ලොකු බොස් මගෙන් ඇහුවෙ කාර් එකේ ටිකක් දුර යද්දි. ඒ කතාව මට තේරුනේ නැති නිසා මම බොස්ගෙ මූණ බැලුවා උත්තරයක් නොදීම.
“නෑ මම කිව්වෙ ඔයාට කේක් බේක් කරන්න අවන් ඕනි නැති නිසා“
අපේ වැදගත් පාරිභොගිකයෙක්ව හම්බවෙන්න දවල් 1ට විතර අපි දෙන්නා ඔෆිස් එකෙන් පිටත් වුනා. වෙනද නම් බොස් එක්ක විසිට් යනවනම් එයාගෙ කාර් එකෙයි යන්නෙ. මේ සතියෙ රෙපෙයාර් එකකට ඒක ගරාජ් එකේ නිසා බොස් ආවා මගේ දුප්පත් වාහනේට. ඉස්සෙල්ල කීව කතා දෙකම මට එච්චර ඇල්ලුවෙ නැති වුනත් රියදුරු අසුනේ හිටිය මම බොස් දිහා බැලුවෙ මට තේරුනේ නෑ වගේ බැල්මකින්.
බොස් සෑහෙන බැරූරුම් මූනක් හදාගෙන මම දිහා බලලා
“නෑ ඔයා කේක් මිශ්‍රනය හදලා කාර් එකේ පැයක් විතර දාලා වහලා තිබ්බොත් කේක් එක බේක් කරගන්න පුළුවන් නිසා මම එහෙම කිව්වෙ.“
මෙහෙමත් ලැජ්ජාවක් රියදුරු අසුන යට හිලක් තිබ්බනම් මාත් යනවා පොළව පලාගෙන. කාර් එකේ A/C එක හරියට වැඩ නොකරන්න අරන් දැන් ටික කාලයක්.දවල් වෙලාවට කාර් එකේ ජනේල වහගෙන A/C දාලා ගියොත් අර කිව්වත් වගේ බේක් වෙලා තමයි බහින්න වෙන්නෙ.
දැන් ඉතින් මෙහෙම කතා අහගෙන A/C එක හදන්නැතිව ඉන්න පුළුවන්ද..ඒ ගැන හොයද්දි හම්බ වුනු දේවල් ගැන තමා මේ පෝස්ටුව.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඉස්සෙල්ලාම අපි බලමු කොහොමද කාර් එකක A/C system එක වැඩ කරන්නෙ කියලා.
courtesy : http://youtu.be/w17DpGCcRj8
A/C එක හරියට වැඩ කරන්නැත්තම් හේතු කීපයක් තියනවා.මේ වීඩියෝ එකෙත් ටිකක් මේ ගැන විස්තර කරනවා.
1. A/C ගෑස් එක අඩුවීම/කාන්දු වීම්
මේ නිසා වාහනේ වායු සමීකරණ ධාරිතාව අඩුවෙනවා වගේම A/C පද්ධතියේ අනිත් දේවල් වලටත් බලපානවා. ගෑස් කාන්දු වීම බලාගන්න පොඩි sight Glass එකක් තියනවා. පහල පින්තූරෙ තියෙන්නෙ ඒක තමා.
http://www.evansauto.procarcare.com/images/shar/encyclopedia/88520c01.gif |
මේ පින්තූරෙන් කියන්නේ ඒ වගේ ගෑස් කාන්දු වීම් පරීක්ෂා කරන්නේ කොහොමද කියලා.
http://www.aa1car.com/library/ac_refrigerant_leaks.gif |
2. Compressor සම්පීඩකය නියමිත පරිදි ක්‍රියා නොකිරීම
Magnetic Clutch එක නිවැරදිව ක්‍රියා නොකිරීම මෙයට හේතු විය හැක.
3. Blower fan (Condenser Fan ) එක වැඩ නොකිරීම
වාහනේ ඇතුලේ උණුසුම එළියට අදින්නෙ මේ A/C fan කියලා අඳුන්වන Fan එකෙන්. මෝටරේ ප්‍රශ්න, Fuse එක නරක් වීම, විදුලි කපාට (Contact Relays) සවුත්තු වීම නිසා.
