Wednesday, March 20, 2013

පුස් තකා 6: It takes a village


ළමයි සැර පරුෂ පුද්ගලයෝ නොවෙති. ඔවුන් තමන් දන්නා වැඩිහිටියන් මත යැපෙති. එම වැඩිහිටියෝ එම ළමුන්ගේ යහ පැවැත්මට බලපාන  දහමකුත් එකක් තීරණ ඔවුන් වෙනුවෙන් ගනිති. ජාතියේ බාල පරපුර හැදී වැඩෙන්නේ පවුල් සංකල්පය අගය කරන සමාජයකද නැතද යන්න තීරණය කිරීමේ වගකීම  එවැනි වැඩිහිටියන් ලෙස අප භාරගත යුතුය. 

        වසර විසිපහකට වැඩි කාලයක් තිස්සේ ළමුන්ගේ යහ පැවැත්ම තහවුරු කිරීමට ක්‍රියාකාරීව උත්සාහ කල සමාජ සේවිකාවක් විසින් ලියන ලද පොත මා ඇස ගැටුනේ කලින් ලියූ පෝස්ටුවට පසුය. ඇමරිකාවේ ජනප්‍රියතම රාජ්‍ය තාන්ත්‍රිකාව ලෙස ප්‍රකට වූ ඈ අන් කවරකුවත් නොව හිලරි ක්ලින්ටන්ය. හරියටම කියනවා නම් හිලරි රෝඩම් ක්ලින්ටන්ය.
       It takes a Village නමින් ඈ විසින් ලියන ලද පොත ළමා සුභ සාධනය පිළිබඳ වෙනත් මානයක් පාඨකයා වෙත පිළිගන්වයි. පොත පුරා දිවෙන තිත්ත යථාර්ථය වනුයේ ළමුන්ගේ යහ පැවැත්ම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ සමාජය මත බවය.
       It takes a village to raise a child යන අප්‍රිකානු පිරුළ එක් තැන් කල හිලරි ඇගේ අත්දැකීම් හා සමාජයේ සත්‍ය උදාහරණ සම සමව ගනිමින් ළමුන් වෙනුවෙන් ඇගේ හඬ අවදි වූ අයුරු එකින් එක විස්තර කරයි.

 චෙල්සා වික්ටෝරියා ක්ලින්ටන් පළමු වරට මා තුරුළට ගනිද්දි ඈ ගැන දැනුනු ආදරයෙන් හා වගකීමෙන් මා ඉපිල ගියෙමි. මා තුරුලේ ඈ නිදද්දී මට දැනුනු ඒ විස්මිත හැඟීම මා කියවූ එකදු පොතකින් මා අධ්‍යනය කල ළමුන්ගෙන් හෝ උසාවිය ඉදිරිපිට මා විසින් නියෝජනය කල එකදු ළමයකුගෙන් හෝ මට ලැබී තිබුනු අත්දැකීම් හා සමකල නොහැකි විය.
ක්ලින්ටන් පවුල
ඈ ඇති දැඩි කල පවුල, ඈ එකතු වූ පවුල හා ඈ විසින් ගොඩ නැගූ පවුල වටා ගෙතී ඇගේ ජීවන අත්දැකීම් වලින් සිත්තම් වූ ඒ පොත මා සසල කල එකම කාලීන සබඳතා (Current Affairs) පොත බව කිව යුතුය. ඈ සහ බිල් ක්ලින්ටන් දරුවන් වෙනුවෙන් ඇවිද ගිය දුර කියවන්නාගේ සිත සසල කරද්දී සමාජයේ දරුවන් වෙනුවෙන් අප සතු යුතුකම් ඉටු කලා දැයි වරදකාරී හැඟීමෙන් සිත දවයි.

