Wednesday, November 9, 2011

දර කපන්නාගේ කථාව

ඔන්න එකෝමත් එක කාලෙක හිටියලු දර කපන්නෙක්. ඒ කියන්නේ එයා කැලේට ගිහිල්ලා ගස් කපලා දර හොයාගෙන එනවා. එය සතුටින් සමාදානෙයෙන් ජීවත් වෙද්දි දවසක් එයාට කෝල් එකක් ආවා සම්මුඛ පරීක්ෂනයකට. ලොකු කොම්පැණියක ප්‍රධාන දර කපන්නා වෙන්න තමයි ඉන්ටවීව් එක. දරකපන්නා ඉතින් ගිහිල්ලා බැලුවලු රස්සාව හොඳද කියලා. දීමනාවත් හොඳ නිසා එයා රස්සාවට යන්න තීරණය කලා.
http://t3.gstatic.com
පළවෙනි දවසෙම ගිහින් වැඩ බාරගත්තාම දර කපන්නට ටාගට් එක හම්බ වුනා. පුළුවන් තරම් ගස් කපන්න ඕනි අඩුම ගානෙ දවසට ගස් 50ක් වත් කපන්න ඕනි. ඉතින් ඇග්‍රිමන්ට් එහෙම අත්සන් කරලා දර කපන්නා වැඩ පටන් ගත්තා එයාගෙ පොරවෙන්. එයා දවසට කපපු ගස් ප්‍රමාණයන් පහත පින්තූරෙන් පෙන්නනවා.
දැන් මැනේජ්මන්ට් එකට ලොකු අවුලක්. මෙච්චර මහන්සි වෙන දරකපන්නාගේ ප්‍රතිඵල නැත්තෙ ඇයි කියලා. දරකපන්නත් දාඩිය පෙරාගෙන ගස් කැපුවත් හැමදාම කපන්න පුළුවන වෙන ගස් ගාන එන්න එන්න අඩුවෙනවා. මානව සම්පත් විශේෂ‍ඥයොයි අර විශේෂ‍ඥයොයි මේ විශේෂ‍ඥයොයි හැමෝම එකතුවෙලා බර සාකච්චාවල් මේ ගැන. අන්තිමට බැරිම තැන හැමෝම දරකපන්නා ගෙනල්ලා ප්‍රශ්න කලා.


“දරකපන්නානෙනි, ඔබගේ කාර්ය සාධනය දිනෙන් දින පහළ යමින් පවතී. එයට හේතුව කුමක්ද? අපේ කොම්පැනියෙන් සිදුවූ අඩුපාඩුවක්ද?“


අනේ නැහැ ආයිබොවන්ඩ..මේ වැඩ අස්සේ මට පොරව මුවහත් කරගන්න බැරිවුනානෙව...

ප.ලි.
මේ කතාව කිව්වෙ අපේ ලොකු බොස්. අපේ කස්ටමර්ලට සපෝට් කරන ඉංජිනේරුතුමා වැඩ බාරගන්න දවසේ අපි තුන් දෙනා තියපු මීටිමේදි. මේ කතාව කියලා ඉවර වෙලා බොස් කියනවා මම කියකම් ඉන්නෙ නැතිව පොරව මුවහත් කරගන්න තැත්නම් කොච්චර මහන්සි වුනත් ප්‍රතිඵලයක් නැතිවෙයි කියලා. ගොඩක් වෙලාවට අපි දෙන්නා එකට වැඩ කරන්න සෙට් වෙන නිසා අපි මේ කථාව නිතරම මතක් කරනවා.


වෙලාවට පොරව මුවහත් කරගත්තෙ නැති නිසා අපි දෙන්නම පහුගිය මාසෙම කරපු ව්‍යාපෘතිය හොඳටම නාගත්තා. දැන් නම් සිස්ටම් එක 85%ක්ම වැඩ නිසා අවුලක් නෑ. මේ කථාව බ්ලොග් යාළුවොත් එක්ක බෙදාගන්න හිතුවෙ මේ නිසයි.

12 comments:

  1. කාර්යක්ෂමතාවය ගැනනේ... නියම උපමා කතාවක්...

    ReplyDelete
  2. එහෙනම් දැන් ඉතින් පොරව මුවහත් කරලා වෙන්ටෑ තියෙන්නේ.
    අපේ බොස්ලත් එහෙම හිතනවා නම්.....

