Thursday, May 31, 2012

සිනෙ රූ: දඟකාර හාදුව 4

පහන්දිගේ දිනපොතේ පරණ පිටු
සෙනුක් ගේ දිනපොතේ පරණ පිටු

අද විසි හත් වෙනිදා
       ඊයෙ වෙච්ච සිද්ධිය තාමත් කාටවත් අමතක වෙලා නෑ වගේ. මුළු ඉස්කෝලෙම කතා වෙන්නේ ඒ ගැන. ඒ කෙල්ල යන හැම තැනම කට්ටිය හිනාවෙනවා මම බලාගෙන. එක අතකට පව් කියලත් හිතෙනවා. ඒත් ඒ ළමයා මේකෙන් පාඩමක් ඉගෙන ගන්න පාටක් නම් පේන්න නෑ. මේ වගේ දේවල්වලින් වෙන්නෙ මගේ සාමාන්‍ය ජීවිතේ වෙනස් වෙන එක. ඒක නම් හරිම එපා කරපු දෙයක්. 
       අද හවස අපේ අම්මා කාමරේට ඇවිත් නිවේදනයක් නිකුත් කලා. හෙට ඉඳන් මල්ලි මගේ කාමරේට එනවලු. හෙට ඉඳන් අපේ ගෙදරට අමුත්තො දෙන්නෙක් පදිංචි වෙන්න එනවලු. මල්ලිගේ කාමරේ කාමරේට ඒ යාළුවගෙ දුවට දෙන්න වෙනවලු. මේක නම් හරිම අසාධාරණයි. අපිටත් ඉන්න ඉඩ නැතුව ඉන්න එකේ අම්මලා මේ තීරණේ ගන්න කලින් අහන්න තිවුනා. අපේ අම්මගේ මේ හිතුවක්කාර තීරණ නම් මට දැන් ඇතිවෙලා තියෙන්නෙ. කොච්චර කිව්වත් එයා තමයි හරි.  

       මගේ කාමරේ කොහොමත් ඉඩ අඩුයි. ඒකට තවත් ඇඳකුයි කබඩ් එකකුයි ආවම හුස්ම ගන්නත් බැරිවේවි. මේව නම් කාට කියන්නද මන්දා.


පසුලිවීම: අපි ඉන්න පැත්තට කිලෝමීටර් කීපයක් එහායින් භුමි කම්පාවක් සිද්ධ වෙලා කියලා ප්‍රවෘත්ති වල කියනවා ඇහුනා. ලෝකෙ මේ පැත්තට කොහොමත් භූමි කම්පා වැඩියි. ඒත් මේ භූමි කම්පාවෙන් එච්චර හානියක් වෙලා නෑ කියලයි ආරංචි


