Wednesday, August 7, 2013

ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස්ගසකට සමයි..2

පළමු කොටසට..
 
  • මිත්‍යාවෙන් පාට ගැන්වුනු විරහව
     අළුතෙන් එළි දැක්වුනු චිත්‍රපටියක් වන “රාංජනා (Raanjhanaa)“ චිත්‍රපටයේ අධ්‍යක්ෂ මහේෂ් බට් මිත්‍යාව දවටන ලද විරහව ගැන මෙසේ අදහස් දක්වයි. 
“ඉන්දියානු පුරාණෝක්තින්හි විහරව එක් කොටසකි. ඉන්දියානුවෝ කාලිදාසයන්ගේ කාලයේ සිට විරහව සමරති. ආදරය බිඳී ගිය විට එය දේව්දාස්,The great Gatsby වැනි විශිෂ්ඨ නිර්මාණයන්ට වස්තු බීජවෙයි.සාමාන්‍ය ජීවිතයේ ආදර ශෝකාන්තයන්ද බොහො ප්‍රේම වෘතාන්තයන්වලට පණ පොවයි.“
    විරහව පළමුවෙන්ම සාහිත්‍යට එක්කල භක්ති නම් දේවධර්ම පොතට අනුව විරහව යනු දෙවියන්ගේ ආදරයයි. එනිසා ආදරයට ලක්වන්නා නොදැක වුවද හුදෙක් විශ්වාසයෙන් පමණක් දෙවියන් හට ආදරය පැවතිය හැකිය. සමහර විට මනුෂ්‍ය සිතේ තමන් ආදරය කරන්නා අතහැරීමට ඇති නොහැකියාව මෙම සංකල්පය මත රඳාපවතින්නට ඉඩ තිබේ.
කතෘ අනිල් ධාකර් මෙවන් ආදරයට ඇබ්බැහි වීම ඉතා භයානක වන තරමටම එය අපූරු නිර්මාණකට පාර කියන බව විශ්වාස කරයි.
“ඒක පාර්ශවික ආදර කතාවක ඇති පරාජිත චරිත පාඨකයන් ලොලීන් අද්දවා ගන්නා සුළුයි. ඔබ අසා තියනවාද ඉතාම ලස්සන ගීතය වන්නේ දුක්බරම කතාව කියන ගීතය බව “


  • පරාජිතයන් මනලොලී චරිත වීම
     ආදරයේ පරාජිත චරිත සැමවිටම සැමගේ ආකර්ෂනය දිනා ගනිති. ආදරයෙන් නොදිනන චරිත සිය හදවත් තුල ආදරය සිත් පතුලේ සුරැකිව තබාගනී යැයි සිල්ලෝම විශ්වාස කරති.විරාගයේ අරවින්දද රෝමියෝද මිනිස් සිත්තුල මෙතරම් උසස්ව මතක් කැරෙන්නේ එබැවිනි.
      එහෙත් මෙසේ හද පතුලේ ගල් ගැසෙන පරාජිත ආදරය යක්ෂයකු ලෙස කල එලි බසී නම් අපි කුමක් කරම්ද? අවසානයට ගත්කල ආදර කාසියේ අනෙක් පස වෛරය ඊර්ෂ්‍යාව වනු වලක්වනු බැරිය. ගින්නට පිදුරු මෙන් නූතන ෆැන්ටසිය කලාවෝ මෙම වෛරය ක්‍රොධය ලුණු ඇඹුල් වලින් රස කොට අනගි ආහාරයක් බවට පත්කොට නුතන තාරුණ්‍යට පිළිගන්වති. එනිසා විරහ වේදනා විදින්නන් තවදුරටත් සාම්ප්‍රදායි අනුකම්පාව හිමිවන්නන් නොවේ. ඔවුහු  රාගික හැඟුම් කළඹන සුළු අත්‍යංත චරිත වෙති. දුකට කරුණ වන්නේ රියැලිටිය මෙයින් බැහැර වීමයි.
     The Book of Unholy Mischief ලියූ එලී නිව්මාන්ට අනුව අප්‍රකාශිත ආදරය මිය යන්නේ නැත. හදේ රහසිගත තැනකට පළවා හැරෙන එය තුවාල වී පැසවා මුළු ගැන්වෙයි.  සමහරක් අවාසනාවන්තයි හට එය ඉතා කටුක වෙයි.

