Saturday, January 26, 2013

සිනෙ රූ: ලොව නිහඬවද්දී තනිව නැගිටින්න..




අවාසනාවන්ත ලෙස සැමියා අහිමිව ගිය වැන්දඹුවක්.

බිළින්දෙක් කුස තුල හොවා ගත් ගැබිනි මවක්
තම දැනුම අවියක් කොට ගත් මෘදුකාංග ඉංජිනේරුවරියක්
ති පොතෙන් පිළීසරණක් නොලැබ අසරණව ගිය පුරවැසියෙක්
නීතිය සියතට ගන්නට නොව 

එරෙහිව තනිව හෝ නැගී සිටින්නට වෙර දරන කාන්තාවක්....


ඇය විද්‍යා භාජි


රුවට නොව මිතුරුකමට සලකන මිනිසෙක්
නිල ඇඳුමින් ගත වැසුනද මිනිස්කම පලා නොගිය හදවතක්
අකුරු අතර රාජකාරියට සිරනොවුන පොලිස් නිලධාරියෙක්
අසාධාරණයට රජයන ලොවක
සාධාරණය වෙනුවෙන් පෙනීසිටින්නට වෙර දරන මිතුරෙක්

ඔහු සත්‍යාකි රණා සිංහා


තමන්ගේ ගැලවිජ්ජාව වෙනුවෙන් පමණක්ම සිත යොමන
තම සගයෙකුගේ නිර්භීත දිවි පූජාව අමතක කොට
සිදුවුනු සියල්ල එක බින්දු දත්ත අතරේ සිර කර නිහඬ කරන
බුද්ධි අංශ ප්‍රධාන නිලධරයෙන්

ඔහු කේ.බාස්කරන්


මහිෂාසුර පරාජය කල දෙවඟන සිහි කරන උත්සවයක්
නරක පරදා සාධු ජයග්‍රහණය සමරන සිදුවීමක්
අත් දොලසක්,මුදු මුහුණක් 
අසාධාරණයට නොබිය දෙනෙත් හිමි දෙවඟනක්
මුළු රටම උත්සවශ්‍රි යෙන් ඇළලෙන දින කිහිපයක්

ඒ දුර්ගා පූජා සමය

අසාධාරණය රජයන සාධාරණය වල් වැදුනු සමාජයක්
එදා වේල සරිකරගන්නට කීයන් හෝ සොයන්නට වෙරදරන මිනිසුන්
කුණු කානු අවිවේකී ජනයා,කඩචෝරු වෙළෙන්දන් ගැවසෙන වීදි
ජීවිත සටන නිසාවෙන් 

මනුස්සකම සිත් පතුලේ නිදන්වී ගිය මිනිසුන් පිරි නගරයක්

ඒ ඉන්දියාවේ කල්කටාව


කාර්යබහුල කල්කටාවේ වීදි අතර සැරිසරන්නාක් මෙන් දැනනෙ සංගීත මුසුවක්
මිනිසුන්ගේ අන්ධ භක්තිය,ගලා යන සමාජ ප්‍රවාහ ප්‍රතිරූපණය වන රූප රාමු
සාම්ප්‍රදායික බොලිවුඩ් රාමුවෙන් මිදී බුද්ධියට නිබඳව අමතන තිරරචනයක්
අවසාන රූප රාමුව තෙක් රසික හුස්ම  එක්ව රැඳවූ 
අපූරු සිනමා නිර්මාණයක්


කහානි -Kahaani(2012)


විශාල් දද්ලානිගේ පද විශාල් ශේකර්ගේ සංගීතය හා මුසුව ශ්‍රෙයා ගෝසාල්ගේ මියුරු හඬින් ගැයෙන සිනෙ සිත්තමේ ප්‍රධාන ගීය

ඔබ ඇසුොත් ඇය කියාවි ේ කතාව බව
Powered by mp3skull.com



39 comments:

  1. අහ්... මම ඒත් බැලුවා මොකක්ද කියලා මේ ? කැම්පස් එකේ නිදහසේ ඉද්දි තමයි අන්තිමට ෆිල්ම් එකක් බැලුවේ, ඒත් දැන්? හරිම ශෝචනීය තත්වයක් :( කොහොම වුණත් අක්කා සෑහෙන කාලෙකින් නේද ?

    ReplyDelete
    Replies
    1. කොච්චර කාර්යබහුල වුනත් තමන්ගේ විනෝදාංශවලට ටිකක් හරි වෙලාව වෙන් කර ගන්න එක තමයි වැදගත්..

