Tuesday, May 29, 2012

සිනෙ රූ: දඟකාර හාදුව 3

සෙනුක්ගේ දිනපොත
අද විසිපස් වෙනිදා
        මේ දවස්වල ඉස්කෝලෙ ඉන්න ළමයින්ට පිස්සු හැදිලා වගේ. වයසෙ වැරැද්ද! පිස්සුවෙන් වගේ ගෑනු ළමයි පිරිමි ළමයි යාළු වෙනවා කෝලම් කරනවා එක විකාරයි. මේ වයසෙ අය මෙහෙම හැසිරෙනවා කියලා සිග්මන් ෆ්‍රොයිඩ් කියලා තිවුනා එයාගෙ ප්‍රධාන සොයාගැනීම් වලදි. එක එක ජීවින්ගේ පැවැත්ම ගැන ලියවුනු පොත් ටිකක් ආපහු හොයාගෙන කියවන්න ඕන. අපේ පුස්තකාලෙ තියන පොත් ගොඩක් මම දැනටමත් කියවලා තියන නිසා ඒ පොත් ගැන හොයන්න තැනක් බලන්නත් ඕන. මේ ඔක්කොම අටමගල් අද ලියන්න වුනේ පුංචි සිද්ධියක් නිසා.

        අද උදේම මම ඉස්කෝලෙ ගියේ මේ දවස්වල මම කරන්න ඉන්න පරීක්ෂනයක කරණු හොයන්න. පොත් ටික ගන්න ලොකර් එක අරිද්දි  ලාකොළ පාට ලියුම් කවරයක් බිම වැටුනා. මගේ නම ගහලා තිවුන නිසා මම ඒක කියවන්න පටන් ගත්තා.
       මේ එස්එම් එස් ඊමේල් යවන කාලේ කවුද මේ ලියුම් ලියන්නේ. මට එහෙම හිතුන එක අසාධාරණ නෑ. එක “පෙම් හසුනක්“. මෙච්චර කාලෙකට හම්බවුන පළවෙනි එක. පටන් අරන් තිවුනෙ 
“ආදරණිය සෙනුක්..,“
        මේක ලියපු කෙල්ල (පහන්දි කියලා කෙනෙක්)ට නම් බාගෙට පිස්සු වෙන්නොනැ. මෙච්චර ව්‍යාකරණ අකුරු වැරදි කරන්න පුළුවන්ද හයිස්කූල් තුන්වෙනි පන්තියේ ඉන්න කෙනෙකුට. (ඒක ලියුමේ තිබුනා). මට අතට අහුවුනු රතු පෑනෙන් වැරදි ඔක්කොම මාක් කලා. D- එකක් ඇරෙන්න වෙන ග්‍රේඩ් එකක් දෙන්න බෑ.!


