Sunday, December 25, 2011

සුරඟන කතා: සතුටු කුමරු සහ ගිනි නැති මකරා- 8


කලින් කොටසෙ අපි නතර වුනේ බොනී මකරා තමන් ගිනි වෙනුවට විදින්නෙ මොනවද කියලා කුමාරයට සජීවීව පෙන්න්න ලෑස්ති වෙන එකෙන්...අද එතැන් සිට...

කුමාරයට තමන් ගිනි වෙනුවට විදින්නෙ මොනවද කියලා පෙන්නන්න ඕනි නිසා මකරා ටිකක් වෙලා කල්පනා කලා. ඊට පස්සෙ ‘හරි‘ කියලා කට ඇරලා හොඳ හුස්මක් පිට කලා. කුමාරයා ඒ එක්කම බිම වැටිලා නහල වහගත්තා. මකරගෙන් පිටවුනෙ එච්චර කාලකට ලෝකෙ තිබුනු නරකම සවුත්තුම ජරාම ජරා ගඳක්. කුමාරයාට හුස්ම හිරවෙන්න වගේ කහින්න පටන් ගත්තා.
“ආ..ගණන් ගන්න එපා..මේක එච්චර වෙලා තියෙන්නෑ..මම පොඩ්ඩක් තමයි කට ඇරියෙ.එක අතකට මෙහෙම හොඳයි. ගිනි දළුවලින් බේරුනාට මේකෙන් බේරෙන්න බෑනෙ. ඔය ඔක්කොම හාල්පාරුවො දුවනවා මගෙ හුස්මට. ඒ එක්කම ඔක්කොම මකර කෙල්ලොත්. වට් අ ලයිෆ් අප්පා.....“
මකරා දුකෙන් ඔළුව වැනුවා.
කුමාරයා අමාරුවෙන් නැගිට්ටා. වනාන්තරේ තාමත් ගඳයි. ඒත් ඒවෙලාව වෙනකොට ඒක උසුලගන්න පුළුවන් තරමට අඩුවෙලයි තිබුනෙ.
“බොනී, ඔයා කැමතිද මාත් එක්ක පොයිස්ටෙස්ම්වලට ගිහින් ෆැරඩේ රජතුමාව අඳුරගන්න“. කුමාරයා ඇහුවා.
“මොකක්..පිස්සු හැදෙන සඳ ඇයි ඔච්චර ගඳ කිව්වලු..හොඳට හිටියි ඔය නයිට්ලා කියන හාල්පාරුවො දාස්ගානක් එකතුවෙලා මට විදින්න ගත්තාම..!!“
“නෑ. එහෙම වෙන්නෙ නෑ..මම පොරාන්දුවෙනවා. ඔයාට රජෙක් වගේ සලකයි. හාවො පූසො වගේ කන්න කැමති හැමදේම ලැබෙයි. “
“ඒ කොහොමද?“
“බලන් ඉන්නකො. මාව විශ්වාස කරන්න. හැබැයි මාව පිට උඩ තියාන යන්න වෙයි මොකද දැන් මට අශ්වයෙක් නැති නිසා. “
සතුටු කුමාරයා බොනීගෙ පිට උඩ නැගලා බෙල්ල උඩ වාඩිවුනා. අඩි 30ක් උසින් වටපිටාව බලන්නත් පුළුවන් වුනා.වනාන්තරය පහු කරලා මිනිස්සු ජීවත්වෙන සීමාවට එනකොට ඉස්සෙල්ලාම ඔවුන් දුටුව හැමෝම හිස් ලූ ලූ අත දිව්වෙ යටිගිරියෙන් කෑ ගසමින්. කුමාරයා ඒ හැමෝටම ඇහෙන්න මෙහෙම කිව්වා.
“රටවැසියනි, මේ හීලෑ වෙච්ච මකරෙක්. උගෙ නම බොනී. බොනී, එයාලට කතා කරන්න.“
එතකොට මකරා කතා කරා.
“හායි, මේ මමයි මගේ ෆ්‍රෙඩායි. සතුටු කුමාරයා. “
අන්තිමට සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය ටිකක් නිර්භීත මිනිස්සු මකරගෙ වටේට ගමනට එකතු වුනා. බොනීත් පරිස්සමෙන් අඩිය තිබ්බෙ කවුරුහරි හදිසියෙ හරි පෑගුනොත් වැඩේ වරදින බව දන්න නිසා.
කුමාරයත් රජෙක් වගේ බෙල්ල උඩ ඉඳගෙන පාර දෙපැත්තෙ ඉඳගෙන ඉන්න අයට අත වැනුවා.
මේ ආරංචිය රට පුරා පැතිරගියේ ලැව් ගින්නක් වගේ. අගනගරයට යන පාර දෙපැත්තෙ මේ දෙන්නා බලන්න සෙනඟ රැස් කකා බලන් හිටියා. අන්තිමට රජමාලිගාවට එනකොට ඒ පිටිපස්සෙන් කෑ ගගහා ආපු සෙනඟ නිසා ඒක බලන අයට පෙනුනෙ පෙළපාලියක් වගේ.
“හේයි, මට පේන්නෙ මිනිස්සු එච්චරම නරක නෑ උන්ව අඳුරගත්තට පස්සෙ.“ මකරා කිව්වා.
“එයාලා සම්පූර්ණයෙන්ම වාගේ ශිෂ්ඨයි.“ කුමාරයා උත්තර දුන්නා.
එයාලා රජමාලිගාවෙ මිදුලට ආවාම ෆැරඩේ රජතුමායි ලොරෙලීන් කුමරියයි ඔවුන්ට අචාර කරන්න ඉස්සරහට ආවා.
“මගේ වීර සතුටු කුමරුට සුභ පැතුම්.“ කුමරිය සතුටින් උඩපැන්නා.
APATOSAURUS
පුරෝහිත ඉස්සරහට ඇවිත් ඇස්දෙකම හොඳට පිහදලා මෙහෙම කිව්වා. “මූ හරියට ඇපාටොසරස් කෙනෙක් වගේ.“
ඒත් එයා නිතරම පල් හෑලි කියවන නිසා කවුරුත් ඒ කතාව ගනන් ගත්තෙ නෑ.
රජමාලිගාවට පුළුවන් තරම් ඈතින් තැනක හදපු ගාලක බොනී නවත්තපු රජතුමා කුමාරයාව රාජ සභාව පැවැත්වෙන කාමරේට එකකන් ගියා.
“මම ඔයා මකරව දමනය කලා කියලා පිළිගන්නවා.එත් ඔයාට මම කිව්වෙ ඌව මරන්න මිසක් එක්කන් එන්න නෙවෙයි. “ රජතුමා කිව්වා.
“ඒත් රජතුමනි, හීලෑ වුනු මකරෙක් මැරිච්ච එකෙකුට වැඩිය හොඳයිනෙ. ඒක වෙන්නෙ මෙන්න මෙහෙමයි. “ කුමාරයා පැහැදිලි කලා.

