Monday, July 2, 2012

ඊයා මේ මොනවද මේ..!!

“අක්කෙ අපි xxxx ශිෂ්‍ය සංගමෙන්. අපේ සාහිත්‍ය උළෙලට පොඩි උදව්වක් කරන්න.“
     සපත්තු කුට්ටමක් ගැනීමේ පරම චේතනාවෙන් නුගේගොඩ හන්දියේ කඩවල රස්තියාදු වෙද්දි ඉස්සරහට ආපු මල්ලි කෙනෙක් පාර හරස් කලා. එයාගෙ අතේ තිබුනෙ පොත් සලකුණු මිටියක්.
“කවද්ද මල්ලි උත්සවේ තියෙන්නෙ? “
අහන ගමන් මම බෑග් එක පීරුවෙ පර්ස් එක හොයාගන්න වගේම අතීත සිද්දියක් මතක්වෙලා ආපු හිනාව වහගන්න.අතේ තිබුන ලොකුම කොලේ මල්ලිට දීලා බුක් මාක් එකක් නොගෙනම මම ආපහු රස්තියාදුව ඇරඹුවෙ අර කියපු සිද්ධියේ මතක සටහන එක්කයි. මේ වගේ පාරට බැහැලා සල්ලි එකතු කරපු නැත්නම් හොස්ටල්වල කාමර ගානෙ ගිහින් බුක්මාක් එකක් හරි පින්තූර පොස්ට් කාඩ් එකක් විකුණුලා සල්ලි හොයපු සුන්දර සරසවි ජීවිතේ මොහොතකට මගේ මතකය ඇදිලා ගියේ නොදැනුවත්වම.
*****

