Tuesday, December 25, 2012

කඳු කතා 5: ත්‍රී ලේයර් බත


ගවේෂණ මතක පොතේ තවත් පිටුවක් කාලෙකට පස්සෙ........

        සරසවියේ ඉන්නැද්දි කල ගවේෂන අතුරින් දින එකකට වැඩි ගවේෂන වලදි ලැබෙන මතක සටහන් නම් අපමණයි. මේ මතක වලින් ගොඩක්ම අයිති වෙන්නෙ කෑම පිසින වෙලාවෙදි. ගෙදර අයට විතරක් කෑම උයලා පුරුදු ඈයෝ හා කෑම උයන්නේ කුස්සියේදැයි වත් නොදන්නා ඈයෝ එකට එක්ව තිහක් හතලිහක් පිරිසකට කෑම ඉවීමේදී උපදිනා රසකතා බොහොමයි.
        එවන් රස මතක රැසක් ඉතිරි කල ත්‍රී ලේයර් බතෙහි රෙසිපිය මෙහෙමයි.




අවශ්‍ය ද්‍රව්‍ය:

  • 20කට පමණ කන්න ඇති තරම් සහල්- (ලේයර් වල ගුණාත්මක භාවය වැඩි කරගැනීමට වඩා සුදුසු වන්නේ කැකුළු සහල් බව මතක තබා ගන්න. තවද සහල් ප්‍රමාණය සැලකීේදී අවැසි ප්‍රමාණය මෙන් දෙගුණයක් සපයාගැනීමෙන් බත් මදිවීමෙන් සිදුවන අපහසුතා මඟහරවා ගත හැකිය)
  • අවශ්‍ය තරම් වතුර (කඳුකර ප්‍රදේශයකදී නම් හැකි තරම් සීතල වතුර පාවිච්චි කිරීමෙන් බතෙහි ලේයර් ගණන වැඩි කර ගත හැකිය.)
  • ලුණු අවශ්‍ය පමණ (කැට,කුඩු යනාදී ඕනෑම ප්‍රමාණයෙන්. නිවැරදි වෙලාවට එකතු කිරීමට අමතක වූයේ නම් බත ඉදුනු පසුව ලුණු වතුරේ දියකොට ඉසිය හැක)

අවැසි උපකරණ

  • කල්දේරමක් (ගෙනයාමට පහසු බැවින් ලොකු සාස්පානක් හොඳ තේරිමකි)
  • කල්දේරම තැබිය හැකි අසමාන ගල් තුනකින් සැදි ලිපක්. (අසමාන ගල් මගින් බතෙහි ලේයර් වලට මනා නිමාවක් ලබා දෙයි)
  • බත හැඳි ගෑම සඳහා පත්තක්
  • තෙත දර (දර තෙත වූ තරමට ලේයර්වල ගුණාත්මක බව වැඩි වන තර පිසීමේ කාලය වැඩි කර දෙයි)

කාළගුණය

  • මදක් වැසි සහිත සීත කාලගුණයක් නම් වඩා සුදුසුයි. පරිසරයේ උෂ්ණත්වය ලේයර් ගණනට අනුලෝමව සමානුපාතික බව සොයාගෙන ඇත. 