අද විසි අට වෙනිදා
        අද උදේම ඉස්කෝලෙ ප්‍රධාන ශාලාව ඉස්සරහ කලබලයක්. හැමදාම වගේ කවුරුහරි මෝඩයෙක් මෝඩ චූන් එකක් දානවා වෙන්නැති කියලා හිතාගෙන මම ගණන් ගන්නැතුව ගියා. 
“සෙනුක් තමුසෙත් ඇවිල්ලා ආධාරයක් දෙනවා. අනුකම්පාවක් කියලා එකක් තමුසෙගෙ ගෑවිලා වත් නැද්ද?“ ඒ සචිතගෙ හඬ. 
“කරුණාකරලා ඔබගේ ආදරය බලාපොරොත්තු ඇයත් සමඟ බෙදාගන්න.ඔයාලා හැමෝම ඊයේ ප්‍රවෘත්ති බැලුවා කියලා මම හිතනවා. බලාපොරොත්තු නොවූ භූමි කම්පාවෙන් අපේ ආදරණිය යෙහෙළිය පහන්දිගේ නිවස විනාශ වුනා. ඇයට ආපහු ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඔයාලතේ නොමසුරු ආදරය බලාපොරොත්තුව ලබා දෙන්න. කරුණාකර ඔබගේ ආදර ආධාරය අපට ලබාදෙන්න. “
සචිත මයික් එකෙන් බෙරිහන් දෙනවා.
      ඒ වෙලාවෙම පහන්දි එතනින් යන්න ගියා. මේ මෝඩයගෙ වැඩ වලින් ඒ ළමයා සෑහෙන්න අපහසුතාවෙකට පත්වෙලා.
සචිත ආයෙත් කෑගහන්න පටන් ගත්තා
“කවුරුත් එකතුවෙලා පහන්දිට හොඳ අත්පොලසන් නාදයක් ලබාදෙන්න. මෙච්චර දුක්බර සිද්ධියක් තියෙද්දිත් අද දවසේ ඇය පාසල් පැමිණිලා තියෙනවා. ඇය අපි හැමෝටම ආදර්ශයක්. ආඩම්බරයක්.“ සචිතගෙ බ්‍රේක් නැති කට කෑගහද්දි ඒ ළමයගෙ මූණ රතු වෙලා. 
“ සෙනුක් තමුසෙ පොඩි ආධාරයක්වත් කරන්නැද්ද?“
“ඒ භූමි කම්පාව එච්චර ලොකු එකක් නෙවේ නේද මෙච්චර කෑගහන්න?“ මම ඇහුවා.
“මේ..මේ..පොඩි භූමිකම්පාවටත් අළුතෙන් හදපු පහන්දිගෙ ගෙදර කැඩුන එක ගැන මොකද කියන්නෙ?“
“මම මොනවා කියන්නද? මමයැ භූමි කම්පාව ඇති කලේ.“
“පොඩ් භූමිකම්පා වුනත් සංවේදී හිත්වලට දැනෙනවා. තමුසෙ තමයි එයාගෙ හදවතේ ලොකුම භූමිකම්පාව ඇතිකරලා ලොකු විනාශයක් කලේ.“සචිත පිස්සුවෙන් කියවන්න ගත්තා.
“හරි. එහෙනම් මම සල්ලි දුන්නොත් හරිනෙ“ පර්ස් එකෙන් රුපියල් පන්දාහක් අරගෙන මම පෙට්ටියට දාන්න හැදුවා
“නෑ. කවුද ඔයාගෙන් සල්ලි ඉල්ලුවෙ? මට ඔයාගෙ සල්ලි එපා. මම මැරුනත් පාරෙ හිඟාකෑවත් ඔයාගෙ උදව් එපා. “ එහෙම කිව්වෙ පහන්දි. 
මේක නම් චිත්‍රපටියක් වෙන්න යන්නෙ. මදැයි උදව්වක් කරන්න ආවාම දේවාලේ ඉහේ කඩා වැටෙන්වා.
“හරි. ඔයාගෙ කැමැත්තක්.“ මම ආපහු යන්න හැරුනා. 
“ මේ...සෙනුක්. ඔයා කවුරු කියලද හිතාන ඉන්නෙ. හැම තිස්සෙම අනිත් අයව පහලට දාලා කතා කරන එක ඔයාගෙ හැටිද? ඔයාට අනිත් මිනිස්සු ඔක්කොම පේන්නෙ මෝඩයෝ හැටියටනේ.? ඔයා තමුන්ව සර්ව සම්පූර්ණයි කියලද හිතාන ඉන්නෙ මෙච්චර අනිත් අයගෙ හිත රිදවන්න? ඔච්චර හිතට අරන් ඉන්නෙ IQ එක නිසාද නැත්තම් හොඳට ඉගෙන ගන්න පුළුවන් නිසාද? ඔයාට කඩවසම් මූණක් තිබ්බා කියලා. උස ලස්සන වුනා කියලා..මේ..මේ.. මොකද්ද ඒකෙන් ඇති වැඩේ.?