අද විසි හය වෙනිදා
       අද විවේකය වෙලාවෙ පුස්තකාලෙ පැත්තෙ යන්න පඩි පෙළ නගින වෙලාවෙ කවුදෝ මහත කෙල්ලෙක් පහන්දී කියලා කෑගහන්න පටන් ගත්තා. එතකොට තමයි මට මතක් වුනේ ඊයේ “පෙම් හසුන“. මම ලොකර් එකට ගිහින් ඒක අරගෙන ඇවිත් පහන්දි කියන්නෙ කවුද කියලා බැලුවෙ. පඩිපෙල උඩ ඉදන් මම කතා කරනවා අනිත් අය සේරටම ඇහුනා. මම කරන්න හිතාගෙන හිටපු වැඩේ ටිකක් විතර අවුල් කියලා හිතුනේ ඒ ගෑනු ලමයා දැක්කාම.
     සුදු, මූණ රවුම් අහිංසක පෙනුමක් ඒ ගෑනු ළමයට තිවුනෙ.හරියට අකුරු ටිකක් ගලපලා මොකුත්  ලියාගන්න බැරි වුනාට හිතේ තියන දේවල්!
“ආ මෙන්න“ මම D- ලියුම දික්කලා. 
“මම හිතුවෙ නෑ ඔයා මට උත්තරයක් දෙයි කියලා. තැන්ක්යූ“ ඒ මූණෙ ඇඳුන හිනාව හරියට පොඩි ළමයෙකුට සීනි බෝලයක් ලැබුනා වගේ. මට හිත යටින් හිනා.
“මම මේක දැන් කියවන්නද?“ ගෑනුළමයා ඇහුවා. ඒ වෙනකොට ඒ නාටකේ බලන්න වටේ පිටේ හිටපු හැමෝම රැස් වෙලා හිටියෙ. ඒ ළමයා ඒක දිගෑරියෙ මල් පෙත්තක් අතගානවා වගේ. මගේ හිනාව පිටට පනින්න ඔන්න මෙන්න තිවුනෙ.
       ලියුම දැක්ක ගමන් ඒ මූණ රතු වුනා. ඇස්දෙක බිමට හැරුනා. පැත්තක හිටිය තව ගෑනු ළමයෙක් ලියුම උදුරලා අරන් හැමෝටම ඇහෙන්න කියෙව්වා.
“ ඔයා සෙනුක් අයියට ලියුමක් ලියලද? කෝ බලන්න.මේක හරියට එක්සෑම් පේපර් එකක්වගේ හරි වැරදි ලකුණු කරලා“
// මම ඔයාට මොනවා කියන්නද කියලා මට තේරෙන්නෑ. වනාන්තරයේ සුරංගනා කුමාරයා කියලා කතා කලොත් හරිද මන්දා//
“තමුසෙලා ඔය  ෙමානවද කරන්නේ?!!“ 
       පැත්තක ඉඳපු හතේ පන්තියේ සචිත මැදට පැන්න. සචිතගෙ මූඩි එක දැක්කාම එනපොට හොඳ නැති බව තේරුන නිසා මට තේරුනා කියන්න ඕන දේ කියන්න වෙලාව හරිබව.
         ඒත් ඒ මූණෙ අසරණ හැඟීම දැක්කාම මගේ සැර ටිකක් බාල වුනා මම හිතන්නෙ.
“මෙහෙම වෙච්ච එක ගැන මට කණගාටුයි. ඒත්...මම මෝඩ ගෑනු ළමයි පෙන්න්න බෑ.“ මම එහෙම කියලා ආපහු යන්න හැරුනා. 
       එතකොටම සචිත රණ්ඩුවක් අල්ලන්න ලෑස්ති වෙලායි හිටියෙ.
“තමුසෙ ඔය කොහෙද යන්නෙ?  කරුණාකරලා සමාව ගන්නවා එයාගෙන්“ සචිතගෙ තරහා පාලනය කරගෙන කිව්වෙ. ඌට මොකටද මෙච්චර තරහ යන්නෙ. මට හිනා ගියා. 
“තමුසෙට මෙච්චර හරියක් වෙලා තියෙද්දි හිනාද? කරුණාකරලා සමාව ගන්නවා පහන්දිගෙන්“
“මොකටද? වැරදි හැදුවටද නැත්තං ඇත්ත පෙන්නලා දුන්නටද?“
“තමුසෙට මේකේ පේන්නෙ වැරදි විතරද? මේ වචන නිකංම නිකං වචන විතරද? තමුසෙට එක ඩිංගක් මේ වචන වල තියන හැඟීම් තේරෙන්නැද්ද?“
මට ආයෙත් හිනා ගියා.
