Monday, July 30, 2012

පුස් තකා 5: සමුගැන්ම..

     තමාට වැදගත් වූ තැන්වලදී පා සටහන් සදාකාලිකවම තබා යෑමට මිනිසාට බැරි ඇයි?
         දුයිෂෙන් සහ මා කඳුකරයේ සිට ආ ඒ අඩි පාර සොයා ගන්නට හැකි නම්, ගැරුතුමාගේ පා සටහන් සොයා ඒවා සිපගැනීමට මා සූදානම්ය. ඒ අඩිපාර සියළුම මාර්ග හා මාවත්වලට වඩා මට අගනේය. මා යළි ජීවිතයට ගෙනැවිත් මට අළුත් විශ්වාසයක් දී අළුත් බලාපොරොත්තු සහ ආලෝකය ලබාදුන් ඒ දවසටත් අඩිපාරට සහ මාවතටත් දේවාශිර්වාද ලැබේවා. එදා පෑවු ඉරටත් එදා පැවති කාළගුණයටත් කෘතඥතාවය හිමි වේවා.
        දවස් දෙකකට පසු දුයිෂෙන් මා දුම්රිය පොළට කැඳවාගෙන ගියේය. එම සිද්ධියෙන් ඉක්බිතිව අයිලයේ නැවතී සිටීම නුවණට හුරුනැති බව පෙණිණි. අළුත් ජීවිතයක් පටන් ගත යුත්තේ අළුත් තැනතිනි. මගේ තීරණය නිවැරදි බව ජනතාව කීහ. මා සමඟ දුම්රියපළට ගිය අනිත් දෙදෙනා සයිකාල් හා කරකේය.


        ඔවුහු කුඩා ළමයින්සේ හැඬූහ. අතරමගදී කෑමට ගන්නයැයි කියමින් අහාර වර්ග පිරවූ කොට්ට උරයක් සහ පැකට් කීපයක්ද මට තෑගි කළහ. අපේ අසල්වැසි, නිතර වාද කිරීමෙහි සමත් සතිම්කුල්ද මට ආයුබොවන් තීමට ආවේය.
“අනේ දුවේ නුඹට දෙවි පිහිටයි. සුබ ගමන්යැයි ඔහු කීය. “බය වෙන්න එපා. දුයිෂෙන් ගුරුන්නාන්සේ කියන විදියට වැඩ කරපන්. උඹට හරියාවි. මොනවට කියනවද අපිටත් කාරණා කාරණා තේරෙන්ට පටන් අරගෙන තියනවා. “
      ගමේ සිට දුම්රිය පොළට එනපිට මා ගමන් කල ගැන පිටුපසින් දුව ආ පාසල් ළමයි අත වැනූහ.
...........
          ඊට පසු කී වාරයක් මම ඒ කුඩා කඳුගැටය සහ පොප්ලර් ගස්දෙක අසලැති දුම්රිය පොළ පසුකර ගියෙම්ද, මගේ හදවතෙන් හරි අඩක් මා එහි තබා ගිය බවකි මට දැනෙන්නේ.
         මලානික නිල්වන් වසන්තයේ සැන්දෑව කණගාටුදායන බවක් සහ හදවත පාළු කරන ගතියක් කියා පෑවේ අපේ වෙන්වීම කල්ඇතිව හැඟවීමට මෙනි. සිය ගැඟීම් ප්‍රකාශ නොකිරීමට දුයිෂෙන් මහන්සි ගත්තේය. ඔහුගේ හදවත කොතරම් දැඩි වේදනාවකින් පෙළෙන්නේද යන්න මම දනිමි. ඔහු මා දෙන ඕනෑ කමින් බැළුවේය. ඔහු නිතර මගේ හිසද,ඉඳහිට මගේ මුහුණද අත ගෑවේය. වරක් මා හැඳ හිටි ගවුමේ බොත්තමක් පවා හරිගැස්සුවේය.
   “අල්තීනායි, උඹට අඩියක්වත් මා වෙතින් හෙලවෙන්නට ඉඩ හරින්නේ නෑ. ඒ වුනාට එහෙම කරන්නට මට අයිතියක් නෑ. තේරුණාද? මම එතරම් උගතෙක් නෙවි. නගරයට යන එක හොඳයි..උඹ සමහරවිට නියම ගුරුවරියක් වෙන්ට පුළුවන්. එදාට අපේ ඉස්කොලෙ අමතක කරන්න එපා එදාට උඹ හිනාවේවි. උඹ යන එක හොඳයි බොහොම හොඳයි.“
            
