Wednesday, February 29, 2012

දිනපොතෙන් 4: අවසරයි වෙන්ව යන්නට

http://www.sodahead.com/


ඉතිං අවසරද 
මගෙ ලබැඳි මිතුරියේ
ඔබෙන් වෙන්ව යන්නට

මා ඔබට පෙම් කළත් 
තවම මා දන්නෑ
ඔබ
මට පෙම් කළාදැයි


ඒත්
නුඹෙ ලබැඳි සෙනෙහස 
මා සිත නිවා සැනසූ හැටි- මගේ තනිකම මැකූ හැටි
මට හැමදාම මතකයි

තවත් මට වරම් නෑ
ඔබෙ ලොවේ රැදෙන්නට
ඇය ඇවිත් මගෙ ලොවට

ඉතිං මා යා යුතුයි ඇය සමඟ ඇගෙ ලොවට??
නෑ........................
අපේ ලොවකට

තවත් මට වරම් නෑ ඔබ ළඟින් හිඳින්නට
ඔබ ලොවේ රැඳෙන්නට
ඔබට කවි ලියන්නට

ඒත්................
හැමදාම අපි හිඳිමු
ලබැඳි මිතුරන් ලෙසින්

෴තරූ෴ 
ප/ලි
තරූ අයියා මට දුන්න කවි ගොඩකින් දැන් මා ගාව ඉතුරු වෙලා තියෙන්නෙ මම ඔයාලත් එක්ක බෙදා ගත්ත මේ කවි දෙක විතරයි.
කලින් පෝස්ට් එකේ අනිත් අය දැක්ක දේවල් මම එදා දැක්ක නම් ප්‍රතිඵලය ගොඩක් වෙනස් වෙන්න තිබුනා කියලා විතරයි කියන්න තියෙන්නෙ..

28 comments:

  1. කවිය ලස්සනයි. තරු අයියට ලස්සනට කවි ලියන්න පුලුවන් නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම..එයාගෙ කවි හරිම ලස්සනයි..

      Delete
  2. යෙහෙළියකසේ සොයුරියකසේ ඔබ කියන අයුරින්.......!!!!

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න බෑ..මොකද අපි යාළුවෙලා හිටියෙ නැති නිසා..හික්ස්

      Delete
  3. හරි ලස්සන කවි පෙලක් අක්කේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..මමත් මේ පද පේලි ටිකට ගොඩක් ආසයි..

      Delete
  4. මේක තුන්වැන්නෙකු ගේ කතාවක් නේ!

    මේ කවියත්, කලින් කවියත් රූ- ට නොතේරුනේ ඇයි ද කියලා මට හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. තේරුනේ නැද්ද නැත්නම් තේරිලා නොතේරුනා වගේ හිටියද නැත්නම් වෙන මොකක්වද්ද කියලා දැන් නම් මතක නෑ කතන්දර
      මේ කවි ටික හමුවුනේ ආයෙත් දිනපොත පෙරළද්දි දවසක. දැන් මේ කවි ගැන තියෙන්නෙ වෙනස්ම හැඟීමක්..

      Delete
  5. ඒ වුනත් හැමදේම වෙන්නෙ හොඳටයි කියලා හිතන එක තමයි හොඳම දේ...... කවිය නම් ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත...මේ කවිය ලියවිලා ගොඩක් කල් ගිහින් නිසා ඒ දේවල් වුනේ හොඳටයි කියන එක හොඳටම දැනෙනවා..

      Delete
  6. තරූ අයියා හොඳ කවියෙක් වගේ...

    ReplyDelete
    Replies
    1. ම්..ඔව්..
      මම හිතන්නෙ ඒක එයාගෙ විනෝදාංශය වෙලා තිබුනෙ..

      Delete
  7. කලින්ම කීවා නම් ඉවරනේ හිතේ තියාගන ඉන්නේ නැතුව. අනෙක් අතට එහෙමනම් ඉතින් මේ වගේ කවි අපට කියවන්ට ලැබෙන්නේ නෑනේ.

    ලියලා තියෙන්නේ ඔයාටද? :D:D:D

    ReplyDelete
    Replies
    1. කවියෙ ඔරිජිනල් එක මං ගාව තියන නිසා මේක මට ලියපු එකක් වෙන්නෝනැ..ඒකත් මතක නැති හැටි..
      හපොයි...

      Delete
  8. //මා ඔබට පෙම් කළත්
    තවම මා දන්නෑ
    ඔබ
    මට පෙම් කළාදැයි//
    ලියන්නෙවත් කියන්නෙවත් නැති වුනත් කාට කාටත් ඔය අත්දැකීම පොදු ඇති.

    ReplyDelete
    Replies
    1. ම්..අපි හැමෝම හිතින් පෙම් කරපු වාර නම් අනන්තවත් ඇති..
      ස්තුතියි මේ පැත්තෙ ආවාට..

      Delete
  9. මට මේක තේරෙන්නේ නෑ.... අක්කට පුළුවන්නම් අපි හැමෝටම කියලා දෙන්න මේකෙ තේරුම. ඒක ලස්සන පෝස්ට් එකක් වෙයි..!!!

    ReplyDelete
    Replies
    1. ම්..සලකලා බලමු මලේ..
      දැන් නම් හිතෙනවා පහුගිය කුණු ඇවුස්ස එක එච්චර ඇඟට ගුණ නෑ කියලා..හික්ස්

      Delete
    2. හ්ම්... ඔව් නේද... ඉල්ලීම ඉල්ලා අස්කර ගන්නවා... අර පාර්ලිමේන්තුවෙ කරන්නේ ඒ විදියට...

      Delete
    3. අයියෝ..අපි ඉතින් යාළුවොනේ...

      Delete
  10. මටත් කාලයක් මෙහෙම හිතුනා.හිතන්න එපා කාලෙකදී හරියනවා ඔක්කොම.
    ඔයා කොල්ලෙක්ද කෙල්ලෙක්ද? කට්ටිය අය්යා කියනවා ටික දෙනෙක් අක්කා කියනවා.මම ඔයාට ඔයා කියනවා.

    ReplyDelete
    Replies
    1. කැමති විදිහට හිතාගන්න..එක අතකට අසරණයි කියන්නේ ඒකට නේ..
      කොහොම වුනත් පහුගිය පෝස්ට් කීපයක් කියෙව්වොත් තේරුම් ගන්න පුළුවන් වේවි..

      Delete
  11. කවුද බොලේ තරු කියන්නේ?

    ReplyDelete
    Replies
    1. අයියෝ..ඔයා කොහෙද මෙච්චර කල් ගිහින් හිටියේ..!!

      Delete
  12. "මා ඔබට පෙම් කළත් තවම මා දන්නෑ
    ඔබ මට පෙම් කළාදැයි"

    මේ කොටස කවිය තුල හරිම කාව්‍යාත්මක යෙදුමක්. රසවත් කවි සිතුවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රචකයා වෙනුවෙන්..

      මේ දෙපදය තමා මට ගොඩක් ලොකු ප්‍රශ්නාර්තයක් ඇති කලේ..

      Delete
  13. Replies
    1. ස්තුතියි (රචකයා වෙනුවෙන්..)

      Delete