“මේ ජරා සතා ආපහු හිනා වෙනවා. එහෙනම් බලාගන්නවා තමුසෙ“ 
      සචිතගෙ අත එක පාරටම මගේ කන ලඟින් ගියා. මම ආරක්ෂාකාරීව අයින් වුන නිසා හැමෝම හිනා වෙන්න පටන් ගත්තා.
“දැක්කද? දැක්කද? ඇයි තමුසෙ බයද එනවා ගහ ගන්න එනවා එනවා..“ 
“සචිත........!!“ එක පාරටම ඇහුනෙ ප්‍රින්සිපල්ගේ හඬ. 
        මම අද තමා මූට හොඳ පාඩමක් උගන්න්නෙ. හැමදාම හරියට පාසල් වැඩ කරන නිසා ප්‍රින්සිපල් මට කොහොමත් කැමතියි. 
“සචිත..දැම්ම එනවා මගේ ඔෆිස් එකට..හා දැන්ම“ 
“අයියෝ සර් කියන දේ අහන්නකෝ. මොනවත් උනේ නෑනේ“ සචිතගෙ චංඩි පාට් ඉවරයි.
“මම මොකටද තමුසෙ කියන දේවල් අහන්නෙ..ආ සෙනුක් පුතා යන්න මේවා ගණන් ගන්නැතුව ගිහිල්ලා පාඩම් කරන්න. මේ වගේ ළමයි ආශ්‍රය කරන්න එපා.“ ප්‍රින්සිපල් එහෙම කිව්වෙ සචිතව පෙන්නලා. 
        මට ආයෙත් හිනා ගියා. දැන් නම් කට වහගෙන හිටියා ඇති. 
“අර චාට් එක දිහා බලන්න“ ගිය පාර මාසික පරීක්ෂනයේ ප්‍රතිඵල තියන වගුව දිහාට මම අත දික්කලා.
“රතු පාට අරන් තියන අය සීයට හතරයි. උපරිම ප්‍රතිඵල. ඊළඟ තැඹිලි පාටින් පෙන්න 31%  සාමාන්‍යයෙන් අවුරුදු තුනකින් හයිස්කූල් ඩිප්ලෝමා එක පාස් වෙනවා. ඊළඟ කහ පාටින් පෙන්න ලකුණු ගත්ත අය අවුරුදු හතරකින් ඩිප්ලෝමා එක ගනීවි. ඊළඟට කොළ පාටින් පෙන්න අය ඉගෙන ගන්නවට ඉගෙන ගන්න අය , අන්තිමට දම්පාට. ඒ තමුසෙ අයිති වෙන කැටගරි එක. ඒ කියන්නෙ තමුසෙ මුළු පාසලටම ලැජ්ජාවක්. එහෙම තමා විදුහල්පති තුමා කියන්නෙ“ මම කියාගෙන ගියේ සචිතත් පහන්දිත් දිහා බලලා. 
     මේ කතාව මට ඇහුනෙ කලින් දවසෙ පොත් ටික බාර දෙන්න ගුරු කාමරේට ගියපු වෙලාවෙ. 
“මේ මාසෙත් වෙනදා වගේම දක්ෂම ළමයි පනස් දෙනාට පුළුවක් විශේෂ අධ්‍යයන කාමරේ පාවිච්චි කරන්න. ඒත් ඔයාලට මේක නිකම්ම නිකම් අංකයක් විතරයි. මේ චාට් එක ඉස්සරහ ඉඳගෙන උකුළු මුකුළු කර කර ඉන්නවා මිසක් මොළේ පාවිච්චි කරලා වැඩක් කරන්න හිතන්නෑ. මේ විදිහට ගියොත් තව ටික දවසකින් ඔය මොළවල මලකඩ විතරයි ඉතුරු වෙන්නෙ. අවාසනාවට මේ වගේ මොළේ මලකඩ කාපු ගෑනු ළමයි මට පේන්න බෑ.“ 
         මම අන්තිමට මේක කියලා කට්ටියම කට ඇරගෙන බලන් ඉද්දි මම එතනින් ආවා. පහන්දිගේ මූණ රතුවෙලා අඬන්න ඔන්න මෙන්න තිවුනා මට යාන්තමට පෙනුනා. මේ වගේ මෝඩ කෙල්ලන්ට ඔහොම කියලා මදි. ලියුම් ලියලා වැඩේ වල් කලා මදිවට තව එනවා එක එක කොල්ලො ලවා මට ගස්සනත්.!!
         ඉස්කෝලෙ ඇරියා යද්දි ඒ ගෑනුළමයා ඉස්කෝල වටේ දුවනවා දැක්කාම මට ආයෙත් හිනා ගියා. මම කතා කලා සැර වැඩිද මන්දා...


