Wednesday, November 23, 2011

පුස් තකා 1: ස්වාමි සහ ලෝක සිතියම

මාතෘකාව දැක්කම මේක අළුත් කථාවක් කියල හිතන්න එපා. පුස්තකා කියල නම දැම්මෙ මම කියවපු පොත් වල තියන ලස්සන දේවල් ගැන සීරීස් එකක් ලියන්න හිතාගෙක ඉන්න නිසා. මොකද මේ කථාවත් මගේ පරණ ඩයරියෙ ලියලා තිබුන එකක්. මේ කථාව මම ලියන්න හිතුවෙ පොත කියවලා මම කියවපු සතුට ඔයාලටත් දෙන්න. ඒත් සම්පූර්ණ පොත මීට වඩා ගොඩක් ලස්සනයි. පුළුවන් නම් අරන් කියවන්න. 

උපුටා ගැනීම : ස්වාමි සහ යහළුවෝ (ආර්.කේ. නාරායනයන් විසින් රචිත ඩබ්ලිවු.ඒ.අබේසිංහයන් විසින් පරිවර්තනය කර සරද ප්‍රකාශකයෝ 1995 මැයි මස ප්‍රකාශ කල පොතේ 8 පරිජ්ජේදය 75 පිටුව)
Courtesy : http://profile.ak.fbcdn.net/hprofile-ak-snc4/275069_681058309_1781730_n.jpg

මේසය ළඟ හිඳගත් ස්වාමිනාදන් සිතියම් පොත එළියට ගත්තේය. ඔහු දේශපාලන සිතියම දිගහැරගෙන ඒ දෙසම නෙත් රඳවා ගෙන සිටියේය. ඔහු තුල ගැටළුවක් මතුවිය. මේ වාගේ හොකර වෙච්ච යුරෝපය වැනි රටක මිනිසුන් ජීවත්වන්නේ කෙසේද? සිතියම් සීමා ඉරිවලට මැදිවී ඇති තුඩු වැනි තැන්වල ජීවත් වන මිනිස්සුනගේ හැඩරුව මොන වාගේ වියයුතුද?
තම භූමියේ සමෝච්ච රේඛා වලට හිර වී ජීවත් වන මිනිස්සු හුස්ම ගන්නේ කෙසේද? ඔවුන් බෙල්ල හිරවී මැරෙන්නේ නැද්ද? මේ අතර ඔහු තුල නිතර නිතර නලියන තවත් ජනප්‍රිය ගැටළුවක්ද යළිත් වරක් මතුවිය. සිතියම් අඳින මිනිස්සු රටක හැඩය හෙයා ගන්නේ කෙසේද? යුරෝපය ඔටුවෙකුගේ මොල්ලිය වගේ යැයි සොයාගත්තේ කොහොමද? බාග වෙලාවට ඔවුන් උස කුළුණුවලට නැග බිම බලන විට පෙනුනු ආකාරය සිතියම්වල සටහන් කරගන්නට ඇත. නගර ශාලාව මුදුනට නැගුනොත් තමාට වුනත් සිතියමේ ඇති ආකාරයටම ඉන්දියාව දැක ගන්නට බැරි මන්දැයි ඔහු තුල විමතියක් ඇතිවිය. ඔහු කිසි දිනෙක නගර ශාලාවට ගොස් නැත. එසේ යන්නට කිසිවිටෙක ඔහු තුල ආසාවක් තිබුනේද නැත!

7 comments:

  1. ඇත්තටම ඔය ප්‍රශ්නේ සිතියම් හොයා ගත්ත දවස් වල මිනිස්සුන්ට තියෙන්න ඇති නේද??

    ReplyDelete
  2. සිතියම් අඳින එකනම් මහ ලොකු කජ්ජක් නෙවෙයි....! ඒත් මේ කියන විදියට එට වටේ ගිහිං, වංගු අරගෙන සිතියම් අඳින්න අපි නොදන්න GPS ක්‍රමයක් වත් තිබුනද දන්නෙ නෑ ඒ කාලේ...

    ReplyDelete
  3. මාර ප්‍රශ්න නේන්නම් හිහි..

    ReplyDelete
  4. මටත් පොඩි කාලේ තිබ්බ ප්‍රශ්නමයි මේ ස්වාමිනාදන්ටත් තියෙන්නේ. ඔය පොත කියවලා නෑ. හොයලා බලන්න ඕනා. නාරායන්ගේ මල්ගුඩි දවස් නම් කියෝලා තියෙනවා.

    මම් පුස් තකා දෙක කියෙව්වා වගේ මතකයි. එතකොට කෝමද ආයෙම එක වෙන්නේ.

    ReplyDelete
  5. @දිනේශ්,
    මමත් තාම කල්පනා කරනවා ටොලමි කොහොමද සිතියම ඇන්දේ කියලා..

    @ රන් මාළුවා,
    හොයලා බලන්න වටිනවා මාළුවෝ..

    @වර්ණා,
    ඒකනෙ..ස්වාමිටත් තියන ප්‍රශ්න..

    @මධුරංග,
    ස්වාමිට වැඩිය නම් ඔයා දක්ශ පාටයි මලේ..නැත්නම් කොළඹ රස්සා කරන්න බෑනේ..කොළඹ ඇවිදලා පාර වැරදිලා නැද්ද තාම..
    මටත් පේන්නෙ මට එක දෙක ටැපලිලා වගේ..Autopublish සෙට් කරද්දි අවුලක් ගිහිල්ලා..සොරි වෙන්න ඕනි..

    ReplyDelete
  6. කොහොම උනත් කමක් නෑ අක්කා. අක්කා ලියන කොයි ලිපියත් ආසාවෙන් කියවනවා.

    ReplyDelete
  7. ස්වාමිගේ කතා හරිම ආසාවෙන් කියෝපු පොතක් වගේම ඒවා පාදක කරගෙන හැදුවේ මල්ගුඩියේ දවස් හරි ආසාවෙන් බලපු නාට්‍යයක්. ස්තුති මතකය අලුත් කළාට

    ReplyDelete