Friday, March 23, 2012

සිනෙ රූ: ලූනු කපද්දි කඳුළු එන්නෙ ඇයි?

ටීටා හා පේඩ්රෝ

මෙක්සිකෝවෙ ඈත ගමක ජීවත් වුනු ටීටා ළූණු කපද්දි ඇස්වලින් කඳුළු කැට කඩා වැටුනේ....
  • දුටුව ගමන් ආදරයෙන් බැඳුනු (love at first sight) පේඩ්රෝ තමන්ගේ එකම සොයුරිය හා විවාහ වුනු නිසාද?
  • පවුලේ බාල දරුවා විවාහ නොවී අම්මාව බලාගෙන සිටිය යුතු යැයි කියන අසාධාරණ පවුල් සම්ප්‍රදාය නිසාද?
  • තමන් හදන කෑම වලට තමන්ගේ සිතුවිලි මුසු කොට රස වෙනස් කල හැකි බව ටීටාට මතක් වූ නිසාද?
  • තම සොයුරිය රොසලීන්  තම ආදරවන්තයා සමඟ විවාහ වූ දවසේ ඇගේ කඳුළින්  පිළියෙල වූ කෑම වේල නිසා එයා අනුභව කල හැමෝටම වමනය ගිය නිසාද?
  • රොසලීන් හා පේඩ්රෝ තමන්ගේ ඇඳ මත එක්වෙනු මනසින් දුටු නිසාද?
  • ඉඳහිට නිවසේ තනිවනු මොහොතක පේඩ්රෝගේ උණුසුම් සුසුමන් යළි යළි සිහියට නැගුනු නිසාද?
  • සෑම විටම තමා දෙස සැකයෙන් බලන මමා එලීනාගේ රකුසු දෑස් මතක් වූ නිසාද?
  • කුස්සියේ ඉපදී කුස්සියටම සින්න වූ ජීවිතය එපා වූ නිසාද?
  • කොමඩු ගෙඩිය හරි සමාන කෑලි වලට බිඳින්න වගේම ආදරය කරන තමන්ගෙ හදවත බිඳින්න පුළුවන් මමා එලිනාගේ නපුරු උකුසු ඇස් මතක් වූ නිසාද?
  • රොසලීන්ට ලැබුනු දරුවාට ආදරයෙන් තමාගේ ලෙය කිරි වූ අයුරු සිහිවූ නිසාද?
  • ආදරය බලාපොරොත්තු වූ දෑස් තමන් වෙත රඳවාගෙන තමන්ගේ සිත සුවපත් කරන්න පුළුවන් වූ දොස්තර ජොන්ට තමන්ගේ ආදරය දෙන්න නොහැකි වූ නිසාද?
  • තමන් ගැන මේ තරම් අපූරුවට ලෝරා එස්කුවෙල් ලියපු පොත කියවන්න බැරිවෙන නිසාද?
  • පේඩ්රෝ වෙනුවෙන් තමන්ගේ හිතේ කැකෑරෙන ආදරය ලෝරා චොකලට් බීමකට ගැලපෙන වතුරකට සමාන කරපු නිසාද?
  • තමන් ජීවත් වුනු කාලයෙන් අවුරුදු සීයකට දෙසීයකට පස්සෙ තමන්ගෙ මුළු ජීවිත කතාවම ලෝකෙටම බලන්න පුළුවන් වෙයි කියලා හිතේ කොනක පුංචි බලාපොරොත්තුවක් තිවුන නිසාද?
චිත්‍රපටියෙ පින්තූරු
උඩ කියපු හරුපෙ පොඩියක්වත් තේරුන්නැත්තං කියන්න තියෙන්නෙ මේ ලින්කුවෙන් ටොරන්ට් එක බාගෙන චිත්තර පටිය බලන්න කියලා තමයි. ඒකත් බැයි නං ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද පරිවර්තනය කරපු ලූනු සහ කඳුළු පොත කියෝලා බලන්නෝ.
ඒක බලන්න කලින් මේ බූන්දියෙ තිවුන මේ පොස්ටුවත් ටිකකට කියවලා ඉන්නෝ..
 