සාදන ක්‍රමය
       මෙසේ ලේයර් සහිත බතක් සෑදීමට සුදුසුම වන්නේ කඳු මුදුනක් හෝ ආසන්න ප්‍රදේශයකි. අඩු උෂ්නත්වයකදී වතුර නැටීම නිසා හාල් නියමිත ප්‍රමාණයට තම්බාගැනීමට අපහසු බැවින් මෙම කෑම වට්ටෝරුව ඉපදුන බව කිව යුතුය.
      පළමුව ලිප් ගල් සාදා තෙත දර අවුලුවා ගන්න. මේ සඳහා අවැසි නම් භූමිතෙල් උපයෝගී කරගත හැකි වුවද ත්‍රී ලේයර් බත භූමිතෙල් බතක් වීමේ අවධානම නිසා භාවිත කරන භූමිතෙල් ප්‍රමාණය ගැන සැලකිලිමත් වන්න.
      හැකි සියළුම දෙනා ලිප වටේ එක්රොක් වීම මගින් ඇතිවන ඔක්සිජන් ඌනතාවය නිසා ලිප දැල්වීම පමා විය හැකි බව කරුණාවෙන් සලකන්න. තවද තෙත දර වලින් ඇතිවන දුම නිසා පෙනහළු ආරක්ෂා කරගන්න.
      අමාරුවෙන් ලිප දල්වා ගත් පසු වතුර පුරවා ගත් සාස්පාන ලිප මත තබන්න. මේ සඳහා කිහිප දෙනෙකුගේ සහය ලබාගන්නේ නම් වතුර වැටී අමාරුවෙන් දල්වා ගත් ලිප නිවී යාමට හැකි බව මතක තබා ගන්න. ඉන්පසු හැකි ඉක්මනින් හාල් එයට එකතු කරන්න. හාල් ගරා සෝදා පසෙක තැබීමට අවශ්‍ය නම් එසේ කලාට වරදක් නැත. උයන්නට නොදන්නා අයට වැඩ පෙන්වීමට හැකියාව ලැබෙන බැවින් ඔවුන් හට හාල් ගැරීමට පැවරීමෙන් උයන්නට ප්‍රථම හාල් “බත්“ බවට පත් කරගත හැකිය.



     හාල් නොසෝදා ගල් වැලි අයින් නොකර කඩේ ඇති බෑගය පිටින්ම සාස්පානට/කල්දේරමට දැමූවත් වරදක් නොමැති අතර එනිසා ඇතිවන මුහුණු ඇඹුල් වීම වලක්වා ගැනීමට ඒවා වී මෝලේදී හොඳින් පිරිසිදු කර ඇති බව අවට අයට පැවසීම නුවණට හුරුය.
    ඉන්පසු ලුණු එකතු කොට බත් ඉදෙන්න තුරු ලිප වටේ වාඩි වී අතුරු කතා වල්පල් දෙඩවූවාට වරදක් නැත. බත හැඳිගාන්නට ගන්නා පත්ත/ලීය ලිපක් ළඟටවත් නොගිය කෙනෙකුට ලබා දීමෙන් බතට නිදහසේ ඉදීමට ඉඩ හරින්න. අවට සිටින අයගෙන් පස්වෙනියාට බත් එක රොස් වන සුවඳ දැනුනු පසු බත් එක ලිපෙන් බාගන්න. 

   
විට පළමු ලේයරය හොඳින් කරවී රොස්වී තිබෙන අතර උඩම ලේයරය ඇටකුණා වී ඇත. මැද ලේයරය කෑමට සුදුසු මට්ටමක පවතී. ලේයර් ගණන වැඩිවන විට හාල් හා බත් අතර විවිධාකාරයේ සංයෝග දැකිය හැකි වනු ඇත.

   බත මේසයක පිළිගැන්වීමට සුදුසු මට්ටමේ නොමැති බැවින් සාස්පාන් පියනට බෙදාගෙන අනුභව කරන්න.

අන්තර්ජාලයේ හමුවූ රසවත් ත්‍රී ලේයර් බතක රෙසිපියක්.



පින්තූරු අනුග්‍රහය: මුහුණු ේ ගේෂක සංගෝ පිටුවෙන් හා අන්තර්ජාලයෙන්.

ප/ලි: ඔබ සැමට ප්‍රීතිමත් නිවාඩුවක්..!

54 comments:

  1. මාර රෙසිපියක්!!!

    අර පත්තෙන් හැඳි ගාන කොට, මේ ලේයර්ස් එකිනෙක් මිශ්‍ර වෙන්නේ නැද්ද?

    කන අයගේ ආදර කරුණාවත් එක්ක බත් එක නම් හරි රහ ඇති. හී හී...

    රූටත් ප්‍රීතිමත් නිවාඩුවක්...:-)

    ReplyDelete
    Replies
    1. මේකනේ පොඩ්ඩි..හැඳි ගාන්න පත්ත අරන් ගියාට ඇත්තටම හැඳි ගාන්නෙ නෑ..ඒක පාවිච්චි කරන්නෙ බත් එක ඉදෙනකම් බලාගෙන ඉන්නකොට කඩු සටන් එහෙම පුරුදු වෙන්න..හික්ස්..

