අපි හැමදාම උදේ හවස දැක්කත් මේ කතාව කියන්න හදන හැම වෙලේම මම ඔයා ළඟ ගොළුවෙනවා. අද හෙටම ඔයා ගමෙන් යන බව ආරංචි වුනා. ඒක මට ඉවසුම් නැතිව ගිය නිසයි මේ ලිපිය ලියන්න හිතුවෙ. ඔයා මම වෙනුවෙන් බලාන් ඉන්නව නේද? අද ඔයා මට පුංචි එකෙකුට වගේ සැලකුවත් මමත් දවසක ලොකු වෙනවා. අනේ එතකම් මම වෙනුවෙන් බලන් ඉන්න. ඔයා ආපහු එන දවස වෙනකම් මගේ හදවතේ ආදරය ඔයා වෙනුවෙන්ම වෙන්කරගෙන මම බලන් ඉන්නවා.
මේ ඔයාගෙන ජොනී