පින්තූරු අනුග්‍රහය:
http://www.motionpictureart.com/Como-Agua-para-Chocolate-Like-Water-for-Chocolate-Lobby-Card-Se-p-10174.html
http://odessa.ie/event/movie-club-like-water-for-chocolate/


52 comments:

  1. film එක බලලා පොත හොයාගෙන කියෝනවා...

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි අනිත් පැත්තට කරන්න එපා..

      Delete
  2. ස්තූතියි මේ ගැන කිව්වට..

    චිත්‍රපටිය බැලුවා වගේ තමා උඩ සමරිය කියවපුවම.. දීලා තියනවා රිදෙන්ඩ..

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ සමරිය නෑ සෙන්නා..බාගෙනම බලන්නකො...
      ස්තුතියි මේ පැත්තෙ ආවාට..

      Delete
  3. ෆිල්ම් එක නම් බැලුවා.
    මම හිතන්නේ ස්පේන් ෆිල්ම්ස් වල තියෙන අර අමුතු ගතියත් ඔය ආදර කතාව අස්සේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත රංගි..
      මම බලපු පළමු හා එකම ස්පාඥ්ඥ චිත්‍රපටියද කොහෙද..

      Delete
  4. පිස්සු වගේ.. ඕක බලන්ටම වෙයි..

    ReplyDelete
    Replies
    1. ම්..පිස්සු වගේ කිව්වෙ මගේ ලියවිල්ලටද සොරි සෑම්..

      Delete
  5. ආ මේ ෆිල්ම් එකක සමරියක් නේ දීලා තියෙන්නේ..නියමයි. හොයාගෙන බලන්න ඕන...

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටියෙ මැදක් වෙනකම් විස්තර විතරයි සයුරි..
      බලල රසවිදලම කියන්නකෝ..

      Delete
  6. ඔන්න ඉතින් කුතුහලය ඉස්මත්තටම ගෙනාව
    බාන්න ගත්ත
    තුති
    .

    ReplyDelete
    Replies
    1. ලස්සනම ලස්සන චිත්‍රපටියක්..
      පුළුවන් නම් පොතත් කියවන්න..පොතේ තියන ලස්සන දේවල් හැම දේම විනාඩි ගානකට කෙටි කරන්න බෑනෙ..

      Delete
  7. ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නැහැ.

    ReplyDelete
    Replies
    1. අයියෝ..ඒ මොකද?
      මම නම් සතියකට දෙකක්වත් බලනවා..!!!

      Delete
  8. මගේ ඔළුව විකාර උනානේ.. මේක බලන්නම ඕන..

    ReplyDelete
    Replies
    1. බලලම විස්තඑ කියන්නකෝ මලේ..

      Delete
  9. මම මේ කියන්ට හැදුවේ ලූනු කපන කොට කොහොමත් කඳුලු එනවා කියන්ටයි. හී හී....

    ෆිල්ම් එක බලන්නම්. ලස්සන ඇති. විස්තරේට ස්තූතියි රූ.

    ReplyDelete
    Replies
    1. ලූනු කතාව නම් ඇත්ත පොඩ්ඩි..ඔයා මම වගේ කුස්සිය පැත්තේ “නිතරම ගැවසෙන“ උදවිය ඕක දන්නවනේ..;)

      Delete
  10. නයි කයිද රෝස් පාන් ?

    ReplyDelete
    Replies
    1. අනේ මේ ඔය කතාවේ තේරුම කියලා දෙන්ටකෝ හොඳ ඔබා වගේ. මට ඔය කතාව තේරෙන්නේම නෑ.:D

      @රූ,

      red onions කපන කොට කඳුලු එනවා අඩුයි. අත් දුටුවයි. සත්තයි.:D:D

      Delete
    2. කුමාරිහාමි,
      නයි කයිද රෝස් පාන්? තේරුම් ගන්ඩ ලේසිම විදිහ තමා මේක.

      "තණ නොඹුදිති සිංහ පැටව්!"

