Sunday, December 30, 2012

සීනි තියෙන්නෙ කන්න විතරද?


        මීට කලිනුත් මම හිඟුරාන සීනි කම්හලට ගියපු වෙලාවෙ කූඹි කන්න කැමති දුඹුරු සීනිද සුදු සීනිද?... කියලා පෝස්ටුවක් දැම්මා මතක ඇති. සෙවනගල සීනි කම්හල රජය යටතේ යළි පණ ගැන්වෙද්දි එහේ යන්න අවස්ථාවක් ලඟදි ලැබුනා. කම්හලේ දැන්වීම් පුවරුවෙ දාලා තිබුන මේ විස්තර ටිකට හිත ගියපු නිසා මම ඒවා බෙදාගන්න හිතුවා.

      සීනි වල ඉතිහාසය සරල නොවේ. ආදී චීන වැසියන්ගේ සිට බ්‍රිතාන්‍ය යටත් විජිතයන්හි සුදු රත්තරන් බවට පත් වීම දක්වා වන සංකීර්ණ කතන්දරයක් ඒ පිටුපස ඇත.බටහර රටවල්වල ප්‍රධාන ආහාර වේලේ අංගයක් බවට පත් වී ඇති සීනි, රාත්තල් පහේ බෑගයක සිට කෝපි කෝප්පයකට හෝ බිස්කට්ටුවක මුදුනතට එකතුවන්නට බලා සිටී.


     එහෙත් සීනි යනු කාබෝහයිඩ්‍රේඩ එකතුවක්ම නොව තවත් දේවල් රාශියක් සිදු කල හැකි අපූරු සංයෝගයකි.


1. ළදරුවන්ව නලවන්න

ළමා වෛද්‍යවරුන්ට අනුව එකට හතර අනුපාතයට දිය කරන ලද සීනි ද්‍රාවණයක් පෙවීම මගින් ළදරුවන්ට එන්නත් නිසා ඇතිවන වේදනාව සමනය කල හැක. 


2. තුවාලයක් සුද්ද කිරීමට
සීනි කැට කිහිපයක් තුවාල වෙලීමට පෙර තුවාලය මත ඉසීමෙන් බැක්ටීරියා වර්ධනය අඩු කොට ඉක්මන් සුවය ලබාදීමට උපකාරීවේ. 

3. පිච්චුනු දිව සුව කරගැනීමට
උණු තේ කෝපයක් නිසා හෝ උණු කෑමක් පෙරේත කමට ඉක්මනට කෑමට ගොස් දිව පිච්චුනාද? එසේ නම් සීනි කැට කිහිපයක් දිවට තබා උරන්න. වේදනාව සැනෙකින් සුව වේවි.
 

4. කට දැවිල්ල අඩු කර ගැනීමට 
මිරිස් කෑම නිසා ඇතිවන කට දැවිල්ල අඩු කර ගැනීමට සීනි තේ හැන්දකට පිළිවන් වි. 

5.සම පිරිසිදු කිරීමට 
සමේ මැරුණු සෛල ඉවත් කිරීමේ අපූරු හැකියාවක් සීනිවලට ඇත. සීනි තෙල් ස්වල්පයක් සමග (කැනෝලා,ආමන්ඩ්,ඔලිව් තෙල් වැනි ඕනෑම තෙල් වර්ගයක් මෙයට සුදුසුය) මිශ්‍ර කොට තුනී ආලේපයක් සකසා ගන්න. සුවඳ අවැසි නම් වැනිලා ටිකක් එකතු කරන්න. මෙම ආලේපය නෑමට පෙර සම මත මෘදුව ආලේප කොට සෝදා හරින්න. 

6. කෙසෙල් ස්ක්‍රබ් එකක් සාදාගැනීමට
කෙසෙල් ඉදී කෑමට නොහැකි තත්වයට පත් වූ විට ඔබගේ රූපලාවන්‍ය සත්කාර සඳහා ඒවා පාවිච්චි කලහැකි බව ඔබ දන්නවාද? කෙසෙල් සීනි සමඟ එක්කල විට අපූරු මොයිස්චරයිසරයක් ලෙස ක්‍රියා කරයි. වැඩියෙන් ඉදුනු කෙසෙල් ගෙඩියක් සීනි හැඳි 3ක් සහ ඔලිව් තෙල් තේ හැන්දක් සමග හොඳින් පොඩි කර සම මත තවරා ටික වේලාවකින් නාගන්න.


7. රසවත් හාදුවකට
සීනි කැට ස්වල්පයක් ග්‍රයිඩරෙයන් අඹරා ඒ සමඟ ඔලිව් ඔයිල් (කැමති නම් පමණක් පෙපර්මින්ට් හෝ වැනිලා බින්දුවක්එකතු කොට) මිශ්‍ර කොට තොල්මත තවරා සම්බාහනය කොට දෙොල් ලෙවකන්න.