අප ළමුන් ගැන උගන්වන පන්තියකට යා යුතුයැයි මා බිල්ට යෝජනා කලේ මා ගැබ්ගත් දිනවල සිටමය. ඔහු හා පළමු වතාවට පියවරු වන්නට සැරසෙන්නන් නිහඬව පුටුවල වාඩි වී සිටියෝය. සියල්ලන්ගේම අත් ඉදිරිපසින් බැඳගෙන සිටියේ තමන් සිටින්නේ වෙනත් ලොවක යන හැඟීමෙනි. අපේ උපදේශකවරයා මෙසේ ඇසීය. දැන් මෙතන බබාලා නාවලා කරලා නැපි මාරු කරපු කී දෙනෙක් ඉන්නවද? අඩුම ගනනේ පොඩ්ඩෙක්ව වඩාගෙන වත් තියන උන්නැහේලා කවුද? මුනු මුනු ගාමින් අත් එකක් දෙකක් එසැවිනි. ඉන්පසු හෙතෙම මෙසේ ඇසුවේය. පොඩ්ඩෙක්ගේ වගකීම ගැන හිතලා තමුන්ලා කී දෙනෙක්ගේ  හොඳ පණ ගිහින් තියනවද? බකස් ගා එළියට පැන්න සිනහව සමගින් අත් සියල්ලම ඉහලට එසවිනි.
සමාජයේ ජීවත් වන්නන් ලෙස අපේ වගකීම නැවත නැවතත්  කන් අද්දර නින්නාද දෙන්නට සමත් වූ ඇගේ පොත කියවිය යුතු ලිස්ටුවට එකතු කරගන්නට වටිේය. හතර වරිගයාටම පිරිනැමෙන පොතේ පිදුම උපුටා දක්වමින් පෝස්ටුව අවසන් කරමි.


For the family I raised me
the family I joined
and the family we made.
 

පින්තූරු අනුග්‍රහය:
http://www.washingtonpost.com/wp-dyn/content/gallery/2010/07/02/GA2010070203262.html
http://books.google.lk/books/about/It_takes_a_village.html?id=_w5JPgAACAAJ&redir_esc=y

38 comments:

  1. මම හිතන්නේ නැහැ මේ පොත මගේ ලිස්ට් එකට දාගන්න. මොකද මම කියවන විදියේ එකක් නෙවෙයි වගේ.එත් බ්ලොග් එකක කොටස් වශයෙන් දැම්මොත් කියවනවා.

    ReplyDelete
    Replies
    1. මමත් සාමාන්‍යයෙන් කියවන ජාතියේ පොතක් නෙවි අසරණයා..ඒත් ඒ පොත ලියැවිලා තියන ශෛලිය වගේම අන්තර්ගතයත් හරිම අපූරුයි..

      බ්ලොග් එකක කොටස් වශයෙන් දැම්මොත් මමත් ආපහු කියවනවා..;)

      Delete
  2. ඇයි දන්නේ නෑ මටත් මේක නම් කියවන්න හිතෙන්නේ නෑ.. සමහර විට හිලරි ක්ලින්ටන් ලංකාවට දාන කචල් නිසා වෙන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ම්..පොතක් කියවද්දි මේ වගේ දේවලුත් සැලකිල්ලට ගැනෙනවා තමා..ඒත් ළමා සුභ සාධනය වෙනුවෙන් ඇගේ කැප කිරීම අගය කල යුතුයි කියලා හිතෙනවා මලේ..

      Delete
  3. ගෑනු කෙනෙක් උනාම අම්මෙක්ගේ හැඟීම් අතිවෙන්නේ පොඩි කාලේ ඉඳලමලු. ඒක ඇත්ත වෙන්ට ඕනි. මට නම් හිතුනේ මේ පොත කොහොම හරි හොයාගෙන කියවන්ට. :D:D

    ReplyDelete
    Replies
    1. ම්..ලස්සනට ලියලා තියන නිසා ලොකු වෙහෙසක් ගන්න ඕන නැහැ කියවන්න..
      අම්මා කෙනෙකුගේ ආදරය කොච්චර දුරට අරගෙන යන්න පුළුවන්ද කියලා අපූරුවට ලියලා තියනවා..

