Monday, December 26, 2011

සුරඟන කතා: සතුටු කුමරු සහ ගිනි නැති මකරා- 9



කලින් කොටසෙ අපි නතර වුනේ කුමාරයා තමන්ගෙ අනාගත මාමණ්ඩි වුනු ෆැරඩේ රජතුමාට මකරගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන විස්තර කරද්දි...අද එතැන් සිට.


“ඒත් රජතුමනි, හීලෑ වුනු මකරෙක් මැරිච්ච එකෙකුට වැඩිය හොඳයිනෙ. ඒක වෙන්නෙ මෙන්න මෙහෙමයි. “
“හරි මම අහගෙන ඉන්නෙ.“
“ඉස්සෙල්ල මම උපකල්පනය කරනවා මේ වගේ රටකට අවට සතුරු රාජ්‍යන් සිටිය හැකි බව. සමහරවිට මේ රටවල් පරම්පරා ගාණක් තිස්සෙ යුද්ධ කරනවත් ඇති. ඔබතුමා ඒ රාජ්‍යයයෙ බිම් යටත් කරගන්නවා වගේම ඒ රටත් එහෙම කරනවා ඇති. සමහර වෙලාවට මේ තේරුමක් නැති යුද්දෙ නිසා දෙපැත්තෙම මිනිස්සු දහස්ගානක් මැරිලත් ඇති. “
“ම්... ඇත්තටම මේක ශිෂ්ඨසම්පන්න රාජ්‍යක්. ඉතින් එහෙම කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ. මේ වෙලාවෙ අර නැගෙනහිර පැත්තෙ තියන තුච්ජ කුජීත වනචර ලොතරින්ජියා රට එක්ක අපි සටන් කරනවා. “
“මේ වෙලාවෙ ඔබ ඔවුන්ට පහර දෙනවද නැත්නම් ඔවුන් ඔබට පහර දෙනවද?“
රජතුමාට කැස්සක් හැදුනා. “මේ වෙලාවෙ නම් ලොතරින්ජියා වලට පොඩි වාසියක් ලැබිලා අපේ දේශ සීමාවෙන් හැතැක්ම දහයක් ඉස්සරහට ඇවිල්ල තියෙන්නෙ. “
“ඔබතුමා කැමතිද ඔවුන්ගෙ සේනාව විනාශ කරලා ඔබතුමාට කැමති විදිහට සාමය ඇති කරන්න. “
“කවුද ඒකට අකමැති? ඒත් ඒවගේ දේකට ගොඩක් සේනාව ඕනේ.“
“ඇයි මමයි බොනීයි ඉන්නෙ“
“ලොතරින්ජියා සේනාවෙ අවිගත්ත නිර්භීත නයිට්වරු දාස් ගානක් ඉන්නවා. ඔයාගෙ මකරා කීප දෙනෙක් මරයි. ඒත් ඌ මැරෙයි. අපේ මිනිස්සු ඒකෙන් තවත් අධෛර්ය වෙයි. “
“අපි පැරදෙන්නෑ. මට මකරගෙ බෙල්ල උඩ නගින්න සැදෑලයකුයි, වැටෙන්නැතුව ඉන්න තොන් ලනුවකුයි හදලා දෙන්න.  පුරෝහිතයට කියන්න මගේ අවට වාතය පිරිසිදු කරන්න පුළුවන් හෙල්මට් එකක් හදලා දෙන්න කියලා. ඒ ඇරෙන්න මට පාර පෙන්නන්න පුළුවන් පොඩි සේනාවක් දෙන්න. “
“පොඩි සේනාවක්!“
“ඔව් එයාලට අයින් වෙන්න පුළුවන් අපි සතුරු සේනාවට ළං වුනාම. මමයි බොනීයි තනියම සතුරට මූණ දෙන්නම්. කොහොම වුනත් පැරදිලා දුවන සේනාවගෙ හිස් සිඳින්න පැත්තක ඉදන් පහර දෙන්න පුළුවන් සේනාවක් ලෑස්ති කරන්න. “
“කුමාරයට පිස්සු. ඒත් මම කියපු විදිහට කරන්නම්.කොහොමවුනත් ඔයා මකරව පැරැද්දුවනෙ. අනිත් අය බයේ පැනලා යද්දි.“ රජතුමා කිව්වා.