8. ලිප්ස්ටික් දිගු වේලාවක් තබා ගැනීමට
ලිප්ස්ටික් තවරන ලද තොල් මත සීනි කැට කිහිපයක් මද වේලාවක් තබා ඉවත් කරන්න. ලිප්ස්ටික් වෙනදාට වඩා බොහෝ වේලාවත් පවතිනු ඇත.
9. අතේ පැල්ලම් ඉවත් කිරීමට
තීත්ත ග්‍රීස් නිසා අතේ ඇතිවූ පැල්ලම් ඉවත් කිරීමට අපහසුද? සබන් සමග සීරුම් ද්‍රව්‍ය ලෙස සීනි එකතු කරීම මගින් වඩාත් හොඳ ප්‍රථිපල ලැබෙනු ඇත. ඊට අමතරව ඔලිව් තෙල් හා සීනි සම සමව ගෙන අතේ ආලේප කරීමෙන් අතේ වෙහෙසකර බව අඩු කර තෙතමනකාරකයක් ලෙස ක්‍රියා කර නැවුම් බවක් ගෙන දෙනු ඇත.

10. නැවුම් මල් කල්තබා ගැනීමට

සීනි තේ හැඳි 3ක් සුදු විනාකිරි තේ හැඳි 2ක් වතුර ගැලුම් කාලකට එකතු කර නැවුම් මල් බඳුනට දැමීමෙන් මල් බොහෝ කලක් නැවුම්ව තබා ගත හැක. සීනි මල් නටුව පෝෂණය කරන අතර විනාකිරි බැක්ටීරියා වර්ධනය වලකාලයි.

11.ගෙවත්තේ සිටින පණුවන් මර්ධනය කිරීමට.
ගෙවත්තේ පැල වල මුල්වල අක්‍රමවත් ගැටිති තිබේද? එසේනම් ක්ෂුද්‍ර පරපෝෂිතයන් දැනටත් ඔබගේ ගෙවත්ත ආක්‍රමණය කොට ඇත. වර්ග අඩි 250ක ප්‍රමාණයට සීනි රාත්තල් 5ක් ඉසීම මගින් මේ උවදුර ස්වාභාවිකව මර්ධනය කල හැක. සීනි පසේ සිටින පරපෝෂිතයන්ට හානිකර ක්ෂුද්‍ර ජීවින් පෝෂනය කරයි.

12. දෙබරුන්/බඹරුන්ට උගුලක් ලෙස
සීනි වතුර සමග මිශ්‍ර කර උතුරවා ගෙන සීනි පැණිය සාදා ගන්න. බෝතලයකට එය දමා දෙබරුන් බඹරුන් සිටින තැන තබන්න. ඔවුන් උගුලට ඇදී එනු ඇති අතර ඔවුන්ට ඊළඟට කරන දේ ඔබ සතුය.

13. මැස්සන් අල්ලා ගැනීමට.
කෑම මේසය මත නිතර ගැවසෙන මැස්සන් ස්වාභාවිකව එලවා දමන්නට හැකිනම්. සීනි පැණි හා වතුර සම සමව ගෙන සාස්පානකට දමා උතුරවන්න. එය ඝණ වූ පසු නිවෙන්නට හරින්න. පෙට්ටි ඇසිරිමට ගන්නා දුඹුරු පැහැ ටේප් තීරු කීපයක් ගෙන එහි මුදුනේ හිලක් විද නූලකින් එල්ලිය හැකි සේ සකස් කරන්න. ටේප් තීරුව සීනි පැනි මිශ්‍රණයේ ගිල්වා වැඩි බින්දු හැලුනු පසු මැස්සන් සිටින තැන්වල එල්ලන්න.

14. කැරපොතු නාශකයක් ලෙස.
සීනි සහ බේකින් පවුඩර් සම සමව මිශ්‍ර කොට කැරපොත්තන් සිටින තැන්වල විසිරුවා හරින්න. සීනි කැරපොත්තන් ආකර්ෂනය කරගන්නා අතර බේකින් පඩුඩර් උන්ව විනාශ කරයි.

15. සමනලයන්ට ආහාර ලෙස

The Butterfly Garden" (Harvard Common Press, 1985) පොතේ රචක මැතිව් ටෙකුල්ස්කි සමනලුන්ට ආහා ලෙස පහත කෑම වට්ටෝරුව දක්වා තිබේ.

  • සීනි රාත්තල් 1
  • කල් පැන ගිය බියර් ටින් 1
  • වැඩිපුර ඉදුනු කෙසෙල් ගෙඩි 3
  • පැණි කෝප්ප 1
  • පළතුරු යුෂ කෝප්ප 1
  • රම් ෂොට් 1
මේ සියල්ල හොඳින් මිශ්‍රෙකාට ගස්වල වැටවල්වල ආලේප කිරීමෙන් සමනලුන් ආකර්ෂනය ක ගත හැක.

16. ග්‍රයින්ඩරය පිරිසිදු කිරීමට

කෝපි ඇට, ගම්මිරිස් ඇඹරූ පසු ග්‍රයින්ඩරයේ ඇතිවන සුවඳ කෙතරම් සේදුවත් ඉවත්ව නොයයි. සීනි කෝප්ප 1/4 මිනිත්තු 3-4ක් තිස්සේ ඇඹරූ විට සීනි මෙම සුවඳ උරාගන්නවා ඇත. සීනි අයින්කොට ග්‍රයින්ඩරයා හොඳින් පිරිසිදු කරගන්න.