අප නොදකින අනිත් පැත්ත
   කවුරු කෙසේ මෙම රොමැන්ටික හැගිස්සීම හැමටම දිරවන්නේ නැත. ලංඩනයේ වෙසෙන නිර්පාල් සිං ධලිවාලා නම් ලේඛකයා අප්‍රකාශිත ආදරය ෆැන්ටසියක් වන්නේ සැබෑවට ආදරය අත් නොදුටවන්ට බව විශ්වාස කරයි.
“එය තනිකම හුදකලාව ෆැන්ටසික් කරගත්තවුන්ගේ තවත් එක් ෆැන්ටසියක් පමණි. තමන්ගේ සුළුතර ජීවියේ සියළු ප්‍රශ්න අකාමකා මෙවන් ආදරයත් ජීවිතය ඉහල තැනකට ගෙන යාවි යැයි ඔවුහු විශ්වාස කරති. රියැලිටියට බිය වන්නන් නොදිනූ ආදරය මහමෙරක් කොට සලකති. එහෙත් සත්‍යය එයට වඩා බොහෝ දරුණුයි.“

එක් බොත්තමක් එබීමෙන් සියල්ල විසඳිය යුතු බව පතන පරම්පරාවකට මෙම අමිහිරි සත්‍ය දිරවා ගැනීමට ලෙහෙසි වන්නේ නැත.
-නිමි-

ජූලි 14 ටයිම්ස් ඔෆ් ඉන්දියා හි පලවූ නෝනා වාලියා විසින් ලියන ලද I don't love you ලිපිය ඇසුරින් සැකසිනි. 

පින්තූරු අනුග්‍රහය:
www.indianexpress.com  

30 comments:

  1. තිරිසනා සොබාදහමට අවනතව ජීවත්වීම නිසා ආදරය නමින් හඳුන්වන ‍රැවටිල්ල මිනිසාට පමණක් පොදු එකක්.. සොබාදහමේ අවැසියාව මත එක්වීමට අලංකාර වෙස්මූණක් පැලඳවීම ආදරය යනුවෙන් හැඳින්වේ.. එසේ නොවේ නම් අප ආදරය කලායයි සිතන අය වෙනත් තමන් කැමති කෙනෙක් සමග යාම ගැන සතු‍ටුවීමට අපට හැකිවිය යුතුය.. විරහව පිටිපසින් ඇත්තේ අයිතිකර ගැනීමට නොහැකිවීමේ දුක පමණකි..

    ReplyDelete
    Replies
    1. මම මෙයට එකඟ නො වෙමි.

      Delete
    2. එකඟ නොවෙන්නේ නම් ඊටද හේතු ඉදිරිපත්කලයුත්තේය !!

      Delete
    3. මම මේකට එකඟ වෙමි. ආදරය යනු හුදෙක් සිය සුරක්ෂිතතාවය උදෙසාම ඇතිවෙන ආත්මාර්ථකාමී සිතුවිල්ලකි.

      Delete
    4. @සරත්,
      ඔබගේ තර්කය සාධාරණයි එහෙත් රැවටිල්ලක් වුනත් ආදරය නොමැතිව ජීවත් වෙන්නට අමාරුයි නේද?
      කොච්චර පරිණත වුනත් අපි හැමෝම අඩු වැඩි වශයෙන් ආදරය බලාපොරොත්තු වෙනවා..

      @සෙන්නා,
      අන් අයගේ යහපත සතුට පැතීමත් ආත්මාර්ථකාමී ලෙස අර්ථ දැක්වේ නම් ඔයාගේ කියමනෙත් ගත යුත්තක් තිබේ..
      මට හිතෙන විදිහට නම් මෙසේ ආත්මාර්ථකාමී වීම නරක දෙයක් නෙවි..

