Wednesday, November 16, 2011

කමිං...Come In...

පළවෙනි කතාව
මේ සිද්දිය සිද්ද වෙලා තියෙන්නෙ පිටරටක ඉගෙන ගන්න ගිය යාළුවෙකුට (ගෑනු ළමයෙකුට). මෙයාලා කට්ටිය සෙට් වෙලා තවත් ඒ රටේම පිරිමි යාළුවෙක් හම්බවෙන්න එයාගෙ බෝඩිමට ගිහිල්ලා. ගෙවල් කිව්වට ඒවා එක කාමරයක් බාත්රූම් එකක් තියන පොඩි අපාට්මන්ට් ටයිප් ඒකක්. ගෙදර දොර ගාවට ගිහිල්ලා බෙල් එක ගහපුවාම මේ කට්ටියට ඇහිලා තියනවා ඇතුලෙ යාළුවා හයියෙන් කෑ ගහනවා.
කවුද ? .(සිංහලෙන් නෙවේ..!!) .ඉතින් ගියපු අය අඳුන්නල දීපුවහම මෙයාලට ඇහුනලු මෙහෙම.
කමිං.
ඇතුලට එන්න කියලනෙ කිව්වෙ කියල හිතාන ලොක් කරල නැතිව තිබ්බ දොර ඇරගෙන මේ කට්ටිය ඇතුලට ගිහිල්ලා.
අනේ එතකොට යාළුවා ඉදල කියෙන්නෙ ඇඳුම් මාරුකර කර දොර අරින්න එන ගමන්.කමිං කියල තියෙන්නෙ coming (එනවා) කියන තේරුමෙන්ලු.ඇතුලට ගියපු අයට පොළව පලාගෙන යන්න හිතුනලු...


Picture courtesy :http://www.cartoonstock.com/
දෙවෙනි කතාව
මේ සිද්දිය වුනේ දර කපන්නගෙ කතාව කියල දුන්නු බොස්ටයි මට ඩ්‍රයිවින් උගන්නපු බොස්ටයි අල්ලපු රටේ සම්මන්ත්‍රණයකදි..හැමෝම දන්නවනේ අපේ අසල්වාසී රටේ අයගේ ඉංග්‍රීසි උච්චාරණය ටිකක් අමුතුයි කියලා. සම්මන්ත්‍රණය කරගෙන යද්ද් බොස්ල දෙන්නා මෙහෙම කථා වෙනවලු..
“මම හිතාන ආවෙ මේක තාක්ෂණික සම්මන්ත්‍රණයකට කියලනේ බලපුවාම තේරෙන්නැති බයොලොජිත් තියනවා වගේ“
“මටත් මීටර් වුනා.මෙයාලා මොනවද මේ  අරලිය ගැන නිතරම කියන්නේ.“
“මටත් හිතාගන්න බෑ අරලියත් එක්ක මේ මාතෘකාවට සම්බන්දේ කියලා.“
“පොඩ්ඩක් ඉන්නකෝ ආයෙත් අහලා බලමු.“
මෙහෙම දෙන්නා ටික වෙලවෙක් හොඳට අහගෙන ඉන්නකොට තමයි මීටර් වෙලා තියෙන්නෙ අරලිය අරලිය කියලා ඇහිලා තියන්නෙ Earlier කියන එකට කියලා.


ප/ලි/


එකම වචනෙ වුනත් වෙනස් විදිහට කියලා තේරුම වෙනස් කරන්න පුළුවන්. වෙනස් ජාතීන් තමන්ට හුරු විදිහට වචන උච්චාරණය කරන නිසා සමහර වෙලාවට අපි මඤ්ඤං වෙනවා. විශේෂයෙන් මැලේසියානු ජාතිකයො ඉංග්‍රිසි කතාකරන කොට හැමවෙලේම ලා කියල අගට එකතු කරනවා
ඕකේ ලා
යූ කැන් ලා
ටිකක් වෙලා යනකෙට තමයි සෙට් ‍වෙන්නෙ මේලා අහන්නෙලා ප්‍රශ්නයක්ලා කියලා..!!! මැලේසියාවෙ කට්ටියක් එක්ක වැඩ කරපු දවස්වල  අපි ඔෆිස් එකෙත් සිංහල කතා කලේ අගට ලා දාලා:)
භාෂාව තේරුම් ගන්න විදිහ අනුව ගොඩක් දේවල්වල තේරුම වෙනස් වෙනවා. පහුගිය මාසෙම වගේ රූ කරපු පැවරුම නාගන්න මූලිකම හේතුවක් වුනේ ඉංග්‍රීසි තේරුම් නොගැනීම.එයාල කියන දේ මට නොතේරීමත්  මම කියන දේ ඔවුන්ට නොතේරීමත්. මේ නිසා ව්‍යාපෘතිය කරපු නිරිතදිග ආසියාවෙ රටක මිනිස්සුන්ගෙ අම්මල තාත්තල පවා අපෙන් හොඳටම බැනුම් ඇහුවා මදි නොකියන්න. ඒත් වැඩැක් තියේයැ බනින එකත් තේරෙන්නෑ නෙ..!! දවස් 2-3කින් ඉවර කරන්න තිබුන වැඩේ සති 3-4ක් ගිහිල්ලත් තාම ඉවර නැත්තෙ මේ භාෂා ප්‍රශනේ නිසා‍.

