Thursday, July 5, 2012

බංගලාවට ගිය නංගී...

නෙතේ කඳුළ දැළි කුණු ළඟ                        නැවතිලා.
පුංචි හිතේ පීදුනු මල් සතුට නැතුව                 මැලවිලා
කොණ්ඩ කරල් දෙකේ තිවුන පීත්ත පටි         ගැලවිලා
පුංචි නගේ නුඹ දා බිදු බංගලවෙ                    නැවතිලා


නුපුරුදු සැර ඇණුම් බැණුම් පුංචි සිතේ          සැඟවිලා
පුංචි කඳුළු මුතු කැටයක් නෙතින් පනියි         දඟලලා
දැළි කුණු වැකි කඩමාල්ල ලපටි සිරුර          හැඩකලා
පුංචි නගේ නුඹෙ දා බිදු බංගලාවෙ               නැවතිලා


අම්මා ගියා පිටරටකට යලි එනවයි              කියාලා
දෑ අවුරුදු ගතව ගිහින් තාමත් නෑ                ඇවිල්ලා
පුංචි බේබි නලවගන්න නැළවිලි ගී              කියාලා
පුංචි නගේ නුඹෙ දා බිඳු බංගලාවෙ                නැවතිලා


අඳුර අරන් ආ පුන්සඳ කවුළු දොරින්          බලාලා
කිරිපැණි ගෙන ආවෙ නැතිද වලා ගැබට    මුවාවෙලා
කිරිත් පැණිත් එපා අනේ මව් උණුසුම       සොයාලා
අරන් එන්න නගා ළඟට මව්ගෙ සුවඳ        දවටලා


තැනින් තැනින් සිදුරු වෙච්ච කඩමාල්ලෙ  ඇලවිලා
පුංචි නඟා ඉකි බිඳිනා හඬට තරුමල්         ඇහැරිලා
සෙමෙන් සෙමෙන් එබී බලයි සීත සුළං     ගෙනල්ලා
තරුමල් ඇඬුවා රහසින් නුඹේ කඳුළු         සඟවලා


පින්තූරය: http://www.instablogs.com/entry/hey-we-are-civilised-and-educated/

61 comments:

  1. සංවේදී අදහසක් ... ලස්සනට වචන වලට පෙරලලා,,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළු...

      Delete
  2. පව් අප්පා... :(
    ඔහොම ලමයි කීයක් නං ඇද්ද මේ රටේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අඩවි රජ..
      ඒත් එයාලා හැමදාම අඳුරෙ..

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න..මගේ බ්ලොග් එකටවත් පෝස්ටුවටත් අදාල නැති නිසා මේ කමෙන්ටුව ඉවත් කල බව කරුණාවෙන් සලකන්න..

      වැරදීමෙන් හෝ මේ පැත්තට ගොඩ වැදුනට ස්තුතියි..

      Delete
  4. හ්ම්ම්..සෙල්ලම් වයස අහිමි කරගනිපු පොඩි දරුවො ඕනතරම් මේ රටේ ඉන්නවනෙ..ඇත්තටම හුඟක් පව්..

    ReplyDelete
    Replies
    1. ඒ අයට සැනසීමක් වෙන්න අපිටත් මොනවහරි කරන්න පුළුවන්නම්..

      Delete
  5. එකම මාතෘකාවකට එකතු වුනු අදහස් කීපයක්. වාසනාවකට මේවා දැන් දැන් සමාජයෙන් ඈතට යමින් තියනවා. ඒත් තාම සම්පූර්ණයෙන්ම නෙමේ. ස්තුතියි රූ අපූරු පද පෙලක් පල කලාට. ජය...!

    ReplyDelete
    Replies
    1. සමාජය මේ දිහා වෙනස් ඇහැකින් බලන්න පුරුදු වුන එක ඇත්තටම වටිනවා..
      ස්තුතියි අදහසට..සරත්ටත් විමුක්තිටත්..