      Delete
    5. හිත හදාගන්න internet එක පීරද්දී තමයි මට සරත් ගේ වචන ටික හම්ම වුනේ, ඇත්තටම ආදරය කියල දෙයක් නෑ, ඒක මවා ගත්තු දෙයක්, මවා ගත්තු දෙයක් ඕනම වෙලාවක නැතිවෙන්න පුළුවන්,එයාගේ හිතේ ඇති වෙච්ච ඒ මායාව එයා නැති කර ගත්තා, ඒත් මට ඒක තාම කර ගන්න බැරිව අර කියන අහිමි විමේ දුක විඳිනවා, ඒක එච්චර ලේසි නෑ,

      Delete
    6. ආදරය සුන්දරයි, පරිපූර්ණයි.. නමුත් ආදරය කරන්නේ මිනිසුන්.. ඔවුන් අසම්පූර්ණයි.. ආදරය විවිධ විදි වලට අර්ථ දැක්වෙනවා විවිධාකාර මිනිසුන් අතින්.. සැබෑ ආදරය කියා දෙයක් තිබෙනවා.. නමුත් සැබෑවටම ආදරය කරන්න මිනිසුන්ට නොහැකියි.. එයට ආදරයට දොස් කියා පලක් නෑ..

      Delete
  2. නිකම් මටම කියපු එකක් වගේ. මාත් මේ දවස්වල හිත හදාගන්නෙ කොහොමද කියලා දහ අතේ කල්පබනා කරකර ඉන්න අතරේ තමයි දැක්කේ මේකත්. ප්‍රතික්ෂේප කිරිමේන් ඇති වු වේදනාව පසෙකලා තමන්ගේ ජීවිතය දිනා ගැනීමේ වෑයමේ නිරත වෙන ව මිසක ඇයත්, මමත් සමාඩයත් අකුලේ හෙලන නින්දිත වැඩ අත් හල යුතුයි. ඇයට තමන් කැමති ආකාරයේ ආදරයක් ලැබිල නම් තවත් ඒ ප්සසෙ දුවන එක නිකම් මිරිඟුවක් ප්ස්සේ වැටිලා හිත තලා ගන්න එකක් වගේ වෙනවා. ආදරය කරද්දි තමන්ට ඇයව හිමිවිය යුතුයි කියන අදහස හැමෝගෙම හිත්වල තියෙනවා. මටත් ඒක පොදුයි. ආදරයෙන් එහා ගිය ප්‍රේමයක් බවට එය පත්වන්නේ ඒ හේතුවෙන්.

    ReplyDelete
    Replies
    1. මේ ලිපියෙන් කියන්න උත්සාහ කරලා තියෙන්නේ විරහව දුක කඳුල කියන දේ සතුට ලංවීම වගේම ජීවිතයේ තවත් පිටුවක් විතරයි කියලා අවබෝධ කරගැනීමේ වැදගත්කම..

      දමිත්ට මෙයින් උදව්වක් වුනා නම් සතුටුයි..

      Delete
  3. මම නැති දවස් ටිකේ ලස්සන පෝස්ට් දාලානේ.:)

    ආදරය ගැන ඉතින් එක, එක විදියේ දේවල් හැමෝටම කියන්ට පුලුවන්. ආදරයේ 'විරහව' තමා ඒකේ රසවත්ම කොටස කියන එකට එකඟ උණු හැකි. පේන්නේ නැද්ද ඒ හන්දා ලියවිලා තියෙන, ගී, කවි, කතා වගේ දේවල්.

    හැබැයි මෙන්න මේක නම් මම අත්දැකීමෙන් දන්න දෙයක්. ආදරේ වේදනාව නැති කරන්ට පුලුවන් තවත් ආදරේකට විතරමයි. ඒක තමා ඇත්තම ඇත්ත.

    ReplyDelete
    Replies
    1. //මම නැති දවස් ටිකේ ලස්සන පෝස්ට් දාලානේ.:) //
      තැනකූ තැන්කූ..