        මේ කතාව අපි විකුණපු හැටි ගැන නෙවි. මිලට ගත්ත හැටි ගැන. 
හැමදාම වගේ හොස්ටල් රස කතා කියන්න; මඩ ගහන්න සූ කියන පුරුදු නමම මම දාගන්නවා කතාවට. මේ සිද්ධිය සිද්ද වුනේ අපි පළවෙනි අවුරුද්දෙ රාමනාදන් නේවාසිකාගාරයේ හිටපු දවස්වල. ඔව් අර “අඩුම තරමේ නිදාගන්නවත් දෙන්න සිද්දිය “ වුනෙත් මේ කාලෙම තමයි. 
         ඒ දවස්වල කාමරේ අපි තුන්දෙනෙක් බෙදාගත්තා. ඉතින් ගොඩක් වෙලාවට අපි දේශනවලට යන එක කන බොන එක වගේම නිදාගන්නෙත් එකම වෙලාවට වගේ. ඒත් අපේ කාමරේ අපි ගොඩක් දේවල් එකට කලත් නිදාගන්න නම් සූ ඉස්සරවෙන එන වලක්වන්න ශක්‍රයට තියා උපකුලපතිතුමාට වත් බෑ. එතුමා මහන්සිවෙලා අපිට කොච්චර අමාරු විභාග කාලසටහන් හැදුවත් සූ නිදා ගන්නෙ රෑ කෑම කාලා ඉවර වුන ගමන්ම සූ නිදාගන්න එක නවත්තන්න ඒ කිසිම දේකට බැරිවුනා කියලත් කියන්න ඕන. මේ තරම් කලින් නිදාගන්න නිසා සූට රෑ කාලේ සිද්දවෙන අපූරු සිදුවීම් මගෑරුනෙ එකක් දෙකක් නෙවි. මේ තරම් කලින් නිදාගන්න එක ගැන අපි කොච්චර ඒවා මේවා කිව්වත් මෙයා ඒවා කනකටවත් ගත්තෙ නෑ. ඒත් කාමරේ හිටිය අපි දෙන්නා ඒ ගැන ලොකුවට ගණන් ගත්තෙ නෑ මේ සිද්ධිය වෙනකම්ම.
      එදාත් සූ නිදාගන්න ගියෙ අටහමාරට විතර. දෙසැම්බර් මාසෙ අන්තිම දවස් නිසා කාමරේ ඉතුරු වෙලා හිටිය අපි දෙන්නා කතා කර කර හිටියෙ සති අන්තෙ නිවාඩුවට ගෙදර යන එක ගැනයි පහුවදාට බාර දෙන්න තිබුනු පැවරුම ගැනයි. එතකොට වෙලාව නමය හමාරට විතර ඇති.
“ටොක්..ටොක්“ කාමරේ දොරට තට්ටුවක්.
“මම දොර අරින්ම්“  
“නංගි අපි xxx  පීඨයෙන්. අපේ පැවරුමකට අපි  රුපියල් දහදාහක්  හොයන්න ඕන. මේ අවුරුදු සුභපැතුම් කාඩ් එකක් අරගෙන අපිට උදව්වක් කරන්න පුළුවන්ද?“
මේ වගේ වෙලාවට කවුරු හරි එයාලගේ මුදල් එකතු කිරීමේ ව්‍යාපෘතියකට එන එක අමුතු දෙයක් නෙවේ. සංගීත ප්‍රසංග, සිනමා උළෙලවල්වලට ටිකට් විකුණනන්ත් මේ වගේ ගොඩක් අය එනවා. අළුත් අවුරුද්දට කාඩ් යවන්න කවුරුත් නොහිටියත් අපි දෙන්නම ඒ කාඩ් වල තිබුන පින්තූර වලට කැමති වුනේ ඒවගේ තිබුන ලස්සන නිසාමයි. ඉතින් අපි දෙන්නා කාඩ් එක ගානෙ අරගෙන කතා වුනේ සූ ටත් ඇහැරවමුද කියලා.
නැත්නම් අපි දෙන්නා විතරක් ලස්සන කාඩ් ගත්තාම ඊළඟ දවසේ එයාටත් කාඩ් එකක් හොයන්න මේ අක්කාව සරසවිය පුරාම පීරලා හොයන්න වෙන බව දන්න නිසා.!
“සූ, ඔයාට නිව් ඉයර් කාඩ් එකක් ගන්න ඕන කිව්වා නේද? නැගිටින්න. නැගිටින්න. “ අපි දෙන්නා එකතු වෙලා සූ නැගිට්ටවන “ඔපරේශන් සූ“ පටන් ගත්තා. ටික වෙලාවක් ගිහාම සූ නැගිටලා ඇඳ උඩ වාඩි වුනෙ නිදිගැට කඩ කඩ. 
“ඇයි ඇයි මොකද?“
“මේ මේ නිව් ඉයර් කාඩ්? ඔයත් ගන්නවද? “ අපි සාම්පල් කාඩ් ටික එයා අතට දුන්නා.
“ඊයා මේ මොනවද මේ?!!“  
කාඩ් ටික බලලා මූණ ඇඹුල් කරගත්ත සූ ආපහු කාඩ් ටික අපි අතට දීලා අනිත් පැත්තට හැරිලා නිදා ගත්තා.
අපි දෙන්නම එතනම ගල් ගැහුනා ලැජ්ජාවට..
3/7/2012: මේ තමා රාමනාදන් ශාලාව..ඇතුලෙ පින්තූරයක් නැති එකට සමාවෙන්න..
මෙච්චර වෙලා අපේ කෝලං බල බලා හිටිය අක්කටත් කර කියාගන්න දෙයක් නැතිවෙන්නැති. මෙච්චර මහන්සිවෙලා විකුණපු සුභ පැතුම් පත්වලට මෙච්චර හොඳ ප්‍රතිචාරයක් නම් කොහෙන්වත් ලැබෙන්න නැතුව ඇති. 

ප/ලි:
මේ කතාව අද විශේෂයෙන්ම ලියන්න හිතුනෙ අවුරුදු තුනක් තිස්සේ එකම කාමරයේ දුක සැප බෙදාගෙන සරසවි ජීවිතේ මතක සටහන් ගොන්නේ  අපූරු මිතුදමක් තිළිණ කල “සූ“ පහුගිය සතියේ දවසක අම්මා කෙනෙක් වුනු ආරංචිය ලැබුන නිසා. සූ ගෙ පවුලට එකතු වුනු අළුත් පැටියාට සුභ පැතුම්.