4. Condensor හි මඩ හා දූවිලි තට්ටු බැදී තිබීම
තාපය පිටතට ඇද ගන්නා condensor හි මඩ බැදී තිබීම නිසා එහි ධාරිතාව අඩු විය හැක.
5. එන්ජිම අධික ලෙස රත් වීම
මේ නිසා ශීතකරන වායුව හරි හැටි ශීත නොවීම නිසා වායු සමීකරණ පද්ධතිය නියමිත පරිදි ක්‍රියා නොකරයි.
6. A/C ෆිල්ටර් කුණු බැදී තිබීම
මේ නිසාත් වායු සමීකරණ පද්ධතිය හරියට වැඩ නොකරන්න ඉඩ තියනවා.
කාර් එකක A/C එක වැඩ කරන්නැත්තම් ගෙදර ඉදන් වැරැද්ද මොකද්ද කියලා හොයල බලන්නයි මේ පෝස්ටුව ලිව්වෙ. මොකද වාහන හදන තැන් වලට ගිහාම trouble shoot පැත්තක තියලා ශීතකරන වායුව මාරුකරලා තමයි වැඩ පටන් ගන්නෙ.ඒත් මේ ශීතකරන වායුව ගිනිගන්නා සුළු නිසා ගෙදරදි මකබාස් වැඩ කරන්න යන්න එපා.
ආශ්‍රිත වෙබ් අඩවි :http://www.aa1car.com/library/ac98.htm
http://www.wikihow.com/Fix-Your-Car's-Air-Conditioner
You Tube
හොද පෝස්ටුවක් අක්කේ...අපි මැක්කෝ නොවන නිසා මේවා වැඩිය දන්නෙ නෑ නෙ..
ReplyDeletegood post. thanks!
ReplyDeleteඅක්කේ මගේ කාර් එකෙත් AC වැඩ නෑ... කැබිනට් එකේ යතුර හම්බුන ගමන් අක්කා ගාවට අරගෙන එන්නම් වාහනේ...
ReplyDeleteඅක්කටත් බොසා නිසා හොද දෙයක් මතක් වෙලා තියෙන්නේ.. අපිට නම් දැන් මෙහේ නිකනුත් A/C තියෙනවා..
ReplyDeleteඔවුවා ඉතින් රූ නෝනට මහ දෙයක් යෑ. කොටින්ම රූ කියලා කියන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක් නේ !!!
ReplyDeleteඅක්කයි රූ මහත්තයයි එකතු වෙලා ඒසී හදාගත්තැයි ?
@නිසූපා,
ReplyDeleteසොයන්නාට හම්බවෙනවානෙ නගේ..මමත් දැනගෙන හිටියෙ නෑ.
@ඉන්දික,
තැන්කූ මේ පැත්තෙ ආවාට
@රන් මාළුවා
අරන් එන්න අරන් එන්න දැන් කොහොමද ඕක අරන් එන්නෙ. අපේ ගෙවල් ගාවට ඇවිල්ලා කෝල එකක් දෙන්නකෝ..
(ප/ලි..මාළුවා රත්තරන් වුනත් නහින්නෙ කට නිසා කියල කතාවක් අහල තියනවද මලේ..? හික්ස්)
@දිනේශ්,
අපේ බොසාගෙ වැඩේ අපිව බයිට් කරන එක තමා..
@මධුරංග,
හොඳ මල්ලි...මම කියපුවා ඔක්කොම මතකයි..!#@@#!!$!#@
ඒසී එක දැන්නම් කනට ගැහුවා වගේ වැඩ මලේ..හික්ස්..
කෝ කෝ පොතක් අරං ලියා ගන්න....
ReplyDeleteඅපිත් කාර් ගත්තු දවසක A/C හදා ගන්ට දැන ගෙන ඉන්ට එපාය....
හී හී ...
ඔන්න ඉස්සෙල්ලම දවසේ කූල් පෝස්‍ටුවක්...බලන්න වුණේ මට
කාර් එකක් ගත්තු දවසට වැදගත් වෙයි නොවැ.
ReplyDelete@ගලයා,
ReplyDeleteතැන්කූ මේ පැත්තෙ ආවාට..
@වර්ණා,
හ්ම්..හ්ම්..මතක තියාගෙන ඉන්න නගේ..
හරි සීතලයි :))
ReplyDeleteමේක ගැනත් ලියන්න ඕනේ...
ReplyDelete