කලින් පෝස්ටුවේ අපි නතරවුනේ කුමාරයා මකරව මරන්න ගිහිල්ලා අන්තිමට මකරගෙ පිටඋඩින් බිමට බැස්සා කියන තැනින්....අද එතැන් සිට..
මකරගෙන් බැහැලා ටිකෙන් ටික පස්සට ගිය කුමාරයා මෙහෙම ඇහුවා.
“තමුසෙට විශ්වාසද මාව කන්නෑ කියලා?“
“පිස්සුද? මගෙ වචන දෙකක් නෑනෙ.මකරු කිව්වොත් කිව්වම තමයි ඔය හාල්පාරු කුමාරයො වගේ නෙවෙයි. හරිද? දැන් මොකද තමුසෙ මේ පැත්තෙ? තමුසෙලගෙ එකෙක් මගෙ නංගි මැරුවා. එකෙක් තාත්තව මැරුවා. අපි තමුසෙලට මොනවා කරලද ඕයි මෙහෙම අපිට සලකන්නෙ.“ මකර කිව්වෙ අඬන මූණකින්
“ඇයි එහෙනම් මකරු ගෑනු ළමයි කන්නෙ?“
“ඒක පට්ටපල් බොරුවක්. මම කෙල්ලෙකුට අතවත් තියන්නෑ. උන් ගාව ලාබ සෙන්ට් ගඳයි. මම පුංචි කාලෙ එකියෙක්ගෙ මූණ ඉම්බා. අපොයි පව්ඩර්. උන්ව කනවට වඩා හොඳයි..!!“
“එහෙනම් මකරු මොනවද කන්නෙ?“
“විසේසයක් නෑ. මම තණකොල, පළතුරු, ඇට, මුල් වගේ ඕනි දෙයක්. ඉදලා හිටලා පූසෙක් හරි හාවෙක් හරි ගිලිනවා. ඒත් ඒකවත් නිදහසේ කන්න නෑ තමුසෙලා හෙලි, කඩු,අශ්වයො ඒක්ක අපි පස්සෙ එනවා. අපි මොකුත් කරන්නෙත් නැතිව. “
“ඒ වුනාට හැමෝම කියනවනෙ මකරු ගෑනු ළමයින්ව කනවා කියලා. “
“අයියෝ... ඔය ගෑනුළමයි උන් වැදගත් කියලා පෙන්නන්න දාන මායම් ..ඕවා කියන්න ගියොත් පිස්සු හැදෙනව ඕයි.“
“පොඩ්ඩක් ඉන්න“ කුමාරයා පුදුමයෙන් කිව්වා.
“කටින් ගිනි විදින්න නම් ලෑස්ති වෙන්න එපා.“
“කවුද මේ මම?“ මකරා යටිතොල පෙරළගෙන අඬන්න පටන් ගත්තා. බේසමක් පුරව ගන්න පුළුවන් තරම් කඳුළු කැට මකරගෙ ඇස්දෙකින් කඩා හැලුනා.
“අනේ මට ගිනි පිඹින්න බෑනේ.සමහරවිට මම වෙන්නැති ගිනි විදින්න බැරි එකම මකරා..!!“
“ ආ..ඒ මොකද?“
මකරා දිග සුසුමක් හෙලුවා. ටිකක් සැර ගඳක් අවට පැතිරුනා.කුමාරයා නහය හැකිලුවත් මකරාට ඒක පෙනුනෙ නෑ.
“ඒක මහ දුක හිතෙන කතාවක්.“
“ඇයි ඒක මට කියන්නැත්තෙ? ඒක නෙවි ඔයාගෙ නම මොකද්ද? “
“මගෙ නම? බර්නාඩ්. මට බොනී කියන්න. මගේ මේ කරදර සේරම පටන් ගත්තෙ බෞතීස්ම දවසෙ...“
“බෞතීස්ම දවසෙ?“ කුමාරයා මැදට පැනලා ඇහුවා.
“හරිම පුදුමයි. මගේ කරදරත් පටන් ගත්තෙ එදාම තමා. “
“ඇත්තට? ඒ වුනාට කුමාරයෙකුට මොන කරදරද? මගේ ස්ටෝරිය මෙහෙමයි. මගේ පියතුමායි මව්තුමියිටයි ඕනෙ වුනා මට බර්නාඩ් කියලා නම තියන්න. ඒක තමා අපේ පරම්පරාවෙ ලකී නම. ඒක නිසා එයාලා රටේ ඉන්න හැම සුරංගනාවටම එන්න කියලා බුලත් දුන්නා. ඒත් ඒකට පිටරටක ඉදලත් සුරංගනාවක් ඇවිල්ල හිටියා. “
“පිටරට සුරංගනාවක්?“
“වොව්..වොව්.. වයසක ඩයල් එකක්. පස්සෙ තමයි මාත් දන්නෙ“
“එයාගෙ නම මිස්ප්‍රොප්ද?“
“ඒක තමා. තමුසෙ කොහොමද දන්නෙ?“
“එයා මගේ බෞතීස්මෙටත් ඇවිල්ල හිටියා. එයා නේද හැමදේම අවුල් කලේ?“
“වොව් වොව්..එයා තමුසෙටත් කරදර කලාද?“
“ඒක එහෙම තමයි.“
“එහෙනම් අපි දෙන්න තකට තක.. අත දෙන්න යාළුවා.“
මකරගෙ ලොකු අත ඇතුලෙ කුමාරයගෙ අත හිරවුනා.