අද පුස්තකාව උපුටා ගැනීම:
"ගුරු ගීතය", චිංගීස් අයිත්මාතව, අනුවාදය:දැදිගම වී රුද්රිගු, කවුඩුල්ල ප්‍රකාශන 2003, පිටු 99-100 


ගුරු ගීතය පොත කියවන්න මේ බ්ලොග් පෝස්ටුවෙන් පිළිවන් වේවි..
http://piyawi.blogspot.com/2009/09/blog-post_04.html

60 comments:

  1. දුයිෂෙන්ව දැකපු ගමන් මට හිතුනා ගුරු ගීතය තමා කියලා..

    ReplyDelete
    Replies
    1. ම්..සිත් ගත්ත පොතක කොටසක් පෝස්ටුවකට ලියද්දි ගුරු ගීතය තමා හැමදාම හිතාගෙන හිටියෙ...
      දුයිෂෙන් කියන්නෙ අපි හැමෝගෙම හීන වල ජීවත්වෙන කෙනෙක් වෙන්න ඕන..

      Delete
  2. මොකක්ද මේ පුස් තකා කියන්නෙ ? මම තේරෙන්නැති හින්දා අනිත් පැත්තත් හරවලා බැලුවා.. :-)

    ReplyDelete
    Replies
    1. පුස් කතා නෙවෙයි අය්යේ පුස්ත කතා.... මටත් ටැපලුනා .. හික් හික්

      මමත් ආසම කතාවක් තමා ගුරු ගීතය

      Delete
    2. කොහෙද ! "පුස් තකා" කියලා තියෙන්නෙ..ඒ කියන්නෙ "පුස් වෙනුවෙන්" කියන එකද..?

      Delete
    3. මාත් මුලින්ම කරේ ඕක අනිත් පැත්ත හරවලා බලපු එක :ඩි

      Delete
    4. මාත් ඉස්සර ඕකට රැවටුනා...

      පස්සේ තමා හොයා ගත්තේ..
      පුස් තකා = පුස්තක (පොත්)

      මෙයා (රූ) අපිව දාන අමාරුවක තරම .හික්ස් :)

      Delete
    5. සීරීස් එකේ හයවෙනි කතාව කියවද්දිද ඔයාලා මේක විශ්ලේෂනය කරන්නේ..:)
      මේ නම දාන්න නම් විශේෂ හේතුවක් තිබුනෙ නෑ...හැබැයි කියවන අයට වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වෙන්න තමයි අකුරු ටිකක් එහෙ මෙහෙ කරලා නම හැදුවේ..

      Delete
    6. ඒ වුනාට මට නම් ඒක දැක්කම හිතෙන්නෙ " පුස් වෙනුවෙන් " කියලා...

      Delete
    7. සෙන්නාට නම් ඉතින් මගේ ඇදයක්මයිනේ පේන්නේ..
      පොඩ්ඩක් පොසිටිව්ලි හිතනන්නකෝ යාළු..

      Delete
    8. අයියෝ රූ ඔයා ටිකක් සීරියස් ගන්නවා වගේ... ඔයා හිතන්ඩකො මම විහිලුවක්නෙ කෙරුවෙ කියලා.

      ඔන්න විහිළු ඉවරයි.

      ජය !!

      Delete
    9. ම්..එක එක ට්‍රික්ස් පාවිච්චි කරලා සෙන්නා මාව අවුස්සන එක නවත්තන්න හැදුවත් මේ සැරේ තමයි හරියටම වැඩේ අල්ලගත්තෙ..
      අයියෝ හරි සිම්පල්නෙ..:))

      ජය පිට ජය..!!

      Delete
  3. ගුරු ගීතය මම කියවන්නේම නැතුව ඉදලා කියෙව්වේ ගිය අවුරුද්දේ..... ඊට කලින් ඒක කියවන්න බැරිවුණු එක ගැනයි මට කණගාටුව...

    ReplyDelete
    Replies
    1. මේ පොත කියවන වයස අනුව රසවිදින විදිහ වෙනස් හසිත...
      ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් අද වෙනකම් මේ පොත මම කිහිප සැරයක්ම කියවලා තියනවා..