      වෙනසකටත් එක්ක මේ ෆිල්ම් එකෙන් පටන් ගන්න...:D

      Delete
  2. හින්දි ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ..

    ReplyDelete
    Replies
    1. ම්..මේ කතාව වෙනස් හරී...
      අන්තිම වෙනකම් වෙන දේ හිතාගන්න බෑ..

      Delete
  3. බොහොම ලගන්නා විදියට කහානි අපට සමිප කරලා.

    ReplyDelete
  4. බලන්න ඕනේ අක්කේ... ස්තූතියි...

    ReplyDelete
  5. ෆිල්ම් එකක් බලපු කාලයක මතක නැහැ.....

    ReplyDelete
    Replies
    1. අයියෝ මේ තරුණ ජනතාවට මොකද වෙලා තියෙන්නේ...මේ තුන්වෙනි සමාන කොමෙන්ටුව...හපොයි..

      Delete
  6. 'කහානි' ෆිල්ම් එක බැලුවා. හිතාගන්ට බැරි විදියේ අවසානයක් තියෙන්නේ. ගැහැනියකගේ හිතක තියන හයිය, මුලු කතාව පුරාම පැතිරිලා තියනවා. විද්‍යා බාලන්ගේ රඟපෑම ඉහලයි. මම හිතන්නේ ඒ රඟපෑමට, ඈට ගිය වසරේ හොඳම නිළියට හිමිවන Filmfare සම්මානය ලැබුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි එකතු කිරීමට..
      ඇගේ රඟපෑම නම් අති විශිෂ්ඨයි කියන එක මමත් පිළිගන්නවා..

      Delete
  7. ඔයා කොරියන් ඩ්‍රාමා ගෙනල්ල පිස්සුවක් හැදුවා මට එක සැරයක්... ඒ ගමන යටපත් වෙලා තිබ්බ හින්දි ෆිල්ම් පිස්සුවත් ආපහු ඇති කරන එකක්ද මන්ද මේ ලියල තියෙන්නෙ... ලියල තියෙන විදියට දැන් ඉතින් නොබලා කොහොමද.... :D

    ReplyDelete
    Replies
    1. හික්ස්..ඉන්පසු සිදුවන පවුල් ආපදා ආරවුල් සඳහා මම වගකියනු නොලැබේ...මේක විතරක් බලන්න මියුරු..නැත්නම් මනුගෙන් මටත් විසුමක් වෙන්නෑ..

      Delete
  8. මෑතක දි මාත් නරඹපු විශිෂ්ට ගණයේ සලරුවක්.....
    බලපු නැති කෙනෙක් ඉන්නව නම් බයිස්කෝප් එකට ගිහින් බාගෙන බලන්න.
    Kahaani (2012) | ඇගේ කතාව……..[සිංහල උපසිරැසි සමඟ]

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදාර..එකතු කිරීමට...
      මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..

      Delete
  9. මමත් එච්චර... ම්ම්ම් ... එච්චර නෙවෙයි, මොහොමවත්ම හින්දි ලෝලියෙක් නෙවෙයි රූ.ඒක නෙවෙයි, කාලෙකින් ඔයාගෙම බ්ලොග් එකේ දැක්කෙ. :)

    ReplyDelete
    Replies
    1. ම්..මේ චිත්‍රපටිය වෙනස් එකක් හෙන්රි..උත්සාහ කරලා බලන්න..වෙනසක් දකින්න පුළුවන් වේවි.

      ඔයා කිව්ව එක ඇත්ත..මාත් මේ කාලෙකින් මේ පැත්තෙ ආවේ..:D

      Delete
  10. අගනා තොරතුරක්.රසවත් විග්‍රහයක් චිත්‍රපටයක් ගැන කෙටියෙන් සරලවම.. කාලෙකින් හින්දි ෆිල්ම් එකක් බැලුවෙ නෑ. මේ ටිකේ විවේකයෙන් ඉන්න නිසා චිත්‍රපටය හොයාගෙන බලන් ඕනේ.

    දැන් රූ කාර්ය බහුලවෙලා වගේ ඉදහිට ලියන්නේ.

    ReplyDelete
    Replies
    1. දැන් හොඳින් සුවයි කියා හිතනවා..විවේකීය ගත කරන්න වටින චිත්‍රපටියක්..

      ම්..කාර්යබහුලකමට වඩා වෙනස් විදිහට ලියන්න උත්සාහ කරන නිසා වෙන්නැති ලියැවෙනවා අඩු..

