Wednesday, September 21, 2011

කැම්පස් කථාවක්....රැග් සීසන් එක

මේ සිද්ධිය වුනේ අපේ රැග් සීසන් එක දවස්වල.....
කවුරු කොහොම කිවුවත් රැග් සීසන් එකේ ෆන් එක සම කරන්න මොනවටවත් බෑ. මොනවටවත් කියල මම අදහස් කලේ ඔය කියන නවකයන් පිළිගැනීම්, නායකත්ව පුහුණු වගේ ඒවා. ඒ ලෙවෙල් පාස් වෙලා කැම්පස් තේරුනහම අපේ ඔළුවල   අමුතු ආඩම්බර කමක් එනවා අපි හරි උසස් කියලා. ඒත් ඒ ආකල්පයත් එක්ක විශ්ව විද්‍යාල ජීවිතේ ගෙනියන්න ලේසි නැහැ. ඉතින් අපිට ඉස්සරහට ගෙවන්න තියන ජීවිතේ ගැන ටිකක් හරි අවබෝධ වෙන්නෙ රැග් සීසන් එකේදි තමා. මේ පොස්ටුව රැග් සීසන් එක ගැන කියන එකක් නෙවි. අපි ඒ කාලෙ ගත්ත ෆන් එක ගැන ලියවෙන කථාවක්.
කන්ද පාමුල සරසවිය ගැන ගොඩක් බ්ලොග්වල ලියවිලා තියනවා. ඒත් එක්කම ඒවා අතරෙ රැග් සීසන් එකේදි වෙච්ච සිද්ධීන් ගොඩකුත්  තිබුනා මතකයි.
ඉතින් මගේ කථාව මෙහෙමයි.


රැග් සීසන් එකේ ප්‍රධාන පරමාර්ථයක් තමයි බැච් එකේ බැචාලා බැචීලා කස්ටිය අඳුර ගන්න එක. නිකම් නෙවෙයි. පහත විස්තර එක්ක

  • බැචා/බැචී ‍ගෙ ඇත්ත නම
  • කාඩ් එක(රැග් සීසන් එකේදි මේක නිතරම වෙනස් වෙනවා.ඉතින් හරි කාඩ් එක දැනගෙන හිටියේ නැත්නම් සොරි තමා)
  • කොහෙන්ද ආවේ
  • අණ්ඩර කෑවේ කොහෙන්ද (දෙමළ නෙවි..මේ අහන්නේ ඉගෙන ගත්තේ කොහෙන්ද කියලා)
  • පවුලේ කී දෙනාද
  • දෙමව්පියො මොනවද කරන්නේ
  • සහෝදරයෝ මොනවද කරන්නේ

(තාමත් රැග් එක මෙහෙමද කියලා දන්නෙ නෑ)
බැච් එකේ රැග් වෙන හැමෝගෙම මේ විස්තර  up to date දැනගෙන ඉන්න නම් එක ගිරවෙක් නෙවෙයි, ගිරව් කූඩුවක්ම ඕනෙ වෙනවා. ඉතින් අපි කට්ටිය සෙට් වෙලා දන්න උපක්‍රම සියල්ල දාලා (ඒකට කියන්නේ මීටරේ දානවා කියලා) මොනවා හරි කරලා අපේ ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගෙන් බේරෙනවා.


මෙහෙම රැග් වෙන වෙලාවක මටයි සිරි අයියටයි (අපේ ගෙවල් පැත්තෙන්ම ආව බැචෙක්) සෙට් වුනා නෑඹිලි කට් ජ්‍යෙෂ්ඨතුමාව. (රැග් සීසන් එකේදි  අපි සීනියර්ස් ලගෙ නම් දන්නෙ නැති නිසා අපි හදුනා ගැනීමේ පහසුවට එයාලටත් නම් දාලා තිබුනා..මේ ජ්‍යෙෂ්ඨතුමාගේ කොණ්ඩය දැක්කම යටිකුරු කල නෑඹිලියක් මතක් වෙන නිසයි  අපි එයාට එහෙම කිව්වෙ.)
ඉතින් කතාබහ ගියේ මේ විදියට....