      ඒක නිසා ලේයර් කවදාවත් මිශ්‍ර වෙන්නෙ නෑ..අනිත් එක තමා ඔයා කිව්වා වගේ කන අයගේ ආදර කරුණාව..අම්මලා තාත්තලා සමග හත්මුතු පරම්පාවම අඩු නැතිව මතක් වෙනවා..

      ස්තුතියි ඔයාට...

      Delete
  2. Replies
    1. ම්..ඔව් කතන්දර..මගේ කඳු කතා සීරිස් එකේ තියෙන්නෙ ගවේෂක සංගමයේ ඉද්දි සිදුවුනු මතක සටහන් තමා..මේ පින්තූරු ගත්තෙ මුහුණු පොතෙන්..

      Delete
  3. අයියෝ රූ මරු බත, හරියට බැන්ද මුලදි උයන බත් එක වගේ. බයටම පිච්චෙනවා නෙ. ඔයාටත් ප්‍රීතිමත් සතියක් නංගි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..පැත්තකින් නැන්දම්මා සුපවයිස් කරද්දිත් මෙහෙම වෙනවා තමා චාන්දි..ස්තුතියි..

      Delete
  4. හනු ශක්තිමත් වෙන්න ව්‍යායාමයක් විදියටත් මේ බත් කෑම හොඳයි කියලා මට හිතෙනවා! අක්කටත් අපූරු නිවාඩුවක්!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ලහිරු..උයපු ඈයො ගැන මතක් කර කර කන්න පුළුවන්..

      Delete
  5. ඇත්තට ලේයර් ටික මිශ්‍ර වෙලා හොඳ බතක් වෙන් නැද්ද මේ පත්තෙන් වැඩේ දෙනකොට...ඇට්ටකුනා වෙන්න ඉඩක් තියේද හැඳිගාන නිසා

    ReplyDelete
    Replies
    1. හික්ස්..හොඳ ප්‍රශ්නයක්

      පොඩ්ඩිට දුන්නු උත්තරේ බලන්නකෝ..
      මේ බත් එක හැඳිගාන පත්ත දෙන්නෙ ලිප ළඟින්වත් යන්නැති මනුස්සයෙකුට..එතකොට මේ ලේයර් වලට මොකුත් වෙන්නෙ නෑ..

      Delete
  6. හික්...නියම රෙසිපිය.... :)
    ඔයාටත් ප්‍රීතිමත් නිවාඩුවක්....!

    ReplyDelete
  7. අපේ එකෙක් උයද්දි හැමදාම ඩබල් ලේයර් දානවා දැන් බලෙන්ම අපි ඌට උයන්න දෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. වැදගත් තීරණයක් අවතාර්..හැබැයි බත් උයන මුල් දවස්වල අපි හැමෝම ඔහොමයි...

      Delete
  8. හිකිස්... මේ ටික ඩිස්පෙන්සරිත් වහලානේ... ඒක නිසා අළුත් අවුරුද්දෙම ටෙස් කරනවා... සුභ නිවාඩු කාලයක් අක්කේ...

    ReplyDelete
    Replies
    1. ටෙස්ට් කරලා නොබැලුවත් අළුත් අවුරුද්දේ යාළුවො ටික එකතු වෙලා ට්‍රිප් එකක් ගියා නම් හරි..

      ස්තුතියි යාළු මාළු..

      Delete
  9. හප්පා... අඳුරන කට්ටියක් ඉන්න ෆොටෝ ටිකක්. මම් බැළුවේ මෙතනින් කවුද රූ අක්කා කියලා. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට මම තෝරලම මම නොයින්න පොටෝවක් දැම්මෙ...හික්ස්..

      Delete
    2. තිත් දෙකයි පී

      Delete
  10. ශාහ්හ්හ්හ්හ්හ්හ්හ්!!! මරු රෙසිපිය!!!! :D

    අක්කටත් ප්‍රීතිමත් නිවාඩුවක්!!!