      ගෑනු ළමයා නම් හොඳටම නාගන්නයි යන්නෙ. මට හිතෙන් හිනා ගියා. පළවෙනි වතාවට කවුරුහරි ප්‍රසිද්ධියේ මට කඩවසම් කියලා කිව්වෙ. හික්ස්..
“ඔයා මහලොකුවට හිතාගෙන හිටියට..හොඳට පාඩම් කරොත් කාට බැරිද ඔය තත්වෙට එන්න. මම දක්ෂ නැත්තෙ මම පාඩම් කරන්නැති නිසා. නැතුව මට බැරි නිසා නෙවෙයි. “
ඊයෙ මගේ කතාව එක්කෙනෙකුට හොඳටම රිදිලා වගේ. කට තියන පලියට කියවන්නැතුව හිතලා කතා කරන්න පුළුවන්නම් මේ ගෑනුළමයට.ආපහු හැරුන මම පහන්දිගෙ ළඟට ගියා.
“ඇත්තද? “
“ඔව්.. ඇත්ත“
“එහෙනම් කරලා  පෙන්නන්න බලන්න. “
“මොකක්? පෙන්නන්න ?“
හ්ම්..මම ඔළුව වැනුවා.
“හරි..මම කරලම පෙන්නන්නම්. මේ සැරේ මාසික පරීක්ෂනයෙන් බලමු. ඔට්ටුයි.“
“කීයක්ද? මේ මාසෙත් ළමයි උපරිම ළකුණු ගන්න ළමයි පනහට විෂේශ කාමරේ පාඩම් කරන්න හම්බවෙනවා.“
“හරි මම මේ සැරේ ඒ පනහ අතරට එනවා.“
“මොනවා .මේ මාසික පරීක්ෂනයෙදි?  “
“ඔව්. මේ මාසික පරීක්ෂනයෙදි. එතකොට මම ඊළඟ මාසෙ විශේෂ කාමරේ පාඩම් කරන්න එනවා. මොකද කියන්නෙ?“
“මොනවා කියන්නද? එහෙම කලොත් මම ඔයාව මගේ පිටේ තියාන ලුණු ගෙනියනවා ඉස්කෝලෙ වටේ.!!“
මම වැඩේ කාගත්තද මන්දා ඒ වචන කියද්දි මට හිතුනා. පහන්දිගෙ හිනාව දැක්කාම මටත් ටිකක් අප්සට්.
“හරි මම බලාගෙන ඉන්නවා.“
දැනටත් පන්සීය වෙනි රෑන්ක් එකේ ඉන්න කෙනෙක් කොහෙමද උඩම පනහට එන්නේ.මට හිනාගියා. කොහොමවුනත් මේ ඔට්ටුව මම දිනනවා. 
       මේ ඉස්කෝලෙ ඇතුලෙ සිද්ධ වෙන්නෙම චිත්‍රපටි කතා තමයි. මේ වගේ බොළඳ ළමයි ජීවිතේ කොහොම ගෙවයිද දන්නෑ ඉස්සරහට.
       අද දිනපොත ලිව්වෙ හවස් වෙලා. අම්මා දැනටමත් මල්ලි මගේ කාමරේට මාරු කරලා.  තාත්තගේ යාළුවා එනවා කිව්වෙ රෑ කෑමටත් එක්ක. තවත් දෙන්නෙක් එක්ක මේ ගෙදර ඉන්න විදිහ මට හිතාගන්න බෑ. අනේ මන්දා අපේ අම්මටයි තාත්තටයි පිස්සු. 
“පුතේ සෙනුක් පහලට ඇවිල්ලා මේ අංකල්ලගෙ බඩු ටික ඇතුළට ගන්න උදව් කරන්න...පුතේ..!“ අම්මා පහල ඉඳන් කෑගහනවා. 
       අර කරදරකාරයෝ ටික ඇවිල්ලා වගේ. මම පහලට යන ගමන් මල්ලිගේ කාමරේට එබුනාත ඒක රෝස විමානයක් වගේ. මොකක් ගෑනූ ළමයෙක්ද එහා කාමරේට එන්න යන්නෙ? !!
      මම ගේට්ටුව ගාවට යද්දි ඒ අංකල්ගෙ බට්ටා වෑන් එක ගාව පිටිපස්ස හැරිලා ගෑණු ළමයෙක් හිටියා. එයාගෙ පිටේ ගෙනියන බෑග් එක දාගෙන කහපාට ටෙඩියෙක්ව තුරුල් කරගෙන හරිම දඟකාර විදිහට ලොකු ට්‍රැවලින් බෑග් එක අදිනවා. 
“මගෙන් උදව්වක් ඕනෙද?“ මම ඇහුවා.
“නෑ. කමක් නෑ. බොහොම ස්තුතියි.මට අරන් යන්න පුළුවන්“  හරිම ආචරශිලී විදිහට එහෙම කියාගෙන ඒ ගෑනු ළමයා මගේ පැත්තට හැරුනා.
“මොකක්? පහන්දි!!!“
“සෙනුක්!! ඔයා මොකද මෙහෙ කරන්නෙ? !!“