      Delete
  11. හින්දි ෆිල්ම්..?? හෙහ්...

    ReplyDelete
    Replies
    1. මොකද මොකද?...
      මේ වගේ චිත්‍රපටිවලට හිනාවෙන්න එපා ළමයෝ..ගොඩක් මහන්සිවෙලා හදපු චිත්‍රපටි..:)

      Delete
  12. කාලෙකින් මොකද වෙලා තිබුනේ.

    අළුත් එකක් වගේ ෆිල්ම් එක..

    ReplyDelete
    Replies
    1. ගිය අවුරුද්දේ බොලිවුඩ්වල නිර්මාණය වුනු ලස්සන චිත්‍රපටියක්...

      මේ දවස්වල ලියන්න ලොකුදෙයක් තිබුනේ නෑ අසරණයා...ඒකයි කාලෙකින් මේ...

      Delete
  13. Replies
    1. බලන්න වටින චිත්‍රපටියක් රෙහානි..

      Delete
  14. මම බලපු සුපිරිම හින්දි චිත්‍රපටියක්... කාලෙකින් බැලුවේ නෑ එහෙම Film එකක්... thalaash ඒ වගේම අන්තිම මොහොත වෙනකන්ම කථාව හිතාගන්න බැරි film එකක්...

    ReplyDelete
    Replies
    1. තලාෂ් බලන්න හිතාගෙන ඉන්නවා..වෙනස් කතාවක් කියලා කියනවා ඇහුනා බලපු අය...

      ස්තුතියි ප්‍රාර්ථනා එකතු කිරීමට...

      Delete
  15. නියමෙට විස්තර කරල තියනවා. කාලෙකින් හිතට දැනෙන ෆිල්ම් එකක් බැලුවෙ නෑ. අදම ඩව්න්ලෝඩ් කර ගන්න ඕනැ. ස්තූතියි කිව්වට!

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය බොලිවුඩ් සම්ප්‍රදායෙන් බැහැරව ගිය චිත්‍රපටියක් ගිම්..බලන්න වටින එකක්..

      Delete
  16. මේ චිත්‍රපටිය හොයාගෙන බලන්න ඕන.
    කොහෙද ඉතින් හින්දි කියලා කිව්වම බාගත කරන එවුන් නෑ නේ. ඔන්න ඉංග්‍රීසි එකක් ගැන කිව්වොත් කීපදෙනෙක් ගාව තියෙයි. :)

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත..
      බලාගෙන ගිහාම මේ ගොඩක් අයට හින්දි චිත්‍රපටි ඇලජික්නේ

      Delete
  17. බොහොම කාලෙකින් ෆිල්ම් එකක් බැලුවෙ නෑ රූ. ලියා තියෙන විදිහට නොබලාම බෑ. අපේ කොල්ලො ටික නම් කොහොම හරි බලා ඇති, අපි නොබැලුවාට. ස්තූතියි ! ලස්සන තිලිනයට.

    ReplyDelete
    Replies
    1. :)
      ස්තුතියි මේ පැත්තෙ ආවාට..

      Delete
  18. මම නම් හින්දි ෆිල්ම් බලන්නෙ නැති තරම්...එකම වට්ටෝරුව...

    ReplyDelete
    Replies
    1. දැන් බොලිවුඩ් රැල්ල වෙනස් වෙලා සිරා..
      ආයෙත් හින්දි ෆිල්ම් බලන්න පටන් ගන්න කාලෙ හරි..

      Delete
    2. දැන් අර හින්දි පිචර් වල හින්දි ගතිය ගිහින්. ඉස්සර හින්දි විදිහට ඇඳගෙන හින්දි සංගීතයට නටපු ජූහි චව්ලා ලා මධුරිලා කාජල් ලා නෑ. ඒ වෙනුවට රී-මික්ස් සංගීතෙට හොලිවුඩ් තාලෙට ඇඳගෙන නටන ඈයෝ ඉන්නේ.

      නැටුම විතරක් නෙමේ කතාවත් බටහිර ආරෙට යොමු වෙලා.

      Delete
  19. රූ මේක ලියලා තියන හැටියට බලන්නම හිතෙනවා. හොයාගන්න හැටි තමයි හිතා ගන්න බැරි

    ReplyDelete
    Replies
    1. මෙතන ලිස්ට් එකෙන් එකක් තෝරගෙන බාගන්න පුළුවන්ද බලන්න සයුරි?

      Delete