පළවෙනි කොටසින් කියෙව්වනේ රජතුමාත් බිසවත් බෞතීස්ම උත්සවේ ගැන කතා කරනවා. ඊළඟට සිද්ද වුනේ මේකයි.
ඒත් මේ විදිහට කරපු ඒකත් නරකට හිටියා කිව්වොත් ඔයාලා පුදුම වේවි. ඒක සිද්ධ වුනේ මෙහෙමයි.මිස්ප්‍රොප් කියන සුරංගනාවටත් මෙයාලා නොදැනුවත්වම ආරාධනා යවලා තිබුනා. එයාලා මේ ආරාධනාව යැව්වෙ නැත්නම් මේ කතාව මෙහෙම කියන්න වෙන්නෑ. මේ මිස්ප්‍රොප් සුරංගනාව ගැන කියනවා නම් එයා තමයි ලෝකෙ ඉන්න ලස්සනම හොඳම සුරංගනාව. එයාට ආරාධනා කලේ නෑ කියල එයා කවදාවත් තරහ වෙන්නැතිවේවි. එයාට ආරාධනා කලත් මුළු උත්සවේටම සතුට ගේන්න මෙයාට පුළුවන්.සින්දු කියලා විහිළු කරලා හිනාවෙලා මුළු උත්සවේම එයා වර්ණවත් කරාවි. ඒත් ඔයාලා දැන් කල්පනා කරනවා ඇති බැරිවෙලාහරි එයාට ආරාධනා නොකරොත් තමා නරක කියලා. ඒත් එයා බෞතීස්ම උත්සව වලට ඇවිල්ලා බබාට තෑග්ගක් දෙන්නම ඕනි කියලා බලකරාවි. එතන තමා ප්‍රශ්න පටන් ගන්න තැන.
එයා හිතලා කරේ නැතැත් හැමවෙලේම මිස්ප්‍රොප් සුරංගනාව ස්පෙල් එක වරද්දා ගන්නවා. (ඔයාලා සුරංගනාවො තෑගි දෙන හැටි දන්නවනේ. එයාගෙ අතේ තියන මැජික් යෂ්ටිය වනලා තෑග්ග ප්‍රාර්ථනා කලාම ඒක ලැබෙනවා)
ඔන්න දැන් බෞතීස්ම උත්සවේ දවසත් ආවා. සුරංගනාවො එක එක්කෙනා ඇවිත් කුමාරයාගෙ තොටිල්ල ගාවට ගියා. (ඔව් ඉපදුනෙ කුමාරයෙක් තමා. බිසව එයා ඉපදුන ගමන්ම කිව්වා ආයෙ නම් ළමයි හදන්න බෑ කියලා). මේ ආපු සුරංගනාවො ඔක්කොම කුමාරයා ලස්සන වෙන්න, බුද්ධිමත් වෙන්න,ප්රතාපවත් වෙන්න, වගේ දේවල් ගොඩක් තෑගි කලා.
අන්තිමට මිස්ප්‍රොප් සුරංගනාව ඇවිත් එයාගෙ මැජික් යෂ්ටිය වනලා අමුතු භාෂාවකින් මන්තරේ කියලා ප්‍රාර්ථනා කලා මේ කුමාරයා ලෝකෙ මෙච්චර කාලෙකට හිටිය සුන්දරම කුමාරයා වෙන්න කියලා.
ඒත් ඇත්තටම සිද්දවුනේ සුරංගනාව තොටිල්ල ළඟට ඒන්න කලින් අතින් ඒයා අතේ තිබුන මැජික් යෂ්ටිය බිමවැටුනු එක. ඒත් ඒක එයා අහුල ගත්තෙ වැරදි කොනෙන්. ඔයාලට හිතාගන්න පුළුවන්නෙ ඊළඟට වුනු දේ.
මේක දැක්ක වෙන සුරංගනාවක් ඉක්මනට ඇවිල්ල. "ඔයා ඕක අල්ලන් ඉන්නෙ වැරදි....“ කියලා කියන්න හැදුවත් පරක්කු වැඩියි. එතකොටත් මිස්ප්‍රොප් පුංචි කුමාරයාගෙ ඔළුවට උඩින් මැජික් යෂ්ටිය වනලා මන්තෙර් මතුරල ඉවරයි. ඔව් ඔයාලා හිතපු විදිහටම කුමාරයට උරුම වුනේ සුරංගනාව හිතපු විදිහ ගතිගුණ වල අනිත් පැත්ත!
මොකද වුනේ කියලා හිතාගන්න රජතුමාටත් බිසවටත් ගොඩක් කල් ගියේ නෑ. කුමාරයාට අවුරුදු තුනක් ගියත් එයාට වැටෙන්නැතිව පියවර දෙකකට වඩා යන්න බැරි වුනා. කිසිම දෙයක් පළවෙනි සැරේට වැටෙන්නැතිව අල්ලගන්න බෑ. මාළිගාවෙ ප්‍රධාන සේවකයා වයින් අරගෙන යන හැම වෙලාවෙම කුමාරයා කොහොම හරි මග ඉදලා එයාව වට්වනවා. එයා විතරක් නෙවෙයි වයින් ටිකත්. කුමාරයට කවදාවත් වැටහුනේ නෑ මිනිස්සු යන පාරෙන් අයින් වුනේ නැත්නම් හැප්පිලා වැටෙනවා කියලා.