නුඹ මෙතුවක් කල් මා ළඟම සිටියත් 
සත්තකයි මා දැනගෙන සිටියේ නැහැ
නුඹ මට කෙතරම් වටිනවාද කියා....


නුඹ මෙතුවක් කල් හෙළූ කඳුළු සුසුම් 
සත්තකයි මට දැනුනේ නෑ
නුඹ මා ළගින් වෙන්වට තෙක්ම


ආයෙත් එකම එක සැරයක් 
එකම එක සැරයක්
එන්න පුළුවන්ද මා ගාව
ඇත්තටම සත්තයි
මා නුඹට ආදරෙයි.


-සෙනුක්


නුඹ දකින තුරු නොදැන සිටියෙමි
සතුට කිමැයි කියා...
නුඹ රුදු වචන වලින් සැඟවුනු 
හැගීම දිටිමි ආදරයම ලෙස

හිත් මල මිරිකා පොඩි කර දැමුවත් නුඹ
සත්තකයි මට නොදැනුනේ වේදනාව 
ඒ ආදරයම නිසාමැයි...

ආයෙත් එකම එක සැරයක්
එකම එක සැරයක්
මම මා ලෙසම පිළිගන්න පුළුවන්ද?
සත්තකයි 
මම නුඹට ආදරෙයි

-පහන්දි


රූගේ සටහන:
           ඔන්න අදින් දඟකාර හාදුවේ පළවෙනි පරිච්ජේදය අදින් අවසන්.පහල තියන තොරතුරු වලින් ඔයාලට පුළුවන් ටෙලි වෘතාන්තය රස විඳින්න. ජපාන ලේඛිකාවක්ගේ කාටුන් කතාවක් පාදක කරගෙන නිර්මාණය වුනු  Playful Kiss/Mischievous Kiss ටෙලි වෘතාන්තය කොටස් 16කින් සමන්විතයි. ඊට අමතරව අන්තර්ජාලයට මුදා හැරි කෙටි කතාංග 7ක්ද ඇත. කතාව ලියන්න ලේසියට මම කතාවෙ චරිතයන්හි නම් වෙනස් කලාට ඇත්ත කොරියන් නම් වලින් මේ කතාව ලස්සනට ගලාගෙන යනවා. මේ ටෙලි වෘතාන්තයේ සිනමා භාවිතාව ගැන ලියනවාද නැතනම් පෝස්ට් හතරක් විතර මහන්සි වෙලා මේක පරිවර්තනය කරන්න මාව පෙළඹවපු හේතුව ලියනවාද කියා  ගොඩක් වෙලා කල්පනා කලා. සිනමා භාවිතාවේ ඇති විශ්ෂ්ඨත්වය ගැන ඔයාලටම බලන්න පුළුවන් නිසා මේ සීරීස් එක බලලා ඔයාලම කියලා යන්න. 
         ඉපදීම හැර මම ජීවිතයේ වාසනාවන්ත  වූයේ ආදරයේදී පමණි. අද ලැබී තිබෙන සියල්ල ඉතා මහන්සි වී උපයා ගත් නිසාවෙන් වාසනාවට ලැබුනු ආදරයට මම මහමෙරක් ලෙස ආදරය කරමි. එහෙත් පහන්දිගේ ආදර කතාව මගේ ආදරකතාවට වඩා බොහෝ වෙනස්ය. ඇය සෙනුක්ට අසීමිතව පෙම් බඳිදිදී ඔහු ඇගේ පෙම පා දූවිල්ලකටවත් මායිම් නොකලේය. එහෙත් සත්‍ය ප්‍රේමය කවදා හෝ දිනනු ඇත. පහන්දී වෙහෙස වූයේ එයටයි.