පින්තූරය : http://hotels.lonelyplanet.com

79 comments:

  1. ඔය සු ට සු කියන්නේ එයාගේ ඇඟේ උකුණෝ මකුණෝ ඉන්නවාද ?

    ReplyDelete
    Replies
    1. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි..ඔයාගේ යාලුවට සු.. සු... කියන්නේ ඇයි..?

      Delete
    2. ඇනෝට හා All in one ට,
      සූ කියන නම මම හොස්ටල් කතා ඔක්කොටම ගත්තෙ ඇත්ත නම් පාවිච්චි කරන්න බැරි නිසා.
      මෙහෙම හිතාගන්නෙකො ස්වර්ණමාලි වගේ නමක් කෙටි කරලා එදිනෙදා කතාබහට පාවිච්චියට ගත්ත නම කියලා..

      හැබැයි ඊළඟ දවසේ අහන්න එපා ඇයි රූට රූ කියන්නෙ කියලා..

      ස්තුතියි මේ පැත්තෙ ආවාටත් කොමෙන්ටුවටත්..

      Delete
  2. සූ ඇතුලෙ පවුලෙ සැමට සුබ පතමි !!

    එච්චර වෙලාසනින් නිදන්නෙ මොකද ? තාමත් එහෙමද දන්නෑ.. :-)

    ( බයෙන් බයෙන් මේ පැත්තට අඩිය තිබ්බෙ.. :D හිකිස්.. )

    ReplyDelete
    Replies
    1. මම එයාලට කියන්නම්කෝ..
      දැන් නම් කලින් නිදන එකගැන හිතන්නවත් බැරුව ඇති..!!

      (හිතුවද මට අමතකයි කියලා..ඒවා කොහෙද මම මතක තියාන ඉන්නෙ මට නම් හදපුවා..කොකාටත් වාරයක් නම්..එක්කො ඕනෙ නෑ..!! හික්ස්)

      Delete
  3. හප්පේ මං නම් සූ තරම් ඉක්මනට කවදාවත් නිදා ගන්නේ නෑ!හොස්ටලේ එකේ අනිතමට අදට යන එකා මම!
    කතාවනම් පට්ට ඈ!

    ReplyDelete
    Replies
    1. එහෙනම් දුං දාන්න පාඩම් කරනවා ඇති. හික්ස් :)

      Delete
    2. අන්තිමට නිදාගන්න යද්දි ඇඳේ ඉඩ තිබුනද නාඩියා..
      කොමෙන්ටුව කියවද්දි මටත් හිතුනෙ මධුරංග මල්ලිට හිතුන දේමයි...
      හික්ස්..

      ස්තුතියි මේ පැත්තෙ ආවාට..

      Delete
  4. අපරාදෙ කියන්න බෑ නිදා ගන්න එක හරි හරියට කරල තියෙනවනෙ. ඔහොම නිදා ගත්තට උදේ පාන්දරින් නැගිටිනව ඇති නේද?

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ උදේට නැගිටින එක ගැන නම්..
      නැගිට්ටවන්න වෙනම ඔපෙරේශන් සූ එකක් තියනවා..හික්ස්..

      ස්තුතියි මේ පැත්තෙ ආවාටත් කොමෙන්ටුවටත්..

      Delete
  5. Replies
    1. ස්තුතියි අවතාර්..

      මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..

      Delete
  6. පුහ්, නාදන් එකේය කියලා හොටේල් එකක ෆොටෝ එකක් දාගෙන.
    අපි අහුවෙයි ඕවට!

    ReplyDelete
    Replies
    1. බළලා මල්ලෙන් එළියට පැනලාද මන්දා..
      කතන්දර කොහොමද නාදන් එකේ ඇතුලේ විස්තර දන්නෙ?:D

      මේ පින්තූරෙ නම් නාදන් එකේ ඇතුලෙ නෙවි තමා..

      Delete
  7. හැපෝය් සූ....
    අපි මේපැත්තට අළුතෙං ඈ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරියා..

