Friday, December 2, 2011

කියන්නට එපා නුඹ අද අපි වෙන්වෙමු කියා..

 "Aaj Jaane Ki Zid Na Karo" - Shankar Tucker ft. Rohini Ravada by ShankarTucker


}
දයාබර නුඹ
සිටිනු මැන මා ළඟම 
මේ රාත්‍රියේ...
එපා යන්නට මා දමා
නතර වනු ඇත සුසුම 
එයින්ම මා ජීවිතයම
කියන්නට එපා නුඹ 
අද අපි වෙන්වෙමු කියා...


සිතා බලන්නට හැකිද
තත්පරයක්
මම නුඹව සඟවා ගනිමි 
ලොවෙන්
මා ජීවිතය නවතිනු ඇත
නුඹ වෙන්ව යන නිමේශයේ
දිවුරාලා පවසමි මම්
කන් දෙන්න මට 
එකම එක සැරයක්
කියන්නට එපා නුඹ 
අද අපි වෙන්වෙමු කියා...
http://www.haro-online.com/stuff/monsoon1.jpg

කාලයේ සිරකුටියේ 
සිරකරන ලද ජීවිතය
නිදහස් වුනු නිමේශයන් 
අතැගිලි ගණනිදු ඇත්තේ
වැලපෙන ආත්මයක් ලැබෙනු ඇත
නුඹ එක්ව ගතකල 
එවන් නිමේශයන් 
නැතිව ගියකල
කියන්නට එපා නුඹ 
අද අපි වෙන්වෙමු කියා...

කෙතරම් අහිංසකද
කෙතරම් සොඳුරුද 
මේ ගෙවෙන 
මේ දිනය
ආදර පාරාදීසයේ කාලය
නවත්වමු මේ සොඳුරු රැයෙන්
මේ දැන්ම
කියන්නට එපා නුඹ 
අද අපි වෙන්වෙමු කියා...


අතුරු කතාව
ජීවිතය ආදරයට අංගසම වන බව ගොල්ඩ් ෆිෂ් කියා තිබුනා මතකය. කවදාවක් සින්දුවක් මුමුණනුවත් අසා නොමැති අපේ ඉන්දියානු කළමනාකාරතුමා දින කිහිපයකට පෙර මෙම ගීය මුමුණනු ඇසිනි. සිනා මුසු මුහුණින් ඔහු දෙස බැලු මා ඇසුවේ කතාව කුමක්ද (what's the story?) කියායි. ගීය කුමක්ද කියා නොඅසා කතාව කුමක්දැයි ඇසූ පැනයට සිනහවෙන්ම පිළිතුරු දුන් ඔහු මේ ගීයේ පදරුත් තේරුම් කලේය. උතුරු ඉන්දියානු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර ජනප්‍රිය පැරණි ගසල් ගීයක් බව අන්තිමේදී ඔහු කීවෙන් නැවත කතාව හාරා අවුස්සන්නට නොගියෙමි.හිත නැලවෙන තනුවකින යුතු මෙවන් අපූරු ගසල් ගීයක් මා ඇසුවේ බොහෝ කලකට පසු බැවින් මෙම ගීය සිංහලට පෙරළන්නට මට සිතිනි.  පකිස්තානු ජාතික උර්දු කවියෙකු වූ ෆයියාස් හෂ්මි විසින් රචිත ෆරීඩා ඛානුම් විසින් ගයනු ලැබූ මේ ගසල් ගීය එදා මෙදා තුර ගායිකාවන් කිහිප දෙනෙකුම ගයා ඇත.

ගී පද උර්දු බසින් හා ඉංග්‍රීසියෙන්

8 comments:

  1. ලස්සන අදහසක් අක්කේ :))))

    ReplyDelete
  2. සින්දුවේ අදහසනම් ලස්සනයි අක්කේ..

    ReplyDelete
  3. අක්කා මට නම් වචන නෑ.....

    මාරම ගති.... සිංදුව අහන ගමන් තේරුම කියවද්දී.... ම්ම්ම්ම්ම්....!!!!

    ReplyDelete
  4. ලස්සන අදහසක් !!!
    මට සිංදුව නම් අහන්න වෙන්නේ නෑ අක්කා. කනෙක්ෂන් එක මේ දවස්වල ඒ තරමටම ස්ලෝ වෙලා. ඩේටා ඉවර වෙලා නිසා

    ReplyDelete
  5. //දයාබර නුඹ
    සිටිනු මැන මා ළඟම
    මේ රාත්‍රියේ...
    එපා යන්නට මා දමා
    නතර වනු ඇත සුසුම
    එයින්ම මා ජීවිතයම
    කියන්නට එපා නුඹ
    අද අපි වෙන්වෙමු කියා...//

    හරි දුකයි. ඉහි...ඉහි...ඉහි...ඉහි...:(

    ReplyDelete
  6. අහ් හරිම ලස්ස්න සින්දුවක් රූ...
    ගෝසාවක් නැති, දවසේ ඕනේම කාලෙක අහන්න පුලුවන් නේද?

    ඉංගිරිසි පරිවර්තනය බලන්න ගියේ නෑ මං - මොටද

    "සිතා බලන්නට හැකිද
    තත්පරයක්
    මම නුඹව සඟවා ගනිමි
    ලොවෙන්.."

    හප්පා...............................

    ReplyDelete
  7. ලස්සනම ලස්සන සින්දුවක්. අදහසත් එක්කම අහද්දි ආදරය කරන අයව සිහියට එන එක වලක්වන්න බැරි වෙන තරමට සින්දුව හිතට දැනෙන විදිහට සංගීතයත් යොදලා තියෙනවා.

    ReplyDelete
  8. @වර්ණා,දිනේශ්,
    ස්තුතියි..ස්තුතියි..
    මේක කිව්වෙ අර ඔරිජිනල් සින්දුව ලියපු කෙනා හොඳේ..මම කලේ බ්ලොග් එකේ දැම්ම එක විතරයි..

    @ගෝල්ඩ් ෆිෂ්,
    ඒක ඇත්ත..ඔයාගෙ පෝස්ටුව නිසා තමයි මේක දාන්න හිතුනෙ..

    @මධුරංග,
    ඊළඟ මාසෙවත් අහන්න මලේ..හරිම ලස්සන සින්දුවක්..

    @පොඩි කුමාරිහාමි, තිස්ස,
    ස්තුතියි අදහසට,
    ලස්සන වැඩේ කියන්නෙ මේක මට අඳුන්නල දුන්නු ඉන්දියානු මැනේජර්තුමා හිතාන ඉදල තියෙන්නෙ මේක ප්‍රේම ගීයක් කියල නෙව..මට තේරුම කියල දෙද්දි තමයි එයාටත් මීටර් වුනේ මේක ප්‍රේම ගීයයි විරහ ගීයකුයි අතර තියන එකක් කියල...!

    @නිසූපා,
    ඒක ඇත්ත නිසූ..තනුවට තමා මාත් ආසම..

    ReplyDelete