කලින් පෝස්ටුවේ අපි නතරවුනේ කුමාරයා මකරව මරන්න ගමන පිටත්වෙලා ගන වනාන්තරයක් මැද්දෙ ඉන්න වෙලාවෙ..අද එතැන් සිට..
ගන වනාන්තරේ මැද්දෙ නිකම් රළු ගොරවන සද්දයක් ඇහුනාම කුමාරයාගෙ කනුත් උස්වුනා. ඒ සද්දෙ හරියටම මකර දඩයක්කාරයන්ගෙ අත්පොතේ විස්තර කරලා තියන විදිහෙම සද්දයක්. ඒක මහ ගැඹුරු සද්දයක් හරියට ලොකු භයානක සතෙක් ළඟට එනවා වගේ. ඒවගේම නහය හැකිලෙන තරම් ගඳක් කුමාරයට දැනුනෙ හරියට මකරගෙ පස්ස පැත්තෙන් එනවා වගේ. ඒක එච්චර ප්‍රසන්න එකක් නම් නෙවේ.!
දැන් මොකද කරන්න ඕනි. කුමාරයා කල්පනා කලා. ගොරවන සද්දෙ එනවා කියන්නෙ මකරා දැන් නිදි කියන එකයි. අත්පොතේ තියන විදිහට උන් හරිම තදට නිදාගන්නවා වගේම ඇහැරවන්නත් අමාරුයි. කොහොමත් මකරුන්ට ස්වාභාවික සතුරො නෑනෙ ඔයා කුමාරවරු වගේ විලෝපිකයො හැරුනාම. ඉතින් මකරුන්ට කොහොමත් සැපසේ නිදාගන්න පුළුවන්.
මකරා ඇහැරවන්නැතිව සටන් කරන එක අසාධාරණ නිසා කුමාරයා කැමති වුනේ නෑ මකරා නිදාගෙන ඉද්දි මරන්න. ඒක නිසා කුමාරයා හිතුවා කලා හෙල්ලෙන් ඇනලා ඉස්සෙල්ලා මකරව ඇහැරවලා සටනට අවදියෙන්ම මුහුණ දෙන්න.
“ඒත් ඒක ඇත්තටම සාධාරණද? “කුමාරයා ආයෙත් කල්පනා කලා.
කොහොමත් මකරා ගත්තම කුමාරයයි අශ්වයයි දෙන්නටම වඩා ලොකුයි. ඊටත් හපන් උන්ට පියාඹන්නත් පුළුවන්. ගිනි විදින්නත් පුළුවන්.
“ඒ නිසා එක සාධාරණද? නෑ.“ සතුටු කුමාරයා හිතුවා.
මකරත් ඒ ගැන ඒ තරම් හිතන්නැතිවෙයි කියල කුමාරයා හිතුවා.
තමන් ඉගෙන ගත්ත කාලෙ කරපු ලොජික් පාඩම් හොඳට හිතට ගත්ත කුමාරයා සාර්ථකව නිගමනය කලා මකරා නිදාගෙන ඉද්දි මරන එක සාධාරණයි කියලා. මොකද ඌ නිදාගෙන ඉද්දි පියාඹන්නවත් ගිනි විදින්නවත් බෑ. කුමාරයාට වැඩිය විශාල නිසාත් ශක්තිමත් නිසාත් මකරගෙ පැත්තට කොහොමටත් වාසිය වැඩියි.
මෙහෙම හිතලා කුමාරයා මකරා නිදාගෙන ඉන්නවා පේන තෙක් එයාගෙ අශ්වයා දැක්කුවා. ඇත්තටම ඌ අඩි සීයක් විතර දිගයි;ගොඩක් ලොකුයි. අත්පොතේ කියලා තිබුන විදිහටම උගෙ ඇඟම තද කොරපොතුවලින් වැහිලා තිබුනා. ඒවා හෙල්ලයකින් ඇනලා සිදුරු කරන්න බැරිතරම් තදයි. ඒක නිසා මකර ඇහැටම මානනවා ඇරෙන්න කිසිම විකල්පයක් නෑ. මේ වෙලාවෙදි ඒක වැහිලා තිබුනෙ කුමාරයගෙම වෙලාවට.
හෙල්ලය හරියට මානගත්ත කුමාරයා අශ්වයාට අණ කලා ඉදිරියට දුවන්න. අශ්වයා මකරට ළංවෙද්දි කුමාරයා උගෙ ඇහැට එල්ලය ගත්තා.
කුමාරයාට උපතින්ම උරුම වුනු අදක්ෂකම නිසා හෙල්ල බිමට ඇනුනා. කුමාරයා රිටි පනිනවා වගේ අහසට විසි වුනා.