      එදා මේ පොත දැනුනු විදිහයි අද ඒ ගැන හිතන විදිහයි වෙනස්..

      Delete
  4. කියවපු කිසිම කෙනෙක් නරකයි නොකියවපු පොතක්. මේක මට දුන්නෙ මගෙ හොඳම යාලුව මගෙ උපන්දිනේකට. එයාට එදා එන්න වෙන්නෙ නැති නිසා මල්ලි කෙනෙක් අතේ පොත එව්වෙ.

    පුදුම පොතක්. නොහඬා කඳුලු ගේන පොතක්

    ReplyDelete
    Replies
    1. //ආදරණිය නංගී,
      ළබැඳියාව පෙරැළී ආදරයකට
      අද නුඹ මට සෙයුරියකව දැනේ...
      එසේ...
      මා නුඹට ආදරය කරන්නේ
      නුඹ ඉතා යහපත් යැයි
      සිත සුදු පිරියම් ගා පිළිසකර කොට
      නොවේමය....//

      සිඳුගෙ කමෙන්ටුව දැකලා මම ආයෙත් පොත පෙරළුවෙ උපන්දිනේට මේ පොත තෑගි දුන්න යෙහෙළිය ලියපු නිසඳැස කියවන්න..
      උඩ තියන නිසදැස මගේ පොත් ඇතුල් කවරේ ලියලා තියනවා එයාගෙම අත් අකුරෙන්..

      Delete
  5. මම ගුරු ගීතය බැලුවේ යාලුවෙක් ළඟ තිබිලා. අදටත් මට හමු වෙලා නෑ මේ පොතට අකමැති කිසිම කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ම්..මේ පොතේ ආකර්ශනයට වශිවෙනවා ඕන කෙනෙක්..
      අද තියන සංකීර්ණ ආදර කතා එක්ක මේ කතාව ගොඩක් වෙනස්..

      Delete
  6. ලස්සනයි රූ. 'ගුරු ගීතය' කියවලා නෑ. කොහොමත් පරිවර්තනයක තියන භාෂාවේ, පරිසරයේ වෙනස්බව කතාවට ලොකු රසයක් එකතු කරනවා කියලා මට හිතෙනවා. වෙලාවක හොයාගෙන කියවන්ට ඕනේ.

    හැබෑට පුස් තකා කියන්නේ මොකක්ද? ඇහුවමයි.:)

    ReplyDelete
    Replies
    1. රූ ලියපු වචනියේ "ඉස්පිල්ල" අඩුවෙලා වගේ පුස්තකා කියන්නේ පුස්තිකාව එහෙමත් නැත්නම් පොත යන අරුතින්

      Delete
    2. @පොඩ්ඩි,
      කියවන්න ඕනම පොතක් පොඩ්ඩි...හොයාගන්න බැරිවුනොත් කියන්නකෝ..

      @දයානන්ද,
      ම්..මේ වචනේ ඔච්චර විශ්ලේෂනය කරන්න එපා..මම හිතන්නෙ මෙහෙම වචනයක් නෑ සිංහල භාෂාවේ..පොතකින් කියවපු ලස්සන කොටසක් තමා මේ සීරිස් එකේ තියෙන්නෙ..

      Delete
    3. ඔන්න ගුරු ගීතය ඩවුන්ලෝඩ් කරගෙනම බලන්ඩ

      මෙන්න ලින්ක් එක



      http://www.mediafire.com/?m4o1m4m52my

      Delete
  7. මන් ඕක කියවන්නම හිටියේ.. කොහෙද අමතක උනා.. එල වෙලාවට මේ පොස්ට් එක කියෙව්වේ.. තැන්ක්ස් .. අදම ලයිබ්‍රිය පෙරලනවා :)

    ReplyDelete
    Replies
    1. කියවලා දැනුනු දේත් කියන්න ජනියා...
      පරිවර්තනය විශිෂ්ඨයි කියලා කියන්න බැරිවුනත් ගොඩක් දේවල් හිතන්න ඉතුරු කරපු කතාවක්..

      Delete
  8. කට පාඩම් වෙන තුරු කියෙව්ව පොතක්!