    ReplyDelete
  11. නියම රෙසපියක්. කෑවොත් සතියක් එකතැන සුවසේ ඉන්න පුලුවන්වේවි. සුබ විවේකි සතියක්

    ReplyDelete
    Replies
    1. ම්..සතියක්ම නෙවි..දවස් දෙක තුනක් වේවි වැඩිම වුනොත්..
      ඒත් කරන්න දෙයක් නැති කමට අපි ඔක්කොම කෑව දවසුත් තිබුනා...

      Delete
  12. පට්ට බඩ ගින්නේ ඉන්නකොට රොස් වෙච්ච බතක් කන්න ලැබුනාම හොදි ඕනේ නෑ.හම්බෝ.. ගෙදර ඉන්නකොට නම් වෙන හැලියක් හරි ලිපේ තියන්න පුළුවන්. ඒත් දන්සකලින්, මල ගෙදරකින් කනකොට....හප්පේ ලේයර් තුනේ බත් එක උයන විදිහ මරුනේ රූ අක්කේ.... නරකද ටීවී එකේ එක එක කෑම උයන කෙනෙක්ට හරි පෙන්නුවොත්.... හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පැතුම්ගේ අදහස නම් සලකා බලන්න වටිනවා..ටීවි එකේ දන්න කියන කාට හරි මේක කියවන්න දෙන්න ඕන..

      ගෙදර වුනත් ගොඩක් වෙලාවට වෙන හැලියක් ලිපේ තියන්නෑ..අම්මලා දන්නවා බත් එක ගොඩ දාන හැටි..ඒත් මේ වගේ ගොඩකට උයද්දි නම් ඇප නෑ..ගොඩ දානවා තියා හිතන්නවත් බෑ..ඒක නිසා ලේයර් තුන එකට මිශ්‍ර කරලා කන්න තමයි වෙන්නෙ..හික්ස්..

      Delete
  13. පිංතුරේ දැක්කහම නම් හිතුව ඇත්තටම රූ අලුත් රෙසිපියක් හොයා ගෙන කියල.

    ReplyDelete
    Replies
    1. මේක මගේ රෙසිපියක් නෙවි ගිම්..කඳු කතා වල ලියැවෙන්නෙ අපේ කඳු නැගීම්වල මතක සටහන් මේකත් ඒ වගේ

      හැබැයි වෙනදාට වැඩිය පින්තූරු වැඩියි..

      Delete
  14. අහ්, මරු රෙසපියක්නේ.. මං අදමයි ඇහුවෙත්.. නිවාඩු පාඩුවේ බලන්න ඕන හදන්න පුළුවන්ද කියලා..

    ReplyDelete
    Replies
    1. ඔයා ෆාමසියක වැඩ කරන නිසා බය නැතුව හදලා බන්න දිනේශ්..ඔන්න කලින්ම මම සුභ පැතුවා..හික්ස්..

      Delete
  15. සොදුරු මතකයක් රසවත් පෝස්ටුවක්.කදිමයි.

    ReplyDelete
  16. බත කාලා නේ අන්තිමට.. :) බලන්න ඕනේ වෙලාවක හදල..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කියනවා නම් කන්න සිද්ධ වුනා කියන එක තමයි හරි..හික්ස්..

      හදලා බැලුවට නම් කමක් නෑ..මම කිව්වා කියලා නම් කාටවත් කියන්නෙපා..:D

      Delete
  17. මේක කියවලා ඉවර උනාම මතක් උන දේවල් නම් හැබෑවටම සභයත්වයෙන් තොරනිසා ඕං ඒවා ලියන්න කරදර උනේ නෑ. ඇයි වදේ කලින් කියන්න එපායෑ මේක විහිළුවක්ය කියලා. හැමදාම වගේ මේකත් සීරියස් හිතලා කියවපු මට වෙච්චදේ මදෑ. මේ වෙලාවට තමයි.................................... රූට සතුටින් පිරි සුභ නව වසරකට ආසිරි........!!!!

    ReplyDelete
    Replies
    1. හික්ස්..කවුද ඔයාට කිව්වෙ මම සීරියස් දේවල් විතරක් ලියනවා කියලා..හපොයි..