13 comments:

  1. ටිකක් Earlier ම අරලිය කියන හරියට තේරුම් ගත්ත නිසා හොඳයි...නැත්තං එතෙනත් අපූරු නෑමක්...!

    ReplyDelete
  2. හපොයි..... මදැයි කොල්ලෙක්ව බලන්න ගියා...:D

    ReplyDelete
  3. අර කොල්ලට දෙයියන්ගෙම පිහිටයි....

    ReplyDelete
  4. කමින් කතාව නම් මරේ මරු !!!
    ඉන්දියාවේ උඡ්චාරණය ටිකක් වෙනස් තමා. අර මැච් වල එහෙම කියන්නේ "එනදර‍්ර ෆෝර‍්ර මෝර‍්ර" කියලා

    ReplyDelete
  5. @කතන්දර,
    හ්ම්...එහෙම කියන්නත් පුළුවන්

    @යාළුමාළු,
    හික්ස්..ඒක ඇත්ත..කොහොම වුනත් මේ වගේ වෙලාවල්වල කට ඇරියොත් නාගන්න එක සුවර්..නොතේරුනොත් කට පියාන ඉන්න එක තමා ඇඟට ගුණ..

    @නිසූ නගා,
    මේ කථාව මගේ යාළුවෙකුට උන වැඩක්.. තාම අපි හිනා වෙනවා..

    @දිනේශ්,
    කොල්ලට මේ සෙට් එක දැක්කම මොනවා හිතුනද දන්නෑ..

    @මධුරංග,
    ඉන්දියානු උච්චාරණය ගැන නම් මම දැන් එක්ස්පර්ට් (රූ මහත්තයා එහෙමයි කියන්නෙ)..එක අතකට ඉන්දියාවෙ අයගෙ තර්කය හරි..උච්චාරණය වෙන්නැත්තම් වචන මැද ආර් අකුරු දාලා තියෙන්නෙ අහවල් එකකටද?

    ReplyDelete
  6. ඇත්ත කතාව ලා.... ඉන්දියන්කාරයෝ 'ර' යන්න මරනවා ලා.. හික් හික්..

    ReplyDelete
  7. හෙහ් හෙහ් හෙහ් හෙහ්
    "මේ නිසා ව්‍යාපෘතිය කරපු නිරිතදිග ආසියාවෙ රටක මිනිස්සුන්ගෙ අම්මල තාත්තල පවා අපෙන් හොඳටම බැනුම් ඇහුවා මදි නොකියන්න.."

    ජප්පෝ එක්ක වැඩ කරලා මටත් දැන් එක එක කෑලි හුරුවේගන එනවා

    ReplyDelete
  8. ලස්සන කතාව. අර මධුරංගගේ කතා කෑල්ලත් මරුනේ...:D

    //"එනදර‍්ර ෆෝර‍්ර මෝර‍්ර"//

    තේරුනෙත් නෑ. හී හී...

    ReplyDelete
  9. මම ඉස්සර වැඩ කරපු තැනටත් එනව ඉන්දියන් කට්ටිය.....
    අලබෝල්.... අලබෝල්... කියනව

    Available.....Available....
    කියලයි කියල තියෙන්නෙ.....

    ReplyDelete
  10. @අයේෂා,
    ඉන්දියන් අයත් එක්ක වැඩ කරද්දිලා සමහර වෙලාවලට හිනා වෙලා ඉවර කරන්න බෑලා..හික්ස්..තැන්කූ මේ පැත්තෙ ආවාට

    @තිස්ස,
    මම කිව්ව රටත් ජපන්නු අල්ලගෙන හිටපු රටක්ලු..අනේ මන්දා තිස්ස අනාගතේ ඉංග්‍රීසි කතා කරද්දි අපටත් හිනා යයිද දන්නෑ..

    @පොඩ්ඩි,
    මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..
    මධු මල්ලිගෙ කථාව මටත් ටිකක් වෙලා ගියාම තමා සෙන්ටර් වුනේ..හික්ස්

    @අසේල,
    අනේ මන්දා එක වෙලාවකට හිතෙනවා අපි එහෙම හිනාවෙන එක හොඳද දන්නෑ කියලා..තැන්කූ මේ පැත්තෙ ආවාට සහ අළුත් වචනය් කියලා දුන්නාට ..මරු කතාව..

    ReplyDelete
  11. හලේ මාරු අප්පා කතා දෙකම

    ReplyDelete
  12. @වර්ණා,
    තැන්කූ තැන්කූ..

    ReplyDelete