සරසවි ජීවිතේ අවුරුදු තුනක්ම රූ හිටියෙ හොස්ටල්වල. පේරාදෙණිය සරසවියෙ නේවාසිකාගාර ජීවිතේ කියන්නෙත් අපූරුම කතන්දර ගොඩක්. මේ නේවාසික ජීවිතේ අපූරු සිදුවීමක් එක්ක අළුත් දෙයක් බෙදාගන්න ලියපු පෝස්ටුවක්
විවිධ නම් වලින් හදුන්වපු නේවාසිකාගාර අතරෙ රූ අවසාන අවුරුදු දෙකම නැවතිලා හිටියෙ පොඩි කඳු ගැටයන් උඩ පිහිටලා තිබුන සංඝමිත්තා ශාලාවෙ. මිත්තා කියල ප්‍රසිද්ධ මේ නේවාසිකාගාරය පේරාදෙණිය සරසවි ගෘහ නිර්මාණ ශිල්පය හොඳින් පිළිඹිඹු කරන, ලොකු මැද මිදුලක් තියන තෙමහල් ගොඩනැගිල්ලක්.
Wednesday, January 25, 2012
Thursday, January 19, 2012
කඳු කතා 1: කන ළඟින් කෝච්චිය යෑම..
පේරාදෙනිය සරසවි ජීවිතේ එහේ ඉගෙන ගත්ත කාටවත් අමතක නොවෙන දෙයක්. ලස්සන පරිසරය වගේම සීතල දේශගුණය අපි කාගෙත් හිත්වල නැවුම් බවක් ඇති කලා. රූගෙ සරසවි ජීවිතේ ලෙංගතු නවාතැනක් වුනේ සරසවි ගවේශකයන්ගේ ඇසුර. ගඟේ වම් ඉවුරෙ ඉගෙන ගත්තත් ලැබුනු හැම ඇසිල්ලකම රූ දුවගෙන ගිහිල්ලා නතර වුනේ දකුණු ඉවුරෙ තිබුනු ගවේශකයන්ගේ තිප්පලවල්වල. හැමෝම දන්න WUS වල, විද්‍යා පීඨෙ පඩිපෙල, පිට්ටනිය ඒවයින් කීපයක්. හැම සති අන්තයකම කොහේ හරි කන්දක් බඩ ගෑවත් තාමත් රූට ගහක් කොළක් සතෙක් සිව්පාවෙක් අඳුර ගන්න නම් බෑ. (ඉදහිට කපුටෙක් වගේ සතෙක් කෑ ගැහුවොත් මිසක්). ඒත් මේ කඳු බඩගෑම් වලින් රූ බලාපොරොත්තු වුනේ මිතුරු කම් හා ලංකාවෙ ලස්සන බලාගන්න එක විතරයි. ගවේශකයන් එක්ක තිබුන මේ ඇසුර නිසා තවත් බ්ලොග් එකක් ලියන්න තරම් කතා ගොඩක් අපේ මතක වල ඉතුරු වෙලා තියනවා කියලා දැනුනෙ මේ ළඟදි දවසක ඔවුන් එක්ක ඒකාත්මික වෙන්න අවස්ථාවක් ලැබුන නිසා. දැන් ගවේශක සංගමය කරගෙන යන නංගිලා මල්ලිලා කිහිප දෙනෙක් එක්ක ආපහු කතා කරන්න,හිනාවෙන්න ලැබුන නිසා රූ ගෙ හිත ආපහු අතීතයට ගියා.
Sunday, January 15, 2012
පෙරළිය ඇරඹෙන්නේ මිමිනීමකිනි..Change begins with a whisper
රූ පුංචි කාලෙ බලා ගත්තෙ ඒ දවස්වල ගෙදර නැවතිලා හිටිය අක්කලා. ඒ රූගෙ අම්මා සතියෙ දවස් පහේම වැඩ කරලා ගෙදර එන්නෙ පරක්කු වෙලා නිසා. පුංචි කාලෙ ඉදන්ම අපි දවල් දවසම ගෙව්වෙ එයාලත් එක්ක. එයාලා මාවයි මල්ලිලයි බලාගන්න නැවතිලා හිටියෙ පඩියට කියලා පස්සෙ තේරුම් ගියත් එයාලට අක්කා කියලා කතා කරන්න තමන්ගෙම පවුලෙ කෙනෙකුට වගේ සලකන්න රූ පවුලෙ කවුරුත් පසුබට වුනේ නෑ.