ජ්‍යෙෂ්ඨතුමා: කෝ උඹලා දෙන්න මෙහෙ වරෙව්..!
(අපි දෙන්නත් හිමින් සීරුවෙ ලංවුනා.)
ජ්‍යෙෂ්ඨතුමා: කෝ දැං කියපල්ලා උඹලා දෙන්නගෙ විස්තර මාරුවෙන් මාරුවට.
(අපි දෙන්න ටික වෙලාවකට කලින් ඉදන් විස්තර ටික කටපාඩම් කරගෙන හිටිය නිසා ජ්‍යෙෂ්ඨතුමාගෙන් බැනුම් අහන්නේ නැතිව විස්තර ටික කියලා දැම්මා. හදිසියේ හරි වැරදුනා නම් ඔළුවේ ඉදන් කුණු බැනුම් වරුසාවක් වහින්න තිබුනා.)
ජ්‍යෙෂ්ඨතුමා: (සිරි අයියට) තෝ ගිහින් කඩන් වරෙන් අර තුත්තිරි මල් 10ක්.
(හැමෝම දන්නවාන් කන්ද පාමුල සරසවියේ ලස්සනට තණකොළ වවලා තියනවා කියලා., අපි එදා හිටපු හරියෙ තණකොළ අතරෙ තුත්තිරිත් වැවිලා තිබුනා. ඉතින් සිරි අයියට තුත්තිරි හොයාගන්න අමාරු වුනේ නෑ. )
ජ්‍යෙෂ්ඨතුමා: හා....හොදයි...දැන් මේ බැචී දිහා ආදරෙන් බලලා ඔය තුත්තිරි මල් ටික දීලා කියපං මම ඔයාට ආදරෙයි කියලා.
(කිරි  අප්පට බල්ලො පැනපි. අපි දෙන්න හිනාවෙන්ඩද අන්නද කියලා දන්නෙ නැතිව තක්බීර් වෙලා වගේ ටික වෙලාවක් හිටියා. දැන්නම් ඉතින් සොරි තමයි.. මේක කරන්න බෑ කිව්වොත් ජීවිතේට අහලා නැති කුණු කතා අහගන්න වෙනවා. අපි දෙන්නා මේක කරොත් ඊළගට බැච් එකේ ඉදල හමාරයි.
මෙහෙම කල්පනා කරකර හිටියොත්  අපේ කන් වලින් බැනුම් පිටාර ගලන්න පටන් ගන්න නිසා සිරි අයියා අයියා මීටරේ දැම්මා)
සිරි අයියා: ම්...ම්....මේ...මේකයි ජ්‍යෙෂ්ඨතුමා....මේ නංගි අපේ දුරින් නෑදෑයෙක් වෙනවා....ඉතින් මේ...
ජ්‍යෙෂ්ඨතුමා: මේකා කියන්නේ ඇත්තද?
රූ: ඔ...ඔ....ඔව් ජ්‍යෙෂ්ඨතුමා අපි දෙන්නා දුරින් නෑදෑයො වෙනවා....
ජ්‍යෙෂ්ඨතුමා: කියපං බලන්න කොහොමද නෑදෑයො වෙන්නෙ කියලා?
( මදෑ කොලා...එක බොරුවක් වහන්න දැන් දාහක් කියපංකො. ජ්‍යෙෂ්ඨතුමාට අපි මීටරේ දානවා කියලා තේරිලා වගේ)
රූ: මෙහෙමයි.. මේ අයියා අපේ අම්මගේ අක්කගේ..ඒ කියන්නේ ලොකු අම්මගේ මහත්තයාගේ ඒ කියන්නේ ලොකු තාත්තගේ මල්ලි බැ‍ල ඉන්න නැන්දගේ අක්කගේ මස්සිනාගෙ පුතා...
ජ්‍යෙෂ්ඨතුමා: හා..දැන් කියපං බලන්න උඹේ නෑදෑකම....
සිරි අයියා: අපේ තාත්තගේ පැත්තෙන් තමා නෑදෑයො වෙන්නෙ ජ්‍යෙෂ්ඨතුමා....
(ඒකටත් කියන්නෙ මීටරේ දානවා කියලා තමා! මූ නම් මීටර් පප්පෙක්නෙ)


අන්තිමට ජ්‍යෙෂ්ඨතුමාට තේරුනා අපිව තම්බන්න ගියොත් හැමෝගෙම සෞඛයයට අහිතකරයි කියලා එදාට අපිව අතෑරලා යන්න දුන්නා.කොහොම හරි එදා රැග් වෙන එකෙන් බේරුනා.