ටෙලි වෘතාන්තය ගැන: http://en.wikipedia.org/wiki/Playful_Kiss
නාට්‍ය කොටස් වශයෙන් අන්තර්ජාලයේදී බලන්න: http://kdramddluv.wordpress.com/2011/05/24/playful-kissmischievous-kiss-ep-1-16-special-edition-episode-full-eng/
(ටොරන්ට් ලින්කුව දැම්මෙ නැත්තෙ 10GB+ වෙන නිසා!)

38 comments:

  1. කතාවට වඩා මට ලස්සනයි ඔයාගේ සටහන. ඒකෙන් ගොඩක් දේවල් කියවෙනවා.

    //ඉපදීම හැර මම ජීවිතයේ වාසනාවන්ත වූයේ ආදරයේදී පමණි. අද ලැබී තිබෙන සියල්ල ඉතා මහන්සි වී උපයා ගත් නිසාවෙන් වාසනාවට ලැබුනු ආදරයට මම මහමෙරක් ලෙස ආදරය කරමි.//

    රූට ගොඩාක් ස්තූතියි මේ වගේ වටිනා වැඩක් කලාට.:)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි පොඩ්ඩි..
      හැමදාම ඇවිල්ලා දිරිමත් කරලා යනවාට..

      මේ ටීවි සීරිස් එකේ තිවුන ලස්සන සින්දුවක් ඔයාට තෑග්ගක් විදිහට දෙන්න හිතාන ඉන්නවා ඔයා මොකද කියන්නේ? (ඔයාගේ පෝස්ටු 100 සමරන්න.)

      Delete
    2. අනේ දෙන්ටකෝ....:D:D:D

      Delete
    3. එහෙනම් 3වෙනිදා උදේම එන්නකෝ..

      Delete
  2. අන්තිමටම විස්තරේ දාපු ඒක ලොකු දෙයක්. මේ වගේ කතාවක් අපිට දෙන්න ගොඩාක් මහන්සි වෙලා තියෙනවා නේ.

    ReplyDelete
    Replies
    1. ම්..ඇත්ත..පරිවර්තනයක් කරන එක එච්චර ලේසි නෑ..විශේෂයෙන්ම ලියන කියන වැඩ වලට පැහැදිලි දක්ෂතාවයක් නැති නිසාත්...
      ඒත් ඔයාලා වගේ හොඳ යාළුවො නිසා මහන්සිය දැනුන්නෑ කිව්වොත් හරි..

      Delete
  3. මම අද තමා රූ එකට ආවේ...හරි අපුරුයි අන්තිම ටික කියනකම් මම හිතුවේ මේ ඇත්තටමයි කියන්නේ කියලා.. මම ආසම කොරියන් ෆිල්ම් බලන්න ..පුදුම ආසාවක් තියෙන්නේ..මම බලපු ලස්සනම ෆිල්ම් තමා.. koizora..
    daisy.. 2oo pounds baby.. එවා නම් හරිම ලස්සනයි.. පුලුවන් වෙලාවක බලන්න.. යු ටියුබ් එකේ තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිම්ශා මේ පැත්තෙ ආවාට..වෙල්කම් කිව්වා ඔන්න..
      ඔයා දුන්න චිත්‍රපටි ටික බලන්න තියන ලිස්ට් එකට දාගත්තා ඔන්න..ගොඩක් ස්තුතියි ඒකටත්..

      කොරියන් කතා මෙච්චර ලස්සන වෙන්න හේතු මොනවද කියලා මමත් කල්පනා කරනවා..

      Delete
    2. එවා වල තියෙන්නේ ඇත්තටම සරල ආදර කතා..එත් සරල කම ඇතුලේ ආදරය ගොඩක් තියෙනවා කියලා මට හිතෙනවා..සමහරවිට ඇස් වලට කදුලක් දෙන්න තරම් එ සරල කම ගැඹුරු වෙනවා..

      රූ මේ ඔයා දිලා තියෙන ලින්ක් එකේ තියෙන්නේ ෆුල් මුවි එකද..මම ආස නැහැ ඩ්‍රාමා බලන්න නම්..කොටස් බලන්න බැ මම ඉක්මන් වැඩියි ඉවසන් බැ..