කුමාරයා සෑදෑලයයි, තොන් ලනුවයි ලෑස්ති කරගත්තා. පුරෝහිත කුමාරයගෙ ඔළුවට දාන්න පුළුවන් ආකාරයේ  උපකරණයක් හැදුවා.  
“මේක වාතය පිරිසිදු කරනවා. මේක ගෑස් මාස්ක් එකක්.“  ඒත් කවුරුත් එයාගෙ වචන ගනන් ගත්තෙ නෑ.
සතුටු කුමාරයි බොනීයි ලොතරින්ජියා සේනාව ඉස්සරහට ආවහම ඔවුන්ගේ හෙලි වරුසාවකට මුහුණදෙන්න සිද්ධ වුනා.  කොහොම වුනත් සේනාව මකරෙක් දැකලා බය නොවුනා කියන්නම බෑ. අර විදිහෙ අමුතු හෙල්මට් එකක් දාලා හිටිය කුමාරයා පෙනුනෙ ඊටත් වඩා භයානක විදිහට.
ලොතරින්ජියා සේනාව පොත්වලින් හරි මකරු දැකලා තිබුනට කවුරුත් ඔළුවට දාන ගෑස් මාස්ක් දැකලා තිබුනෙ නෑ.
ලොතරින්ජියා සේනාධිනායකයා නිර්භීතව කෑ ගහලා මෙහෙම කිව්ව.
“මගේ නිර්භීත සේනාවනි මේ මෘගයෙක් පිට මෘගයෙක් පමණයි. නොසැලෙන්න. මකරාව වටකර පහරදෙන්න. උගේ ගිනිදැල් වලින් බේරීමට වල්ගයට කොටන්න. ඌ එවිට පසුබසීවි.“
සේනාව සීරුවෙන් මකර ඉදිරියට එනතුරු බලා සිටියා. ඒත් ඌ ඉදිරියට එන පාටක් පෙනුනෙ නෑ.
“ඔයාට ඇහුනද උන් කියපුදේ? උන් ඔයාගෙ ලස්සන වලිගෙට වැඩක් දෙන්නයි යන්නෙ..!! “ කුමාරයා මකරට කිව්වා.
“මටත් ඇහුනෙ ඒකම තමා. නාලා එන්න වෙයි“ මකරා ගර්ජනා කලා
“ඒ වුනාට උන්ට මම හොම්බෙන් යන්න දෙන්නෙ. මොකද උන් කියපු එකට මගෙ රතු කට්ට පැන්නා. “
මකරා එයාගෙ යෝධ කට ඇරලා ගුගුරන්න පටන් ගත්තා. ඒකෙන් පිටවෙච්ච ගඳ වලාකුලක් වගේ වටේ වසා ගන්න ගියේ සුළුවෙලාවයි. ගඳ දැනුනු ලොදරින්ජියා සේනාව අවි බිම දාලා ඔළුව හැරුනු අතේ දුවන්න පටන් ගත්තා. සේනාව පසු බහිනකම් ඈතට වෙලා බලා හිටිය පොයිට්ස්මාන් සේනාව ඔවුන්ට එලව එලවා පහර දුන්නා.

“සතුටු කුමරුවනි,  මගේ ආදරණිය දූ කුමරිය ඔබට බාරයි. ෆැරඩේ රජතුමා කිව්වා. මට රට බාරදීමට පුතෙක් නැති නිසා මගෙන් පසුව මේ රටේ කිරුළත් ඔබ ජයගත්ලොතරින්ජියා රාජ්‍යත් ඔබට උරුම වනු ඇති. එසේම ඔබගේ රාජ්‍යත්. ඔබේ මකරා අපට වීරවරයෙක් වනු ඇති අතර ඔහු කැමති කාලක් මෙහි වාසය කල හැක. අපේ හොඳම ගාලෙහි ඔහුට නවාතැන් ලැබෙන අතර කෑමට කැමති ඕනෑම සතෙක් සපයනු ඇත.“
“ඌ නම් කැමති මකර කෙල්ලන්ට.“ කුමාරයා පිළිතුරු දුන්නෙ පැකිලෙමින්.
“ඒකත් සූදානම් කරන්න බැරිනෑ හැබැයි ඌට හැඟීම් පාලනය කරගන්න පුළුවන්නම් විතරක්.“

මංගල සාදයේදී සතුටු කුමාරයා වැටුනෙ දෙසැරයක් විතරයි.නැගිට්ටට පස්සෙ කුමාරයා බොනීට මෙහෙම කිව්වා.
“ඒකට කමක් නෑ. කොහොම හරි මිස්ප්‍රොප් නිසානෙ මේ හැමදේම හොඳ විදිහට සිද්ධ වුනේ. මගේ අදක්ෂකම නිසා මම උඹගේ පිට උඩට වැටුනා. උඹගෙ ගඳ නිසා යුද්ධෙ දිනන්න පුළුවන් වුනා. 