      මේ පැත්තට සාදරෙයන් පිළිගන්නවා..

      Delete
  8. නින්ද තරම් වටින දෙයක් තියෙනවද ඉතින්..

    සූ අක්කට ඔන්න අපිත් සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි..

      නින්දේ වටිනාකම නම් කියලා නිමකරන්න බෑ තමයි මලේ..

      Delete
  9. සූ ඇතුලු පවුලේ අයට සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි..

      Delete
  10. අපෝ ඒ කාලේ ගැලවෙන්නම බැරි දේවල් තමා ඔය.
    අනිවාර්යෙන්ම මාසෙට දෙක තුනක් නම් එනවමයි. අපි ඉතින් කාමරේ ඉන්න ඔක්කොටම තෙල ගහලා කාඩ්, ටිකට් එහෙම ගන්නවා. මොකද අපි විතරක් ගන්න එක හරි නෑනේ. හික්ස් :)

    අම්මා කෙනෙක් වෙච්ච සූ අක්කා ඇතුළු පවුලේ සැමට සුබ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. ඔය තෙල් ගහන වැඩේ නම් අපිත් කලා අන්තිම අවුරුද්දේ..මතක් වෙනකොටත් හිනා..

      ස්තුතියි සුභ පැතුමට මලේ..

      Delete
  11. අපිත් සුබ පතන්න එක්කහු උනාය කියන්න රූ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බුද්ධි, අනිවාර්යෙන්ම කියන්නම්..

      Delete
  12. නිදිමත හැදුනම රස කෑමක් වුනත් අමතක වෙනවානේ.... මටත් එහෙමනේ....

    සූට සුභ පැතුම්...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළු මාළු,

      නිදිමත තරම් සතුටු හිතෙන දෙයක් තවත් නෑ තමා..ඒත් මෙහෙමත් නිදාගැනිල්ලක්!!

      Delete
  13. හෑ.. අර ෆොටෝ එකේ තියන්නා වගේ කාමරද නාදන් එකේ තියෙන්නේ..?? හික්ස්ස්.. සූ ටත් මගෙන් සුභපැතුම්..
    අපෙත් හිටියා කලින්ම නිදාගන්න ඔය වගේ ඩයල් එකක්. හැබැයි ප්‍රශ්නය ඒක නෙවි. මූ උදේ පාන්දර නැඟිටලා කාමරේ පෙරලමින් තේ හදන්නයි, දොරවල් ඩා0 ගාල වහමින් ටොයිලට් යන්නයි ගන්නව.. එතකොට තමා නිදාගෙන ඉන්න අපේ රතු කටු පනින්නේ..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ..මේ නාදන් කාමර නෙවි..
      අයියෝ පටලගන්න එපා..

      ඔයාගෙ යාළුවට වැඩිය නම් සූ හොඳයි මොකද අපි එයාට ඇහැරවන මෙහෙයුම පටන් ගන්නේ අපි අපේ වැඩ කරගෙන ඉවර වෙලා..හික්ස්..

      Delete
  14. සූ නිදිමතේද අරහෙම කිව්වේ ?

    …සූ සහ සූ පැටියාට සුභ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත පහුවදා අපි කියනකම් මතකත් නෑ වෙච්ච දේවල්..!!

      ස්තුතියි සුභ පැතුමට

      Delete
  15. නිදාගෙන ඉන්න වෙලාවට රත්තරන් ගෙනත් දුන්නත් මගේ ප්‍රතිචාරයත් ඕඅකම තමා... හැබැයි සූ මට වඩා ශිෂ්ට සම්පන්නයි...
    සූට ජය වේවා

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      ඊටපස්සෙ නම් අපි සූ නිදාගෙන ඉද්දි කරදර කරන්න ගියෙ නෑ හැබැයි..
      මේ පාඩමම මදෑ..

