Tuesday, May 15, 2012

දිනපොතෙන් 5: තත්පර විස්සක් ජීවිතය ගැන..

           තමන්ගේ මරණයට දින කිහිපයකට පෙර මිනිසෙක් තමන්ගේ දරුවන් ළඟට කැඳවා මෙසේ කීවේය.
“මරණය ඊළඟ ලෝකයට යෑමට ඇති එකම මාර්ගයයි. මම මැරෙද්දී අනිත් අයට උදව් කරන එක කොච්චර වැදගත්ද කියලා පෙන්නන්න සළකුණක් එවන්නම්. මම මැරුණාම ආදාහනය කරලා අළු ටික මගේ ආසම සංගීතය වාදනය කරන ගමන් ගඟේ පා කරලා හරින්න. “
            ඊට දින දෙකකට පසු ඔහු මිය ගියේය. ඔහුගේ මිනිය ආදාහනය කොට අළු බඳුනත්, සංගීත පටයත්, කැසට් රෙකෝඩරයත් රැගෙන ඔහුගේ දරුවන් ගං වෙරළට ගියහ. අළු බඳුන ඇරීමට කොපමණ තැත් කලත් එහි මූඩිය කිසිවෙකුට විවෘත කල නොහැකි විය. දරුවන් අසරණව වට පිට බලද්දී ගං ඉවුරේ ඇවිදමින් සිටි සිඟන්නෙක් ඔවුන් වෙත පැමිණියේය.
“මොනවහරි ප්‍රශ්නයක්ද?“
“අපි පියාගේ අළු ගඟේ පා කරන්න ආවේ. ඒත් මේ පියන අරින්න බෑ.“ දරුවන් අළුබඳුන දක්වමින් පැවසූහ.
ඔහු හොඳ මිනිසකු විය යුතුයි. මට මේක දැන් ලැබුනේ.
අත තිබුනු ස්කුරුප්පු නියන දක්වමින් සිඟන්නා කීවේය.


උපුටාගැනීම: http://paulocoelhoblog.com/2011/07/06/the-screwdriver/


      අප අතරින් වෙන්ව ගිය ඔබ්සර්වර් බ්ලොග් සහෘදයාට මේ සටහන උපහාරයක් වේවා.!

15 comments:

  1. ඇත්තටම හොඳ මිනිස්සුන්ට වරදින්නේ නැහැ මරණින් පස්සේ වුනත්.

    ReplyDelete
  2. වෙනස්ම ආකාරයේ පෝස්ට් එකක් "ඔබ්සර්වර් බ්ලොග් සහෘදයා පිළිබඳව" මේතරම් සටහන් ලියවෙන්න එතුමා ඉතාම සොඳුරු මිනිසෙකු බව වැටහෙනවා.ස්තූතියි රූ.. මේ සටහන අපිත් එක්ක එතුමා වෙනුවෙන් බෙදාගත්තාට.

    ReplyDelete
  3. ඔබා මාමේ ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  4. මේව කියෙව්වම මැරෙන්නත් එපා වෙනවා අප්පා....
    පාඋලෝගේ කියවීම් නම් කවමදාවතෙ පා වෙන්නේ නෑ. මට සමීපම ලේඛකයා...

    ReplyDelete
    Replies
    1. *කවදාවත් එපා වෙන්නේ නෑ * වියයුතුයි.

      Delete
  5. වෙනස්ම විදියේ ලස්සන පෝස්ට් එකක්...ස්තුතියි රූ

    ReplyDelete
  6. වෙනස්ම පෝස්ට් එකක්.. තමන් කරපු හොද මරණින් මතුත් තමන්ට ප්‍රතිඵල දෙනවා..

    ReplyDelete
  7. හිත හැදෙන විදියේ පෝස්ට් එකක් රූ...ස්තූතියි.

    ReplyDelete
  8. අපේ තාත්තා ගේ අළු අපි ගත්තේ පොඩි මැටි කලයකට.
    ඒක කැළණි ගඟ මැද්දට ගිහින් අඩිය හිල් කරලා පාකරළා අරින්නයි හැදුවේ.
    තත්පරෙන් ගඟේ ගිලුණා.

    ReplyDelete
  9. යුධපිටියෙ දී මෙහෙයුම් වලට යන අයට කොයි විදිහට මරණය අත් වෙයිද කව්රුත් දන්නැ. බොහෝවිට සමූහ වශයෙන් මිය යනවා. බෙල්ලෙ තියෙන තහඩු කෑල්ලෙන් මිය ගිය කෙනා කව්ද කියලා හොයා ගන්න පුලුවන් උනත් බෝම්බයකින් වගේ මිය ගියොත් තහඩු කෑල්ල තියා සිරුරේ සමහර කොටස් වත් ඉතිරි වෙන්නෙ නෑ. සමහරුගේ සිරුරු පිටින් වාශ්ප වෙලා.

    එතකොට සියල්ලන්ගේ ඉතිරි කොටස් ඔක්කොම ගෙනල්ලා එකම ගොඩක ගිනි තියනවා. පස්සෙ එදා ඒ මෙහෙමයුමට ගිය අය ගානට මුට්ටි ගෙනල්ලා ඒවාට සමානව බෙදනවා. පස්සෙ මෙහෙයුමට ගිය අගේ නම් ලිස්ට් එක අරගෙන ඒ මුට්ටි වල ලියලා ගෙවල් වලට යවනවා.

    - ජනප්‍රිය බ්ලොග් කරුවෙක් (සමහරු නං කියනවා ජනප්‍රිය නෑත් කියලා:D)

    ReplyDelete
  10. සහතික ඇත්ත කතාව අක්කෙ.

    ReplyDelete
  11. ඇනෝ ඔබ අදහස් කලේ කුමක්දැයි පැහැදිලි නැත.හැකිනම් පහදා දෙන්න.

    ReplyDelete
  12. ඇත්ත තමයි අක්කේ... අනිත් මිනිස්සුන් ට ආදර්ශයක් වෙන විදියට ජීවත් වෙලා මැරෙන එකයි වෙන්නෝන!

    ReplyDelete
  13. @සහෘද ඔබ සැම වෙත,
    මේ බ්ලොගයේ බොහෝවිට ලියැවෙන්නේ මට “හමු වූ“ ලස්සන දේවල් ගැන..ඒත් මේ පෝස්ට් එකට මොනව හරි ලියන්න ගොඩක් හොයන්න වුනා..කොහොම වුනත් අපි හැමෝටම කවදහරි දවසක ජීවිතේ අනියත බව පසක් වේවි..

    කොමෙන්ටුවක් දාලා ගිය ඔයාලා හැමෝටම ස්තුතියි..
    අද නම් වෙන වෙනම උත්තර දෙන්න මට හිතෙන්නෑ..අපි ඊළඟ පෝස්ටුවෙන් හමුවෙමු..

    ReplyDelete
  14. HasithaMay 18, 2012 9:07 AM said:

    මොකද මේ "දිනපොතෙන් 5: තත්පර විස්සක් ජීවිතය ගැන.." post එකට comment කරන්න බැරි. ඔන්න ඒකට දාන comment එක මම මේකට දැම්මා :D

    හරි අමුතු කතාවක්.... ඒත් ඒ අමුතු බව ගැන පුදුම වෙන්න ඕනේ නැහැ. ඒ කතාව පාවුලෝ කොයියෝගේ කියලා දැනගත්තම. ජීවිතේ අමුතුම ආකාරයකින් එයාගේ පොත්වලින් කතා කෙරෙනවා. ස්තුති කතාව බෙදා ගත්තාට අක

    ReplyDelete