Saturday, September 17, 2011

පාරේ වලවල් 2: ශොක්ස්

කලින් පොස්ටුවට  ඌනපූරණයක් ලියන්න කියල හිතුවේ මෑතකදී කාර් එකේ ශොක්ස් (Shock absorber) මාරු කරන්න වුනු නිසා. 
ශොක්ස් කඩේ මනුස්සය වාහනේ ගාවට ඇවිල්ල ඔලුවේ අත තිය ගත්තා මේකේ මෙච්චර කාලයක් ගියේ කොහොමද කියලා..
ආයේ අහන්න දෙයක් තියනවායැ..මතකනේ පලවෙනි දවසෙම හම්බ වෙච්ච උපදෙස...!!
(රූ මහත්තයා ලඟදි කියනවා..."රූ,වාහනෙන් බැස්සට පස්සෙත් බම්ප් වෙනවා වගේ දැනනවා කියලා" :)

ඉතින් මේ  පොස්ටුවෙන් කියන්න හිතුවේ ශොක්ස් වලට බර ගානක් වියදම් කරන්න හිත හදා ගන්න කලින් කරපු රිසර්ච් එකේ විස්තර. 
ඔයාලටත් උදව් වේවි කියලා හිතනවා.

1. වාහනේ ශොක්ස් කරන්නේ මොනවාද...

කෙටියෙන්ම කියනවනම් ශොක්ස් කරන්නේ වාහනේ රෝද ටික පාරත් එක්ක සම්බන්ධය තබා ගැනීම. මේ සම්බන්ධය ගිලිහුනොත් වාහනේ සමබරතාවය ගිලිහිලා යනවා.ආරක්ෂා සහිත ධාවනයකට වාහනේ ශොක්ස් ගොඩක් වැදගත්. ස්ටියරින් වීල් එකේ කොන්ට්‍රෝල් එක රඳා පවතින්නේත් ශොක්ස් වල ක්‍රියාකාරීත්වය මත. 
මේ වීඩියෝ එකෙන් බලන්නකෝ ශෝක්ස් වැඩ කරන්නේ කොහොමද කියලා.


වාහනේ වලක් උඩින් ගමන් කරද්දී ඇති වන කම්පනය සාර්ථකව අවශෝෂණය කර ගැනීමේ හැකියාව ෂොක්ස්  වලට තියනවා.
වාහනේ පහසුවෙන් හිතන හිතන විදියට නතර කරන්න, වංගු ගන්න වලවල් උඩින් යන්න උදව් කරන්නේ ශොක්ස් තමා.

2. ශොක්ස් මාරු කරන්න ඕනි කියලා දෙනගන්නේ කොහොමද?

වාහනේ ධාවනය කරපු දුර (මයිලේජ් එක ) සැතපුම් 50000ට වඩා වැඩි නම් ශෝක්ස් පරික්ෂා කරන්න කාලේ හරි.
කොහොමද වාහනේ ශොක්ස් මාරු කරන්න ඕනි කියලා දැනගන්නේ...
මේ වීඩියෝ එක බලන්න කෝ
වාහනේ ටයර් අසමානව ගෙවිලා තියනවනම්..(වීල් අලයින්මෙන්ට් එකක් කරලත් හරි ගියේ නැත්නම්) වාහනේ කොන් වලින් පල්ලෙහාට තද කරනකොට ගහනේ හෙල්ලි හෙල්ලි තියනවනම් සරුංගලයක් වගේ..(අනේ එච්චර කල් නම් ඉන්න එපා..වාහනේට සොරි තමයි) වංගු ගද්දි ස්ටියරින් එක කොන්ට්‍රෝල් නැත්නම්..ශොක්ස් මාරු කරන්න කාලේ හරි. 

3. ගෙවිච්ච ශොක්ස් කරන්නේ මොනවාද..
මේක නම් ගොඩක් භයානකයි...මොකද මේවයෙන් භාගයක් විතර මම අත්විඳලා තියන නිසා...:(
පලවෙනි  එක තමා ටයර් අසමානව ගෙවන එක. එක ආරක්ෂාවට වගේම පොකට් එකටක් අවසිදායකයි. 
දෙවැනි එක වංගු ගද්දි කොන්ට්‍රෝල් නැතිවෙන එක.. (මත්වෙලා එලවන අය වංගු කෙලින් කරන්නේ ශොක්ස් අවුල් නිසා කියලා මම හිතන්නේ නෑ..)
තුන්වෙනි එක වාහනේ ගමනක් ගිහිල්ලා අවහම පරණ CTB බස් එකක ගිය වගේ දැනෙන එක..කොන්දේ අමාරුව හැදෙන්නත් ඉඩ තියනවා..:)
ඔක්කටෝමත් වඩා හරි කාලෙට ශොක්ස් මාරු නොකරොත් වාහනේ අනිත් පාර්ට්සුත් ඉක්මනට ගෙවිලා යනවා.

4. shocks මාරු කිරීම..

