Monday, November 7, 2011

මතකද අප නෙත් කථා කලා....


017ShalithaAbeywickrama-Pipunu Malaka Hada by nishantha_t

"එක්ස්කියුස් මී...මෙතන කවුරුත්ඉන්නවද?"

වාඩි වීමට අසුනක් සොයමින් ආ විහඟ හිස් ව තිබූ අසුන දැක විමසූයේ ඉදිරිපස අසුනේ වූ රුවැත්තියගෙන්. පොතකට මුහුණ ඔබා එලොව කිමිදෙමින් සිටි ඇය මදකට ගැස්සී හිස එසවූවා. කලබලයෙන් වුවත් හොදින් වට පිට බැලූ ඇය විහඟ දෙස බැලුවේ ප්‍රශනාර්ථයක් මුහුණේ රඳවා ගනිමින්.


"ඇයි..ඔයාට කවුරු හරි ඉන්නවා පේනවද?.."බැරෑරුම් ලෙස ඇය විමසුවා.


"නෑ.මම ඇහුවේ ඔයා අඳුනන කාට හරි සීට් එක තියාගෙන ඉන්නවද කියලා?" විහඟ පැහැදිලි කලේ අපහසුවෙන්.


"ආ..මම හිතුවෙ මෙතන හොල්මන් වගේ ඔයාට නොපෙනෙන මට පෙනෙන කවුරුහරි ඉන්නවද කියලා ඇහුවා කියලා.නෑ මෙතන කවුරුත් නෑ.මම අඳුනන කාටහරි දැනට ඉඩ තියාගෙනත් නෑ."


රුවැත්තිය සිනාමුසුව පිළිණ දුන්නා.


"එහෙනම්,මම මෙතනින් වාඩිවෙන්නම්."

විහඟ යලි පැවසුවත් ඇය ඒ වන විටත් පොත් ලොවට පිවිස සිටියාය.
අසුනේ හරිබරි ගැසුනු විහඟ අත් ඔරලෝසුව දෙස බැලුවේ දුම්රිය පිටත්වීමට තවත් පැය කාලක් ඇතිබව ප්‍රත්‍යක්ෂ කරමින්.රුවැත්තිය කියවන පොත දෙස විමසිලිමත් වුනු විහඟ ඇය හිස ඔසවනු දැක සිනාසුනේය. 


‘සොරි ඔයාගේ කියවීමට බාධා කලානම්‘..විහඟ දෙබසකට මුල පිරුවේය.
එයට පෙරළා සිනහවෙන් පිළිවදන් දුන් යුවතිය දුම්රිය කවුලුවෙන් පිටතට දෑස යොමු කලාය. සැබවින්ම ඇයට ඇත්තේ කථාකරන දෑසක් යැයි මොහොතකට විහඟට සිතිණි. පිළින ලෙස ලැබුනු සිනහවෙන් සෑහිමට පත්වූ විහඟට පළමු වදනින්ම දෙබස නිමාවූ බව වැටහුනේ ඇය යළිත් පොතට දෑස යොමුකල නිසාය.


හැමදාමත් සිදුවන ලෙස අවසන් මොහොතේ දුම්රිය මගීන්ගෙන් පිරීයන්නට වූයෙන් විහඟගේත් රුවැත්තියගේත් ආසන වලට තවත කිහිපදෙනෙක් පැමිණ අසුන්ගත්තා. දුම්රිය හූ හඬ වේදිකාව පුරා පැතිර යද්දී දුම්රිය ඇන්ජිම දුම් දමමින් ඉදිරියට ඇදෙන්නට විය.


තමතමන්ගේ නැවතුම එනතෙක් දුම්රියේ සිටි සමහරු තම තමන්ගේ යහළුමිතුරන් සමඟ දොඩමළු වද්දී  අසුනට හේත්තු වූ විහඟ දෑස පියාගතතේ කරන්නට අන්කිසිවක් නොවූයෙන්. තමන්ද ආසාවෙන් කියැවූ කිහිපවරක් කියැවූවද රසය අඩුනොවන සෝමා ජයකොඩිගේ මදාරා ප්‍රේමනීය නවකතාව ඇය සුරතේ ඇතිබව විහඟ දුටුවේය. කුඩාකාලයේ සිට යහළුවන්ව සිට පෙම්වතුන් වන්නට අපමණ බාධා එල්ලවු මදාරා රන්දුනු පෙම්පුවත විහඟගේ සිහියට නැගිනි.ගෙදර ගොස් පොත් රාක්කය නැවත අවුස්සා පොත යලිත් කියැවිය යුතු යැයි විහඟ සනිටුහන් කර ගත්තේය. බැසිය යුතු නැවතුම එනතුරු තවත් පැය කිහිපයක් මෙලෙස රුවැත්තියකගේ දසුනෙන් නෙත් පුරවා ගතහැකි බව දැනුනු විහඟගේ මුවට සිනහවක් නැගුනි.