      Delete
  6. හරිම අනුවේදනීයයි, ඒත් මෙහෙම ගෙවෙන ජීවිතත් තියනවා. කගෙද, කොහෙද වරද කියලා මට තේරෙන්නෑ..

    ReplyDelete
    Replies
    1. අපි අපේම වරදද කියලත් හිතෙනවා සෙන්නා..සමහර වෙලාවලදි හරිම අසරණ වෙනවා එයාලාව ගලවගන්න බැරිවෙනකොට..

      Delete
  7. පවු පොඩි එවුන්...!!! සෙල්ලං කරන්න ඕනේ කාලේ කාගෙන් හරි බැනුම් අහ අහ දරාගන්නවත් බැරි වැඩ කරනවා...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත යාළු මාළු...
      ලොකු මිනිස්සුන්ගෙ වැඩ නිසා අන්තමට දුක් විදින්නෙ මේ වගේ පොඩ්ඩෝ..

      Delete
  8. සංවේදී සිද්දියක් ඒත් දැන් මේ වගේ ලාබාල ළමයි මෙහෙකාර සේවයේ යොදන්නේ නැහැ. ඒ නිතිය තදින් ක්‍රියාත්මක වෙන නිසා.

    ReplyDelete
    Replies
    1. නීතිය තදින් ක්‍රියාත්මක වෙන එක වටිනවා..ඒත් මේ වගේ කතා තාමත් අඩු නෑ..මේ වගේ අයට අනුකම්පාවට වඩා ඕන ආදරය...

      Delete
  9. සමාජයේ අවධානය තදින් යොමු විය යුතු තැනක්. වටිනා අදහසක්! පද ගෙතුමත් අගෙයි!

    ReplyDelete
    Replies
    1. ම් ඒක ඇත්ත ගිම්..
      අපි අපිත් හඬක් නගන්න ඕන පුළුවන් විදිහට..

      Delete
  10. ඉස්සර නම් මේ වගේ දේවල් හරියටවත් තිබුණා. දැන් නම් තියෙනවනම් හොරෙන් තමයි. අහුවුණොත් නම් ඉවරයිනේ. කාලීන අදහසක්!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත එහෙම වුන එක ඇත්තටම වාසනාවක්..
      ඒත් අනිත් අතට අම්මා තාත්තාගේ ආරක්ෂාව නැති පොඩ්ඩො කීදෙනෙක් මේ රටේ දුක්විඳිනවද?

      Delete
  11. බාල වයස්කාර දරුවන් අනන්තවත් මෙහෙකාරකමේ යොදවනවා. ඒත් දැන් කවුරුත් ටිකක් බයයි. තදින් නිතිය ක්‍රියාත්මක වන නිසා.

    කවියේ අදහස සංවේදියි.

    ReplyDelete
    Replies
    1. නීතිය තදින් ක්‍රියාත්මක වෙන එක දෙයක්වත් තියන එක වටිනවා..
      ඒත් අනුකම්පාවට වඩා ආදරය ඔවුන්ට දිය හැකි නම්..

      Delete
  12. හරිම අපූරුයි අක්කේ කවි පෙල... දැන් නම් මේ සිද්ද් අඩුයි මම හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි..
      ඉස්සරවගේ මේ වගේ සිදුවීම් නිතරම ඇහෙන්නෙ නෑ..

      Delete
  13. අයියෝ ...දුකයි ...

    ReplyDelete
  14. දුක හිතෙන කතාවක් !

    ReplyDelete
    Replies
    1. අපිට තව මොනවාහරි එයාලා වෙනුවෙන් කරන්න පුළුවන් නම්..

      Delete
  15. ස0වේදී කවිපෙළක්....!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තොටියා..

      Delete
  16. රූ කවිත් ලියනවනේ....ලස්සනයි. හරියට දුක හිතුනා අර පින්තුරෙත් එක්ක කවි ටික කියෙව්වම...