      Delete
  16. ඉස්සර කාලේ මතක් කර කර හිනා වෙන්න පුළුවන් කීයෙන් කීදෙනාටද. ඒ අතින් ඔයා වාසනාවන්තයි අක්කේ. නිව් ඉයර් කාඩ් උස්සන් ආපු අක්කලට වහ කන්න හිතෙන්නැති.. "සූ" ට සුභ පැතුම් මගෙන් !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම්..
      මතක් කර කර හිනාවෙන්න පුළුවන් අතීතයක් තියෙන්නෙ දැන් මහන්සි වුනොත් විතරයි..

      Delete
  17. අපි ඒ දවස් වල අහල පහල ඉස්කෝලවල ටිකත් පොතුත් පැනලා භාර ගන්නවා විකුනලා දෙන්න ! මොකද ගෑනූ ලමයින්ගේ ගෙවල් වලට රිංගන්න ආයි වෙන කොහෙන් වත් චාන්ස් එකක් ඇදෙන එකක් යැ :D

    ReplyDelete
    Replies
    1. එච්චර කැපවීමෙන් වැඩකරපු ළමයි නේද?
      හික්ස්..

      Delete
  18. සු අක්කි යට මකල් ගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  19. මොන රාජ සම්පත් පහළ වුනත් නින්ද තරම් සැපයක් තවත් තියෙනවද? ඒ නිසා සූ ට ඒවෙලාවෙ හතර මහ නිධානෙ පහළ වුනත් වැඩක් නෑ. ඒක දැක්ක ගමන් කියය මේ මොන මගුලක්ද කියලා.

    සූටයි සූ බිළිඳටයි දෙන්නටම සුබ පැතුවා එහෙනම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දයානන්ද සුභ පැතුමට..අනිවාර්යෙන්ම මේ සුභ පැතුම් ඔක්කොම ගිහිල්ලා දෙනවා එයාට..

      ඒත් ඒ වයසෙදි අපි නිදාගන්න මෙච්චර දුක් විදින්නෑ..ඇහැරලා යාළුවොත් එක්ක ෆන් ගන්න හදන්වා මිසක්..

      Delete
  20. අනේ අපොයි..පොඩි එකාට නම මේ කතා දකින්න ලැබෙන්න එපා.. හෙක් හෙක්!
    ජය වේවා අක්කේ!!

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත රැංගෝ..නම දාලා නැති නිසා පොඩි එකා මේවා දකින එකක් නෑ..!!

      Delete
  21. සූ ගෙ බබා දැන් චූ දානවා ඇති..

    බබාට සුභ අනාගතයක්.. සූගේ නිවසට සහ රටට විශ්වාසනීය වෙනසක්.. :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සෑමේ මේ මොනවා කියනවද කියලා..
      ස්තුතයි සුභ පැතුමට..

      Delete
  22. මාර නින්දක් තමයි..ලස්සන මතකයක් රූ....

    ඔයාගේ යාලුවා සු ට මමත් සුභ පතනවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිතිවිලි..
      එයාගෙ නින්ද ගැන නම් කියලා වැඩක් නෑ..හැබැයි ගොඩක් මඩ ගහන්නත් හොඳ නෑනේ..:D

      Delete
  23. අපේ නංගි බොරුනෙ කියන්නෙ , පේරා හොස්ටල් වල කාමර කැතයි කියල. බලන්නකො ලස්සන.
    ජ'පුරෙ වගේමයි. ;-)
    සූ පැටියත් එක්ක තර‍ඟෙට දොයි ලු නේ?

    ReplyDelete
    Replies
    1. අයියෝ මේ අපේ හොස්ටල් නෙවෙයි සිඳූ..
      කොහොම වුනත් හොස්ටල් ජපුර ඒවා තරම් අවුල් නෑ මම හිතන්නෙ..

      සූ දැන් නම් නිදාගෙන හමාරයි මම හිතන්නෙ..

