Wednesday, April 3, 2013

ගණන්කාරයින් කොහිද?...මෙහි එන්න...!!


http://read.bi/14pv3cB

රූ සටහන:
කරකවලා අතෑරපු ප්‍රශ්න 12ක්..ගණන් කාරයන්ට නම් තේරේවි!!

42 comments:

  1. හොදයි,,
    ඔය ටික සිංහලෙන්ම දැම්ම නම් නේද සිංහල බ්ලොග් කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත..සිංහල බ්ලොග් එකක් නම් එහෙම දාන්න තිබුනා දූපත්..!!;)

      ස්තුතියි මේ පැත්තෙ ආවාට..

      Delete
  2. මට ගණන් බෑ අය්යෝ...ඒ හන්දා ඕක බලන්ට බෑ. අනෙක මට හූ කියලා තිබ්බනේ...:D:D

    ReplyDelete
    Replies
    1. අයියෝ ඔයා ඕවා හිතේ තියාන ඉන්න එපා පොඩ්ඩි..!!

      ගණන් බෑ කියලා බෑ ගණන් දාන්න නම් ගණන් දැනං ඉන්න ඕන..!!

      Delete
  3. එන්න අප හා එක්වන්න http://www.sinhapedia.com/

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. කියවලා ආවා යසිරු..ඔයා මේ කොමෙන්ටුව දාන්න පාවිච්චි කරන්නේ මේ සොෆට්වෙයා එකද?

      Delete
  4. ගණං හන්දා තමයි ඉස්කෝලෙ ජීවිතේ යම් නීරස බවක් තිබ්බා නම් එහෙම වුනේ.
    No, thanks, ma'am.

    ReplyDelete
    Replies
    1. අයියෝ ගණන්කාරයෝ මගේ බ්ලොගය කියවන්නේ නැද්දෝ!!

      Delete
  5. ස්තූතියි රූ....:)

    This is really interesting,

    ප්‍රශ්නයක් දිහා බලන්න අපි පුරුදු වෙලා ආකාරයට වඩා වෙන ක්‍රම තියෙන්න පුලුවන් වගේම ඒ අලුත් ක්‍රමයකින් ප්‍රශ්නය විසඳාගන්න හුඟක්ම පහසු වෙන්නත් පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ම්...මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා රවී..

      මේක අළුත් ක්‍රමයකටත් වඩා අපිට පිළිගන්න බැරි උත්තර තියෙන්නේ කියලයි මට හිතෙන්නේ..කොහොම වුනත් ඔයා මේක රස වින්දා නම් ඒ ඇති..

      Delete
  6. ඒක මාර ප්‍රසන්ටේෂන් එකක් රූ. ස්තූතියි අපිත් එක්ක ඒක බෙදාගත්තට. 23 දෙනාගෙන් උපන් දින කතාවයි, ගෝල්ඩ් බාර් - සිල්වර් බාර් කතාවයි විතරයි ඔතනින් කළින් අහලා තිබුණේ. සමහර ඒවානම් තාමත් තේරුම් ගන්න බෑ. කොහොම උනත්, වටින බෙදාගැනීමක්. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිත්තමමී...

      මම නම් මේකේ එකක් වත් හරියට අහලා තිබුනේ නෑ..තාමත් නිකම් කරකවලා අතෑරියා වගේ..!!

      Delete
  7. මාත් මුල ඉඳන් අගට යනකම් බැලුවා... ආතල්

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත පිස්සු හැදෙනවා..!!

      Delete
  8. අපෝ කඩ්ඩෙන් නේ තියෙන්නේ.
    කියවන්න කම්මැලියි බබා.

    ReplyDelete
    Replies
    1. අයියෝ ඇනෝ..සිංහලෙන් තිබුනා නම් මෙච්චරවත් තේරෙන්නෙ නැතිවේවි..!!

      Delete
  9. මගේ ඩ්‍රාෆ්ට් එකේ තිබූ බ්ලොග් පෝස්ට් කීපයක් මිය පරලොව ගිය බව සතුටින් දන්වා සිටිමි.. :ඪ්

    සිංහලට නගන්ඩකො අක්කෙ..

    ReplyDelete
    Replies
    1. නියමයි අහපු නැතිවත් තියෙනවා.. මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නකො..