      Delete
    3. ඒක ඇත්ත නිම්ශා,
      සරල බව තුල සංකීර්ණත්වය ගොඩ නැගිලා තියන නිසා ඒ කතා වල අමුතු ලස්සනක් තියනවා..
      මේ චරිත එක්ක අපිව ජීවත් කරවන්න තරම් තිර රචනය ප්‍රබලයි..අපේ කතාවල චරිත ගොඩ නැගීම දුර්වල නිසයි අපිට ඒ කතා ගොඩක් දැනෙන්නැත්තෙ..හින්දි සිනමාවෙ කියලත් ලොකු වෙනසක් නෑ..

      මේක ඩ්‍රාමා සීරිස් එකක් තමයි..ඒත් ඔයාට පැය ගානක් ඉඳගෙන බලන්න පුළුවන් හරිම ලස්සන කතාවක්..වෙසනකටත් එක්ක ට්‍රයි කරලා බලන්නකෝ...

      Delete
  4. අක්කගේ මහන්සියේ වටිනාකමක් තියෙනවා.. මේ කතාව මම බලලා නෑ.. ඒ උනාට ඉතින් දැන් කියෙවුවනේ.. ඒකම වටිනවනේ..

    ReplyDelete
    Replies
    1. ම්..ඔයාට ස්පීඩ් කනෙක්ශන් එකක් තියනවා නම් මේ සීරිස් එක බලන්න පුළුවන්..හරිම ලස්සනයි..
      මම පරිවර්තනය කලේ පළවෙනි එපිසොඩ් එක විතරයි..
      ස්තුතියි මලේ හැමදාම ඇවිත් දිරිමත් කරලා යනවාට..

      Delete
  5. කතාව අපිට නුහුරු පරිසරයක, නුහුරු සංස්කෘතියක වෙන දෙයක්ය කියලා නොහැඟෙන්න ඔබ ඒකට දෙන ලස්සන..අපිට හිතෙන්නෙ අපේ ආසන්නම පරිසරයෙ තමයි මේක වෙන්නෙ කියලා..මමත් උත්සාහ කලා මගේ ප්‍රියතම ඉංග්‍රීසි පොතක් පරිවර්තනය කරන්න..නමුත් අපහසුයි, දුශ්කරයි..ඒ නිසාම මන් දන්නවා ඔබ කරන්නෙ හැමෝටම කරන්න පුලුවන් දෙයක් නම් නෙවෙයි..ඔබට ජය..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වෙනී...ගොඩාක්..
      100%ක් සාර්ථක නැතත් මමත් ගොඩක් උත්සාහ කලා වෙනසක් නොදැනෙන්න පරිවර්තනය කරන්න..

      ඔරිජිනල් ඒවා ලියන්න තරම් පරිකල්පන ශක්තියක් නැති නිසා මම මේ වැඩේට ආසයි..

      Delete
  6. හැමදාම වගේ අදත් කියන්නවා කතාව නම් ගලාගෙන ආපු හැටි හුගක් ලස්සනයි රූ...ඒ වගේම ඔයාගේ සටහනත් ලස්සනයි...මම හිතන්නේ කවදාවත්ම ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට ඒ ආදරේ නැති වෙන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත..තමන්ගේ ආදරේ විශ්වාස කරනවා නම් ඒ ආදරේ නැතිවෙන්නෑ ..
      ඔයාගෙ නම මොකද්ද?
      සිතුවිලි දැහැන කිව්වාම ටිකක් අවුල් වගේ..
      බ්ලොග් එකේ නම ඒක වුනාට ඔයාට වෙන නමක් දාගන්නකෝ..

      Delete
  7. අනේ කතාව දිගටම ලියනවා නේද අක්කේ.මේක ජංජාලෙ බලන්න බැරි වෙයි.

    ඊයෙ නම කියපු නිසා හොයලා බැලුවා මං.

    ReplyDelete
    Replies
    1. ම්..දෙතුන් දෙනෙක්ම අහලා තිවුනා නගේ..ලියන්න පුළුවන් එත් ප්‍රශ්නේ එතකොට මේ බ්ලොග් එක “දඟකාර හාදුවක් “ වෙනවා..
      හිතන්නකෝ එපිසොඩ් එකක් කොටස් හතරකට ලිව්වා නම් එපිසොඩ් 16+7ක්!!
      මට වෙන මොනවත් ලියන්න බැරි වේවි...

