ඉතිං අවසරද
මගෙ ලබැඳි මිතුරියේ
ඔබෙන් වෙන්ව යන්නට
මා ඔබට පෙම් කළත්
තවම මා දන්නෑ
ඔබ
මට පෙම් කළාදැයි
 |
සිත සවි එරින් |
එරින් බොකොවිච් කියන්නෙ විධිමත් නීති අධ්‍යාපනයක් නොලැබුවත් තමන්ගෙ හිතේ ධෛර්යය නිසා පරිසරය විනාශ කරපු බහුජාතික යෝධයෙකුට අභියෝග කරපු නීති ලිපිකාරිනියක්. එරින්ව මට මුණ ගැහෙන්නෙ එයාගෙ කතාව අළලලා ස්ටීවක් සොර්බර්ග් හදපු ෆිල්ම් එකෙන්.
බෑං..
හොස්ටල් කාමරයේ චිප් බෝඩ් බිත්තිය දෙදරුම් කෑවා. මමත් මගේ යාලුවත් කරපු වැඩේ නතර කළේ ගැස්සිලා ගිහිල්ලා.
 |
මේ තමා රාමනාදන් ශාලාව |
ඒ අපි සරසවියෙ පළවෙනි වසර ගත කරපු කාලෙ. අපි නැවතිලා හිටියෙ අර කතන්දරගෙ පොස්ට් එකෙන් කියපු රාමනාදන් ශාලාවෙ. නේවාසිකාගාරයේ ළමයින්ට ඉන්න ඉඩ මදි වුණාම උඩම තට්ටුවේ තිබුනු පොදු ශාලාව අඩි දහයේ දහයේ වගේ කෑලි 16කට විතර ප්ලයිවූඩ් බෝඩ් වලින් වෙන් කරලා කාමර දාසයක් හදලා තිබුනා. මේ කාමර කුකුළ් කොටු වලින් වෙනස් වුනේ ලොකු නිසාත් වීදුරු දොර නිසාත් විතරයි.
කොමන් රූම් එක බෙදපු නිසා සී ආර් කියලා නම් කරපු ඒ කාමරවල එක කාමරේ තුන් දෙනා ගානෙ ගාල් වෙලා අපි හැමෝම අකුරු කරපු කාලෙ නම් හරිම සුන්දරයි. සී ආර් කාමර වල ඉන්න අයට එක එක්කෙනාට කතා කරන්න අනිත් කාමර වලට යන්න ඕන වුනේ නෑ. කාමරේ ඉදන් කෑ ගැහුවාම අනිත් කාමර 15ටම ඇහෙනවා. ඒ කාමරේට වාත්රාශය එන්න ගහල තිබුනු කම්බි දැල් නිසා. අපි මේ කාමර වල ඉන්න කාලෙ අපේ බැච් එකේ අය අපිට කිව්වෙ සී ආර් ගැන්සිය කියලා. සී ආර් කාමර වල ඒ අවුරුද්දෙ හිටියෙ අපේ පීඨෙ කට්ටිය විතරමයි. මොකද වෙන පීඨවල කට්ටිය ඇවිල්ලා සතියක් යනකොට සබ්වෝඩන්ට කියලා මාරුවෙලා යනවා අපේ කචකචේ ඉවසන්න බැරිව. මේ කච කචේ කොච්චරද කියනවා නම් මේ පොදු ශාලාවට අල්ලපු කොටසේ තිබුනු නිල නිවාසේ හිටිය සබ්වෝඩන් මැඩමුත් ඇවිල්ලා කියලා යනවා අනේ ළමයිනේ සද්දෙ වැඩී කියලා.
අද කතාව කියන්න යන්නේ මේ සද්දෙ නිසා අපේ යාළුවෙකුට වුනු සිද්දියක් ගැන.
මා පළමුවැනි ශ්‍රේණියේ සිටි අවදියේ සිරිසඟබෝ ජාතකය රඟ දැක්වීමට සහභාගි වූ අයුරු මම නිරූපාට විස්තර කළෙමි.
“මම හිටියෙ ජූජක බමුණට“ මට නැවතත් සිනහ පහළ විය.
“ඔයා දන්නවනෙ ජූජක බමුණට බත්මුලකුත් ගෙනියන්න තිබුනා ඉතින් මගෙ බත් මුලට තිබුනෙ අර උඩින් සීනි මලක් තියන පුංචි විස්කෝතු උරයක්“
“ඒ කාලෙ මම හරි ආසයි ඒ විස්කෝතු වලට. ඉතින් අපේ තාත්තට ඕවා ගේන්න තරම් සල්ලිත් නෑනෙ.“
ආදරණිය ජිමී,
අපි හැමදාම උදේ හවස දැක්කත් මේ කතාව කියන්න හදන හැම වෙලේම මම ඔයා ළඟ ගොළුවෙනවා. අද හෙටම ඔයා ගමෙන් යන බව ආරංචි වුනා. ඒක මට ඉවසුම් නැතිව ගිය නිසයි මේ ලිපිය ලියන්න හිතුවෙ. ඔයා මම වෙනුවෙන් බලාන් ඉන්නව නේද? අද ඔයා මට පුංචි එකෙකුට වගේ සැලකුවත් මමත් දවසක ලොකු වෙනවා. අනේ එතකම් මම වෙනුවෙන් බලන් ඉන්න. ඔයා ආපහු එන දවස වෙනකම් මගේ හදවතේ ආදරය ඔයා වෙනුවෙන්ම වෙන්කරගෙන මම බලන් ඉන්නවා.
මේ ඔයාගෙන ජොනී
මේ විසල් අහසට
එක සඳයි-තරු අහුරයි
නුඹ ලොවට
සඳ පායා ඇවිත් ඉවරයි
මම දන්නවා
මට බැහැ
නුඹ ලොවට සඳක් වන්නට