      ඔන්න ගෑල්ලමයෙකුයි පිරිමි ලමයෙකුයි කසාද බඳිනවාලු.. ඒගොල්ලන්ට මුලින්ම ලැබෙනවාලු ලස්සන දුවෙක්.. ඉතින් ටික කාලෙකින් මේ ගොල්ලො තවත් දරුවෙක් බලාපොරොත්තු වුනාලු.. ඒ දරුවත් ලැබුනා කියමුකො.. ඉතින් මේ පවුලෙ දරුවෝ දෙන්නම දුවලා වීමේ සම්භාවිතාව කීයද?

      Delete
    2. අයියෝ හරී..බැක් අප් එකක් අරන් තිබුනෙ නැද්ද?..දැන් ඉතින් මුල ඉඳලා ලියන්න වෙනවනේ..

      සිංහලෙන් ලියන්න පොඩි උත්සාහයක් දෙන්නම් හරී සුවර් නෑ..

      ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ 50%යි. නැත්නම් 0.5..ඒත් තව විස්තර ඕන නම් මෙතන බලන්න

      Delete
    3. බැකප් නෙමෙයි මම ලියලා තිබ්බ ඒවා කීපයක්ම මෙතන තියෙනවා. ඉතින් ඩිලීට් කළා

      Delete
    4. අයියෝ හරී...මොන අපරාදයක්ද ඒක!!
      ඔයාගේ බ්ලොග් එක බලන අයගෙන් කාලක්වත් මගේ එක බලන්නෑ..හයියූ..මකන්න කලින් අහන්න තිබුනනේ..!!

      Delete
  10. ඉන්ට රෙස්ටින් :)

    ReplyDelete
  11. මේකට නිවාඩුවක් දාල ගණන් ටික හදල බලන්න වෙයි! මේ ටිකේ නිවාඩු නෑ. බලමු සති අන්තෙවත්! :D

    ReplyDelete
    Replies
    1. මට නම් නිවාඩුවක් දාලා මේ ගණන් ටික හැදුවත් සුවර් නෑ හරි උත්තරේ තේරුම් ගන්න පුළුවන්ද කියලා..!!

      Delete
  12. Replies
    1. ගිම් උඩ ලින්ක් එක ක්ලික් කරපුවාම මතුවෙන ප්‍රසන්ටේෂන් එක දැක්කෙ නැද්ද?

      Delete
    2. දැක්කා ඒකෙ තියන එව තමා තේරෙන්නෙ නැත්තෙ

      Delete
  13. මාත් නම් ගනන් වලට ඔලුව වෙහෙසන්නෙ නෑ. ඒත් ගණිතය ඇසුරින් බොහෝදේ ජීවිතේට ලඟා කර ගන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. බලාගෙන යනකොට ගණන් වැඩ වලට කවුරුත් ඔලුව වෙහෙසන්නෑ වගේ..!

      Delete
  14. හපොයි.. අක්කගෙත් ගණන්! මම නම් අද නිවාඩු!

    ReplyDelete
    Replies
    1. ලහිරුව දැකීමත් සතුටුයි...

      Delete
  15. Replies
    1. මේ වගේ කම්මැලියෝ!!

      Delete
  16. මම මේක දැක්කේ නෑලු රූ අක්කේ.. ;)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ගොඩක් අයට මේක ඉන්විසිබල්..!!

      Delete
  17. රූ

    දෙවෙනි ගානේ 10X - X විදිහට අඩු කරන්න බැහැ ..
    10X කියන්නේ පද දෙකක ගුණිතයක් විදිහට මේ ගානේදී
    සලකල තියෙන්නේ මුලින් ..පස්සේ විචල්‍යක් විදිහට X පදයකින්
    අඩු කරන්න බැහැනේ ...


    10*5 - 5 = 10 වෙන්නේ නැහැනේ ..
    10*5 - 5 = 45 මිසක් ..

    ඒ නිසා ඒ ගාණ වැරදි පිහිටුවලා තියෙන විදිහ ...

