Thursday, December 22, 2011

සුරඟන කතා: සතුටු කුමරු සහ ගිනි නැති මකරා- 5


කලින් පෝස්ටුවේ අපි නතරවුනේ කුමාරයා මකරව මරන්න ගමන පිටත්වෙලා පොයිස්ටෙසම් රටට ඇතුල් වුනු තැනින්..අද එතැන් සිට..

කුමාරයගෙ ලියකියවිලි පරීක්ෂා කරපු දොරටුපාලයා කුමාරයා ගැන සෑහීමකට පත්වෙලා ඇතුල්වෙන්න අවසර දුන්නා.
“ඔබට දැන් ඇතුල් වෙන්න පුළුවන්. “
“ස්තුතියි“  කුමාරයා කිව්වෙ පොළවෙ තිවුන ගැට්ටක පය පැටලිලා වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි.
“ඔහේට මට නොම්බරයක් දෙන්න අමතක වුනා?“
“නොම්බරයක්! ඒ මොකටද කුමරුනි?“
“එතකොට මට දැනගන්න පුළුවන් මකරාව මරන්න පිටත් වෙන්න ඕනි කීවෙනියටද කියලා.“
“ආහ්..ඔබතුමාට ඕනි වෙලාවක පිටත්වෙන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් ඔබතුමා තමයි දැනට රට ඇතුලෙ ඉන්න එකම විදේශිය කුමාරයා. කොහොමත් මේ වැඩේට කුමාරවරු ඌනතාවයක් තිබුනා. “
“භයානක මකරෙක් වගෙයි පේන්නෙ.?“
“කවුද දන්නෙ බයගුල්ලො පේනතෙක් මානයට විතරක් ගිහිල්ලා පණ එපා කියලා දුවගෙන එනවා.කාටවත් බැරිවුනානෙ දුවන්න කලින් ඌව මරන්න.“
කුමාරයා “චා...චා“ කියල ඔළුවෙ අතගහගත්තෙ බයගුල්ලන්ගෙ හැසිරීම මෙච්චර නරකද කියන්නා වගේ.
“මම ඒක වෙනස් කරන්නම්. මම පොඩ්ඩක් ප්‍රමාද වෙන්නෙ රජතුමාව මුණ ගැහිලා එයාගෙ ආශීර්වාද ගන්නයි අර කියපු ලස්සන කුමාරිකාව දැකබලා ගන්නයි විතරයි. ආ..මොකද්ද එයාගෙ නම ඒක අර දැන්වීමෙ දාලා තිබුනෙ නෑ. “
“කුමරුවනි, ඇගේ නම ලොරේලීන්“
“මගේ අනාගත නැන්දම්මා දැනට ජීවතුන් අතරද?“
“ඔව් ඒත් ඒතුමිය දැන් තාපසිකාරාමයකයි ඉන්නෙ. “
“ආහ් ඒ කියන්නෙ තාපසිකාරාමය හැර අනිත් තැන් හොඳ ඇති!“
“ඔබතුමාට කියන්න තාපසිකාරාමයෙන් පැමිණිලි ගොඩයි. “
         
ෆැරඩේ රජතුමා සතුටු කුමාරයාට අචාර කරලා පිළිගත්තා වුනත් ඒච්චර විශවාසයක් තිබුනෙ නෑ. විශේෂයෙන්ම කුමාරයා පලිහ ගන්න නැමෙනකොට ඒක ලිස්සලා කුමාරයගෙ කකුල් අතරින් රොල් වෙලා ගිය නිසා.
“ඔයාට හොඳටම විශ්වාසද ඔයා මකරෙක් මරන්න දන්නවා“ කියලා රජතුමා ඇහුවෙ විහිළුවට නෙවෙයි.
“ඇත්තටම!මෙන්න මේ හෙල්ලෙන්“ කියලා කුමාරයා හෙල්ල පොඩ්ඩක් ඉහලට ඉස්සුවා. ඒ පාර කුමාරයගෙ අතින් ගිලිහුනු ඒ හෙල්ල ඉගිලිලා ගියේ මාලිගාවෙ වීදුරුවක්ද කුඩු කරගෙන.
“මට පේන්නෙ හෙල්ලට පණ ඇවිල්ල වගේ.“  ෆැරඩේ රජතුමා කිව්වෙ ඉස්සෙල්ලා අවිශ්වාසෙට තවත් වඩියක් එකතු කරගෙන. හෙල්ල අරන් එන්න රජතුමා දාසයෙක් යැව්වා.
ලොරේලීන් කුමරිය  කුමාරයා දිහා බලලා සිත් ගන්න සුළු විදිහට කුමාරයා එක්ක හිනාවුනා.
“අනේ මකරව මරන්න ගිහින් ඔයා නම් මැරෙන්න එපා“ කුමරිය කිව්වා. ඔයා මැරුනොත් මට ඉදලා වැඩක් නෑ. “
“ඔයා තමයි මාව ජීවත් කරන්න මට ලැබිල තියන එකම හේතුව“  සතුටු කුමාරයා කිව්වෙ එයාගෙ තොප්පිය ගලවලා ආචාර කරන ගමන්. තොප්පිය ගලවලා අතට ගනිද්දි ඒකෙ පිහාටු ටික රජතුමාගෙ ඇහේ වැදිලයි නතරවුනේ.
පහුවදා උදේ කුමාරයාට ෆැරඩේ රජතුමාගෙ පුරෝහිතගෙන් මංසළකුනුයි සිතියමකුයි ලැබුනා. රජතුමාටයි කුමරියටයි අත වැනූ කුමාරයා ගමනට පිටත් වුනා.
“එයා මකරව මරයි එයාගෙ පියාඹන හෙල්ලෙන් හරි අර මාරාන්තික තොප්පියෙන් හරි....!!“ රජතුමා කිවුවෙ හොඳ මුහුණකින් නම් නෙවෙයි.
“අනේ ටිකක් හිතනනකො තාත්තෙ එයා මකරව මැරුවොත් රාජධානියෙ ඉන්න ගෑනු ළමයි ඔක්කොම ආරක්ෂා වෙනවනෙ.“ ලස්සන දුඹුරු පාට කොණ්ඩයක් තියන ලොරේලීන් කුමරිය කිව්වා.
“ඒ එක්කම ඔයත්.“ රජතුමා කිව්වා.
“දැන් තාත්තේ සතුටු කුමාරයා මොකක් හිතයිද ඔයා ඔහොම කියනවා ඇහුනොත්..“කුමරිය කිව්වෙ දඟකාර සිනාවක් එකක.