බෝරිච්චි අත් දැමූ රෝස පැහැ දිගු ගවුම රුවැත්තියට ගෙනාවේ අමුතුම සුන්දරත්වයක්. සිහින් මාල පොටක් පමණත් පැළදි ඇය කොණ්ඩය එක් කරලකට ගොතාතිබුනා. කොණ්ඩා කරළට හසු නොවුනු නළල දෙපස කෙස්කැරළි විවර වූ කවුළුවෙන් එන සුළං සමඟ දඟකරනු විහඟ මොහොතක් බලා සිටියේය. කියවන දෑසට ඉසිඹුවක් දෙන්නට වරින් වර හිස ඔසවන ඇයගේ නෙත් විහඟ හා ගැටුනේ මේ මොහොතේයි.
http://cache1.asset-cache.net/


ගස් කොළන් මගදෙපස ගෙවල් වේගයෙන් පසුපසට යද්දී ඔවුන්ගේ දෑස් ඔවුනොවුන් මතම රැදී තිබුනේ කාලයේ සාපේක්ෂ බව පසක් කරවමිනුයි. වචනවලට නොපෙරලවුනු දෑස කී කතා මනසින් විදිමින් එකිනෙකා හා සිනාසුනේ අවට සිටිනා දහසක් නෙත් වලට හොරෙන්.


තත්පරෙන් තත්පරය ගෙවී පැය කිහිපයක් ගතවී නැවතුමට ළංවී ඇතත් විහඟ රුවැත්තියත් සමඟ කෙරෙන නිහඬ කතාබහ තවමත් අවසන් නැහැ. විටෙක දෙනෙතින් සිනාවන ඇය විටෙක නිහඬවම කතාබහ රසවිදිනවා. මේ සියල්ල අතර සිත් දෙක තවත් ළංවූයේ වදන් නොමැතිවමයි.


පැය කිහිපයක් පැද්දි පැද්දී ආ දුම්රිය ටැබ්ලටය ගාඩ්වරයාට දී විහඟගේ නැවතුම සනිටුහන් කලා. අවට දහසක් දෙනාට හොරෙන් සිදුවුනු නිහඬ ආදර දෙබසට වේදනාත්මක සමුගැන්ම සනිටුහන් කල විහඟ බෑගයත් රැගෙන දුම්රියෙන් බැස්සේය. වෙනදාට පැයගනන් ප්‍රමාදවන  දුම්රිය අද කලින් ආවේ ඇයි දැයි අත් ඔරලෝසුව දෙස නොරිස්සුමෙන් බලමින් විහඟ කල්පනා කලේය.


ඈතට නොපෙනී යන දුම්රියේ කවුළුවකින් රෝස පැහැ බෝරිච්චි අතක් මද සුළගේ දඟ කරනු විහඟ බලා සිටියේය.




ප/ලි
ජීවිතයේ කවදාම හරි දවසක අපට මුනගැසුනු ආගන්තුකයෙක්  දෑසින් කථාකර සිත තුල නොමැකෙන සටහන් තබමින් නික්මයන එක මට විතරක්ම වුනු අත්දැකීමක් නොවන බව මට දැනුනේ ශාලිත අබේවික්‍රමයන් ගයන මේ ගීතයේ පසුබිම ගැන ලියැවුනු ලිපියක් කියවද්දි.
මේ ගීය ඇසෙද්දී ආදරය ගැන හීනෙකින්වත් නොසිතා තිබූ අවදියක බසයකදී මිනිත්තු කිහිපයකට ඇස ගැටුනු ඒ දෑස තවමත් මට මැවී පෙනෙන්නේ හේතුවක් නැතිවමයි.
ජූඩ් පීරිස් විසින් සංගීතවත් කල විපුල් ධර්මප්‍රිය ගේ ගේය පද  ශාලිත අබේවික්‍රමයන් ගේ මියුරු සරට එකවූ මේ ගීය බොහො අය විරහ ගීතයක් යැයි වරදවා වටහා ගෙන තිබෙනවා.