මේ වගේ දේවල් කොච්චර වුනත් කවුරුත් පුංචි කුමාරයත් එක්ක තරහා වුනේ නෑ.ඒ මොකද කියනවා නම් එයාට අනිත් සුරංගනාවො දුන්න තෑගි ඔක්කොම තිබුන නිසා. කුමාරයා හරිම ලස්සන, අනිත් අයව තේරුම් ගන්න සුළු කීකරු දක්ෂ ප්‍රීතිමත් දරුවෙක් වුනා.
ඒක නිසා රජතුමායි බිසවයි එයාට සතුටු කුමාරයා කියලා නම දැම්ම එන පුදුමයක් නෙවේ. කොච්චර එයාට අතට අහුවෙන පිඟන් බඩු සේරම බින්දත් කවුරුත් එයාට ගොඩක් ආදරේ කලා. ඒත් මේ විදිහට කුමාරයව හදා ගන්න බැරි නිසා රජතුමත් බිසවත් මිස්ප්‍රොප් සුරංගනාවගෙන් උපදෙස් ගන්න ගියා.
ඊළඟට සිද්ද වුනේ මොකක්ද? මිස්ප්‍රොප් සුරංගනාව කැමති වුනාද කුමාරයට උදව් කරන්න. ඒක අපි ඊළඟ කොටසින් බලමු.
* මෙම සුරඟන කථාව පරිවර්තනයක් පමණි.ලෝ ප්‍රසිද්ධ මුල් රචකයා පිළබඳ මෙම කථාව අවසන පලවනු ඇත. ඔබට අනුමාන කල හැකි නම් පහත කොමෙන්ටුවක සටහන් කරන්න.
අනේ අක්කේ ඇයි මේක මෙහෙම කෑලි කරන්නේ... මේක එක පාරම කියලා දාලා තව එකක් කියන්න...
ReplyDeleteමේක ඔස්කාර් වයිල්ඩ් ගේ කතාවක්ද?
ReplyDeleteහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්....ද?
ReplyDeleteමම කතුවරයා හොයන එක පැත්තක තියලා මේක කියවලා නිදාගන්න යනවා.. සුරංගනා කතාවක්නේ මොනා උනත්..
ReplyDeleteසුරංගනා කතා නම් කොහොම තිබ්බත් කියෙව්වහැකි..කොටස්ද එක කොටසකටද කියලා නෑ.. කතාවක් දිගට එක සැරේ ලියා ගෙන යන එක මටත් ලොකු ප්‍රශ්ණයක්..5-6 වතාවකට තමයි මමත් කරන්නෙ..
ReplyDeleteඔන්න මුලින් හිතපු කතාව නෙමෙයි කියලා දැන් තේරුනා. ඔන්න දැන් වෙනත් කතාවක් පස්සේ හිත දුවගෙන යනවා.
ReplyDeleteඔයත් අපි මේ වැඩ කරන වෙලාවේ මාර වැඩනේ අපට කරන්නේ....:D:D:D
ලස්සන සුරඟන කතාවක්,දිගටම ලියන්න.ඔබට ජය හා සතුට!
ReplyDelete@යාළු මාළු,
ReplyDeleteඑක පාරටම දාපුවාම කියවන්න හිතෙන්නෑනෙ මලේ..ඒත් හැමදාම පෝස්ටුවගානෙ දාලා ඉක්මනට ඉවර කරන්නම්..
ඔස්කා වයිල්ඩ් ළමා කතා ලියලා තියනවා..ඒත් මේ එයා නෙවි..රුසියාවෙ ඉපදිලා ඇමරිකාවට ආව කෙනෙක් ආපහු උත්සාහ කරන්න..
@ප්‍රදීප්,
ම්..අයෙ උත්සාහ කරන්කෝ.. නැත්තම් එක්කො දිගටම එන්න..
@දිනේශ්,
ස්වීට් ඩ්‍රීම්ස් මලේ..
@වෙනි,
ම් ඒක ඇත්ත..ඒක අතකට එහෙම වෙන එකත් හොඳයි..කියවන අයට ලේසියිනේ..
@පොඩිකුමාරිහාමි,
ම්..මේක වෙනස් එකක්..කතා කියවලා වැඩ පාළු කරගන්න එපා හොඳේ..
@වසිලිස්සා,
ස්තුතියි..දිගටම එන්න..
මම කමෙන්ට් එකක් දැම්මනේ කෝ එක නැහැනේ :(((
ReplyDelete"බිසව එයා ඉපදුන ගමන්ම කිව්වා ආයෙ නම් ළමයි හදන්න බෑ කියලා"
ReplyDeleteමම හිටියා නම් මේ බිසවගේ කන පලනවා !!!
ඉතින් අර කුමාරයාට මොකෑ උනේ කියලා ඊලඟ කොටිසින්ම බලමු.
@ රූ....
ReplyDeleteඅපි දිගටම එනවා. ඇවිත්ම බලාගමු කව්ද කතෘ කියලා...
@වර්ණා,
ReplyDeleteම්..ඒක මිසින් නගේ..මා ගාවත් නෑ..ඒත් මං බැලුවා තෑග්ග ගන්න ආවෙ නැත්තෙ මොකෝ කියලා..හික්ස්
@මධුරංග,
බිසවගෙ කන පැලුවොත් රජතුමා ගහයි බැට් එකෙන්...!!!
@ප්‍රදීප්,
මාර මීටරේ..