රූගේ සටහන:
අපි හෙටත් සෙනුක්ගේ දිනපොත කියවමු.ඊළඟට මොකද වෙන්නෙ කියලා.කෝ තාමත් කවුරුත් හරියට කතාවෙ නම නම් කිව්වෙ නෑ.
පහන්දිගේ දිනපොතේ පිටු මෙතැනින් කියවන්න. 

39 comments:

  1. එහෙම කරපු එක පව් හැබැයි.. මොකද ආදරේ කියන්නේ හිස් වචන ගොඩක් නෙවේ වැරදියට ලිව්වත්..

    මට මතක් වුනා අපේ එකෙක් ගේ ලියුමක් පිනාට අහුවුනා..

    මම ඔයාට ආදරෙයි එක පොර "මම ඔයාට අදරෙයි" කියල ලියල.

    පන්තිය මැද සර් කිව්වා තෝ කොහෙ රිව්වත් ඉස්කෝලෙ ඇතුලෙ රෙන්න එපා කියාල..

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත..
      සමහර අය ජීවිතේ මේ වගේ දේවල් වලට දෙන වටිනාකම අඩුයි..
      හික්ස් සර්ලා කොහොමත් ඔහොමයි අප්පා..

      Delete
    2. මමත් දැන් සිංහල ටයිප් කරනකොට ඔයවගේ. හැබැයි තාම 'මම ඔයාට අදරෙයි' කියලා නම් ටයිප් කලේ නෑ. :D:D:D

      Delete
    3. ඔය ටයිප් කරලා තියෙන්නෙ... :D:D:D

      Delete
    4. @අ‍ඩවි රජ - බලපං පො.කු. ගේ බොරුව අතේ මාට්ටු

      Delete
    5. @පොඩ්ඩි,
      මට නම් නිතරම වරදිනවා අනේ..
      මම ඔයාට ආදරෙයි කියාල ටයිප් කරන් තියෙන්නෙ ඊළඟ පෝස්ටුවේ..ඒකවත් හරියට කරන්න ඕනෑ..
      කෝ මේ බුද්ධි..එයාට තමයි මගේ අකුරු වැරදි නිතරම පේන්නේ..!!

      @අඩවි රජා,
      හික්ස්..:D

      Delete
  2. හරිම හැඟීම්බරයිනේ අප්පා. කොරියන් කතාවක් වුණත් අක්කා ලියන විදිහට අපේ කමක් හැඟෙනවා. හරියට සෙනුක්ලා පහන්දිලාව අපිත් දන්නවා වගේ

    ReplyDelete
    Replies
    1.  ස්තුතියි මලේ..ඔයාගෙ වචන ටික හරියට වටිනවා..
      මම කතාවෙ තියන නම් වෙනස් කලා නැත්නම් කියවන අය අවුල් වෙන නිසා..

      Delete
  3. Replies
    1. හෙට හරි අනිද්දා හරි ආපහු එන්නකෝ එහෙනම්..

      Delete
  4. මගේ යාලුවෙක්ට කෙල්ලගෙන් ලැබුණු ලියුම් මිටියක් අම්මට අහු වෙලා දවසක් යාලුවා ගෙදර යනකොට අම්මත් ඔය විදියට ලියුම් වලට හරි වැරදි දාලා ලකුණුත් දාලා තිබුනලු :ඩි

    ReplyDelete
    Replies
    1. හික්ස්..ඒක නම් මරු වැඩේ..

      Delete
    2. සයුගෙ කතාවට මතක් වුනේ..මට හම්බ වුන පළවෙනි ආදර ලියුම කියවන්නෙත් නැතුව මම පුච්චලා දැම්මනේ..අයියෝ දැන්නම් හිතෙනවා අපරාදෙ කියලා..හික්ස්..

      Delete
  5. කතාවේ නම කියන්න හටියටම දන්නේ නැතුව අක්කේ මේ ඉන්නේ.. :)

    ReplyDelete
    Replies
    1. හෙට අනිවාර්යෙන්ම කියන්නම්කෝ මල්ලි..

      Delete
  6. කතාවේ නම - Playful Kiss :)

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඇති යන්තම්..එක්කෙනෙක් හරි මේ කතාව බලලා තියනවා..
      ස්තුතියි මේ පැත්තෙ ආවාට..

      Delete
  7. අනේ පව් අනේ .... දුක හිතෙනවා...ෆිල්ම් එකේ නම Playful Kiss. අන්න උඩින් 'මතකයන්' මට කලින් කියලා...:(

    ඔයාට පොඩ්ඩක් ඉන්ට බැරි උනාද? :D

    ReplyDelete
    Replies
    1. අයියෝ පොඩ්ඩි කලින් කියන්න එපැයි..
      ඔයත් මේ කතාව බලලා තියනවද?

      Delete
  8. ඇති යන්තම් ඔය කියලා තියෙන්නෙ නම.කොරියන් කතා බහුතරයක් ලස්සනයි නේද අක්කේ.කාලයක් අපේ ඩිපාර්ට්මන්ට් එකට පිස්සුවක් ගහලා තිබුනා කොරියන් ෆිල්ම්ස් වලට.My sassy girl,my little bride තව නම් මතක නැති ගොඩක් ඒවා බැලුවා ඒ කාලෙ.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ පිස්සු නම් ලේසියෙන් බෝවෙන වර්ගයේ ඒවා..
      තැන්කූ නිසූ මේ නම් ටිකට..ඔන්න මම බලන්න ඕන ලිස්ට් එකට දාගත්තා..