      අරක කියන්නෙ එක ලෙවල් එකකින්, මම කිව්ව එක තව ලෙවල් එකකින්....

      Delete
    3. 'ඊළඟ වංගුවෙ චාරුලතා'

      Delete
    4. 'ඊළඟ වංගුවෙ චාරුලතා' මම දැක්ක ඔබා මාමා මේකත් දාලා තියෙනවා..

      තේරුම කියන්ඩෝ...

      Delete
    5. @ඔබා,
      අනේ මන්දා මටත් මේ කතා තේරුන්නෑ..ඇත්තමයි..හරිම ප්‍රාථමිකයි නේද?

      @ පොඩ්ඩි,
      රතු ළූනු ගැන කියලා මාව කඩේ යවන්නයි යන්නෙ නේද? මම අහුවෙයි ඕවට..:D

      @බුද්ධි,
      මට නම් ඔය තේරුම ගැන විස්වාසයක් නෑ..ඔයා ඔය ඇත්තමද කිව්වෙ..

      @හරි,
      මටත් තේරුනේ නැතෝ

      Delete
    6. AC/DC වගේ තේරුමක්

      Delete
    7. හැට පන්නත් වඳුරා යන්නෙ උඩින් කියන එක අහලා තියෙනවාද?

      ඒ වගේ තේරුමක් ගන්ඩ තමයි නයිකයිද රෝස්පාන් කියන්නෙ..

      "AC/DC වගේ තේරුමක්" ඒත් තේරුනේ නෑ...

      Delete
    8. එක්කො අපි මේ තේරුම් ඇහුවා ඇති වගේ..අර අන්ධයා කිරිවල පාට ඇහුව වගේ වෙයි..

      Delete
  11. ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද නෝනට මං සලකන්නෙ දේවතාවියකට වගේ. ලෝරා ඉංගල්ගෙ ලිට්ල් හවුස් පොත් ටික පරිවර්ථනය කරලා තියෙනවා බලාගෙන හිටියා වගේ...

    ReplyDelete
    Replies
    1. මටත් මේ නම දැක්කම මතක් වුනේ තැනිතලාවේ පිහිටි කුඩා නිවස වගේ නමකින් පරිවර්තිත පුංචි පවුලක ලස්සන කතා පෙලක්...මම ඒක කියන්න එද්දි බුද්ධි අයියා මට කලින් වැඩේ දීලා

      Delete
    2. @බුද්ධි,
      මම අවවාද කරනවා පොත කියවන්න කලින් චිත්‍රපටිය බලන්න කියලා..පොතේ ලස්සන කෑලි එතකොට චිත්ත රූප මවාගෙන කියවතෑකි..
      මම නම් ගංගා නිරෝශනීගෙ කැමතිම දඟමල්ල සීරීස් එකට..

      @ගැමියා,
      ගංගා නිරෝෂනීගෙ ප්‍රසිද්ධම සීරිස් එක ඒක තමයි..ඒත් තවත් ලස්සන පොත් තියනවා නේද?

      Delete
  12. මම ආසම කතුවරියක් තමා මේ හැබැයි මම කියවලා තියෙන්නේ තැනිතලාවේ කුඩා නිවස පොත්පෙල විතරයි ඒකෙත් තුනක්ද කොහෙද කියෙව්වේ...මේ නම දැක්ක ගමන් මතක් වුනා යෝගට් හදන හැටි,එයාලගේ අන්ධ සොහොයුරිය ගැන එහෙම...ඔයා ලියපු ටික කියවද්දි මට හිතුනා හරි හරි මේ කියන්නේ ෆිල්ම් එකේ සිද්ධිය දුවන හැටි තමා කියලා....බාගන්න ඕනේ ලස්සන ඇති...

    ReplyDelete
    Replies
    1. අයියෝ ඔයා හොඳටම පටලෝගෙන...
      මේ ඒ පොත නෙවේ අප්පා..වෙන එකක්...ලුනු හා කඳුලු..

      මේකෙ කියන්නේ මෙක්සිකෝවෙ සිද්දවුනු කතාවක් ගැන..උඩ තියන ලින්කු ටික බලන්නකෝ..

