳුර වටේ තලන්න.
“උඹ ෆැනී බ්‍රවුන් එක්ක ගහන සවාරි දැන් ඉතිං ප්‍රසිද්ධයිනෙ..“යාළුවො සෙට් එකෙන් එකෙක් කිව්වා.
“අපේ ජිංගල් දන්නවනෙ...“
“ඔව් බං අර උඹේ හීන්දෑරි ලාමක අශ්වයනෙ. රේස් පදින්නම උගෙ වලිගෙ කපලනෙ තිබ්බෙ...“යාළුවෙක් අලගු තිබ්බා. 
“ඔව් ඔව් බං ඌ තමයි..“ ජේම්ස් රැල් බුරුල් හැරියා
“ඌව බැඳලා අපේ ගෙදර වහලෙ නැති ස්ලේ* එකේ...මම මරු වැඩක් කලා..ජිංගල්ගෙ වලිගෙ මම ගෙජ්ජියක් බැන්දා. හරි ෂෝක් බං..ඌ ස්ලේ එක ඇදං යද්දි බෙල් ගහනවා වගේ ගෙජ්ජිය නාද වුනේ..ෆැනීත් හරියට කැමති වුනා වැඩේට...“
http://www.wpclipart.com
“අපි දෙන්නා අර ගඟ වටේ පාරේ හිම උඩින් යද්දි වටේ පිටේ කවුරුත් පේන්න හිටියෙ නෑ. අපි දෙන්න එකතුවෙලා පණ යනකම් කෑ ගගහ සින්දු කිය කිය ගියේ...“
“අපි දෙන්නගෙම මූඩ් එක ෂේප්..මට එහා පැත්තෙ හිටපු ෆැනීට මම කිස් එකක් දෙන්න හැදුව විතරයි..හපොයි ජිංගල් අර ගඟට එහා බෑවුමට කොන්ඩෑරුම් ගැහුවනේ... 
“නෑ..ඉතිං.“ යාළුවන්ට කියවුනෙ එක පාරටම
“ඉතිං,! ඉතිං තමා තිත්තිං..අපි දෙන්නම හිම උඩ දපලා..සවුත්තුම වැඩේ කියන්න එතනින් ගිය මනුස්සයෙකුත් ඒක දැකලා හිනා වෙලා ගියා..වස ලැජ්ජාව ඕයි..හපොයි ඉඳලා වැඩක් නෑ.“
“ඔන්න මම නම් කියන්නෙ උඹලට ...
අද රෑ කෙල්ලො එක්ක රවුම් ගහන්න යනවා නම් මතක් කරලා හොඳ ෆිට් පුරුදු අශ්වයෙක් අරං පලයල්ලා..ඌව හොඳට වේගෙන් දක්කපල්ලා..අඩුම ගානෙ දෙකයි හතලිහෙ ස්පීඩ් ඒකටවත්..නැත්තං වෙන්නෙ මට වෙච්චි දේම තමයි ඕං.. 

Dashing through the snow
In a one-horse open sleigh
O'er the fields we go
Laughing all the way
Bells on bobtail ring
Making spirits bright
What fun it is to laugh and sing
A sleighing song tonight!
Jingle bells, jingle bells,
Jingle all the way.
Oh! what fun it is to ride
In a one-horse open sleigh.
Jingle bells, jingle bells,
Jingle all the way;
Oh! what fun it is to ride
In a one-horse open sleigh.
A day or two ago
I thought I'd take a ride
And soon, Miss Fanny Bright
Was seated by my side,
The horse was lean and lank
Misfortune seemed his lot
He got into a drifted bank
And then we got upsot.
A day or two ago,
The story I must tell
I went out on the snow,
And on my back I fell;
A gent was riding by
In a one-horse open sleigh,
He laughed as there I sprawling lie,
But quickly drove away.
Now the ground is white
Go it while you're young,
Take the girls tonight
and sing this sleighing song;
Just get a bobtailed bay
Two forty as his speed
Hitch him to an open sleigh
And crack! you'll take the lead.


ඔබ සැමට සිරි සුභ නත්තලක්...!


  Download this mp3 from Beemp3.com
ප/ලි
හැමදාමත් නත්තලට සවන් පුරා ඇසෙන “ජිංගල් බෙල්ස්“ නත්තල් ගීයේ කතාවයි මේ.
1850 දී ඇමෙරිකානු ජාතික ජේම්ස් ලෝර්ඩ් පියර්පොන්ට්  විසින් රචිත මේ ගීය ශීත සෘතුවේ සතුට ගැන කියවෙන එකක්.


*හිම යානය
ආශ්‍රිත මූලාශ්‍ර: http://en.wikipedia.org/wiki/Jingle_Bells


6 comments:

  1. මම ඔය ජිංගල් බෙල්ස් සිංදුව අහලා තිබුනට කවදාවත් ඕකේ අතීත කතාව දැනගෙන හිටියේ නෑ.

    අක්කටත් සුබම සුබ නත්තලක් වේවා !!!

    ReplyDelete
  2. මේක ඇහුවට කතාව දන්නේ නෑනේ... ​ස්තූතියි අක්කේ...

    සුභ නත්තලක්...!!! මතකනේ රූ මහත්තය එක්ක රෑ යද්දී හොඳ අස්සයෙක් අර යන්න....

    ReplyDelete
  3. අදනේ මේකේ වචන සෙට් එකයි කථාවයි ඇහුවේ මාරයි බොහෝම ස්තූතියි අක්කේ.සිංදුවේ ගතිය තේරෙන්නේ දැනුයි...

    ඔයාට සුභම සුභ නත්තලක් සහ සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!!!!

    ReplyDelete
  4. @මධුරංග,යාළු මාළු,ගැමියාගේ පත් ඉරුව
    ස්තුතියි...සින්දුව ගැන ගොඩක් විස්තර තියනවා Wikipedia එකේ..

    ReplyDelete
  5. ශා...විස්තරේ දැන ගත්තෙ අද නේ..තැන්කූ අක්කා...

    සුභ නත්තලක් සහ සුභ නව වසරක් වේවා අක්කේ...

    ReplyDelete
  6. @නිසූපා,
    තැන්කූ..ඔයාටත් සුභම සුභ නව වසරක්..

    ReplyDelete