Saturday, September 24, 2011

දිනපොතෙන් 1: වෙනස් වෙන වචන අරුත්

මේ පෝස්ටුවත් හොයා ගත්තෙ ටික කාලයකට කලික් මම කියවපු පත්තර කෑල්ලකින්.  සීනි ඔතන, බනිස් ගේන පත්තර කෑලිවල තියන ලස්සන දේවල් කියවන එක මගේ පොඩි කාලෙ ඉඳලම තියන පුරුද්දක්. සමහර වෙලාවට ඒවා මගේ පරණ ඩයරියෙ ලියලා තියනවා. මේ එහෙම ලියල තිබුන එකක්. 


මහත්මයා : බසයෙන් බසින විට තම අසුන කාන්තාවකට පිළිගන්නා
                  (දැන් නම් මහත්මයෙක් වෙන්න ෂර්ට් ජාතියක් අඳින්න ඕනිනේ)


විවාහය : එක් අයකුට වැඩි වාසි සහ බලතල පැවරෙන ලෙස දෙදෙනෙකු අරඹන සංගමය


ප්‍රසිද්ධ දේශකයා :එක තැනක රැස්වෙන පිරිසකට නිදිමත ඇතිවන අන්දමේ කථාවක් පැවැත්වීමට රැය පුරා නිදිමරා කරුණු රැස් කරන්නා

මුදල් : විශ්වාස නොකල යුතු එහෙත් විශ්වාස තැනක තැන්පත් කල යුතු දෙයකි

දුම්රිය : තම පසුපසින් හඹා එන විට ඉවතට පැන බේරිය හැක්කේ දුම්රියෙන් පමණි

විභාග ශාලාව : සිසුන් මොළය වෙහෙසනවාට වඩා අත වෙහෙසන ස්ථානය

සම්මන්ත්‍රනය : සුළු දේවල් බරපතල දේවල් කර බරපතල දේ තේරුම් ගැනීමට අපහසු දේවල් බවට පත්කරන ස්ථානය

ඈණුම : ගුරුවරුන්ගේ හෝ කථිකයන්ගේ කථාව කෙටි කිරීමට කාලය යැයි කියා පෑ හැකි ඉඟිය

11 comments:

  1. අර විවාහය සීන් එක තමා මරු.

    බනිස් ඔතන් එන පත්තර කෑල්ල කියවන පුරුද්ද මටත් තියෙනවා. කෑම කන ගමන් පත්තර බලන්න ගිහිං වටේ පිටේ හැළුනම අම්මා නෙලන කොට තමා තේරෙන්නේ වැඩ දෙකක් කරන්න එක පාර කරන්න ගියාම මඥ්ඥං වෙන බව.

    ReplyDelete
  2. @ප්‍රසන්න,
    මමත් ඔය සීන් එක නිසා අම්මගෙන් ඕනෙ තරම් ටොකු කාලා තියනවා.
    ඒත් මේ වගේ ලස්සන දේවල් හම්බ වෙන නිසා කොහොමද පුරුදු අතාරින්නෙ නේද?

    ReplyDelete
  3. ඉස්සර සිව්දෙස, මුතුහර සඟරා වල පිටු වල ඉඩ ඉතුරු උනාම ඒවා පුරවන්නෙ මේ වගේ කතා වලින් තමා. ලිපි වගේම මේවත් හරි රසවත්.

    ReplyDelete
  4. ප්‍රසන්න ඒක සහතික ඇත්ත... පොඩිකාලේ තිබ්බේ මිහිර පත්තරෙයි නවයුගයයි විතරනේ කියවන්න... ඒ ඇරුනම රටකජු ගොට්ට ඔතලා තියන එකත් කියවනවා...

    මෙහෙම ලියා එකතු කරන එක වටින්නේ මුණුපුරු මිණිපිරියන්ට...
    මමත් එහෙම ලියන් යන්ට හැදුවට කවදාවත් දිගට කරන් යන්න බැරිවුනා... දැන් ඒ වෙනුවට බ්ලොගයක් ලියමි :-)

    ReplyDelete
  5. @මුහුදු කොල්ලකාරයා,
    ඔව්..මම හිතන්නෙ මේ පුරුද්ද ආවෙ readers digest සඟරාවෙන්.
    මම නම් ඔය සඟරාවල ඉස්සෙල්ලම කියවන්නෙ මේ පුංචි කතා තමයි.

    @තිස්ස,
    ඉස්සර අන්තර්ජාලෙ තිබුනෙ නැති නිසා ඔය වගේ පුංචි පත්තර කෑල්ලත් හරි වටිනවා.
    ඒත් දැන්නම් ඒකට දහසකුත් එකක් බ්ලොග් තියන නිසා හරි ෂෝක්.
    (ie: හද ගී පොත වගේ)

    ReplyDelete
  6. ඔයාටත් ලැබෙන්නේ මාරම කොල කෑලි තමයි. මටත් ඔය හම්බ වෙන ඕනම කෑල්ලක් කියවන ආසාව නම් තියෙනවා.
    දෙමල පත්තරේ හරි කමක් නෑ කියවනවා.

    ReplyDelete
  7. @මධුරංග,
    නිකන් දෙනවනම් නේද?
    මම දන්න ගොඩක් අයට මේ ආසාව තියනවා. ඔය ස්ක්‍රැප් පොත් සංකල්පෙත් එහෙම එකක් වෙන්නැති.

    ReplyDelete
  8. තේරුම් ටිකනම් ඇත්තම ඇත්ත.

    ReplyDelete
  9. අමූලික පට්ටපල් ඇත්ත :D

    ReplyDelete