කුමාරයට තරු විසිවුනෙ තමන් තද රළු මතපිටක ගිහිල්ලා ඉන්දවුන නිසා. ඉබේම වගේ කුමාරයා තවත් වැටෙන්න කලින් ඒ මතුපිට මරබයෙන් බදාගත්තා. ටිකක් වෙලා ගිහාම කුමාරයට තේරුනා එයා බදාගෙන ඉන්නෙ මකරගෙ බෙල්ල කියලා.
මේ කලබලේට මකරා ඇහැරිලා එයාගෙ ඔළුව අඩි විස්සක් විතර ඉස්සුවා.
“හෝව් හෝව්...“කියලා කුමාරයා කුමාරයාට ඉබේම කෑගැස්සුනා. බොහොම අමාරුවෙන් නැගිට ගත්ත මකරා තවක් අඩි දහයක් විතර ඔළුව ඉස්සුවෙ කවුද මේ කෑගහන්නෙ බලන්න.
මේ අතරෙ කුමාරයා පිට උඩ නැති නිසා එයාගෙ අශ්වයා තීරණය කලා ගෙදර යන්න. අශ්වයා ආපසු හැරිලා එක පිම්මට පැනලා ගියා. දැන් කුමාරයා හොඳටම අතරමංවෙලා.
බෙල්ලෙ පොඩි බරක් දැනුනත් මොනවත් නොපෙනුනු නිසා මකරා ඔළුව හරවලා වටපිට බැලුවා. කොහොම වුනත් මකරටත් අංශක එකසිය අසූවක් විතර ඔළුව හරවන්න බැරි නිසා ඌ සද්දෙන් ඇහුවා.
මේක ඇසුනු කුමාරයා පුදුම වුනා. මකරුන්ට කතා කරන්න පුළුවන් කියලා කිසිම මකර සාහිත්‍යයයෙ කිසිම තැනක තිබුනෙ නෑ. ඒ මදිවට බජාර් එකේ බාසාව කතාකරන්න පුළුවන් මකරු!!
“ඇයි අහන්නෙ මේ මම මෙතන ඉන්නවා. මම තමා සතුටු කුමාරයා. “
“ඒයි තමුසෙ මොකද ඔතන කරන්නෙ..අයින්වෙනවා ඕයි..“
“පිස්සුද මම දැන් බැස්සොත් උඹ මාව කනවා.මට බෑ.“
“අපෝ..මම උඹව කන්නෑ. පළවෙනි කාරණේ මට බඩගිනි නෑ. දෙවනි එක තමුසෙ හිතාන ඉන්නෙ තමුසෙ හරි රසයි කියලද? බහිනවා බහිනවා අපි මේක විසඳගමු. ඒක නෙවි තමුසෙ ගාව හෙල්ලක් නෑ නේද?“
“මගෙ හෙල්ල නැති වුනා. “
“ඕකේ එහෙනම් අපි මේක ජෙන්ටා වගේ කතා කරලා සෙට්ල් කරගම්මු.“
එහෙම කියලා මකරා ඔළුව පාත් කරා. කුමාරයා හිමින් සැරේ බිමට බැස්සා. එයාගෙ ඇඳුමෙ එක පැත්තක් මකරගෙ කොරපොතු වලට ඉරී ගිහින් තියනවා කියලා කුමාරයා දැක්කෙ පස්සෙ.
ඊළඟට මොකද වුනේ? කුමාරයා බහිනකම් ඉදලා මකරා කුමාරයාට මොකද කලේ? අපි ඊළඟ කොටසින් බලමු..
* මෙම සුරඟන කථාව පරිවර්තනයක් පමණි.ලෝ ප්‍රසිද්ධ මුල් රචකයා පිළබඳ මෙම කථාව අවසන පලවනු ඇත. ඔබට අනුමාන කල හැකි නම් පහත කොමෙන්ටුවක සටහන් කරන්න.
ඊළඟට මොකද වුනේ? කුමාරයා බහිනකම් ඉදලා මකරා කුමාරයාට මොකද කලේ? අපි ඊළඟ කොටසින් බලමු..
* මෙම සුරඟන කථාව පරිවර්තනයක් පමණි.ලෝ ප්‍රසිද්ධ මුල් රචකයා පිළබඳ මෙම කථාව අවසන පලවනු ඇත. ඔබට අනුමාන කල හැකි නම් පහත කොමෙන්ටුවක සටහන් කරන්න.
රස්තියාදුකාර මකරෙක් !!!
