Friday, June 13, 2014

ආයෙමත්..


සියක් දේ සිතේ තිබුනද
සියක් වැඩ රාජකාරි තිබුනද
සියක් වියමන් කියවූවද
සියක් වතාවක් සිතා සිටියද
තවම ලියන්නට බැරිවුනු මගේ 
සියවැනි පෝස්ටුව...
(මෙසේ ලියැවුනු වග..)

ගොඩක් කාලෙකට පස්සේ බ්ලොග් එකට ගොඩ වැදුනේ 100වෙනි පෝස්ටුව එක්ක. හැමදාම වගේ විෂේශ වෙලාවකදි ඔයාලට තෑග්ගක් ලැබෙන නිසා මේ සැරේ තෑග්ග ඔයාලට තීරණය කරන්න දෙන්න හිතුවා. පැත්තක තියන විජට්ටුවෙන් කැමති තෑග්ග තීරණය කරලා ජන්දය දෙන්න. තව දවස් දෙක තුනකින් ඔයාලගේ වැඩිම කැමැත්ත තීරණය වුනු තෑග්ග ඔයාල හැමෝටම ලැබේවි. :)

1. දැඩි ගතක මුදු සිත

කාලෙක කලින් පරිවර්තනය කරපු “රොබීට“ ලොකු ඉල්ලුමක් තිබුනු නිසා අයිසැක් ඇසිමෝව්ගේ ප්‍රසිද්ධ කෙටි කතාවක් වුනු “Bicentennial Man“ පරිවර්තනය.

2. වෙනසට එරෙහිවීම

පනස්වෙනි පෝස්ටුව වෙනුවෙන් තෑගි දුන්න “සිහිනය සෑබෑ කරගත් කුකුල් කේන්තිකාරයා“ හි මුල් පොතෙහි තිබූ තවත් ඉන්දියානුවෙක් ගැන අපූරු වියමනක්.

3. හද වෙණ සර

කාලෙකට කලින් ජනප්‍රිය වුනු ප්යෝ මින් සූ ගේ Heartstrings කොරියානු කතා මාලාවේ සිංහල වියමන.

36 comments:

  1. සුබ පැතුම් 100 වැනි පොස්ටුවට..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නලින්..

      Delete
  2. සීයට සුභපැතුම්. මේ තුනටම කැමති උදවිය ඇති. (මම කැමති 2ට). ඒ නිසා තුනම දානව හොඳයි...!

    ReplyDelete
    Replies
    1. තැන්කූ රාජ්,
      ඉතා තියුණු තරඟයකින් 2වැනි එක ජය ගත් නිසා දිගටම කියවන්න එන්න... :)

      Delete
  3. 100 ට සුබ පැතුම්!!! තුනම දාන්ට රූ...:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි,
      තුනම දාන එක නම් සලකලා බලන්න ඕන..ඉඳලා ඉඳලා බොහොම අමාරුවෙන් ආයෙත් ලියන්න ගත්තාම...අනේ මන්දා..;)

      Delete
  4. මම නම් හිතාගෙන හිටියේ බබා ලැබුනට පස්සේ ආයෙම ලියන්න එන්නේ නැති වෙයි කියලා. බබාගේ වැඩයි ගෙදර වැඩයි කරගෙන යන ගමන් මේ පැත්තෙත් එමු රූ.

    100 වෙනි ලිපියට මගෙන් සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ඔයා සෑහෙන්න හිතලා තියන පාටයි.. තැන්කූ ඇනෝ යාළු..:D

      Delete
  5. 100ට සුබ පැතුම් රූ අක්කේ !

    ReplyDelete
  6. 99 යේ සෑහෙන කල් නැවතිලා හිටියනෙ... මම චරිතාපදාන කියවන්න මනාප නිසා අංක දෙක ඉල්ලා හිටිනවා... 100ට සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා..එහෙම තමා අපි සමහර වෙලාවට එක තැන හිරවෙන වෙලාවල් කොච්චර තියනවද?

      එක ජන්දයකින් ජයගත් නිසා අද ඉඳන් ඔයාලට “වෙනසකට එරෙහිව“ කියවන්න පුළුවන්..

      Delete
  7. සුබ පැතුම් රූ , 

    ReplyDelete
  8. ජය වේවා! සුභ පැතුම්!