“තමුසෙ දන්නවද එයා මොකද මට කලේ කියලා?“ මකරා ඇහුවා.
“නෑ“
“අර ඔක්කොම සුරංගනාවො මට ලොකුවෙන්න ෆයිට් කරන්න ලොකු ඇඟක් හදාගන්න පතන කොට මෙයා ඇවිල්ලා මට ගොඩක් හොඳට ගිනි විදින්න පුළුවන් වෙන්න මන්තරයක් කිව්වා. ඒත් අන්තිමට ඒක වැරදිලා ගිනි විදින්න බැරුව ගියා. “
“ඒත් මට තේරෙන්නෑ. ඔයාට ගිනි විදින්න බැරිනම් ඇයි අනිත් කුමාරවරු ඔයාට පහරදුන්නෙ නැත්තෙ? මට අනිත් අය නම් කිව්වෙ ඔයා දැක්කම එයාලා පැනලා දිව්වා කියලා. “
“ඒක තමා දුකම කෑල්ල. කවුරුත් කැමති නෑ මා ගාව ඉන්න. අඩුම ගානෙ මකර කෙල්ලොවත්. බලනවකො ඕයි. මම කළුද? කැතද? මේ අවුරුදු හැත්තැ පහට මම ලස්සන කොල්ලෙක්නෙ? “
“ඇයි නැත්තෙ?“
“ඒ වුනාට මට තරහ ගිහාම, මට ආදරේ හිතුනම දන්නවනෙ මම කියන්නෙ මොනවද කියලා. මම ගිනි විදින්නෑ. මම විදින්නෙ වෙන දෙයක්?“
“මොනවද?“
“තමුසෙ බලන්න කැමතිද?“
“මට කරදරයක් නෑනෙ?“
“පිස්සු පීකුදු! අපෝ නෑ.“
“හරි මම දැන් තරහා ගන්න ඕනේ. “
මකරා ටිකක් වෙලා කල්පනා කලා. ඊට පස්සෙ ‘හරි‘ කියලා කට ඇරලා හොඳ හුස්මක් පිට කලා. මකරගෙ කටින් පිට වුනේ මොනවද? අපි ඒක ඊළඟ කොටසින් බලමු...
* මෙම සුරඟන කථාව පරිවර්තනයක් පමණි.ලෝ ප්‍රසිද්ධ මුල් රචකයා පිළිබඳව මෙම කථාව අවසන පලවනු ඇත. ඔබට අනුමාන කල හැකි නම් පහත කොමෙන්ටුවක සටහන් කරන්න........
මකරගේ කටින් පිට උනේ වතුරද ? එහෙමත් නැත්නම් ඛණිජ තෙල් ද. එහෙම නම් බලශක්ති අර්බුදේට නියම පිලියමක් !!!!
ReplyDeleteඊලන්නග කොටස ලියවෙනකන් බලාගෙන ඉන්නේ.
අනේ අක්කේ මේක ඉක්මනට ලියන්න.... මකරා පිඹින්න ඇත්තේ... අනේ මන්දා....
ReplyDeleteමට හිතෙන්නෙ මකර ගිනි වෙනුවට කටෙං විදින්නෙ "අධෝ වාතයක්" කියල . . . (ඔන්න මම ගඳ වචනෙ පාවිච්චි කලේ නෑ)
ReplyDelete@මධුරංග,යාළුමාළු,
ReplyDeleteඔන්න ඊළඟ කොටසින් බලාගන්නකෝ..
@ඕනයා,
හරියටම හරි..කොහොමද දැනගත්තෙ...
හරි සරලයි නෙ "මිස්ප්‍රොප්" ගෙ ස්පෙල් එක වැරදුනාම ඒක සපූර්නයෙන්ම අනිත් පැත්තට නෙ වෙන්නෙ . . . . (හරියට නිකං හැරී පොටර් ගෙ යාලුව රොන් වීස්ලිට වෙන දේවල් වගේ නෙ)
ReplyDeleteහික්...ඉතින් ඉතින්....
ReplyDelete@ඕනයා,
ReplyDeleteහික්ස්..රොන් වීස්ලි ටයිප් තමා සතුටු කුමාරයයි මකරයි දෙන්නම..
@මියුරු,
හික්ස්..