      ආදරයකින් විරහ වේදනාව මකන්න පුළුවන් එක හරිම අපූරුයි නේද?

      Delete
  4. විරහව, හොඳ නිර්මාණවලට මාවතක් විවරකරලා දෙවී. ඔබව කලාකරුවෙක් කරාවි, විරහව කෙතරම් සුන්දරද යන්න, සුවහසක් විරහ වේදනාවෙන් පෙලෙන්නන් ඔබ වටා රැස්ව ඔබේ කෘතිය රසවිඳින කල්හි ඔබට අවබෝධ වේවි.

    ReplyDelete
    Replies
    1. -....ඔවුන් ඔබගේ වේදනාවේ කතාව ෆේස්බුක් පිටු, ටීවි,රියැලිටි ස්ටාර්, තරු වැඩසටහන් මෙගා ටෙලි හා වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටි වලින් සමාජයට ගෙන ඒවි. ඉන්පසු තමන්ගේ වේදනවාව සියල්ලෝම තලු මර මර රසවිදින කල්හි ඔබට බෙල්ල මිරිකාගෙන මැරෙන්නට සිතේවි..

      ඔන්න මම ඉතුරු ටික සම්පූර්ණ කලා..හික්ස්..

      Delete
  5. මේ නෝනා වාලියා හිතන හැටි වෙන්නත් පුලුවන් නේද රූ. මේක මෙහෙමම නොවෙන්නත් පුලුවන් හැම විටම.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,
      මේ ලිපිය පුරාම කතෘවරිය තමන්ගේ අදහස් වලට වඩා ඇය සමාජයේ ඇසින් දුටු කියැවූ දේවල් එකතු කරන්න උත්සාහ කරලා තියනවා. එකම විදිහේ අදහස් ගොන්නක එකතුවක් නිසයි මම මේක පරිවර්තනය කරන්න හිතුවේ..

      ඒත් එයට එකඟ නොවීමට හැමෝටම අයිතියක් තියනවා..

      මාධ්‍යයෙන් උපුටා දක්වන දේවල් නිසා අනාගත පරම්පරාවේ සිතුම් පැතුම් වෙනස් වන හැටි මේ ලිපියෙන් විස්තර කරනවා කියලයි මට හිතුනේ..

      Delete
  6. ලව් ඉලව් - මල ඉලව්...
    ආදරය මිනිසුන් කවියන් බවට පත් කරයි

    විරහව ඔවුන්ව දාර්ශණිකයන් බවට පත්කරයි

    ReplyDelete
    Replies
    1. කලින් පෝස්ටුවේ උපේක්ෂාත් මෙහෙම කියලා තිබුනා..හික්ස්..

      Delete
  7. විරහවට විරහ රසය කියලා කියන්නෙත් ඔය හින්දා වෙන්න ඇති. ඒකත් එක්තරා රසයක් නේ. විරහව රස විදින්න අත්දැකීමක් ඔනම නෑ කියලා මට හිතෙනවා

    ReplyDelete
    Replies
    1. සයුරි කියන දේත් හිතන්න යමක් තියනවා..මෙච්චර කලා කෘති තියන එකේ විරහ රසය තැපෑලෙන්ම වින්දෑකි නේන්නම්..
      ඒත් නිර්මාණ වලදි විරහව මෙච්චර පුම්බන එක නම් වැරදියි වගේ කියලා හිතෙනවා..