    ReplyDelete
    Replies
    1. මාත් මගේ යාළුවොත් කඩපාඩම් වෙනකම් කියෙව්වා..
      ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අපි කාටවත් හැබෑ ජීවිතේ අල්තීනයිවත් දුයිෂෙන්වත් මුණ නොගැහුනු එක..:)

      Delete
  9. ගුරු ගීතයේ මම ආසම වාක්‍යය දෙකක් තියෙනවා පුලුවන් නම් හොයලා දෙන්න පුළුවන්ද ? මම ෆෝන් එකෙත් සේව් කරගෙන හිටියා. කවුද මන්දා එකෙක් ඒක මකලා දාලා.

    මෙහෙමයි ඒ වාක්‍යය දෙක පටන් ගන්නේ..

    නපුරු සුලි සුළං හමාවි....බ්ලා බ්ලා... එහෙත් වසන්තය එනවා සත්තකයි !

    ඔය වාක්‍යය දෙක(හෝ තුන) කමෙන්ට් කරන්ඩ පුලුවන් නම් හොදයි... :)

    ගුරු ගීතය කියන්නේ මම ආසම පොත් වලින් එකක්. අපේ වලෙත් ඔය නාට්ටිය පෙන්නද්දි මම් බලන්ඩ ගියා. ඔය නාට්ටියට රඟපෑවේ ලලිත කලා අධ්‍යනාංශයේ කට්ටිය. මට මටත විදිහට අල්තිනායිට හිටියේ ඒ අධ්‍යනාංශයේම ඉගෙන ගත්ත නෙප්චූන් කියලා කාඩ් එක තිබ්බ අක්කා කෙනෙක්.. හික්ස් :)

    පස්සේ කාලෙකදි මම් දුයිෂෙන්ට රඟපාපු අයියත්තෙක්ක ඔය නාට්ටිය ගැන එක එක විස්තර කතාත් කලා. :)

    එකකොට මම් අහපු එක ප්‍රශ්නයක් තමා අල්තිනායි ඇත්තටම දුයිෂෙන්ට ආදරේ කලාද කියලා ? (ගුරු ගෝල ආදරයක් නෙමේ.)

    ReplyDelete
    Replies
    1. මට දැන් නම් ඉතින් මේක කියවන්ටම ඕනි.:)

      Delete
    2. අල්තිනායි විතරක් නෙවෙයි ඒ දෙන්නම දෙන්නට ආදරේ කලා... මට දැනුන ව්දියට නම්.

      Delete
    3. @මධුරංග,
      පළවෙනි කාරනේ ඔය එක එක අයට ෆෝන් එකේ දේවල් මකන්න දෙන්න එපා..දැන් ඉතින් ආපහු සේව් කරගන්නකෝ..

      “ඔව්..ශිත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තකයි...“

      ඔයා නම් වාසනාවන්තයි මේ නාට්‍ය බලන්න ලැබුනු එක ගැන..මම නම් පොත කියවලා විතරයි..

      ඇත්තටම දුයිෂෙන් හා අල්තීනායි දෙන්නට දෙන්නා ආදරය කලාද කියලා හිතන්න ඉතුරු කරලා තමයි අයිත්මාතව් මේ කතාව ලියලා තියෙන්නේ..
      මට නම් හිතෙන්නෙ ඒ දෙන්නා ගොඩක් ආදරය කලා..ඒත් තමන්ගෙ ජීවිතේ ඉස්සරහට ගලාගෙන යන්න මේ ආදරය බාධාවක් කරගත්තෙ නෑ..මම හිතන්නෙ ඒ දෙන්නගෙ ආදරේ ඒ දෙන්නටම ජීවත්වෙන්න ශක්තියක් ගෙනාවා කියලා..
      ආදරේ කියන්නෙයි හිමිවීමම නෙවෙයි කියලා මම හිතන නිසයි මේ විදිහට මේ කතාව ගැන මම හිතන්නෙ..

      @පොඩ්ඩි,
      ම්..ඔයාගෙ කුතුහලය ඇවිස්සුවානේ..පොත නම් ගොඩක් ගණන් නැහැ..ඒත් ඒක ඔයා ඉන්න පැත්තට එවන්න පුළුවන් නම් කියන්න..උදව්වක් දෙන්නම්..

      @ඇනෝ,
      ම්..මමත් එකඟයි ඔයා කියන එකට..