ප/ප/ලි
මෙතැනින් සින්දුව බාගන්න.
මේ සින්දුව ගැන විශේෂයෙන් ලියන්න හිතාගෙන හිටියත් ඒක ඉක්මන් වුනේ හතරවටේ බ්ලොගයේ මේ පෝස්ටුව නිසා.
පින්තූරු අනුග්‍රහය : Google Image Search

10 comments:

  1. මටත් ඔහොම උන අවස්ථාවක් මට මේ පෝස්ට් එකෙන් මතක් උනා.. නොදැනුවත්වම පුන්ච් හිනාවක් මට දැනුත් අවේ ඒ නිසාමද කොහේද??

    ReplyDelete
  2. මට නම් හැමදාම වෙන්නේ මේ සිදුවීම තමයි. පස්සේ හිතෙනවා අහංකාරකමට කතානොකර නොහිටියා නම් කියලා. කොහෙද ඕවා මතක් වෙන්නේ හැමදාම මේ වගේ සිදුවීමක් වුනාට පස්සෙනෙ.
    ශාලිතගේ සින්දුවත් ලස්සනයි. ඒත් මට මතකයි මම ආස මේ සිදුවීම හරියටම කියන ඉන්ග්ලිශ් සිංදුවක් තියෙනවා කියලා. ලින්ක් එකක් හොයාගෙන ඔබන්නම්කෝ.

    ReplyDelete
  3. මාර ලස්සනට ලියලා තියෙන්නේ. මෙහෙම ලිපියක් රූ නෝනාගෙන් කියෙව්වමද කොහෙද ? මරු !!

    ReplyDelete
  4. ඇති යන්තං අද ඇත්ත කතාවක් ලියලා... හික්...

    ඔය සිංදුව නිසා ස්කෝලෙදි මට කාඩ් එකකුත් වැදිලා තිවුනා... ඒ දවස් වල ඉතිං ජාතික ගීය වගේ තමා...

    ReplyDelete
  5. @දිනේශ්,
    එහෙනම් ඒ පුංචි හිනාව පෝස්ට් එකක් කරන්න දිනේශ්..

    @Crazy World,
    අහංකාරකම නිසා සමහර වෙලාවට අවස්ථා මගහැරනවා තමා..
    ඉංග්‍රීසි සින්දුව හම්බවුනොත් අපිටත් කියන්න

    @මධුරංග,
    තැන්කූ..තැන්කූ..හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනෙ..හික්ස්..

    @රන් මාළුවා,
    ම්..ඇත්තයි කියන්නත් පුළුවන්..ඒක නෙවේ සින්දුව අහලා වැදිච්ච කාඩ් එක අපිට කියන්නැද්ද?

    ReplyDelete
  6. සිංදුව අහලා වැදිච්ච කාඩ්... ඇයි මේ තියෙන මදිනේ මට.. :D

    ReplyDelete
  7. "ජීවිතයේ කවදාම හරි දවසක අපට මුනගැසුනු ආගන්තුකයෙක් දෑසින් කථාකර සිත තුල නොමැකෙන සටහන් තබමින් නික්මයන එක මට විතරක්ම වුනු අත්දැකීමක් නොවන බව.."

    නොදොඩා මුවින් හමුවී දෙනෙතින්.....

    ReplyDelete
  8. @රන් මාළුවා..
    අපි ඉතින් යාළු මාළුවොනෙ මලේ..ඔය කාඩ් ගනන් ගන්නවද? හික්ස්

    @තිස්ස,
    දෑසින් කතා කරන ගොඩට තවත් සාමාජිකයෙක්..
    නොදොඩා මුවින් හමුවී දෙනෙතින්.....විරහ ගීයක් නේද?

    ReplyDelete
  9. අනේ ඔය වගේ සිදුවීමක් මටත් වෙලා තියෙනවා අෆ්ෆා...

    ReplyDelete
  10. @වර්ණා,
    බලාගෙන යනකොට අපි හැමෝම එක බෝට්ටුවෙ තමයි..

    ReplyDelete