      Delete
  4. ඇත්තටම හිලරි ට පවුල/ළමයි ගැන හිතන්න වෙලාවක් තියෙන්න ඇතිද?

    ReplyDelete
    Replies
    1. වැදගත් ප්‍රශ්නයක්..ඒකටත් උත්තරේ පොතේ තියනවා යාළු...
      ඇයට අනුව ඔවුන්ට හැකි හැම වෙලාවෙම එයාලා එකට ඉන්න කෑම කන්න උත්සාහ කරලා තියනවා..

      ස්තුතියි මේ පැත්තෙ ආවාට..

      Delete
  5. හිලරි අමෙරිකාවේ ජනප්‍රියම රාජ්‍ය තාන්ත්‍රිකාවද කියන එක ගැන මට නම් සැකයක් තියෙනවා. නමුත් ඇය මහජනතාවගේ අනුකම්පාව නම් දිනාගත්තා මොනිකා ලෙවන්ස්කි එක්ක ක්ලින්ටන්ගෙ තිබ්බ අනියම් ලිංගික සබඳතා නිසා. එතනදි ඇය ක්ලින්ටගෙ සමාව අයැදීම ඇය පිළිගත්ත එක ඇයගේ ප්‍රතිරූපය වර්ධනය වෙන්න බලපෑවා මම හිතන්නෙ.

    ඔව් ඒ එකක්වත් පොතේ අන්තර්ගතයට බල පාන්න අවශය නෑ. මට නිකම්ම ඔලුවට ආවේ ඔය ටික.

    ReplyDelete
    Replies
    1. @ඩූඩ්,
      මේ ලින්කුව බලන්නකෝ..
      http://www.realclearpolitics.com/epolls/2008/president/democratic_vote_count.html
      ලංකාවට කරපු කෙනහිලි පැත්තකින් තිබුනත් ඇගේ දරාගැනීමේ හැකියාව වගේම ජාත්‍යන්තර සම්බන්ධතා ගැන දක්වන දක්ෂතාවයත් අගය කල යුතුයි..

      @ලිහිණි,
      :)

      Delete
  6. හිලරි කියන්නේ අපේ රටේ අයට නම් සුදු චරිතයක් නෙමේ. විශේෂයෙන්ම මේ දිනවල...:D

    ඈ ගැන වැඩියෙන්ම ලෝකයා කතා උනේ මොනිකා ලෙවන්ස්කි සිද්ධියේදී ඇගේ නිහඬ හැසිරීම නිසා. සමහර විට ඈ නිහඬ උනේ පවුල් ජීවිතය ඈට වටින නිසා වෙන්නැති..මේ මවක් හැටියට ඇගේ අත්දැකීම්..පොත් හොයා ගන්න ලැබුනොත් අනිවාර්යෙන්ම කියවනවා..ස්තුතියි රූ තොරතුරු වලට..



    ReplyDelete
    Replies
    1. ඇය පවුල් සංකල්පය කොච්චර අගයනවද කියලා මේ පොතේ බොහෝ තැන්වල ලියලා තියනවා ලිහිණි..පවුල වගේම සමාජයටත් එකිනෙකා ගැන තියන වගකීම ගැන ඇය ආපහු මතක් කරනවා..

      ස්තුතියි අදහසට..

      Delete
  7. අනේ මනද මොනව කියන්නද කියලා...

    ReplyDelete
    Replies
    1. මොනවත් කියන්න දෙයක් නෑ සහෝ..පොත ලැබුනු වෙලාවක කියවලා බලන්න..:)

      Delete
  8. එයත් පොත් ලියලා තියෙනවද :0

    ReplyDelete
    Replies
    1. එකක් නෙවි පහ හයක්ම ලියලා තියනවා..එයත් ලියපු එකේ ඔයත් ලියන්න පටන් ගත්තොත් නරකද?..:P

      Delete
  9. ලියපු කෙනා ගැන අමතක කරලා ලියපු අරමුණ හා එහි අඩංගු කරුනු ගැන අවධානය යොමු කිරීමයි වටින්නේ මට හිතෙන විදිහට. ඕං එතනත් වැඩක් නැත්නම් අතහරියට ක්මක් නෑ.