      Delete
  10. ඒක ටීචර්ස්ලා කියපු සිංදු පොතක් ද...

    ReplyDelete
    Replies
    1. මේකව වැලි ගොඩේ දනගස්සලා තියන්ඩ එපැයි...

      Delete
    2. @ඇනෝ,
      මමත් ඔයාට සපෝට්..ලංකාවට එනකොට එයාපෝට් එකේදිමයි අල්ලගන්න ඕන..

      @ඔබ නොදුටු ලොවක්,
      අදට බේරිලා යන්න දෙනවා..තාමත් පරක්කු නෑ පොත හොයාගෙන කියවන්න..
      එත්කොට “ටීචර්ලා කියපු සින්දු“ ගැන දැනගන්න පුළුවන් වේවි..

      Delete
    3. වැලි ගොඩේ නෙමේ කොස් කට්ටෙ කොස් කට්ටෙ.. හැක හැක

      Delete
    4. මෙන්න ගුරු ගීතය ඩවුන්ලෝඩ් කරගෙනම බලන්ඩ !!

      http://www.mediafire.com/?m4o1m4m52my

      Delete
  11. හ්ම්ම්..මමත් කියවල තියනෝ.......:)

    ReplyDelete
    Replies
    1. හ්ම්..ලස්සන කතාවක් නේද?

      Delete
  12. චිංගීස් අයිත්මාතෙව්ගේ ගුරැ ගිතය පොත නැවත නැවත කියවන්න හිතෙන ඉතාමත් අපූර්ව පොතක්. යම්කිසි විප්ලවයක් කරන්න සැරසෙන කොනක් වේනම් ඔහුට හො ඇයට හොඳ මග පෙන්විමක්. මට දැනෙන්නේ දේශපාලනය සම්බන්ධයෙන් ගත්තාම හෝඩි පොත, ආදරය සම්බන්ධයෙන් හොඳ මග පෙන්වීමක්.

    ReplyDelete
    Replies
    1. දේශපාලයයේ හෝඩි පොත කියන කතාවට නම් මමත් එකඟයි..
      විප්ලවක් පටන් ගන්නෙ තමන් ජීවත් වෙන වටපිටාවෙන්..දුයිෂෙන් වගේ චරිත ලෝකයේ හරි අඩුයි..

      මේ පොත නැවත නැවත කියෙව්වම දැනෙන රසය වෙනස් වෙන්නෙ ලේඛකයාගේ දක්ෂතාවය නිසා කියලයි මට හිතෙන්නෙ..

      Delete
  13. ගුරු ගීතය කියවන්න ඕන අප්පා.... :)

    ReplyDelete
    Replies
    1. අයියෝ ඔයත් කියවලා නැද්ද..
      හොයා ගන්න බැරි නම් කියන්න මල්ලි..

      Delete
  14. අනේ මම කියවලා නෑනේ..මටත් කියවන්න ආසයි දැන්නම්..ලස්සනයි අක්කියෝ....

    ReplyDelete
    Replies
    1. මේ සීරිස් එකේ අරමුණත් කියවන්න ආසාවක් ඇති කරන එක තමා..
      මේ පොතේ මොන කොටසද ලියන්නෙ කියලා හිතාගන්න බැරි තරමට හැම පිටුවම ලස්සනයි..

      හොයාගෙන කියවන්න වටින පොතක්..

      Delete
    2. මෙන්න ගුරු ගීතය ඩවුන්ලෝඩ් කරගෙනම බලන්ඩ !!

      http://www.mediafire.com/?m4o1m4m52my

      Delete
    3. ස්තුතියි යාළු කියවන්න ඕනේ අද ඉඳලවත්

      Delete
  15. ගුරු ගීතය කියන්නේ මමත් කැමතිම පොතක්.. කියවනකොට හරිම හැඟුම්බර ගතියක් එනවා....!

    ReplyDelete
    Replies
    1. ම්..ඇත්ත තොටියා..පොත කියවලා සංවේදී හිත් අවධි කරගත් ගොඩක් අය දැන ගැනීමත් සතුටක්...

      Delete
  16. දහ දොළොස් වතාවක් කියෙව්වත්, කතාව අවසන් වෙද්දී ඇහැට කඳුලක් එන එක වලක්වන්න බැරි, මා කියවූ එක ම පොත ගුරු ගීතය යි!!

