Sunday, February 26, 2012

හිත ඇත්නම් පත කුඩාද?..Erin Brockovich

සිත සවි එරින්
                එරින් බොකොවිච් කියන්නෙ විධිමත් නීති අධ්‍යාපනයක් නොලැබුවත් තමන්ගෙ හිතේ ධෛර්යය නිසා පරිසරය විනාශ කරපු බහුජාතික යෝධයෙකුට අභියෝග කරපු නීති ලිපිකාරිනියක්එරින්ව මට මුණ ගැහෙන්නෙ එයාගෙ කතාව අළලලා ස්ටීවක් සොර්බර්ග් හදපු ෆිල්ම් එකෙන්

           පැසිෆික් ගෑස් ඇන්ඩ් ඉලෙක්ට්‍රිකල් කොම්පැනිය තමන්ගෙ තාප විදුලි බලාගාරයේ සිසිලන පද්ධතිය සඳහා පාවිච්චි කරපු හෙක්සාවැලන්ට් ක්‍රෝමියම් නිසා අවට ජනතාව බීමට ගන්නා ජලය අපවිත්‍ර වීමට එරෙහිව ඇය හඬ නැගුවාබහු ජාතික සමාගම් එක්ක හැප්පෙන්න බැහැයි කියලා හිතන් හිටපු ප්‍රසිද්ධ නීති‍ඥයෙක් වුනු එයාගෙම ලොක්කත් ධෛර්යයමත් කරලා අධෛර්යය වෙලා අසනීප වෙලා හිටිය මිනිස්සුන්වත් හරි මගට අරගෙන ඇය ගෙන ගිය අරගලය 1996 දි සාර්ථකව නිමවුනා එච්චර කාලයකට ඇමරිකාවෙ කොම්පැනියකට ගෙවන්න සිද්ධ වුණුලොකුම වන්දි මුදලකුත් එක්ක ඩොලර් මිලියන 333ක්!
             ඇයගේ කතාව ගොඩක් ජනප්‍රිය වුණේ 2000 අවුරුද්දෙ හදපු එරින් බොකොවිච් සිනෙ සිත්තමෙන්ආදරයනොපසු බස්නා ධෛර්යය,සමකාලීන ඇමරිකානු සංස්කෘතිය අපූරුවට සිත්තම් කරපු  චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය පණ ගැන්වූයේ ජූලියා රොබට්ස් අවුරුද්දෙහොඳම නිළිය සඳහා වන ඇකඩමි සම්මානය ඇය දිනාගත්තෙ මේ වීර චරිතයට පණ පෙවීම වෙනුවෙන්
            පටන් ගත්ත මිනිත්තුවේ ඉදන් ඉවර වෙනකන්ම මම  සිත්තම දිහා බලන් හිටියෙ හරිම ආශාවෙන්අපේ අවට සිදුවෙන වෙනස් කම් වලට අපිටත් සංවේදී වෙන්න කාලය ඇවිල්ලා කියලා මේ චිත්‍රපටිය බැලුවොත් ඔයාලටත් තේරේවි.
             මේ ෆිල්ම් එකේ ලස්සන කෑලි පරිවර්තනය කරන්න මගේ ඉංග්‍රීසි දැනුම මදි (සිංහල දැනුමද මන්දා..) නිසා ඔයාලා මෙතෙනට ගිහින් බලාගන්න

34 comments:

  1. කතාවේ හැටියට නම් ලස්සන ෆිල්ම් එකක් වෙන්නෝන. බලමු හොයාගෙනවත් බලන්න....

    ReplyDelete
    Replies
    1. හිනා යන ඒත් හිතන්න දෙයක් ඉතුරු කරන කතාවක්..

      Delete
  2. හ්ම් ගොඩක් ස්තූතියි අපිත් එකක් බෙදාගත්තට මේ චිත්‍රපටය ගැන....මම බාගන්න ඕනේ බලන්න....

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි මේ පැත්තෙ ආවාට..

      Delete
  3. බලලා නැහැ . බැලිය යුතු යයි සිතමි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තෙ ආවාට සහ කොමෙන්ටුවට..

      Delete
  4. වෙන්ඩ ඕනනං ඒක තමා...!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බුද්ධි.ඒත් අපි මේ වගේ දේවල් ගැන කතා කරන්න ක්‍රියාත්මක වෙන්න හරිම බයයි නේද?

      Delete
    2. අපි වගකීම් වලින් හිරවෙලා හින්දා වෙන්ඩැති. ඒ රටවල මිනිස්සු නිදහස් අපිට වඩා මට හිතෙන හැටියට. කරදරයක් උනොත් පාඩුව තමන්ට විතරයි. නැත්තං අවමයි! මං කියන දේ තේරුනාද දන්නැ.... මං මේ නිදා ගන්ඩ යද්දි උත්තරේ දැකලා ආය ආවේ.....:D

      Delete
    3. ස්තුතියි..නිදාගන්න කලින් ආවාට..
      වගකීම් වලට වඩා අපි ශේප් තියරිය නිතරම පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්න නිසා කියලා මට නම් හිතෙන්නෙ..

      Delete
  5. මමත් බලලා නැහැ රූ... ඔයා කියපු ඒවා බැලුවම මටත් හිතුනා ඒක බලන්න... ස්තුතියි ලින්ක් එක දුන්නට....