සතුටු කුමාරයා මේ මොකද්ද මේ කරන්න යන්නේ. යාළු බොනීට කරදරයක්ද? අපි ඊළඟ කොටසින් බලමු.

* මෙම සුරඟන කථාව පරිවර්තනයක් පමණි.ලෝ ප්‍රසිද්ධ මුල් රචකයා පිළිබඳව මෙම කථාව අවසන පලවනු ඇත. ඔබට අනුමාන කල හැකි නම් පහත කොමෙන්ටුවක සටහන් කරන්න‍.......... 

9 comments:

  1. හෑ.... එතකොට කුමාරිව හොයාගෙන් හාදුවක් දීලා එයාව සාපයෙන් බේරගන්නේ නැද්ද මේ කුමාරයා. මට පේන්නේ මේ කුමාරයාට කුමාරියව හොයනවට වඩා මකරාව හිතට අල්ලලා ගිහින් වගේ.

    රජ කුමාරියන්ගේ ලස්සන විතරයි. මෙලෝ වැඩක් නෑ කියලා කුමරයාට හිතුනද දන්නේ නෑ. අන්න කුමාරයෝ. :)

    ReplyDelete
  2. මට හිතෙන්නෙත් මධුරංගට හිත්න දේමයි . . . අනික කුමාරිට පුලුවනෑ කුමාරයව පිටේ තියං අහසෙ පියාඹන්න. . . හා නැද්ද ????

    ReplyDelete
  3. කුමාරිට වඩා මකරැ කොහෙන්ද බොල මේ සක්වල.. කුමා සර් හිතල තියෙන්නේ ඉංගිරිසියෙන් "known devil is better than unknown fairy"
    නොදන්න කුමාරිට වැඩිය දන්න මකරා හොදයි කියලා බෙලා...

    මකර කයිද ටකරං කිව්වලු - ජය ශ්‍රි කිව්වා..

    ReplyDelete
  4. අඩේ.. මෙච්චර දෙයක් කොරලත්...
    රජාල ඔහොමමයි...

    ReplyDelete
  5. හික්ස්... මේක එල කතාව අප්පා...

    ReplyDelete
  6. පට්ට පට පට.. සට සට ගාල ඉතුරු ටිකත් ටික ටික දාමු අක්කි... :D

    ReplyDelete
  7. @මධුරංග,ඕනයා,
    හික්ස්..ඔය දෙන්නට එහෙනන් කුමාරිට වැඩිය මකරව අල්ලලා ගියා නේද? අනේ සුරංගනා කතාවලට ගිය කල...!!

    @සෑම්,
    මරු කතාව..ඒත් මකරු ටකරං කනවද? හපොයි..හික්ස්

    @මියුරු,
    ඊළඟ කොටසත් දැම්මා...බලලම කියන්නකො...

    @නිසූ,
    තැන්කූ..තැන්කූ..

    @වර්ණා,
    ඔන්න නගේ අවසාන කොටසත් දැම්මා..බලලම එන්නකෝ..

    @හැමෝටම,
    ඊළඟ කොටසින් කතාව ඉවරයි..කතුවරයා බලාගන්නත් එක්ක අනිවා එන්න..

    ReplyDelete
  8. හිතට අල්ලන්නෙ නැද්ද . . . මගෙ ගෙදර බැල්කනියෙං පහල බලන හැම වතාවකම අල්ලපු ගෙදර ප්‍රියන්තයගෙ වයිෆ්, "කුමාරි" ඉන්නව දිය රෙද්දක් ඇඳගෙන හරි හම්පඩ නයිටියක් ඇඳගෙන හරි . . . ඉතිං "කුමාරි"යො එපාවෙන එක අහන්නත් දෙයක්ද ????
    ඒ වගේද මකරු??????

    ReplyDelete
  9. @ඕනයා,
    හික්ස්..මම ගිහින් ප්‍රියන්ත අයියට කියනවා කුමාරි අක්කට අළුත් නයිටියක් අරන් දෙන්න කියලා..ඕනයට ඇඩ්රස් නැති වුනොත් අපි නෑ ඔන්න..

    ReplyDelete