    ReplyDelete
    Replies
    1. ම්..මේ වගේ සිද්දීන් නිතරම ඇහෙනකොට මේ වගේ දෙයක්වත් අඩුම තරමේ කරන්න හිතුනා සයු..

      Delete
  17. කවි ලෝකයක් :)

    ReplyDelete
  18. ඇඩුනා අයියෝ..

    ඇත්තටම සිරා !

    ReplyDelete
    Replies
    1. කඳුළු පිහගන්න සෑමෝ..
      තැන්කූ..

      Delete
  19. මේ සම්බන්දයෙන් ලංකාවේ දැන් නීතිය තදයි.... මම හිතන්නෙ ඒ නිසා දැන් මෙවැනි සිදුවිස අඩුයි කියලා.. හරියටම කියන්න බැ ඉතින් :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත මහී..
      මේ වගේ දේවල් දැන් සිද්ධ වෙන්නෙ හොර රහසේ..ඒකෙන් බැටකන්නෙත් ළමයින්ම තමා..

      Delete
  20. දුක හිතෙන කවි ටිකක් රූ...මේ නංගිලා සමහරෙකුගේ ඉදිරිකාලයය කොහොම එකක් වෙයිද කියලා හිතලා බලනකොට...දුක තවත් වැඩී....

    ලෝකය අපි හිතන තරම් ලස්සන නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පොඩ්ඩි..
      සමහර වෙලාවට අපි ගොඩක් අසරණ වෙනවා අඩුම තරමේ හඬ අවධි කරන්නවත් අවසර නැති කොට..

      Delete
  21. අන්තිම කවිය තමා හිතට වැදුනේ.......

    තැනින් තැනින් සිදුරු වෙච්ච කඩමාල්ලෙ ඇලවිලා
    පුංචි නඟා ඉකි බිඳිනා හඬට තරුමල් ඇහැරිලා

    එයිනුත් ඔය පේලි දෙක. ඒ පේලි දෙක කියවගෙන යද්දි මැවෙන චිත්ත රූපය නිසා ක්ෂණිව හිතට නැගෙන හැගීම විස්තර කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මේ ලේබල් එකේ කවි වල රිද්මයක් තියනවා කියලා පස්සෙ තේරේවි බුද්ධි..
      තමන්ගෙ අදහස ප්‍රකාශ කරගන්න බැරුව ලතවෙන වෙලාවට කවියත් හොඳ මාධ්‍යක්..

      ස්තුතියි බුද්ධි..

      Delete
  22. මේකට වගකියන්න ඕනේ දෙමාපියො කියලයි මට හිතෙන්නේ.රට රටවල්වලට ශ්‍රමය කුණු කොල්ලෙට විකුණනවා දවල් රෑ නැතිව.ඒත් ඒ විදියට ලංකාවේ වැඩ කලානම් එහෙම හම්බු කරන්න පුළුවන් කියලයි මම හිතන්නේ.....

    මම දන්න අඳුරන කාටවත් ඔහොම එක එකාගේ කුණු හෝදන්න රට යන්න නම් දෙන්නේ නෑ.අරාබිකරේට වහල්ලු යවනවා වගේ වැඩක්.

    හරි ලස්සනට කවි ටික ලියලා තියෙනවා අක්කේ....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මල්ලි..ඒත් ඔයා දන්නවත් ඇත්නේද ලංකාවට විදේශ විනිමය ගලා එන ප්‍රධාන ක්‍රමය විදේශ සේවා නියුක්තිය කියලා..

      එක අතකට බැලුවාම රටක් විදිහටම අපි අසරණයි..මේ ක්‍රමය අපිට සල්ලි හොයන්න තියන එකම විදිහ නම් බදුගෙවන ජනතාවට පහසුවක් වෙන්න යටිතල පහසුකම් සපයන එක රජයේ වගකීම..

      අම්මලා රට යනවා නම් එයාලාගේ දරුවන්ව බලාගන්න ක්‍රමයක් රටේ තියෙන්න ඕන මට දැනෙන විදිහට..