      ඔයා දන්නවද වෙන මේ වගේ කතන්දර ලියන්න පුළුවන් බ්ලොග් එකක්..අයිඩියා එකක් දුන්නොත් ඒකේ ඇඩ්මින්ලා කැමති නම් මම ඒ බ්ලොග් වලට ලියන්නම්..
      දැනට නම් මම ඒ වගේ දැකලා තියෙන්නේ සිතුවිලි පවුර විතරයි..ඒත් එයාලා කැමති වෙයිද දන්නෑ..
      ඔයාට අයිඩියා එකක් තිවුනොත් කියන්න..

      Delete
  8. සුන්දර උත්සහයක්..නියමයි

    ReplyDelete
  9. මාර කේස් එක පහන්දි ලොකු සීන් දදා ඉදලා ඇවිල්ලා තියෙන්නේ සෙනුක්ලගේ ගෙදරටමද ?
    කතාව දැන් වෙන පැත්තකට යයි වගේ මෙහෙම ගියොත්

    ඊලග ටිකත් දාන්න බලන්නකෝ ඉතින්....

    ReplyDelete
    Replies
    1. මම මේ පෝස්ටු ටික ලිව්වෙ මම බලපු ලස්සන ටීවි සීරිස් එකක් අඳුන්වා දෙන්න..ඉතින් මේ සීරිස් එක අදින් ඉවරයි..
      නිසූපාට දුන්න උත්තරේ බලන්නකෝ..

      ඔයා මේ පැත්තෙ ආවෙ ළඟදිනෙ..ඉතින් සමාවෙන්න ආයෙ ලියන්නෑ කිව්වාම හිත රිදුනානම්..

      Delete
  10. මගෙ ජංජාලේ වේගේ උපරිම නිසා අවුරුද්දක් විතර බලන්න වෙනවා කොටස් වශයෙන බැලුවොත් ඒ නිසා දිගටම ලියන්ඩෝ....

    ඔයා ලියන විදියටයි පින්තූරයි නිසා හොඳට රසවිඳින්න පුළුවන්... සේරම කනපිට ගැහිලා පහන්දි කොල්ලගේ ගෙදරටම ආපු එකනේ වැඩේ... ඒ කියන්නේ මේ ඩබල හොඳට පාඩම් කරලා ලුණුත් ගෙනියයි අන්තිමට.කාටුන් ලින්ක් තියේනම් දාන්ඩෝ(චිත්‍ර කතා විශේෂයි)

    ReplyDelete
    Replies
    1. කාටුන් බලනවනම් ජපන් කාටුන් තමා විශේෂ.ඒවායේ හඬ කැවීමයි චිත්‍රයි උපරිමයි...මගේ ජනප්‍රියම කාටුන් එකේ ලින්ක් මෙතන දාන්නම්.මම දන්නා හැටියට ලෝකේ ජනප්‍රියම චිත්‍ර කතාව වෙලා තියෙන්නේ මේක මිලියන 113 විකිණිලා තියෙනවලු..

      චිත්‍ර කතාව නැරඹීම සඳහා මෙතනින් යන්න(manga)-http://www.mangareader.net/naruto

      කාටුන් එක නැරඹීම සඳහා මෙතනින්(anime)-http://www.narutoget.com/cat/8-naruto-season-1/

      කාටුන් එක බලලා හිටියොත් හොඳා චිත්‍ර කතාව කියවන්න ඉස්සෙල්ලා...

      Delete
    2. ස්තුතියි ගැමියා..නිසූ නගාට දුන් උත්තරේ බලන්නකෝ..

      ඔයාගේ ලිනක් වලට ස්තුතියි..මමත් ඔයා වගේම මේකට ඇබ්බැහි වෙයි වගේ..දැන්මම බලන්න ඕනෑ..

      මීට අමතරව ටීවි සීරිස් දෙකක් තියනවා Boys before flowers, personal taste කියලා ඒ දෙකත් බලන්න හරිම ලස්සනයි..
      මේකේ ඉන්න නළුවො මයි ඉන්නෙ..