      ස්තුතියි සරා..(අර ලියන්න හිතුන දේ නොලිව්වාට හොඳේ..)

      Delete
  18. අඩේ ..මන් හිතුවේ පුළුවන් එකක් කියලා :(
    හික්
    :D

    ReplyDelete
    Replies
    1. කන්න පුළුවන් රෙසිපි දාන ගොඩක් අය බ්ලොග් ලෝකෙ ඉන්න නිසා මම ඒ ගැන කරදර වුනේ නෑ රෙහානි..හික්ස්..

      Delete
  19. මම හිතුවා අලුත් රෙසිපියක් කියලා.. හය්යෝ..

    ReplyDelete
    Replies
    1. නත්තල් කාලෙට කන්න සුදුසුයි කියලා නම් මට සුවර් නෑ හරී..හික්ස්.

      Delete
  20. වෙනසකටත් වගේ හදල බලන්න ඕන.....අදමයි මේ පැත්තට ගොඩවුනේ ,,, අනේ මට මේ බ්ලොග් එක මග ඇරුනේ කොහොමද කියල හිතාගන්න බැහැ....

    ReplyDelete
    Replies
    1. හික්ස්..අළුත් අවුද්දේ මේ වගේ රෙසිපි හදලා මම නම් වගකීම බාර ගන්නෑ ඔන්න..

      සංජය ගොඩ කාලයකට කලින් නම් මේ පැත්තෙ ඇවිත් ගියා මතකයි..

      Delete
    2. වෙන්න ඇති මට මතක නෑ... මොකද අද වෙනකන් මේ බ්ලොග් එක ෆොලෝ කරලා තිබුනේ නැහැ.... ඒ කයි මේ කලින් පොස්ට් ටික මිස් වෙලා තියෙන්නේ ...රූ නම් ඉතින් ඉදහිට අපේ පැත්තට ගොඩවෙලා යනවනේ....

      Delete
  21. හික්ස්...නියමෙට ලියලා තියනවා. ලේයර් බතක් හරි ඔහොම කන්න තියනම් නියමයි

    ReplyDelete
    Replies
    1. ම්..ඒක ඇත්ත සයුරි..සරසවියෙන් පිටවෙලා මෙච්චර කාලෙකට පස්සෙ ඒ මතක සුවඳින් දැනන රසය අපමණයි..

      Delete
  22. Photoshop ලේයර් එක්ක හැමදාම හැප්පෙන මට 3 Layaer අලුත්ම ආරංචියක් බොලං...මේ බතේ රස එලද ?

    ReplyDelete
    Replies
    1. රස ගැන කියන්න නම් කාලම බලන්න ඕන යාළු..ඒ ගැන නම් කියලා වැඩක් නෑ..

      Delete
  23. මේක කියවල මම ට්‍රයි කරන්න හිතාගෙන හිටියේ.
    අපිට කොහෙන්ද කඳු නඟින ඈයෝ?

    ReplyDelete
    Replies
    1. ගෙදරදි නම් මේ රෙසිපිය ට්‍රයි කරන එක මෝඩ වැඩක් තමා..ඊටත් මේක රසම වෙන්නෙ අහම්බෙන් හැදෙද්දි..හික්ස්..

      කොහොම වුනත් දවස් දෙක තුනේ ට්‍රිප් එකකදි අත්හදා බලන්නකෝ..

      Delete
  24. මරු බතක් නේ...!මම මේ බැලුවේ අර පින්තූරු වල අක්කා ඉන්නේ කොහේද කියලා...

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට මම ඉන්න පින්තූරයක් නොදැම්මේ..ඒත් මුහුණු පොතේ පින්තූර අතරෙ මම නැතුවාමත් නොවෙයි..

      Delete
  25. කාලෙකට පස්සේ අක්කා කෑමකුත් අරගෙන ආවා වගේ :P

    ReplyDelete
    Replies
    1. කොහොමද මගේ රෙසිපිය හසිත..:P
      ම්..සෑහෙන කාලෙකින් තමා..ස්තුතියි මේ පැත්තෙ ආවාට..

      Delete