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ම්...ඒක ඇත්ත රැංගෝ..100%ක් එකඟයි..

      Delete
  17. මමත් ඔය පොත බාගත්තා, තාම කියවන්න නම් බැරිවුණා හැබැයි. බලමුකෝ! බිසී බී !

    ReplyDelete
    Replies
    1. කියවන්න බැරි වුන අයට කියවන්න ලින්කුව දෙන්න බැරිද?

      Delete
  18. මම මේ පොත කියවල නැහැ. ජයලත් මනෝරත්නගේ ගුරු ගීතය නාට්‍ය හැදුවේ මේ පොතෙන්ද?

    ReplyDelete
    Replies
    1. ගුරු ගීතය ද? ගුරු තරුව ද?

      Delete
    2. ම්...මනෝරත්නගෙ වේදිකානාට්‍ය ගුරු තරුව..ඒකේයි මේ කතාවෙයි සම්බන්ධයක් නෑ..
      ගුරු තරුවත් ඇහැට කඳුලක් ගේන අපූරු වේදිකා නාට්‍යක්..පුළුවන් වෙලාවක බලන්න..

      මම නම් දෙසරයක්ම බැළුවා..

      Delete
    3. ස්තුතියි සයුරි රූ.. මට ඒ දෙක පැටලුනා. අපේ ඉස්කොලෙටත් ආව ඒත් එදා බැලුවේ නැහැ අපරාදේ. නාට්‍ය බලන්න යනවා කියල කොහේදෝ ගිහින් කට්ටියත් එක්ක නෑවා..

      Delete
    4. මේ දවස්වල මනෝරත්න මහත්තයා ආයෙත් එයාගෙ නාට්‍ය පෙන්නන්න පටන් අරන්..
      ගුරු තරුව ගැන හෝඩුවාවක් තිබුනොතින් කියන්නම්කෝ..

      Delete
  19. ගුරු ගීතය...ඒ පොත දැනුත් මා ළඟ... මෑතකදී කියෙව්වේ... හරිම ලස්සනයි... මෙච්චර කල් ඒක නොකියවුයේ ඇයි කියල මට හිතුණා...

    ReplyDelete
    Replies
    1. ම්..කියවන හැමෝම මේ කතාවට වශිකරගන්න තරම් මේ ලේඛකයා කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා..
      කතාව පොඩි වුනත් හිතන්න ලොකු දේවල් ටිකක් අපිට ඉතුරු කරනවා..

      Delete
  20. මුලින්ම ගුරුගීතය කියවද්දි මං පහ වසරෙ.එදා දැනුනාට වඩා වෙනස් මං අද.. ඒ කිව්වෙ අවුරුදු දහසයේදි ඒක කියවද්දි දැනෙන හැගීම.තව ඉස්සරහට ඒ හැගීම තවත් වෙනස් වේවි.දුයිෂෙන්ගෙත් අල්තීනායිගෙත් අප්‍රකාශිත ප්‍රේමයට මම දැන් පුදුම විදියට ආදරේ කරනවා..මට පොතේ වැඩිපුරම දැනෙන තැන තමයි දුයිෂෙන් අල්තීනායිව කෝච්චියට නග්ගලා අල්තී-නායි කියලා කෑගහන තැන.

    ඔයා චින්ගීස් අයිත්මාතව්ගෙ අම්මා සහ මිහිකත,වේලාසන කොක්කු ඇවිත්,ජමිලා එහෙම කියවලා ඇතිනේ.ඒ ඔක්කොම එක වගේ ලස්සන පොත්!

    ReplyDelete
    Replies
    1. වර්ෂා කියපු දේ ඇත්ත..මම උඩ උපුටා දක්වපු පිටුවට පස්සෙ තමයි ඔයා ආසම කොටස තියෙන්නෙ..ඇත්තටම මට ඕන වුනේ ඒ කෑල්ල ලියන්න..ඒත් ටිකක් කල්පනා කරනකොට පොත කියවලා නැති අයට ඒක spoiler එකක් වෙයි කියලා හිතුනා..

      ජමීලා, වේලාසන කොක්කු ඇවිත් පොත් දෙක කියවලා තියනවා..අම්මා සහ මිහිකත ගැන කිව්වට ස්තුතියි..මේ සැරේ ප්‍රදර්ශනේදි බලන්න ඕන..

      Delete