    ReplyDelete
  9. 100ට සුබ පැතුම් අක්කේ... එහෙනම් ආයෙම ලියමු නේ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ දිනේෂ් මල්ලි..ලියමු ලියමු..,:)

      Delete
  10. මමත් 100 ට සුබ පතනවා. ලැබෙන හැම වෙලාවකම මොකක් හරි ලියන්න. කාලය කාටත් වැදගත් . මම කැමතියි කෙටිකතාව ලියනවට (1) ට. මොකද ඒකෙ වෙනසක් වෙයි කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දයානන්ද..ඉඩ තියෙන හැම වෙලාවෙම ලියන්න පුළුවන් නම් හොඳයි...ඒත් සමහර වෙලාවට එන කම්මැලි කම මොනවා කරලාවත් අයින් කරගන්න බෑ..

      පළවෙනි කතාව 125වෙනි පෝස්ටුව වෙනුවෙන් දෙන තෑග්ගට දෙන්නම් හොඳේ..

      Delete
  11. Our hundred is yellow yellow sleeping on the donkey bed.
    Congratulations on the century!
    කම්මැලිකම නොතිබ්බා නම් සීය ගහන්නේ දෙදාස් දොළහෙදි. කොහෙද මේකි කම්මැලි හෙරනේ.

    ReplyDelete
    Replies
    1. හැමදේටම වෙලාවක් තියනවාලුනේ ඩූඩ්..ඒක නිසා ඕවා වැඩිය ගණන් ගන්න එපා..
      සුභ පැතුමට ගොඩක් ස්තුතියි..

      Delete
  12. ඉදලා හිටලා නැතිව නිතරම ලියන කෙනෙක් වෙන්ට උත්සාහ කරන්න. 100 වෙනි කඩඉමට මගේ සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා..
      කිව්වත් වගේ උත්සාහ කරන්න ඕන දිගටම ලියන්න..

      Delete
  13. මම කැමති එකට.

    සියවෙනි පෝස්ටුවට සුභ පැතුම්.. තව තවත් ලියන්න හැකිවේවා..

    ReplyDelete
    Replies
    1. 125වෙනි පෝස්ටුව වෙනුවෙන් දෙන තෑග්ගට ඒ පරිවර්තනය දෙන්නම් හොඳේ..
      ස්තුතියි සුභ පැතුමට..

      Delete
    2. ඡන්දය දුන්න ගැජට්ටුවෙ මොකක් හෝ දෝෂයක් තිබ්බා. ඒක නිසායි මෙතන දැම්මේ.. මේ ඡන්දය අසාධාරණයි. ඒ නිසා කතා තුනම ඕනා.. ;)

      Delete
  14. ඡන්දෙ දුන්නට එතන යාවත්කාලින වෙන්නෙ නෑනෙ බොලේ..හරි කොහොම හරි විද්‍යා ප්‍රබන්ධ වලට කැමති නිසා මම ඡන්දෙ දුන්නෙ දැඩි ගතක මුදු සිතට. අසීමෝව්ගෙ බොහොමයක් කතා මම කියවල තියනව, ඒත් මේ කියන කතාව කියෙව්වද කියල හරියටම මතක නෑ.

    පී.එස්. - සීයට සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ම්.. විද්‍යා ප්‍රබන්ධය පරිවර්තනය කරන එක ටික දවසකට කල් දැම්මා..ඒත් ඉක්මනටම ලියන්නම් කියලා පොරොන්දු වෙන්නම්..

      පී එස්, ස්තුතියි..

      Delete
  15. Hi there, constantly i used to check blog posts
    here in the early hours in the morning, because i like to gain knowledge of more and more.


    Here is my blog; recipe

    ReplyDelete
  16. මගේ උණුසුම් සුබපැතුම් රූ, සිය වෙනි පෝස්ටුවට. ඔන්න චන්දෙත් දුන්නා. එතන මුකුත් පෙන්නන්නේ නම් නැහැ...මගේ මනාපය දෙවැනි එකට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයු...දිගටම කියවන්න එන්න..

      බ්ලොග් විජට්ටුව වැඩ කරන එකක් නෙවි..ඒක නිසා ඒක අතෑරලා දැම්මා ඔන්න..

      Delete
  17. අම්මේ ... මට එන්න බැරි උනානෙ.. තරහෙන් වගේ ඉන්නෙ. සමාවෙලා මගෙ සුබපැතුම් පිළිගන්න !

    ReplyDelete