      Delete
    2. නෑ නෑ...... ජ'පුර තියෙනව IRQUE එකේ ආධාර වලින් හදපු අලුත්ම හොස්ටල් එකක්. ඇත්තමයි මාර ලස්සනයි. ඒත් ඉතින් අනිත් ඒවා ගැන නම් කියලා වැඩක් නෑ.
      (මම දන්නව අනේ මේවා ඔයාලගෙ හොස්ටල් නෙමේ කියල)

      Delete
    3. ඇත්තද සිඳු දැනං හිටියෙ නෑ ඒ ගැන නම්..
      කොහොම වුනත් හොස්ටල් ජීවිතේ කියන්නෙ නම් එකම විනෝද ලෝකයක්..පුළු පුළුවන් වෙලාවට ලියන්නම්කෝ..

      Delete
  24. අපෝ... අපිත් කැට ගිහින් ගුටි කෑවෙ නැති ටික විතරයි. කොහොමත් සතියකට රු 50ක් විතර තට්ටු වෙනවා ඔය වගේ පුණ්‍යාධාර වලට. දැන් නම් සූ ට නිදාගන්න ලේසි වෙන එකක් නැහැ... :D

    ReplyDelete
    Replies
    1. මම නම් කැට ගොඩකට ගිහින් නෑ..කැම්පස් එක ඇතුලෙ මිසක්..
      හැබැයි ඕන තරම් සල්ලි නම් වියදම් කරලා තියනවා මතකයි යාළුවන්ට උදව් කරන්න..

      Delete
  25. ඇයි සූ අර කාඩ් වල වෙන මොනා හරි තියනවා වගේ දැකලද? එයාට මාත් සුබ පැතුවා කියන්න රූ :)

    ReplyDelete
    Replies
    1. අනේ නෑ සයු..
      ඒ කාඩ් හරිම ලස්සන දර්ශන තියන ඒවා

      එදා ගත්ත කාඩ් එක තාම මා ගාව තියනවා මේ සිද්ධිය මතක් කරන්න..:D

      Delete
  26. රූ මිතුරිය සූ ට සුභ පැතුම්.

    ගෑණු ළමයි එහෙමත් නිදාගන්නවද? මම හිතන්නේ දැන් හරි ඇති නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතිය අසරණයා...
      ඇයි ගෑනු ළමයි නිදාගත්තොත් නරකද අනේ?..

      දැන්නම් අනේ මන්දා..

      Delete
  27. සූ ට සුබ පැතුම් ! සූ නම් අනිත් පැත්ත හැරිලා නිදිය ගන්න ඇති.. ඇහැරිලා හිටි ඔය ගොල්ලො ???

    ReplyDelete
    Replies
    1. අයියෝ වෙනී ඒ ගැන කියලා වැඩක් නෑ..
      අපි හිටියෙ තුන්වෙනි තට්ටුවේ..සිද්දියෙන් පස්සෙ ඇහැරලා අපි දෙන්නට උඩ තට්ටුවෙන් බිමට පනින්න හිතුනා..ආයෙ ඒ අක්කා හම්බවුනත් අපි නෙවි මූණ බලලා කතා කලේ...!!

      Delete
  28. හිකිස්.. ඔය නින්ද හින්ද මටත් මග ඇරිච්ච දේවල් නං අනන්තයි.
    සූට සුභ පැතුව එහෙනං මමත් ඔන්න :D

    ReplyDelete
    Replies
    1. අපිත් ඔහොම නිදාගත්තා කාලයක් ඒත් ඒ වයසෙදි නිදාගන්නවට වැඩිය ගොඩක් වැඩ තිබුනානේ..

      ස්තුතියි සුභ පැතුමට ඒ වගේම මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..

      Delete
  29. අපිත් සූ ට සුභ පැතුවා කියන්න අක්කෙ!!!

    හික්ස්.. නියම ප්‍රතිචාරයක් තමා ලැබිලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නගේ..

      ප්‍රතිචාරය නම් කියලා වැඩක් නෑ..

      Delete
  30. සූට සුභ පැතුම්....

    මට නම් කලින් නින්ද යන්නෙම නැති තරම්.බෝඩිමේ එක කාමරේ හිටපු 3දෙනාගෙන් අන්තිමටම නිදි යන්නෙ මම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිසූ..