    ඒ ගාණෙන් නිගමනයකට එන්න එපා ..සම්පූර්ණ වැරදි ගාණ ..
    ===============================================


    3 X 1/3 ගාණත් වැරදි... 0.333......... තිත් දාල තියෙන්නේ ඇයි ?
    හරියට ප්‍රකාශ කර ගන්න බැරි සංඛ්‍යා තියෙන නිසානේ තිත් වලින්
    සැඟවිලා ..ඒ සංඛ්‍යා වල අගය නොසලකා හැරලා ඔහොම ගණන් හැදීමත්
    මූලික ගණිත න්‍යායන්ට විරුද්ධයි...

    ================================================

    බෙන්ෆෝඩ් ලෝ එක ගැනත් කියන්න තියෙනේ ඒ ටිකමයි..
    මොකක් හරි ගණිත සිද්දාන්තයක් ගෙනත් , ගණිතයට පිටින්
    ගිහින් උක්ත සිද්ධ්න්තය බොරු කියල පෙන්නන්න හදනවා ...

    ඕක ගැන පැහැදිළි කරන්න ගියොත් ඔයාට පිස්සු හැදෙයි...ඒ නිසා
    ඕනේ නැහැ...

    මම ඉතුරු දේවල් ටිකත් බැලුව රූ ..ඒත් මෙතන තියෙන ගොඩක් දේවල්
    බොරු ..දරුණු විදිහට ගණිත සිද්ධාන්ත විකෘති කරලා..


    මුල්ම එළුවාගේ එක නම් අවුලක් නැහැ ..ඒකෙත් 50 ට යද්දී වැඩේ
    ජෝන් බාස්ට ගිහින්..ගණිතය ඉගෙන ගන්න ළමයෙක්ට නම් pls
    මේවා පෙන්නන්න එපා..ඔයා note එකක් දාන්න ඒ ගැන...

    මෙතන තියෙන දේවල් ගණිතය ඉගෙන ගන්න ශිෂයෙක් දකින්න
    හොඳ නැහැ ...මුළු ගණිතය ගැනම වැරදි සංකල්ප ගොඩ නැගෙනවා
    ඒ ළමයාගේ ඔලුවේ...





    ================================================

    මම රූ කරනවා කියල හිතන් වෙන බ්ලොග් එහෙකට ගිහින් තියෙන්නේ ..
    මේ ආවේ සරත් අයියගේ බ්ලොග් රෝලෙන් ..මුලිම්ම ආවේ අද ...
    තව දෙයක් ඔයාට දොසක් කිව්වා නෙවේ හොඳද ? මම කිව්වේ ඒ ගණිත
    ගැටළු සියල්ල ගණිත ගැටළු නෙවේ කියලයි...

    ඔයා මේ වගේ දේවල් වලට ආස නම් මෙන්න මේකත් බලන්න...



    ගණන්කාරයෙක් වෙන්නේ කොහොමද ? how to become genius

    ReplyDelete
  18. //මතක තියාගන්න ගණිතය කියන්නේ මායාවක්.ගාණක් හදද්දී මායාවට
    අහු වෙන්න හොඳ නැහැ!//

    හසරැල්ගේ පෝස්ටුවට ඔයා දාපු උත්තරේට දුන්න උත්තරේ මම මෙතන උපුටා ගත්තට කමක් නැහැනේ..

    මේ ප්‍රසන්ටේෂන් එකේ තියන ඒවා බොහොමයක් අපි දන්න ගණිත සංකල්ප ප්‍රශ්න කරන්න හදපු ඒවා..මේකෙන් කියන දේ ඇත්ත කියලා මම කියන්න උත්සාහ කලේ නැහැ..මට ඕන වුනේ අපි කොච්චර දන්නවා කියලා හිතුනත් සමහර වෙලාවට ඒ ෆවුන්ඩේෂන් එකට පහර වදින්න පුළුවන් කියන එක පිළිගන්න..

    ඒක හොඳටම ඔප්පු වෙන්නෙ 0.99=1 කියන එකෙන්..
    මට කියන්න ඕන වුනු හොඳම වචනේ ඔයා හසරැල්ගේ පෝස්ටුවේ කෙමෙන්ට් එකක් විදිහට දාලා තියනවා දැක්කාම පුදුම හිතුනා..

    ඉතුරු ටික ගැන උත්තර දෙන්න පස්සෙ එන්නම්..;)
    ස්තුතියි දීර්ඝ පැහැදිලි කිරීමට..!!

    ReplyDelete