      Delete
    2. ෆුල් හවුස් සීරිස් එකත් මේ ගොඩට දාමු නේද:)

      Delete
  9. ඔය කියලා ති‍යෙන්නේ නම.කොහොම වුනත් අදත් කතාව ලියලා තියන හැටිනම් ගොඩක් ලස්සනයි රූ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩක්..
      අන්තිම කොටස බලන්න හෙටත් එන්න...

      Delete
  10. ඌ මහ බල්ලෙක්. ඔලුව ඉදිමිච්ච හිස් කළගෙඩියක්.

    ReplyDelete
    Replies
    1. හික්ස්..
      ඔයා ලංකාවට ඇවිල්ලා නරක් වෙලාද මන්දා..

      Delete
  11. මැද්දෙන් කතාවට පැනපු නිසා පොඩ්ඩක් විතර තේරෙනවා මදි වගේ

    ReplyDelete
    Replies
    1. ඔයා මුල ඉඳන් කියවලා එන්න..එක්කො නැත්තම් අන්තිම පෝස්ටුවේ ලින්ක් වලින් ගිහිල්ලා ටීවි සීරිස් එක බලන්න..

      Delete
  12. මේ චිත්‍රපටය යොවුන් කතාවක් වගේ පේනවා.සෙන්ක් ලා වගේම පහන්දිලාත් අපි අතර නූතනයේ ඉන්නවා. මේවගේ චිත්‍රපට නම් ගෙස්ට් කරන්න අමාරුයි අධ්‍යක්ෂනය කවුද කිව්වොත් අපි ෆිල්ම් එකේ නම් කියන්නම්

    ReplyDelete
    Replies
    1. කමක් නෑ..අන්තිම කොටසත් බලන්නකෝ..
      මේ වගේ කතාවක් ඔබගේ රසවින්දන පරාසය තුල තිබේදැයි මට නම් සැකයක් ඇත..
      කොහොම වුනත් අපිත් ටික වෙලාවකට හරි බොළඳ වෙන්න කැමතියි..

      මෙම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂනය: හ්වෑන්ග් ඉන් රෝ
      නිර්මාණය: ජපන් ජතින ටඩා කඔරු
      දකුණු කොරියාවේ MBC ජාලයේ විකාශය වුනු ටෙලියක්...

      Delete
  13. කොරියන් කතා බලන්න මට පුරුදු කරපු කෙල්ල මාව දාලා ගියා... දැන් මට ඒ ෆිල්ම් පේන්න බෑ...
    අක්කා ලියන හින්දා පොඩ්ඩක් ඔලුව දැම්මේ...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හික්ස්..
      කෙල්ලො දාලා යනවා කියලා ඔයාට තව මොනවා පෙන්නන්න බැරිවෙයිද දන්නෑ,.ඕවත් ප්‍රශ්නද රජතුමනි..!!

      ස්තුතියි

      Delete
  14. අනේ මන්දා මට තේරෙන්නේ නෑ අයියෝ....

    ReplyDelete
    Replies
    1. අයියෝ ඇයි ඒ..
      කමක් නෑ...මම මේක අවුල් කලාට ගණන් ගන්න එපා..
      ටීවි සීරිස් එක බලන්නකෝ..

      Delete
  15. ඔහොමමයි මෝඩ කොල්ලො මුලදි. පස්සෙ ඉතින් බේරෙන්න පොළොවෙ වලක් කොටාගෙන හැංගෙන්න වෙයි පහන්දි ට

    ReplyDelete
    Replies
    1. හික්ස්..ඒක ඇත්ත..
      මේ කතා සීරිස් එක ඉවර වෙන්නෙ ඔය වගේ කියමනකින්..
      ස්තුතියි සිඳු..

      Delete
  16. ආ............ මමත් බලලා තියෙනවා.... playfull kiss.. හි හි.. කොරියන් කතා කාල ඉන්නෙ අපි....

    බෙක් සං ජෝ.... :D

    ReplyDelete
    Replies
    1. ම්...එහෙනම් තව කතා කීපයක් කියන්න බලන්න මටත් බලන්න..

      Delete