Friday, October 21, 2011

පුස් තකා 2: ටොමියා කෑගලු යෑම

මේ පොස්ටුවත් මම කියවපු පොතකින් ගත්ත ලස්සන උපුටා ගැනීමක්.


මේ පොත ලියලා තියෙන්නෙ මහාචාර්ය මිණිවන් පී තිලකරත්න මහතා.පොතේ නම “පමා නොවී එමි අකුරට මෙයින් මතූ“. ඇස් ගොඩගේ ප්‍රකාශකයෝ 1996 දි පළකරපු මේ පොතේ 4 වෙනි පරිච්ජේදයේ 47,57 පිටු වලින් තමා මේක  උපුටා ගත්තෙ.

"අන්න පේනවද ටෙමියා නම් පුතා වාගේ වතුර වක්කරන කොට දඟලන්නැතිව හරි අගේට ඉන්නවා යැයි අම්මා කියනවිට සරණපාලට දැනෙන්නේ තම දෙකනෙහි උල් දෙකක් අනින්නා වාගේය.
අද කෑගලු යන්ට ඕනෑ කියා ටොමියා නම් කලබලයක් කරමින් දැඟලුවේ නැත. එවැනි දැඟලිල්ලක් කලේ සරණපාලය. සරණපාල යන එක හොඳයි කියා කීමට කවුරුත් ආවේ නැති එක ගැන ඔහුගේ සිතේ තවමත් ලොකු කේන්තියක් ඇත. වෙන එකක් තියා සිදුවෙමින් පැවති අරගලය දිහා ටොමියාත් බලාලෙන් සිටියේ කොලොප්පම් තාලයකට මෙනි.
“අන්න පේනව නේද ටොමියා නම් පුතා වාගෙ කෑගලු යන්ඩ ඕනෑ කියල දඟලන්නැතිව කරබාගෙන ඉන්නව“
 කියා අම්මා උදේ නොකිව්ව එක ගැන සරණපාලට පුදුම හිතෙයි.
හෝන් එක පමණක් නොව මුළු බස් එකම සාදන ලද්දේ එය එලවන ඩ්රයිවර් විසින් විය යුතුය යන කල්පනා ලාංජනයක් වරින්වර සරණපාලගේ සිතට පිවිසෙයි. ඩ්ර්යිවර් වෙත ආඩම්බරයක් ඇත්තේ අර ලොකු වැඩක් කරන්නට ඔහුට පුළුවන් වූ නිසා විය යුතුය.
ඩ්රයිවර් සමඟ කවුරුත් කතාකලේ ගෞරවයෙන් මෙනි. ඔහු කියන කියන දෙයට හූ මිටි තියන්නට කෙනෙක් ඔහු ළඟින්ම හිටගෙන  සිටියේය. ඒ තැනැත්තාට කවුරුත් කතාකලේ කොන්දොස්තර මහත්තයා යන නමිනි. බස් එකේ යන එන ළමයින්ට අසනීපයක් සෑදුනොත් බෙහෙත් දෙන්නේ ඔහු විය යුතුයැයි සරණපාලට සිතෙයි."


ප/ලි.
කියවන්න කැමති අයගේ රසයට බාධාවෙන නිසා මේ පොත ගැන ගොඩක් ලියන්න මම කැමති නැත. මට මතක විදිහට මේ කථාව 70ව දශක පසුබිසම් කරගෙන ලියැවී තිබිනි. ඒ කාලෙදි බස් රස්සාවත් හරි වැදගත් එකක් බැව් පෙනේ.ඒ පයින් ගමන මහා පරිවර්තයකට ලක්වූයේ බසයෙන් බැවිනි. ගමන් පහසුකම් ඕනෑවටත් වැඩි මේ කාලේ මේ බස් කාරයොන්ට ඉතිරි වී ඇත්තේ ඉස්සර පැවති බොරු ආඩම්බරය පමණි.
කොන්දොස්තර යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බස් එක පාලනය කරනු ලබන්නාය.(ඉංගිරිසි තේරුම නම් එසේම වෙයි.) වර්තමානයේ ඔහුගේ ප්‍රධාන රාජකාරි වන්නේ ගිරිය පුප්පාගෙන තප්පුලෑම පමණි. (අල්පයක් තරම් වූ හොඳ කොන්දොස්තරමහතුන් මේ ගනයට වැටෙන්නේ නැත.)


පින්තූර අනුග්‍රහය : http://www.printactivities.com/ColoringPages/Dog/BoyWithDog.gif



14 comments:

  1. පොත හොයගෙන්න ඕනේ අක්කේ...