    ReplyDelete
    Replies
    1. කාන්තාවක් උපතින්ම පිහිටන දරු සෙනෙහස මේ චිත්‍රපටියෙ සිද්ධින් අතර දිවෙන නිසා මේ කතාව හරිම ලස්සනයි...

      Delete
  6. එළ කියා සිතමි!!!
    ඔබගේ සොබා දහම් කතා ගැන සතුටු වන කෙනෙක් වෙමි.
    අනික් බ්ලොග් කරුවන්ද මේ දේවල් ගැන කතා කරන දවසක් ඒවි. :)
    සුබ පතනවා ඉදිරි ගමනට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..එරින් මෙන් මෙවන් දේ ගැන හඬ නැගීමට ඔබට ශක්තිය ලැබේවා..

      Delete
  7. අපොයි මාත් බලලා නැතෝ. නොවැරදීම බලන්ට ඕනි. දැන් බලන්ට ෆිල්ම්ස් ගොඩයි.
    මම ආසම නිලියක් ජුලියා රොබර්ට්ස්.....:D

    ReplyDelete
    Replies
    1. මගෙත් ආසම නිලියක් පොඩ්ඩි. මම ඇගේ ආසම කතාව තමා නොටිං හිල්..විශේශ හේතුවක් නැතත් ඒ බොළඳ චිත්‍රපටියට මම ගොඩක් කැමතියි..

      Delete
  8. මේකෙ පයිට් කෑලි තියෙනවද ???

    ReplyDelete
    Replies
    1. ගෑනියි මිනිහයි රණ්ඩු කරන ඒවා තමයි..ඒත් ඔයා බැලුවොත් ආස වෙයි කියලා මට ලොකු සුවර් එකක් තියනවා..හික්ස්..
      කොහොම වුනත් කුණුහරුප කෑලි නම් එමටයි..

      Delete
    2. බාගන බලමු කෝකටත්

      Delete
  9. මම මේ ෆිල්ම් එක බලලා තියෙනවා.. කියන්න වචන නෑ අක්කේ.. නියම සිනම පටයක්..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මල්ලි..ලස්සන චිත්‍රපටියක් තමා..

      Delete
  10. පුදුම වැඩක්නේ... ඊයේ පෙරේදා මේක බැලුවනේ...!!!!

    වෘත්තියටත් අදාල නිසා හෙක්සාවේලන්ට් ක්‍රෝමියම් ගැනත් සොයා බැලුවා...

    සුපිරිම ෆිල්ම් එකක් - ඔබගේ රුචිකත්වයට මගේ සතුට හා ගෞරවය...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිස්ස, මම දන්න තරමින් දැන් හෙක්සාවැලන්ට් ක්‍රෝමියම් පාවිච්චි වෙන්නෙ නෑ. මේ චිත්‍රපටිය ගැන ආයෙත් මතක් වුනේ මේ දවස්වල අපි සිසිලන පද්ධතිවල කැල්සියම් කාරම අයින් කරලා කාර්යක්ෂමතාව නංවන්න පුළුවන් අයිතමයක් මාකට් කරන නිසා..

      Delete
  11. බූඩිගේ හාමිනේ මේ ගැන බූඩිට කිව්වේ ගිය අවුරුද්දේ, ලංකාවේත් ඔය බැර ලෝහ/ කෘමි නාශක ගැන ගොඩාක් කතා බහ වෙච්ච නිසා මේ කතාව ටිකක් පොප් උනා ඒ කාලේ. http://www.brockovich.com ඇගේ වෙබ් අඩවියයි. ෆිල්ම් එක උඩින් පල්ලෙන් බැලුවේ, ආයේ බලන්න කියලා හිටියත් බැරි වුනා. මේ ගැන ලියපු එකනම් හොද දෙයක් !

    ReplyDelete
    Replies
    1. බහුජාතික සමාගම් වලට කරන්න පුළුවන් දේ එමටයි කියලා මේ කතාව බැලුවාම පේනවා...ස්තුතියි ඔබේ පැමිණිමටයි කොමෙන්ටුවටයි..

      Delete
  12. මාත් ආසයි ජුලියා රොබට්ස් ට.... බලන්න හිතුනා...

    ReplyDelete
    Replies
    1. ජුලියාගෙ ඇක්ටිං නම් නියමයි ශානි...අනිවා බලන්න..

      Delete
  13. බලලා නෑ අක්කේ.. :(
    ස්තූතියි මේ ගැන සඳහන් කලාට..
    අද බා බලමි.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් නන්දු මේ පැත්තෙ ආවාට..නංගිලා මල්ලිලා එක්ක බලද්දි නම් පරිස්සමෙන්..

      Delete
  14. අක්කටත් එයා වගේ වෙන්න ආස හිතුනද??? මගෙන් සුභ පැතුම් ඕන්න්න්න්..
    විභාග වැඩ නිසා පරක් වුනා අක්කේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම වෙන්න පුළුවන් නම් හොඳයි..ස්තුතියි මලේ..
      විභාග වැඩ ටික හොඳට කරගන්න..

      Delete
  15. නිලිය දැක්කම චිත්‍රපටිය ගොඩක් ලස්සන එකක් කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බලලම විස්තර කියන්නකෝ...

      Delete
  16. බලන්න ඕනේ. විභාගේ ඉවර වෙලා නිවාඩු කාලේ ආපුවාම

    ReplyDelete