කොහොම හරි කුමාරයා මංගල රාත්‍රිය චාටර් කරගන්නැතිව සතුටින් ගත කලා කියලයි ආරංචි වුනේ.

 අන්තිමේදි හැම සුරංගනා කතාවකදිම වගේ හැමෝම සතුටින් ජීවත් වුනා. 

* මෙම සුරඟන කථාව පරිවර්තනයක් පමණි.ලෝ ප්‍රසිද්ධ මුල් රචකයා පිළිබඳව මෙම ඊළඟ කොටසේ පලවනු ඇත. ඔබට අනුමාන කල හැකි නම් පහත කොමෙන්ටුවක සටහන් කරන්න‍.......... 

16 comments:

  1. යාන්තම් ජාම බේරගෙන හේනං.... :D

    //කොහොම හරි කුමාරයා මංගල රාත්‍රිය චාටර් කරගන්නැතිව සතුටින් ගත කලා කියලයි ආරංචි වුනේ.//
    ආරංචිය හරියටම හරිනෙ.... ෂුවර්නෙ.... ;P

    ReplyDelete
  2. අනේ ශෝක්. අන්තිමේදී එයාල ඒ රටේ. අපි මේ රටේ :))

    ReplyDelete
  3. ෂා එල එල එල ඒත් කෝ මේක ලියපු කෙනා.....?????

    ටිකිරි මොලේ පහළ වුනේ දැනුයි මම ඒක හොයාගත්තා ලෝකේ ප්‍රසිද්ධම ක්‍රමය පාවිච්චි කරලා මම ඉතින් ඒක කියන එක හරි නෑනේ

    මෙන්න මුල් අකුරු හරිද කියලා කියන්නකෝ

    L-----e A--e B----r.

    හරිදෝ....??????

    මම මේක හිතලා නෙමෙයි හොර වැඩකින්නේ ගත්තේ ඒ නිසයි මුලු නමම දාන්නේ නැත්තේ ඒත් හරිද කියලා ෂුවර් නෑ මොකද ගොඩක් නම් තිබුණා.....

    ඉක්මන්ට කියන්නෝ....

    ReplyDelete
  4. අපිට තව කතාවක් ඕනි.... හැබැයි ඔයා අතින් දාලා ලියන එව්වා නම් තමා වැඩිය හොඳ... හිනා වෙවී කියවන්න පුළුවන්....

    ReplyDelete
  5. "කොහොම හරි කුමාරයා මංගල රාත්‍රිය චාටර් කරගන්නැතිව සතුටින් ගත කලා කියලයි ආරංචි වුනේ"

    ඇති යාන්තන් ඒකවත් හරියට කොර ගත්තා. නැත්නම් වස ලැජ්ජාවයි නේ. මටනම් අක්කේ අනුමාන කරන්න බෑ. ඒ නිසා කවුද ලිව්වේ කියලා අක්කම කියනකන් ඉන්නවා.

    ReplyDelete
  6. මම දන්නවා කව්ද ලිව්වේ කියලා. ඒ තමයි ලෝ පූජිත ‘රූ....‘

    ReplyDelete
  7. මිස්ප්‍රොප් සුරංගනාවිගෙ ස්පෙල් එක කුමාරය කරන ඕනෙම වැඩක් අනිත් පැත්ත ගහන විදියට සෙට් වෙච්චි නිසා මට කුමාරයගෙ මංගල රාත්‍රිය ඔය කියන විදියටම චාටර් උනේ නැද්ද කියල සැකයක් තියනව . . . . කෝකටත් කුමාරි පහුවදා උදේ ටොයිලට් ගිහිං කෑගහන්න එහෙම නැතුව ඇති නේද ????

    ReplyDelete
  8. කතාවේ අවසානය නියමයි. හී හී....සතුටු කුමාරයාට කුමාරියෙක් හම්බ උනු එක ගැන හරිම සතුටුයි.

    අපරාදේ ඒ උනාට කතාව ඉවර උනේ:(

    ReplyDelete
  9. මකරාට අයිටම් එකක් සෙට් වෙලා, ඒ දෙන්නා හනිමුන් යනකල් මට නම් නින්දක් නැහැ..