      Delete
  13. ෆිල්ම් එක බලලා පොතත් කියවන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. පුළුන්නම් පොත හොයාගෙන බලන්න හිතූ..ආදරය ගැන අළුත් විදිහකට දකින්න පුළුවන් වෙයි..

      Delete
  14. අපිට මේ පෝස්ට් එක කියෙව්වට පස්සේ ගෙදර වැඩ ගොඩක් කරන්න දීලා !!! මේවායින් එකක් හරි කරලා බලමු ඈ...

    ටිටෝ ප්‍රෙග්නන්ට් වෙච්ච කාලෙක ගත්ත ෆොටෝ එකක්ද කොහෙද !!! හික්ස් :)

    ReplyDelete
    Replies
    1. පුළුවන් එකක් කරන්නකෝ මලේ..
      අනේ කතාවෙ විදිහට ටීටා කවදාවත් ගැබ් ගන්නේ නෑ..ඒත් ආදරය අයිති කරගැනීම කියලා හිතන අපිට අළුත් දැක්මක් පෙන්නවා..

      Delete
  15. ආ... මම ඒත් බැලුවා මොකක්ද මේ කියලා ! ෆිල්ම් බලනවට වඩා මම කැමති පොත් කියවන්නයි... බලමු ලයිබ්‍රරිය පත්තේ ගිහින්වත්!

    ReplyDelete
    Replies
    1. පොත තමා ලස්සනම ලහිරු..මමත් ඉස්සෙල්ලාම පොත කියවලා වැඩිපුර විස්තර හොයන්න ගිහිල්ලා තමයි ෆිල්ම් එක ගැන දැනගත්තේ..

      Delete
  16. ඇත්තටම ළුෞනු කපද්දි කඳුලු එන්නෙ මොකෝ?

    ReplyDelete
    Replies
    1. අනේ මම නම් දන්නෑ හරී..
      බලන්නකෝ මේ ලින්කුවෙන්වත් උත්තරයක් ලැබේද කියලා..
      http://www.customs.go.jp/ccl/e_kids/4.htm

      Delete
  17. අනිවාර්යෙන්ම මේක බලන්න හිතෙන විදියට ඔයා මේක ලියල තියෙනවා රූ..කොහොමහරි මේ ෆිල්ම් එක හරි පොත හරි හොයාගන්නම ඕනි..ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිත්රූ මේ පැත්තෙ ආවාට..

      Delete
  18. උඩ තියන එක කියවගෙන යත්දී තේරුනේ නෑ. පස්සේ කියවන එක නවත්තල යටම බැලුවා. එහෙනම් චිත්‍රපටිය බලල පොත හොයාගෙන කියවන්නම වෙනවා

    ReplyDelete
    Replies
    1. කියවන්න නම් ලස්සනම පොතක්..ඉවුම් පිහුම් ගැන තියෙන්නෙ..දවසක් අත්හදා බලන්න ගිහින් බඩ විරේක නොවී 99න් බේරුනේ..දකුණු ඇමරිකානු කෑම අපිට හරියන්නෑ..

      ස්තුතියි මේ පැත්තෙ ආවාට..

      Delete
  19. මම මේ පොත කියෙව්වා.... සිංහල පරිවර්තනය "ලූණු සහ කඳුලු"

    ReplyDelete
    Replies
    1. ලස්සන පොතකනේ...චිත්‍රපටියත් ඒ වගේම ලස්සනයි..

      Delete
  20. ෆිල්ම් එක නම් බලන්නම වටිනවා වගේ ලිපිය කියෙව්වම....

    ReplyDelete
    Replies
    1. බාගෙන බලන්න ඒත් නංගිලා මල්ලිලා අයියලා ඉන්නවා නම් පරිස්සමෙන්..;)

      Delete
  21. ඔන්න මම ටොරන්ට් එක බාන්න දැම්මා.. බලලා ම බලමුකෝ...

    ReplyDelete
  22. mokakda film eke nama, please, link eka open wenne nehe

    ReplyDelete