රන් මැණිකා අක්කා, අසෝකා අක්කා, දෙමළ ආච්චි වගේ කටට හුරු නම් වලින් අපි එයාලට කතා කලා වගේම කන බොන දේවල් නිදාගන්න දේවල්වලින් කිසිම අඩුපාඩුවක් කලේ නෑ.මට දැනුනු විදිහට මේ වගේ ගෙදර වැඩ කරන අයට සලකන එක ලාංකීය අපේ පුරුද්දක්. රූ ගෙ යාළු අක්කාකෙනෙක් ගේ ගෙදර වැඩ කරන සර්වන්ට්ගේ කාමරේ ඉස්සර රූගෙ බෝඩිම් කාමරේටත් වැඩිය සුඛෝපභෝගී කියලයි එහෙ ගිය වෙලාවෙ රූට හිතුනෙ.
රන් මැණිකා අක්කා, අසෝකා අක්කා, දෙමළ ආච්චි වගේ කටට හුරු නම් වලින් අපි එයාලට කතා කලා වගේම කන බොන දේවල් නිදාගන්න දේවල්වලින් කිසිම අඩුපාඩුවක් කලේ නෑ.මට දැනුනු විදිහට මේ වගේ ගෙදර වැඩ කරන අයට සලකන එක ලාංකීය අපේ පුරුද්දක්. රූ ගෙ යාළු අක්කාකෙනෙක් ගේ ගෙදර වැඩ කරන සර්වන්ට්ගේ කාමරේ ඉස්සර රූගෙ බෝඩිම් කාමරේටත් වැඩිය සුඛෝපභෝගී කියලයි එහෙ ගිය වෙලාවෙ රූට හිතුනෙ.
Friday, January 13, 2012
දිනපොතෙන් 2: කතා බස්
මම පොඩි කාලෙ ඉදන්ම රේඩියෝ අහන්න ආසයි. ළගම නෑයෙක් නොවුනත් මම සිරස රේඩියෝ එක පටන් ගත්ත කාලෙ ඉදන්ම අහනවා.
හොඳ නරක ගැන විචාරය නොකරත් සින්දු කතා වලට වැඩිය වෙළඳ දැන්වීම් ගියත් අදත් මීටරේ කැරකෙන්නෙ සිරස රේඩියෝ එකට.
මේ කතා දෙක වගේ ඒවා දැන් නම් රේඩියෝ එකෙන් ඇහෙයි කියල බලාපොරොත්තු වෙන්න බැරි වුනත් එකිනෙකට කොහොමත් සම්බන්ධයක් නැතත් මගේ දිනපොතේ ලියල තියන මේ කතාවලට මම ආසයි.
හොඳ නරක ගැන විචාරය නොකරත් සින්දු කතා වලට වැඩිය වෙළඳ දැන්වීම් ගියත් අදත් මීටරේ කැරකෙන්නෙ සිරස රේඩියෝ එකට.
මේ කතා දෙක වගේ ඒවා දැන් නම් රේඩියෝ එකෙන් ඇහෙයි කියල බලාපොරොත්තු වෙන්න බැරි වුනත් එකිනෙකට කොහොමත් සම්බන්ධයක් නැතත් මගේ දිනපොතේ ලියල තියන මේ කතාවලට මම ආසයි.
Monday, January 9, 2012
දත විලිස්සන E නොම්මර
ඉස්සර කාලේ එළවළු,පළතුරු,කෑම ජාති සුලභ නිසා කෑම කල්තියා ගැනීමේ ක්‍රම ඕනෙ වුනේ නෑ. ඒත් අපේ ජීවින රටා වෙනස් වීමත් එක්ක කෑම වර්ග කල්තබ ගන්න අවශ්‍ය වෙලා තියනවා.ඉතින් මේ ආහාර රස ගැන්වීමට කල් තබා ගැනීමට වෙළඳ පලට ගැලපෙන ලෙස සකස් කිරීමට පාවිච්චි කරන රස කාරක ගැනයි අද පෝස්ටුව.
Saturday, December 31, 2011
Minus One...එකක් අඩුවෙන්..

Tuesday, December 27, 2011
සුරඟන කතා: සතුටු කුමරු සහ ගිනි නැති මකරා- කතුවරයා ගැන..
![]() |
ආචාර්ය අයිසැක් ඇසිමොව් |
“මනාව දියුණු කරන ලද විද්‍යාව ඉන්ද්‍රජාලයෙන් වෙන්කොට හඳුනා ගත නොහැකි වනු ඇත.“
ආතර් සී ක්ලාක් මහතා වරක් කියා තිබෙන බව මම දුටුවේ A5 තරමේ පොතක පිටකවරයේ සටහනකිනි. මහජන පුස්තකාලයේ රාක්ක අතර එහා මෙහා දෝලනය වෙමින් කියවීමට පොතක් සෙවූ මා අවසන උත්සාහ අතහැර දැමුයෙමි. ආපසු එන්නට හැරෙන විට රාක්කයක් පිරෙන්න තරම් පොත් කන්දක් ගොඩ ගසා තිබූ මේසයක් මා නෙත ගැටුනෙන් එන්නට ගත් පය ආපසු හරවා ගෙන පොත් කන්ද පීරන්නට වූයෙමි. කියවනන් විසින් ආපසු බාරදී රාක්ක ගත නොකල පොත් කන්දක් බව මට වැටහුනේ ටික වේලාවක් ගිය පසුවයි. අයිසැක් ඇසිමොව්ගේ Final Fantasy collection මැජික් (Magic) යනුවෙන් පොතේ මුල කවරයේ සටහන්ව තිබිනි. සාමාන්‍යයෙන් කියවීමට පෙර පොතේ උප්පැන්න සහතික පවා සොයා බලන මා මේ පොතේ පිටු පෙරලීමටවත් පමා නොවුනේ මීට පෙරද කියවන ලද ඇසිමොව්ගේ පොත් පෙළක රස සිහියට නැගුනු නිසාය.පෙර කී පසුවදන මා දුටුයේද එම පොතෙනි.