      මමත් ඒ දවස්වල නම් එහෙමයි..සරසවි ජීවිතේ තරම් බිසි කාලයක් මට තවත් තිබුනෙ නෑ..මොනවා හරි කියව කියව ඉන්න හරි අපි අහැරලා ඉන්නවා මතකයි..

      Delete
  31. සු අම්මිටයි සූ පැටියටයි මගේ සු පැතුම්..
    සූ පැටියා රෑට අන්ඬනකොටත් සූ අම්මි නිදිද දන්නැහැ..:

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් අහන්න බැරිවුනා සිත්රූ ගිහිල්ලම බලන්න ඕන විස්තර නම්

      ස්තුතියි සුභ පැතුමට ඔන්න..

      Delete
  32. හයියෝ මොක වුනත් මෙහෙම මූණටම කියනවද අප්පා.... හැබැයි ඉස්තරම්ම නිදිකුම්බරියක් වගේ.

    මේක කියවද්දි මට මතක්වුනේ පෙරදිග සුළං බුක්මාර්ක්.මම හතේ අටේ ඉද්දි ඔහොම්ම බුක්මාර්ක් ටිකක් අක්කා කෙනෙක් අරං ඇවිත් දික් කලා.ඒ වෙලාවේ මගෙ අතේ තිබ්බේ රුපියල් 100ක් ඕක දුන්නා එයාට බුක් මාර්ක් එකක් දෙන්න කියලා.(ඒ කාලේ බුක් මාර්ක් ගොඩ ගහන්න මාර ආසයි)

    අක්කා කිව්වා අනේ මල්ලි මාරු නෑ කියලා.මගෙ ගාවත් වෙන නෑනේ මම ඉතින් කරගන්න දෙයක් නැතුව හිටියාම එයා ආයෙ 100 දුන්නා තැන්ක් යු මල්ලි කියලා.මට මාර අප්සට් අක්කත් මහ දවාලේ කට්ට කාගෙන ඉන්න නිසා පව් කියලත් හිතුනා ලඟ කඩේකට ගිහින් 100 මාරු කලා.20 කොල 5ක්ම හම්බුනේ මොනා කරන්නද ආපහු ගියා අක්කව හොයාගෙන....

    ඒ යද්දි එයා බස් එකකට නැගලා.මම පට් ගාලා බස් එකට නැගලා 20 දීලා බුක්මාර්ක් එකක් ගත්තා...ඒත් 10ක් දෙන්නවත් මාරු නෑලු මම ඉතින් කමක් නෑ ඒ 10 තියාගන්න කියලා ආවා....

    පස්සෙ කාලෙක ඔය බුක්මාර්ක් කෙරුවාව අපිත් කරන්න ගියාම තමා තේරුණේ මේක පට්ට කට්ටක් කියලා... අතේ තියෙන කීය හරි දෙන එක සෑහෙන වටිනවා

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මල්ලි..
      ඔය වගේ දේවල් විකුණන්න සෑහෙන්න කට්ට කන්න ඕන..මට නම් ඕන තරම් අත්දැකීම් තියනවා කකුල් කෙඩෙත්තුව හැදෙනකම් පයින් ඇවිදලා..එපා වෙනවා එතකොට..

      හැබැයි ටිකක් කල්පනා කරනකොට දැන්නම් ඒක හරිම සොඳුරු මතකයක්..තමන් ගාව තියන බුක්මාක්එක පෝස්ට් කාඩ් එක ඉක්මනට විකුණන්න හොඳ මාකටින් හැකියාවක් තියෙන්න ඕන නැතුව බෑ..

      මම හිතන්නෙ ඔය වැඩෙන් මම ඉගෙන ගත්ත පාඩම් මම දැන් ප්‍රායෝගිකව අත්හදා බලනවා මේ ජොබ් එකේදි..

      ඔය නම් හොඳ ළමයෙක් මෙච්චර කැපවීමෙන් බුක්මාක් ගත්ත එක වටිනවා අප්පා..