      Delete
  8. දරුවෝ, ආදරේ කියන දේ වරක් ඇතිවුනාම නැතිවෙන්නේ නැහැ. විරහව මොනතරම් සතුටක්ද කියල දැනෙන්නේ වරක් නැතිවුණා කියල හිතපු ආදරේ අවුරුදු ගානකට පස්සේ, අපි හිතමු අවුරුදු 20 කට පස්සේ ආපහු ලැබුන කියල, එදාට තමයි ඒ සැබෑම සතුට ලැබෙන්නේ. ඒත් කණගාටුවට කාරණාව ඒ වෙනකොට අපි ආපහු හැරෙන්න බැරි තරම් දුර ගිහින් ඉන්න එක. හිත පුරා විඳගන්න බැරි සතුටක් ලැබිල ඒක තනියම හිත යට තියාගෙන ඉන්න ලැබෙන එකත් ඉස්ස්කොලේ ගිය කාලේ ඉස්සෙල්ලම කෙල්ලෙක්ගෙන් ලියුමක් ලැබිල එක හංගගෙන ඉන්නකොට තිබුන සතුට වගේ. sms වලින් ආදරේ කරන එවුන් හිනා වෙයල්ලා. උඹලට කවදාවත් ඒ සතුට විඳින්න බැහැ.

    ReplyDelete
    Replies
    1. පීටර් මහත්තයෝ,
      මේ පැත්තේ ආවාට ස්තුතියි..
      ඇත්තම අත්දැකීමකින්ද කොමෙන්ටුව ලියුවේ කියලා හිතුනා මේක කියවනකොට..

      Delete
  9. ඇත්තටම ඔය ආදරය විරහව වගේ දේවල් හිතට දැනෙන්න නිර්මාණය වෙන්නේ හින්දි සිනමාවෙදි. බටහිර ඒවයෙත් නැතුවාම නොවේ.
    හැමදෙයක්ම කාලයත් එක්ක වෙනස් වෙනවා. ආදරය විරහව වුනත් එහෙමයි. එක්එක් අය විඳින හැටි සහ විඳවන හැටි වෙනස්.

    කතාබහකට සුදුසුම අදහසක්.

    ReplyDelete
    Replies
    1. //හැමදෙයක්ම කාලයත් එක්ක වෙනස් වෙනවා. ආදරය විරහව වුනත් එහෙමයි. එක්එක් අය විඳින හැටි සහ විඳවන හැටි වෙනස්.//
      මේ කතාවට මම ගොඩක් කැමතියි..
      ඒත් ඒක තමන් ආදරය කරන කෙනා එක්ක වෛරයක් ඇතිවෙන තරම් දුරදිග යන එක කොයි කාලෙදිවත් පිළිගන්න පුළුවන් දෙයක් නෙවිනේ..

      Delete
  10. //"ආදරයේ පරාජිත චරිත සැමවිටම සැමගේ ආකර්ෂනය දිනා ගනිති. "// හැබැයි මමනම් හිතන්නේ සැමවිට නෙවෙයි , ඒ සංසිධ්ධියෙන් පසේ ඒ පුද්ගලයාගේ ප්‍රතිචාර දැක්වීම් හා හැසිරීම මත එක තීරණය වෙනවා , සමහරු ආකර්ෂණය දිනාගන්නා නමුත් සමහරු ප්‍රතික්ෂේප ,පිළිකුල් වෙනවා.

    ReplyDelete
  11. ඔයාවයි පුතාවයි බලන්න එන්න ඕන රූ.. කොහොමද ඔයාගේ පුතු පැටියා සනීපෙන් ඉන්නවද ?

    ReplyDelete
  12. සම්පූර්ණ ඇත්ත කතාව කියල තියෙන්නේ නමුත් විරහව දරන්න බැරි ය ආදරය නොකර ඉන්න ඕනේ

    ReplyDelete
  13. විරහව නිසා බිහි වෙලා තියන කතන්දර හරි ප්‍රබලයි වගේම ජනප්‍රියයි තමයි, හොඳ ලිපියක්

    ReplyDelete
  14. මෙයා මේ අහ ගාටලම නැති ගානයි කාලෙකින්..

    ReplyDelete
  15. කෝ මේ බ්ලොග් එකේ අයිතිකාරී :D

    ReplyDelete
  16. //රියැලිටියට බිය වන්නන් නොදිනූ ආදරය මහමෙරක් කොට සලකති. එහෙත් සත්‍යය එයට වඩා බොහෝ දරුණුයි//

    මං කැමතිම මේ කෑල්ලට..

    ReplyDelete