පුස්තකාලයේ සිට පැමිණි වහාම ඇඳුම් මාරුකිරීමටවත් පමානොවී පොත කියැවීමට පටන් ගත්තද මගේ උනන්දුව ලත්තැනම ලොප් වූයේ මුල සිට තිබූ විචාරයන් නිසාය. ඇසිමෝව්ගේ සිතිවිලි, විචාරවලින් පණ ගැනවූ පොතේ පළමු කොටස මග හැර ඊළඟ කොටසේ තිබුනේ සුරංගනා කතා පෙළකි. කුතුහලයෙන් පොත පෙරළු මාද සතුටු කුමරු මෙන් නහය හකුළුවා ගත්තේ විද්‍යා ප්‍රබන්ධ රචක අයිසැක් ඇසිමෝව් සුරංගනා කතා ලීවොත් මෙලෝ රහක් නැතිවෙතැයි සිතාය.
පොත පසෙකින් තබා ඊළඟ සතියේ ආපසු පුස්තකාලයට යනතුරු බකන් නිලා සිටීමට වීම ගැන මම මටම සාප කරගතිමි. මම ආපසු පොත අතට ගත්තේ දින කීපයක් ගත වූ තැන පසු බකන් නිලා සිටීම ඇතිවූ පසුය. පසුගිය දින කිහිපයේ ඔබ කියැවූයේ එම පොතේ තිබූ පළමු සුරංගනා කතාවයි.
විද්‍යා ප්‍රබන්ධ චක්‍රවර්ති ලෙස නම් ලද අයිසැක් ඇසිමොව් යුගයේ දැවැන්ත විදු පබැදුම්කරුවන් තිදෙනාගෙන් එක් අයකු ලෙස හැඳින්වේ. අනෙක් දෙදෙනා වන්නේ රොබට් හෙයිව්ලීන් මහතා හා අප හොඳින් දන්නා ආචාර්ය ආතර් සී ක්ලාක් මහතාය. 1920 ජනවාරි 2 වන දින රුසියාවේ උපත ලද ඇසිමොව් අවුරුදු 3 දී දෙමාපියන් සමඟ ඇමරිකාවට සංක්‍රමණය වූයේය. පියාගේ විරෝධය මත වුවද විද්‍යා ප්‍රබන්ධ කියවා ඒවාට පෙම් බැදි කුඩා ඇසිමෝව් තම පළමු ප්‍රබන්ධය ලියන්නේ 1939 දී පමණය.
ලෝ පුරා රසිකයන් පෙම් බැදි රොබොට් විදු කතා මාලාව ඇසිමොව්ගේ ගත්කරු ජීවිතයේ අග්‍රඵලයි.
විද්‍යා ප්‍රබන්ධ හා සමානවම ඇසිමොව් ප්‍රබන්ධ (Fantasy) කතාද රාශියක් ලියා පළකොට ඇත. ලංකාවේදී ජනප්‍රිය නොවුනද මෙම අපූරු කතා ලොව පුරා සුවහසක් පාඨක පෙළ සනසයි. විෂය ක්ෂේත්‍ර රාශියක දස්කම් දැක්වූ මේ මහා ගත්කරු බොස්ටන් විශ්ව විද්‍යාලයේ අචාර්ය උපාධියද දිනා ඇත.
ඒත් දින කිහිපයක් පුරා ඔබ හා රැදි මේ සුරඟන කතාව ඇසිමෝව් විසින් ලියන ලද අවසන් මනඃකල්පිත ප්‍රබන්ධ මාලාවේ අවසන් එකතුවෙන් උපුටා ගත්තකි. සුපුරුදු සුරංගනා කතාවලින් වෙනස්ව නවමු මානයකින් කතාව ගොතා ඇති අපූරුව ඔබද පසුගිය දින කිහිපයේදී විඳ ගන්නට ඇතැයි සිතමි.
ආශ්රිත මූලාශ්‍ර: http://en.wikipedia.org/wiki/Isaac_Asimov
Subscribe to:
Posts (Atom)