    ReplyDelete
  3. නියම උපමා කතාව අක්කේ...

    ReplyDelete
  4. ලොකු අදහසක් දෙන පොඩි කතාවක්..

    අනේ අක්කේ ඔයා කොහොමද මේ Reply button එක හදා ගත්තේ.ඔයාට මේක හදන්න යද්දි අවුලක් ආවා නේද?මාත් හුගක් ට්‍රයි කලා ඒත් තාම බැරි වුනානෙ...:((

    ReplyDelete
  5. දරුවන්ට කියාදෙන්ට ඕනේ - මෙහෙම කීවම හොඳට මතක තියේ ඒගොල්ලන්ට - තුතිය ඔබට

    ReplyDelete
  6. හොඳ කතාවක්.
    ඇත්තටම නිසූපා කිව්ව වගෙ Comment Link එකේ දැනුත් ඒ අවුල තියෙනවා. මම මෙතෙන්ට ආවෙත් කතාවෙ මාතෘකාව ක්ලික් කරලා ඒ ලින්ක් එක දිගේ.
    මමත් Reader's Digest එකක කියවපු චූටි කතාවක් මතක් වුනා. එක මිනිහෙකුට සුදු තීන්ත භාජනයක් දීල කියනවා පාර මැද්දෙ සුදු ඉර අඳින්න. පළවෙනි දවසෙ කිලෝමීටර් 2ක් ඇන්දලු දෙවෙනි දවසෙ මීටර් හත්සිය පනහයි, තුන් වෙනි දවසෙ මීටර් 100, ඔය විදියට අර රූගෙ කතාව වගෙම වැඩ ප්‍රමාණය පල්ලම් බහිනවලු. පස්සෙ බලන කොට මූ තීන්ත ටින් එක අර මුල දවසෙ තිබ්බ තැනින් හොලවලා නැහැලු. බ්‍රෂ් එකේ තීන්ත ගාගන්න මූ ඔක්කොම දුර ඇවිදගෙන එනවලු.
    henryblogwalker aka Dude

    ReplyDelete
  7. @රන් මාළුවා,
    වැඩක් ගන්න පුළුවන් වුනා නම් අපේ බොස්ට තමා credit එක

    @මධුරංග,
    තාම අළුත් නිසා පොරව මුවහත ඕනි නෑ මලේ පස්සෙ කාලෙක මුවහත් කරලා දෙයි..කොහොම උනත් අපේ බොස් නම් කථා සාගරයක්
    ඊළඟ කථාවෙන් බලමුකෝ..

    @නිසූපා,
    හැමෝමට පොඩි දේවල් අමතක වෙන එකනෙ නගෝ ප්‍රශ්නෙ..
    රිප්ලයි බට්න් එක ගැන මම මූණු පොතේ පණිවිඩයක් තිබ්බා

    @තිස්ස,
    තැන්කූ..ගොඩක් වැඩ අස්සේ මේ පැත්තෙත් එනවට..

    @Dude,
    දැන් ටිකකට කලින් තමා සිස්ටම් එක හරිගියෙ සහෝ..මොකද්ද අවුලක් තිබ්බා..
    ඔයාගෙ කථාව නම් මරු..තැන්කූ බෙදාගත්තට..

    ReplyDelete
  8. @Dineshතැන්කූ දිනේශ්..හරිම ස්තුතිය යන්න ඕනි අපේ බොස්ට තමා..

    ReplyDelete
  9. කතන්දරගෙන් මේ කතාව මම කලින් ඇහුවා. දර කපන මෑන්ට ඒ තරමටම බිසීලු :))

    ReplyDelete
  10. හ්ම්ම් මරු කතාව..

    ReplyDelete
  11. @හසිත,
    කතන්දර මේ කතාව කියල තියනවා කියල මම දැනගෙන හිටියෙ නෑ.
    තැන්කූ මතක් කලාට. පුළුවන් නම් ලින්ක් එක හොයල දාන්නම්..

    @වර්ණා,
    තැන්කූ..

    ReplyDelete
  12. කතන්දර කතා හුඟාක් ලියන නිසා ලින්ක් එක හොයා ගන්න නම් ටිකක් අමාරුයි අක්කේ. හම්බුණොත් දාන්නම් :)

    ReplyDelete