මාර්ග සිතියමේ පෙන්නපු මාර්ගය දිගේ සතුටු කුමාරයා සතියකුත් දවසක් ගියා. අන්තිමට ගන වනාත්තරේක මැද්දෙ නැවතුන කුමාරයාට දැන් නම් මකර ගැවසෙන ප්‍රදේශයට ගොඩක් ළඟයි කියලා තේරුනේ අශ්වයාගෙ කන් උස්වෙලා උගෙ නහය හැකිලුනු නිසා.
නිකම් රළු ගොරවන සද්දයක් ඇහුනාම කුමාරයාගෙ කනුත් උස්වුනා. ඒ සද්දෙ හරියටම මකර දඩයක්කාරයන්ගෙ අත්පොතේ විස්තර කරලා තියන විදිහෙම සද්දයක්. ඒක මහ ගැඹුරු සද්දයක් හරියට ලොකු භයානක සතෙක් ළඟට එනවා වගේ. ඒවගේම නහය හැකිලෙන තරම් ගඳක් කුමාරයට දැනුනෙ හරයට මකරගෙ කස්තුරියෙන් එනවා වගේ. ඒක එච්චර ප්‍රසන්න එකක් නම් නෙවේ.


ම්..කුමාරයට මකරව දකින්න පුළුවන් වුනාද නැත්නම් එයත් අනිත් අය වගේ දුවන්න ගත්තද? අපි ඊළඟ කොටසින් බලමු...



* මෙම සුරඟන කථාව පරිවර්තනයක් පමණි.ලෝ ප්‍රසිද්ධ මුල් රචකයා පිළබඳ මෙම කථාව අවසන පලවනු ඇත. ඔබට අනුමාන කල හැකි නම් පහත කොමෙන්ටුවක සටහන් කරන්න‍.



6 comments:

  1. අර ගිණිහොටා මොකාද කියලා පින්තුරෙත් එක්කම දාපු එකට තෑන්ක්ස් අක්කේ.. මං එහෙම එකෙක් දැක්කමයි..

    ReplyDelete
  2. අනේ අනේ කුමාරවරුන්ටත් සෙට් වෙන කොන්ත්‍රාත් :))

    ReplyDelete
  3. කුමාරවරු කන තරමක් කටු කන්නේ කුමාරුයෝ නිසා. ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න අපේ අක්කා.

    ReplyDelete
  4. මාර කුමාරයෙක්...!!!
    ගෑනු ලමයි කැමතී මේ වගේ කියුට් කුමාරවරුන්ට. :D

    ReplyDelete
  5. ඔන්න අද තමා අක්කේ ඔක්කොම ටික කියෙව්වෙ.
    අනේ ඉක්මනට ඊළග කොටස දාන්නකෝ...

    ReplyDelete
  6. @දිනේශ්,
    ඌට ඉංග්‍රීසියෙන් කියන්නෙ Chimera කියලා..ගිනි හොටව් කියන නම දුන්නෙ “මධුර“. හරිද කියලා සුවර් නෑ මලේ..

    @හසිත,
    ඒක තමයි..හොඳ වෙලාවට අපි රජ පවුලෙ ඉපදුනේ නැත්තෙ..හික්ස්

    @මධුරංග,
    ඕවා ඉතින් හිතේ අමාරුවට කියන කතානෙ..අනේ අපි දන්නෑ..

    @පොඩි කුමාරිහාමි,
    කියුට් කුමාරයා....ම්.. ;)

    @නිසූපා,
    අනිත් එකත් දැම්මා නගේ..ගිහින් බලන්නකෝ..

    ReplyDelete