ReplyDeleteපස්සේ තමා මතක් උනේ හෙල්ල නැති කරගෙන කියලා. මොකද වෙන්නේ කියලා බලමු ඊලඟ කොටසෙන්.
බොලේ අද නොවැ මෙතනට ගොඩබැස්සෙ . . . හරි අපූරු කතාවක් නෙ මට මිස් වෙලා තියෙන්නෙ. ඔක්කොම ටික කියවන්න ඕනෙ . . . .
ReplyDeleteඅඩේ මගේ බ්ලොගේ කමෙන්ට් එකෙන් ඇවිත් බැලුවේ.. මකරා.. අපේ අම්මත් මකර.. මේ මකරා එච්චර සැර නැහැ වගේ...
ReplyDeleteජය ශ්‍රී..
ලස්සනයි. සුභපැතුම්!!
ReplyDeleteමගේ බ්ලොග් එකේ කොමෙන්ට් එකෙන්නේ දැක්කේ කේස් එක මරුනේ අප්පා මුල ඉදන් කියවන්න ඕනේ දැන්ම කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියේ..???
ReplyDeleteමකරු ඉන්නේ චීනේද?? අර චීන කෑම කඩවල බෝඩ් එකෙත් ඉන්නවානේ මටනම් කිසිම අදහසක් ඔළුවට එන්නේ නෑ කවුද ලියන්න ඇත්තේ කියලා ඕනේ නම් කනාවට කියන්නම් "රඩ්යාඩ් කිප්ලිං" කියලා එයාව තමයි මට මුලින්ම මතක් වුනේ කතුවරයන්ව මතක් කරද්දි
ඊළග කොටස ඉක්මනින් දාන්නෝ........
දිගටම ලියන්න ජය වේවා
" ඕකේ එහෙනම් අපි මේක ජෙන්ටා වගේ කතා කරලා සෙට්ල් කරගම්මු" අන්න නියම මකරු....
ReplyDeleteදැන් තමා කතාවේ හොඳම හරිය. :)))
ReplyDeleteමූ අම්මගෙ මකරෙක්නේ....
ReplyDeleteඅපුරු කතාවක්නේ... අදයි ආවේ මේ පැත්තේ... අනෙක් ටිකත් කියවලාම එන්නම්කෝ..
ReplyDelete@මධුරංග,
ReplyDelete“මේ කොල්ලො, ඕවට එන්ඩෙපා හරිද? දන්නවනේ මම මකරෙක්..!!මට රස්තියාදුකාරයා කියන්ඩෙපා හරි“ මකරා කිව්වා
@ඕනයා,
මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..ස්තුතියි
@සෑම්,
පොඩි සෑම් නම් ගොඩක් කැමතවෙයි මේ කතාවට...
@නන්නාදුන්නී,
ස්තුතියි මේ පැත්තෙ ආවාට
@ගැමියාගේ පත්ඉරුව,
ස්තුතියි..අනිත් ටිකත් බලලා එන්න..ම් කතුවරයා ගැන කියන්න තියෙන්නෙ ආයෙ සැරයක් උත්සාහ කරන්න කියලා තමයි..හික්ස්
@දිනේශ්,
ඒකනෙ කියන්නෙ..වැදගත් මකරෙක්
@පොඩිකුමාරිහාමි,
සහතික ඇත්ත...ඊළඟ කෑල්ල තමා මරු..ඒකත් බලන්න හොඳේ
@යාළු මාළු,
හික්ස්..
@අකීකරු හිත,
තැන්කූ තැන්කූ...
පොඩි සෑමා මකරැන්ට බයයිය.. හොරෙන් කියෙව්වේ ඇස් වහගෙනය
ReplyDeleteජය ජය ශ්‍රී.. ඔන්න සෑමා පලෝ පාරකුත් දුන්නාය..
@ඕනයා බොලාගේ පැත්තෙත් එන්න ඕනේ බොල.. ටික දවසක් කරක් ගැහුවට කමෙන්ටු බැස්සුවේ නැහැ බොලාගෙ ෆොටෝ එක දැකලා :)
ReplyDelete@මකරා :
ReplyDeleteමම බය වෙයි මේ මකරට !!!! මේකට ගිණි පිඹින්න පුලුවන් යෑ.
අඩේ... මාර මකරෙක්නෙ... බැරිද දන්නෑ බෙල්ලෙ එල්ලිලා ආකහේ පොඩි වටයක් දාල එන්න....
ReplyDelete@මියුරු,
ReplyDeleteහරි සෝක් අදහසක්...ඒත් ගඳ තමා ඉවසන්න බැරි..