    ReplyDelete
    Replies
    1. සාධාරණ කතාව සරා..100%ක් එකඟයි..කියවලම විස්තරේ කියන්නකෝ එහෙනම්..;)

      Delete
  10. මට නම් මේ පොත කියවන්න ආසා හිතුනා.

    දැනට තියෙන ඉංග්‍රීසි පොත් ලොට් එක කියෝලා ඉවර වෙලා තමා ආයි ගන්නවනම් . .

    සිංහල පොත් කියවලා පුරුදු මට සෑහෙන කාලයක් යනවා ඉංග්‍රීසි පොත් කියවන්න

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි පොත් කියවන්න වෙලා යන එක මටත් තිබුනා ගොඩ කාලයක් තිස්සේ..ජෝඩි පිකෝල්ට්,සිසිලියා ආහේන්,නොරා රොබර්ට් ගේ සීනි බෝල කතන්දර කියෙවන්න පටන් ගත්තාම එක හුස්මට කියවන්න පුරුදු වෙන්න පුළුවන්..

      හරියටම සමාන කරන්න බැරිවුනත් එයාලා ටිකක් විතර “යුගයේ නවකතාකරු“ වගේ අය.:))

      මේ පොත කොහොමත් හිමින් සැරේ කියවන්න ඕන පොතක් නිසා දුකාට මේක අල්ලලා යන්න බොහෝ දුරට ඉඩ තියනවා..

      මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..

      Delete
  11. සිංහල පරිවර්තනයක් එහෙම නැද්ද


    ReplyDelete
    Replies
    1. තාම නෑ මම හිතන්නෙ..මේ වගේ විශයන්වල ඒවා පරිවර්ථනය වෙනවා අඩුයිනේ මාළුවෝ..

      Delete
  12. පොත් කියවන්ඩ කම්මැලිනෙ.. පොඩි සාරංශයක් දැම්ම එක හොඳයි කම්මැලි අපි වෙනුවෙන්..

    ReplyDelete
    Replies
    1. හරී පොත් කියවන්න කම්මැලි ද? පුදුමයි..!!

      Delete
  13. අපූරු පොතක් ඒවගේම හිලරිගේ බස සරලයි වගේ පෙන්වා. අනෙක් අතට ඇය කෘතහස්ත ලේඛිකාවක් වගේ. මේ ලියල තියන විදයට නම්. පොත් මගේ නෙත් වගේ කියන්නේ ඒකට තමයි

    ReplyDelete
    Replies
    1. ඇගේ ලිවීමේ ශෛලිය අපූරුයි දයානන්ද..එක දිගට කියවන්න හිතෙන ශෛලියක්..වචන භාවිතය අදහස් ගැලපීමත් ඒ වගේමයි..

      Delete
  14. බුෂ්ද හොද ? ක්ලින්ටන්ද ?

    මට තියෙන ප්‍රශ්නෙ මේක :)

    ReplyDelete
    Replies
    1. වැදගත් ප්‍රශ්නයක්...!!
      කවුරු හොඳ වුනත් ලොකු වෙනසක් නෑ සෑමෝ..!!

      Delete
  15. හිලරි නෝනාගෙන් මම ගත්තු ප්‍රයෝජනේ - දිව පැටලෙන්නැතුව වචන කියන්න පුරුදු වෙන්න මේ වාක්‍ය එක දිගට වරද්දන්නෙ නැතුව වේගයෙන් කියවන්න උත්සහ කිරීමයි.

    බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්

    ReplyDelete
    Replies
    1. බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්
      බින්කින්ටන්-හිරලිකින්ටන් බින්කින්ටන්-හිරලිකින්ටන්
      බින්කින්ටන්-හිරලිකින්ටන් බින්කින්ටන්-හිරලිකින්ටන්
      බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්

      හුරේ හරියට කියෝ ගත්තා...