      Delete
    2. ඒ බුක්මාර්ක් මාර ලස්සනයිනේ... අනික ඒවා ගොඩක් එකතු කරගත්තාම තව කට්ටියත් එක්ක බුක්මාර්ක් මාරු කරගන්නත් පුළුවන්නේ.... අන්න ඒකයි දැක්ක තැන එව්වා ගන්නේ

      Delete
  33. මම මේ බ්ලොග් එක හොයා ගන්න බැරි වෙන අවස්තා හින්දා කියවන්න ආසා වුනාට කියවන්න ලැබුනේ නෑ. කලින් රීඩරේට ඔබා ගන්න බැලුවත් ලැබුනේ නෑ. දැන් නම් ඒ පහසුකම තියෙනවා.

    නිදිමත ගැන. අපෝ ලංකාවට ආවම මගේ යාළුවෝ මට බනින්නේ වද දෙන්න ඇවිත් කියලා. ඒ උනාට අන්තිම කාලේ නම් උදේ හතරට පහට අවදි වෙන මට රෑට කාල ගෙදර ආව ගමන් නින්ද යනවා මහන්සියටම. විනාඩි දහයකින් ආයේ නැගිට්ටත් ඇති. ඊට පස්සේ ඉතින් අනිත් එවුන්ට වද දෙනවා කියලා කන් වල ඇඟිලි පුරවන් ඉන්නේ.

    ReplyDelete
  34. ස්තුතියි රංගි මේ පැත්තෙ ආපහු හොයාගෙන ආවාට...

    නිදිමත කියන්නෙ මේ ලෝකෙ තියන සැපම දේ තමා අනේ..ඒකෙ විවාදයක් නෑ..හැබැයි ඔයාගෙ කතාව ඇහුවාම හිතෙනවා ඔයාගෙ යාළුවො ටිකක හොඳ තෑගි ටිකක් දෙන්න වෙයි කියලා..හිකිස් වෙන මොනවටවත් නෙවි ඔයත් එක්ක ඉන්වට..:)

    ReplyDelete
  35. කාලයක් යට ගිය දේවල් මතක් කරල හිනා වෙන්න උනත් පුළුවන් හරිම ටික දෙනාටයි. ඒ අතරින් ඔයාල හරිම හොඳයි. ජීවිතේට කොයි තරම් දෙනෙක් හම්බ වෙනවාද අපිට. සූ ලගෙ පවුලටත් ඔයාටත් වාසනාවන්ත අනාගතයක්.

    ReplyDelete
    Replies
    1. යට ගිය සුන්දර මතක නම් අනන්තයි..ඒත් ඒවා එකිනෙකා රස විඳින හැටි විවිධයි..
      ස්තුතියි චන්දි...

      Delete
  36. නුගේගොඩ කිව්වාමයි මතක වුණේ..අපිත් ගියානේ කැම්පස් එකේ ස්ටිකර්ස් වගයක් විකුනන්න...හේ හේ..හ්ම්ම්...හෆෝයි අක්කේ, අපිත් එහෙම තමා හොදට නිදාගන්න එක තමා කරන්නේ...

    අදමයි මේ පැත්තේ ආවේ..හරිම ලස්සනයි... සු ඇතුළු පවුලේ සියලු දෙනාට අපෙනුත් සුබ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. කැම්පස් කාලේ ඔය වගේ ස්ලීපින් බියුටිලා නම් වැහැ වැහැලා හිටියා..

      ස්තුතියි සිතිවිලි සිත්තම මේ පැත්තෙ ආවාටත් සුභ පැතුමටත්..

      Delete
  37. අඩේ සූට බබෙක්ද? wish කරලා එන්නම්
    -at least i want...-

    ReplyDelete
    Replies
    1. ඔයා දැනං හිටියෙ නැද්ද..
      හා..හා..ගිහින් එන්නකෝ..

      Delete
  38. කතාවක් තියෙනවා "people who sleep like babies dont make babies" කියලා . මේක unusual සීන් එකක්. :)

    පොඩි සූ ට සූබ අනාගතයක්.

    ReplyDelete
    Replies
    1. ම්..ඔය කතාව නම් ඇනලයිස් කරලා බලන්න වේවි..

      Delete