    ReplyDelete
  2. පොත හොයාගෙන බලන්න ඕනා අයියේ. මම නම් මේ කියන පොත බලල නෑ. හොද වෙලාවට චුට්ටක් විතරක් දැම්මේ. නැත්නම් පොත කියවන්නත් එපා වෙයි.

    @ප්‍රසන්න86ක් :
    අක්කා නෙමේ බොල අයියා !!! අයියා !!!
    රූ මහත්තයා !!!

    ReplyDelete
  3. @රන් මාළුවා,
    පොත් සාප්පුවකවත් දැක්කොත් කියපන් මාළුවෝ...මටත් තාම හොයාගන්න බැරිවුනා....

    @මධුරංග,
    කන්ද පාමුල සරසවියේ තට්ටු හතේ පුස්තකාලයේ තමා මේ පොත තිබුනේ...අනික..
    මල්ලිට ටිකක් ටැපලිලා වගේ..ආයෙත් නිවාඩු පාඩුවක් තියන වෙලාවක පරණ පෝස්ටු ටිකක් කියවන්න...
    හපොයි වලි දාගන්න එපෝ..වලි බේරන්න නම් මට බැරියෝ...හිකිස්..

    ReplyDelete
  4. අනේ මාව මඥ්ඥං නොකර කියන්න රූ අක්කා නේද...? අයි​යා නෙමේ නේද...?

    රූ අක්කේ/අයියේ මේක බුක් ෆෙයා එකේ තිවුනා... ඇයි දෙයියනේ ඒ දවස් වල මේ පෝස්ට් එක නොදැම්මේ....

    ReplyDelete
  5. මම මුලින්ම රූ සිරිනි වලට එනකොට තිබුනේ මෙන්න මේ පෝස්ට් එක. ඊට පස්සේ මට හිතුනා රූ කියන්නේ අක්කා කෙනෙක් කියලා.

    ලිපි ටික ඔක්කෝම කියෝගෙන යනකොට මේ පෝස්ට් එක හම්බ උනා. ඒකේ දොඩං අයියගේ කමෙන්ට් එක දැක්කම මම් නොමඟ ගියා. ඊට පස්සෙයි රූ අක්කා, අයියා උනේ.

    සමාව අවසර රූ අක්කේ !!! මම් නොමග ගිය නිසයි අයියා කිව්වේ !!!

    @ප්‍රසන්න86ක් :
    රූ යනු අක්කා කෙනෙකි !!! රූ අක්කා !! :)

    ReplyDelete
  6. මල්ලිලා දෙන්නටම කියන්න තියෙන්නේ මේ පැත්තෙ ඇවිත් කොමෙන් කලාට තැන්කූ කියලා තමා...

    ReplyDelete
  7. @මධුරංග: නොමග යැව්වාට - නොදැන කල වැරැද්දට සමා...

    රූ නෝනෙට කියන්ට හම්මේ අවුරුදු දහයක් තිස්සේ දවසට උඩහට හතරයි පල්ලේහාට පහයි බස් පැද්ද කාලයක්...

    රට දා එන්ට පවා යටි හිතේ ඒ හේතුව තිබ්බද මන්දා...

    ReplyDelete
  8. @තිස්ස,
    “උඩහට හතරයි පල්ලේහාට පහයි“ ඒ මොකද්දෑ ඒ...මට තේරුනේ නෑ..

    ReplyDelete
  9. @තිස්ස දොඩන්ගොඩ :
    දොඩං අයියා ඒ වැරැද්ද පහලින් නිවැරදි කරලා තිබ්බ කමෙන්ට් එක දැක්කේ නෑ නෙව.

    ReplyDelete
  10. මිනිවන් පී තිලකරත්න උපහාස කතාවේ ශූරයෙක්. මගෙ නම සරිගම, කන්දෙන් ලන්දට නියම කතා!

    ReplyDelete
  11. @කතන්දර,
    මේ දෙකම මම කියවලා නෑ. පුළුවන් වෙලාවක කියවන්න ඕනි. ස්තුතියි දැනුවත් කලාට..

    ReplyDelete
  12. @රූ.... යන්ට බස් හතරයි එන්ට බස් පහයි.. :-)

    ReplyDelete
  13. ඔය reply button එක දාගෙන තියෙන්නේ

    ReplyDelete
  14. @සංජය,
    ඔයාට පින්සිද්ද වෙන්න තමා..
    අර wordpress වල තියනවා වගේ reply කරන විදිහ දන්නවද?

    ReplyDelete