මේක නම් සම්පුර්නයෙනම මගේ අත්දැකීම් තමා.. ශොක්ස්  වර්ග දෙකක් තියනවා.
1. ඔයිල් ශොක්ස්- කම්පනය අවශෝෂණය කරන්නේ ඔයිල් එකකින්.පරණම තාක්ෂනය..ලොකු වාහනවලට එන්නෙම මේ ටයිප් එක.
2.ගෑස් ශොක්ස් - කම්පනය අවශෝෂණය කරන්නේ ගෑස් එකකින්. අළුත් වාහන වලට එන්නේ මේ ටයිප් එක. කම්පනයකට ඔයිල් ශොක්ස් වලට වැඩිය ඉක්මනට ප්‍රතික්‍රිය කරනවා.

වාහනේ මොඩෙල් එකට ශොක්ස් මොඩෙල් එක මැච් කරන්න ඕනි.. ඒ එක්කම මේ දේවලුත් මාරු කරන්න ඕනිද කියලා බලන්න.
1. ෂොක් බුට්ස් (බම්පර් කියලත් කියනවා)-ෂොක්ස් දුවිලි මඩ වලින් ආරක්ෂා කරන රබර් ආවරණය
2. ෂොක් මවුන්ට් -ෂොක්ස් වාහනේට හයි කරලා තියන ගැජට් එක...(අපිට හරි එක හොයාගන්න කඩවල් හතරකට විතර යන්න වුනා..)

කොහොමත් branded එකක් දාගත්තහම කරදරේ  අඩුයි කියලා ගැරිජ් අයියා කිව්වා. වගකීමකුත් ලැබනවනේ. 
(KYB , වික්ටෝරියා බ්‍රෑන්ඩ් හොඳයි කියලා කට්ටිය කියනවා..)

එහෙනම් අදට සුභ ගමන්...

ආශ්‍රය http://www.kyb.com/vehicle/index.php හා youtube වෙබ් අඩවි.

9 comments:

  1. ආයුබෝවන් රූ මහත්තයෝ...
    ඇයි මේ අපූරු බ්ලොග් එකට ටිකක් ප්‍රචාරයක් නොදෙන්නේ...
    සින්ඩි දෙක තුනකට දාලා ගූගල් බස් එකේ දාලා බලමු නේද...?
    කාටත් ප්‍රයෝජනවත් තොරතුරුනෙව තියෙන්නේ...
    හොඳා එහෙමනම් ජයවේවා..!

    ReplyDelete
  2. ස්තුතියි මේ පැත්තෙ ආවාට....
    ඔබට ජය!

    ReplyDelete
  3. සැහෙන්න study කරලා තියනවා වගේ.. මේ එක නෙමෙයි ඔයාල මාරු කරේ ඉස්සරහ විතරද? පිටිපස්සේත් මාරු කරන්න ඕනෙද?
    මම නම් නම් ඉන්නේ කුරු හරි ඇවිත් ඒ දෙක මාරු කරලා දෙනකන්. ඉස්සරහ දෙක මාරු කරලා හොද ගණන්..
    word verification අයින් කරන්ඩෝ..

    ReplyDelete
  4. @දුශ්,
    ස්තුතියි මේ පැත්තෙ ආවාට.
    study කලේ පර්ස් එක හිස් වෙන හින්දා තමයි.
    මට නම් රෝද හතරෙම ශොක්ස් මාරු කරන්න වුනා. හැබැයි පිටිපස්සේ ශොක්ස් දෙක ගණන් අඩුයි මම හිතන්නේ.

    ReplyDelete
  5. තිස්ස ඇණ ගෙන වගේ?
    මේක ලිව්වේ රූ මහත්තයාද නෝනාද?
    සමහර විට මහත්තයා වෙන්න ඇති රිසර්ච් කරන්න ඇත්තේ!

    ReplyDelete
  6. ඕ ඕ කසූ හරි නේන්නම්... ඇනගත්තා නෙව...
    "වාහනෙන් බැස්සට පස්සෙත්.." කථාව තේරිලා නෑ මට...
    හ්ම්ම්ම් එහෙමනම් රූ කියන්නේ නෝනා කෙනෙක්...

    ReplyDelete
  7. @කතන්දර,තිස්ස,
    සෑහෙන්න පෝස්ටුව ඇනලයිස් කරලා වගේ.
    රිසච් එක නම් කලේ මමයි!
    කොහොම වුනත් කාටහරි ප්‍රයෝජං වුනානම් එච්චරයි.

    ReplyDelete
  8. රූ කියන්නේ මහත්තයෙක්ද ??? මම් නොමග ගියා. ඕකේ !!! ඒත් කවුරු උනත් මොකෑ ලස්සනට ලියනවා නම්. එල එල :)

    ReplyDelete
  9. දැන් මචං magnetic shock absorber තියෙනවා නේද??? අර ෆෙරාරි කාර් වල ඒම දැන් එන්නේ magnetic shock absorber නේද???... ඒක ගැනත් කියල දෙන්න පුලුවන්ද???

    ReplyDelete