      Delete
  23. හොඳ නිර්මාණයක් රූ! දැන් නම් ඔය තත්වය දකින්න නෑ නේද? මෙන්න මෙතනදි අපේ සමාජයෙ තියන අනුන්ගෙ දේ ගැන විමසිල්ලෙන් ඉඳලා ලෙඩේ අදින ගතිය හොඳ අරමුනකින් ක්‍රියාත්මක වෙනවා. :D කවුරු හරි ළමයෙක් වැඩට ගෙනාවොත් කිසිම බයක් වෙන්න දෙයක් නෑ අල්ලපු ගෙදර කශ්ටිය වහාම බලධාරීන් දැනුවත් කරනවා. ලමයා ගෙන හිතලා නෙවෙයි, අරුන්ට ලෙඩේ අදින්න. නමුත් වැඩේ වෙනවා. :D
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හික්ස් ඒක ඇත්ත හෙන්රි...වෙල් සෙඩ්..
      හැම කළු වලාවෙම රිදී ඉරක් තියනවානේ..

      හැබැයි මම දන්නෙ නෑ බලධාරීන් අරගෙන යන ළමයි යන්නෙ එයාලට ජීවත් වෙන්න පුළුවන් පරිසරයකටද කියලා..
      ලංකාවෙ අර කැපකරු මාපිය ක්‍රමය නැති නිසා ගොඩක් ලමයිට ආදරය කරුණාව ලැබෙන්නෑ..

      Delete
  24. //..සෙමෙන් සෙමෙන් එබී බලයි සීත සුළං ගෙනල්ලා
    තරුමල් ඇඬුවා රහසින් නුඹේ කඳුළු සඟවලා..//

    ලස්සනම ලස්සන කවි පංතියක්..හිතට දැනෙන්නම ලියලා තියනවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩක් සිතුවිලි..
      ඔයාලගේ දිරිමත්කිරීම හැමදාටම වටිනවා..

      Delete
  25. බාල වයස්කාර දැරියකගේ ශෝකාලාපය. හරිම සංවේදීව ලියවිලා. මගෙ නෙතටත් කඳුලක් ඉනුවා. සංවේදී හදවතක් ඇති ඔබට වාසනාව සතුට හැමදා රැඳේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දි..
      ලෝකයේ ගොඩක් දේ අපිට ඕන විදිහට වෙන්නැති එක ගැන දුකයි..

      Delete
  26. උපරීම වශයෙන් නීතීය මේවට ක්‍රියා කරන්න ඕන.. බංගලා නෙවෙයි පාසල ඔන යවන්න

    ReplyDelete
    Replies
    1. මෙයාලව පාසල් යවන්න පුළුවන් මානසිකත්වක් හදලා දෙන්න අපිටත් පුළුවන්නම්..

      ජනියාව කාලෙකින් දැක්කෙ?

      Delete
  27. බොහොම අගෙයි අක්කේ!!
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලී..

      Delete
  28. නියමෙට පද ගලපලා
    අදමයි මේ පැත්තේ ආවේ හැමදාම එන්න ෆලෝ එකකුත් දාගත්තා ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළු..
      මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා...

      Delete
  29. හරිම ලස්සනයි අක්කේ... පොඩියට හරි මේ දේවල් තාමත් සිද්ධ වෙනවා....:(

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අනූ..

      Delete
  30. ඒ මදිවට දැන් වයසක මිනිස්සු අතින් මේ වගේ දරුවන් අනාත වෙනවා. නීති කොයිතරම් පොත්වල තිබුනට ඒවා මකුළු දැල් වගේ .. හයිය ඇති අය කඩාගෙන යනවා. අහිංසකයෝ තැලෙනවා.

    ReplyDelete
    Replies
    1. සරත්ගේ කතාවට 100%ක් එකඟයි..
      ඇති නැති විශමතාව දුරුකරන්න මිනිස් සමාජයට කවදා හැකිවෙයිද මන්දා..

      Delete