      Delete
    2. බුද්ධිගෙයි ඇනෝගෙයි දිව උළුක් වුනේ නැද්ද!!
      අනේ ඇත්තට මේ වගේ පාඨකයන්ට කියවන්න මමත් ලීවනේ පෝස්ටුවක්!!!

      Delete
  16. හිලරිම ලියපු පොතක්ද, නැත්නම් අපේ සමහරක් දේසපාලඥයො වගේ කාටහරි කියල ලියෝ ගෙන නම දා ගත්තද දන්නෑ. කොහොම වුනත් කියෙව්වට පාඩුවක් වෙන්නෙ නැති පොතක් වගේ.

    ReplyDelete
    Replies
    1. එහෙම හාවක් හූවක් තියනවා ගිම්..

      ඇත්තටම හිලරි වගේ කාර්යබහුල කෙනෙක් ලිව්වා කියලා හිතන්න බැරි තරමට මේ පොත හැම අතින්ම සම්පූර්ණයි..ඒත් මේ ලියලා තියෙන්නේ ඇගේ අත්දැකීම් නිසා කවුරු අතින් වචන වුනත් ඒ අදහස් හරිම වැදගත්..

      Delete
  17. පොතේ පිදුම තමා ලස්සනම. මේ වගේ චරිත වල අපි ගොඩක් වෙලාවට දකින්නෙ ඔවුන්ගෙ වෘතීයමය පැත්ත විතරයි. හිලරි ගැන ලංකාවෙ තියෙන අකමැත්තත් ඒකයි. නමුත් මේ වගේ පොත් වලින් ඔවුන් පවුද්ගලික ජීවිතයේදී අපි වගේම සාමාන්‍ය මිනිස්සු කියන එක දැනෙනව.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මුහුදු..සාමාන්‍යයෙන් මේ වගේ පොත් නොකියවන මමත් මේ පොත කියවන්න පටන් ගත්තෙ පිදුම කියවලා..

      හිලරි තුලත් අපි දකින සාමාන්‍ය මනුස්සයා ජීවත් වෙනවා කියලා පැහැදිලවම පොතේ අදහස් වලින් දකින්න පුළුවන්..ඔවුන් හා අපි අතර වෙනස තමන් විශ්වාස කරන දෙයක් වෙනුවේ අනිත් අයව පොළඹවාගන්නට ඇති හැකියාව කියලයි මම දකින්නෙ.

      මේ පැත්තට සාදරයේ පිළිගන්නවා..

      Delete
  18. මොනිකා ලෙවින්ස්කි ගේ ප්‍රශ්නේදි හිලරි හැසිරුණේ සාම්ප්‍රදායික ආසියානු ගැහැණියක් වගේ නේද? සියල්ල විඳ දරාගෙන නිහඬ ව හිටියා දික්කසාදයකට යන්න තරම් පැහැදිලි කරුණු කාරණා තියෙද්දිත්. හැබැයි මේ පොතේ තියෙන්නෙ නම් ආසියානු-බටහිර අදහස් සම්මිශ්‍රණයක් කියලයි මට නම් දැනෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ලහිරුගේ ආසියාතික කතාවට මම එකඟ නැතත් සාම්ප්‍රදායික ගැහැණිය කියන දේට මම එකඟයි.ඒත් සාම්ප්‍රදායික ගැහැණුන්ගේ සාම්ප්‍රදායික ආකල්පය නිසා ළමුන් කී දෙනෙක් සතුටින් ඉන්නවද කියන කියන එක අපි අමතක කල යුතු නැහැ..

      ඇයගේ ප්‍රතිචාරය හේතු වුනු පවුල සම්බන්ධයෙන් ඇගේ ආකල්පය මේ පොතේ අපූරුවට දකින්න පුළුවන්..

      Delete