      Delete
  11. කතාව වගේ ම අවසානයට රූ.. තබා ඇති හටහනත් රසිවත්. කියවන්නාට දැනේනට පරිවර්තනය කොයිතරම් දුරට රසවත්වෙන්න ඕනෙද කියලා හිතෙන්නෙ මෙතැනදීයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දයානන්ද
      හැමදාම ඇවිත් දිරිමත් කරලා යනවාටත්..
      සෑහෙන වෙලාවක් මමත් කල්පනා කලා ඇයි මේ කතාව අනිත් කතා වලට වැඩිය මගේ හිත ගත්තෙ කියලා..

      Delete
  12. ඇත්තෙන්ම ඔබ තුමීගෙ පරිවර්තන හැකියව විශිෂ්ඨයි. එක දිගට කියවගන යන්න තරම් ආස හිතෙන් ශෛලියකින් ඔබ ලියලා තියනවා.

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. හම්මෝ..මුරුංගා ගහේ තියලා තියන උඩ...දල්ලටත් උඩින් මම හිතන්නෙ..
      හදිසියෙ මොකද සෙන්නා මට ඔබ තුමී කියන්න හිතුනෙ..
      මොනවහරි උදව්වක් ඕනෙ බටර් ගාන්නැතුව කියන්න පුළුවන් නම් කරලා දෙන්නම්..!!

      ස්තුතියි පැතුමට ගොඩක්..

      (ඔයාගෙ හැකියාව නම් ළගින්වත් තියන්න බෑ..අපි නොදන්න ටයිටැනික්..!!)

      Delete
    2. අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්.. හෙහ් හෙහ්..

      ඔවුවොවු උදව්වක් ඕනා..

      ඒ තමයි දිගින් දිගටම මේ වගේ ලස්සන පරිවර්තන කරන්ඩ කියන එක.

      ( මම හිතනවා මට ඇයි මේ වගේ ලස්සනට ලියන්ඩ බැරි කියලා.. මෙයා මේ මඟුලක් කතාකරනවා. )

      ජයම පතමි !!!

      Delete
  13. ඇත්ත කොරියන් නම් පරිවර්ථනයෙදි නොවෙනස් වුනේ නම් කතාව මෙච්චර දැනෙන එකක් නැහැ..

    ජයෙන් ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෑම්..
      ඔයාලා හැමදාම මේ පැත්තෙ ආවෙ නැත්තම් මේක එච්චර ලස්සනට ලියැවෙන්නෙත් නැති වේවි..

      Delete
  14. පරිවර්ථනය නම් ලස්සනට කරල තියෙනවා කථාව හරිම ලස්සනයි යාළු...අතිශයින්ම සාර්ථක උත්සහයක් නියමයි රූ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩාක්..
      මේ පැත්තෙ ආවාටත් කොමෙන්ටුවටත්..
      මම මේ මුරුංගා ගහෙන් බැහැගන්න බැරිව ඉන්නෙ අනේ..

      Delete
  15. මොකද මන්දා මම නම් කොරියන් ජපන් ටීවී සීරිස් වලට ෆිල්ම් ස් වලට ආස නෑ. ඒ නිසා බලන්නේ නෑ. නමුත් හොද කතා තියෙනවා. මේ කතාවත් ලස්සනයි.

    අක්කා මෙහෙම හරි කතාව පෝස්ට් කල නිසා හොදයි. නැත්නම් මම් මේ කතාව දන්නෙත් නෑ. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ..
      උපන්දිනේ වෙනසකටත් එක්ක මේ වගේ ටීවි සීරිස් එකක් බලන්න පටන් ගන්න..(ඒත් ජංජාලෙ වේගෙ ගැන හිතන්න වෙයි..)
      playful Kiss,Boys before flowers, personal taste මම බලපු ඒවා..
      ඒවා නම් ෆුල් රොමැන්ටික් කතා..

      Delete
  16. ෂාහ් දැන් නේ කතාව පටා............න් ගන්නේ..... දැන් තමා කතාව නියමෙට රයිම් වෙලා එන්නේ :D

    ReplyDelete
    Replies
    1. පටන් ගත්ත ගමන්ම ඉවර වුනා නේද?
      අයියෝ..!!!

      Delete