    ජය සිරි කිව්වා..

    ReplyDelete
  10. මරේ මරු කතාව.. හ්ම්ම්.. කුමාරිටයි කුමරයාටයි ජය වේවා.. මේක ලියපු ඔයාටත් ජය වේවා..:D

    ReplyDelete
  11. @මියුරු,
    එහෙම තමා පොතේ තිවුනෙ...මටත් හරියටම සුවර් නෑ

    @වර්ණා,
    ම්..අපි අපේ රටේ..අමතක කරන්නෙපා මේ ඔයාගෙ තෑග්ග නගේ..හික්ස්..

    @ගැමියා,
    ඔන්න කතුතුමා ගැනත් දැම්මා..ගිහිල්ලම බලන්නකො..උත්සාහය අගය කරනවා..

    @යාළු මාළු,
    නොදන්න දෙමළෙට ගිහින්..අනේ මන්දා...
    හැමදාම ඇවිත් කොමෙන්ට් කලාට තැන්කූ හොඳේ..

    @මධුරංග,
    හික්ස්..අනේ ඇත්තට ඔයාගෙ හිත ගියපු තැන..
    හැමදාම ඇවිත් කොමෙන්ටුවක් දාලා ගියාට තැන්කූ..

    ReplyDelete
  12. @ප්‍රදීප්,
    //“ඔයාට බොහොම ස්තුතිය්.“ රූ කිව්වෙ ඔළුවෙ තිබුන පිහාටු තොප්පිය ගලවලා අචාර කරමින්. තොප්පියේ තිබූ ලොකූ පිහාටුව නහයේ වැදී ප්‍රදීප්ට ලොකූ කිඹුහුමක් ගියා//

    @ඕනයා,
    චිකේ ඔයා කියන කතා...හික්ස්

    @පොඩි කුමාරිහාමි,
    හැම සුරංගනා කතාවම සතුටින් හරි ඉවර වෙනවා සහෝ..ගනන් ගන්න එපා..ඔයත් පටන් ගන්නකෝ ගෙඹි කුමාරයා ගැන කතාවක්..
    හැමදාම මේ පැත්තේ ආවාට තැන්කූ හො‍ඳේ..

    @ සෑම්,
    හික්ස්..මොකෝ මේ හැමෝම මෙච්චර ගඳ මකරට කැමති..මට හිතාගන්න බෑ..

    @රතු හැට්ටකාරි,
    තැන්කූ මේ පැත්තෙ ආවාටයි සුභ පැතුමටයි..

    ReplyDelete
  13. ඕනේ අයියා කියපු දේම මටත් හිතුනා. ඒත් කමෙන්ට් කලේ නෑ. :)

    ReplyDelete
  14. @මධුරංග,
    අනේ හපොයි..මෙච්චර ලස්සන සුරංගනා කතාවකට කියන කතා..!!

    ReplyDelete
  15. මේකනං පුදුම කතාවක් රූ. මම හුඟාක් රස වින්දා. ඔයාගෙ බ්ලොග් එකේ මුළින්ම කියෙව්වේ මේ සුරංගනා කතාව තමයි. මුළින් කොටස් හතරක් පහක් කියවලා මේ අපූරු කතාවේ සැබෑ රචකයා කවුද කියලා දැනගන්න ඉවසිල්ලක් නැතුව ඉතුරු ටික පන්නලා ගිහින් ඒ පෝස්ට් එකත් කියවලා ඇවිල්ලයි මේ ඉතුරු ටික කියෙව්වේ. ඔයාගෙ පරිවර්තන හැකියාව අති විශිෂ්ටයි.

    මම මුළ ඉඳන් ඔයාගෙ අනිත් පෝස්ට් ටිකත් ඔක්කොම කියවන්න ඕනේ. දන්නවද, මගේ ඉස්කෝලේ හොඳම යාළුවට කියන කෙටි නමත් 'රූ'. :D

    ReplyDelete
    Replies
    1. යාළුවගේ නමත් රූ කියලා දැනගන්න ලැබුන එක ගැන නම් සතුටුයි...මගේ හොඳම යාළුවගේ නම “පූ“..:)

      මේ කතාවට ආස වුනා නම් ඔයා රොබී සීරිස් එකටත් කැමති වේවි..එහා පැත්තෙ ලේබල් වලින් තෝරගෙන බලන්නකෝ..

      Delete