ප/ලි:
පස්සෙ තමයි හොඳම සීන් එක. ඊට ටික දවසකට පස්සේ මේ කියන නෑඹිලි කට් ජ්‍යෙෂ්ඨතුමාව ආයෙත් සෙට් වුනා. හැබැයි එදා සිරි අයියා හිටියෙ නෑ. ඉතින් දෙබස මෙහෙමයි.
ජ්‍යෙෂ්ඨතුමා: කෝ උඹේ අයියා?
රූ: මොන අයියද?
ජ්‍යෙෂ්ඨතුමා: මොකක්...උඹට අයියව මතක නෑ! එදා උඹල මීටරේ දැම්මා නේද? !#!#!!#*&^%$#$^&$#...


ඊට පස්සෙ ජ්‍යෙෂ්ඨතුමා කියපු ඒව මට මතක නෑ...(මතක තියා ගත්තෙ නෑ කිව්වොත් හරි)

12 comments:

  1. මරු කතාව අයියේ... එලම තමා...

    ReplyDelete
  2. තැන්කූ වේවා මල්ලි!

    ReplyDelete
  3. හෙහ් හෙහ් හෙහ්...
    හපොයි අපව මාස හයක් රැග් කලා...
    එක දවසයි රැගට අහුවුනේ...
    ඒ බේරිලි අද හරියට වටී ලොක්කාව කඩේ යවන්ට...!!!

    ReplyDelete
  4. කැම්පස් කාලේ රැග් සීසන් එක තමා නියම. මතක් වෙන සැරෙයක් ගානේ හිනා උනෑකි. දවසක් පොලොන්නරුවේ වාඩිවෙලා ඉන්නකොට මට කිව්වනේ කොල්ලෙකුයි කෙල්ලෙකුවයි බන්දවන්න අෂ්ඨක කියන්න කියලා.

    අශ්ඨකේ තමා "ඔබේ අතගෙන පෙර සැදෑවක" ගීය. :)
    මම නම් කෝස් වර්කුත් කලා ඔය නම කාඩ් එක පුරේ ගැන.

    ReplyDelete
  5. @තිස්ස,
    මාර මීටරයක්නේ.. දන්නවනම් ඉස්සෙල්ලම එනවා කුප්පියක් දාගන්න “රැග් එකෙන් බේරීමේ ශිල්ප සහ ක්‍රමෝපාය“ කියලා.

    @ මධුරංග,
    ඔය සබ්මිට් නොකරපු කෝස් වර්ක් එකක් ළඟදි අස්කරද්දි දැකලා තමයි මේ කථාව මතක්වුනේ. ඔයාගෙ ඒ කොල තියනවානම් පෝස්ටුවක් දාන්න.

    ReplyDelete
  6. අඩේ පිස්සු හැදෙනවා, සිරි අයියා ඇත්තටම හෙන මීටයක්නෙ, මට නං තාම නෑදෑකම හිතා ගන්න බැහැ ......

    මදුරංග මලයා තමා මෙහාට එන්න පාර පෙන්නුවෙ .......

    ReplyDelete
  7. කැම්පස් එකෙන් අවුට් වුනාට පස්සේ වුනත් මතක් කරලා ෆන් එකක් ගන්න පුලුවන් රැග් සීසන් එකේ වුණු දේවල් ගැන කියලා තමා. රැග් එකෙන් පැන්න එවුන්ට මතක් කරන්න දේකුත් නැහැ

    ReplyDelete
  8. @හසිත,
    ඒක නම් ඇත්ත මලේ..
    දැන් දෙවන වසරේ නිසා රැග් එකේ රස හොඳට දැනෙනවා ඇති නේද?

    ReplyDelete
  9. @පන්සල් හංදිය
    ටික දවසක් යනකම් මටත් සුවර් නෑ. මේ පැත්තෙ ආවාට ඔයාටත් පාරපෙන්නුවාට මධුරංග මල්ලීටත් තැන්කූ..

    ReplyDelete
  10. දැන් අපි තුන්වෙනි වසරේ අක්කේ :)

    ReplyDelete