17. මඩ පැල්ලම් ඉවත් කිරීමට
සීනි මඳ උනුසුම් වතුර සමඟ මිශ්‍රෙකාට මඩ පැල්ලම් ඇති රෙදිවල අතුල්ලන්න. පැයකට පසු සුපුරුදු පරිදි සෝදා හරින්න.

18. කේක්, බිස්කට් නැවුම්ව තබා ගැනීමට
හොඳින් වැසෙන පෙට්ටියක සීනි කැට කිහිපයක් සමඟ කේක් අසුරා තැබීමෙන් බොහෝ කලක් නැවුම්ව තබා ගත හැකිය

19. චීස් මෘදුව තබා ගැනීමට
චීස් අසුරා ගැනීමේදී සීනි කැට කිහිපයක් සමඟ තැබීමෙන් ඒවා මෘදුව තබා ගත හැකි බව සොයාගෙන ඇත.

20.සීනිවලට වැනිලා රස මුසු කරගැනීමට
වැනිලා ඇට දෙකට කපා සීනි බෝතලයේ තැබීමෙන් සීනිවලට අපූරු වැනිලා රසයක් ගෙන දෙනු ඇත.

21. ශීත කල බීම රසගැන්වීමට.

කොක්ටේල්, මොක්ටේල්, අයිස් කෝපි වැනි බීම සෑදීමේදී සීනි මිශ්‍ර කරගැනීම අපහසු බව ඔබටත් දැනී ඇති.
සීනි කෝප්යක් වතුර කෝප්පයක් සමඟ මිශ්‍ර කොට කුඩා සාස්සපානක මිනිත්තු තුනක් උතුරන්නට හැර සිසිල් වෙන්නට තලා පිරිසිදු භාජනය අසුරා තැබීමෙන් ඔබේ බීම ඉක්මනින් හා පහසුවෙන් සාදා ගත හැකි වනු ඇත.

 

වැඩි තොරතුරු:http://www.mnn.com/your-home/at-home/stories/24-smart-uses-for-sugar
පින්තූරය: http://www.forbes.com/fdc/welcome_mjx.shtml
රූේ පසු සටහන:

ඔබ සැමට රසවත් ප්‍රීතිමත් සුභ අළුත් අවුරුද්දක් වේවා !


67 comments:

  1. සීනි වලින් වෙන වැදගත්ම දෙයක් වන දියවැඩියාව සැදීම මග හැරිලා වගේ...

    ReplyDelete
    Replies
    1. සීනි කෑවොත් නේ දියවැඩියාව හැදෙන්නේ..මේ කියලා තියෙන්නෙ කනවා වෙනුවට කරන්න පුළුවන් තව විදි කිහිපයක්..:)

      Delete
  2. අහ්.. දන්නෙ නැති එවුවා ගොඩක්ම තිබ්බනේ මේ ලිස්ට් එකේ..

    ReplyDelete
    Replies
    1. දෙක තුනක්වත් ට්‍රයි කරලා බලන්නකෝ..
      සමහර දේවල් දිහා එතකොට වෙනස් විදිහට පෙනේවි..

      Delete
  3. වටිනා යමක් දැනගත්තෙමි, ඔබටද සුබ නව වසරකට ආසිරි..~!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අමිල..
      මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..

      Delete
  4. ඔබේ සතුරා ට සීනි දැමූ උණ්ඩයකින් වෙඩි තැබුවහොත් ඔහු හෝ ඇය කූඹින් විසින් කා මිය යනු ඇත.

    ReplyDelete
    Replies
    1. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
      ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
      මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
      ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

      Delete
    2. හික්ස්..මේකත් අර උඩ ලිස්ට් එකටම දානවා කියලා හිතලත් ආයෙ නොදා හිටියා..

      සීනි වල තවත් ප්‍රයෝජන..!!

      ස්තුතියි කතන්දර අළුත් අවුරුදු සුභ පැතුමට..

      ගිය අවුරුද්දේ මේ වගේ ලියැවුනු විසංවාදය ගැන කවියට මම ගොඩක් කැමතියි..මේ අවුරුද්දේ ඒ ගැන කතන්දරට බොහෝ අත්දැකීම් එකතු වෙන්න ඇති..

      Delete
  5. කට දැවිල්ලට, සහ පිච්චුනු දිව සුව කරගැනීමට මමත් සීනි නිතරම කටේ දානවා...

    රසවත් හාදුවකට සීනි පාවිච්චි කරන හැටි දැන ගත්තේ අදයි. පැණි ගැන නම් දැනගෙන හිටියා...හී හී...

    ඉතින් ඔය සීනි තවරපු තොල් කූඹි කෑවාම මොකද කරන්නේ කියලා කියලා නෑනේ.

    ඔබටත් සීනි වගේ පැණි රහ නව වසරක් වේවා!!!:)

    ReplyDelete
    Replies
    1. //ඉතින් ඔය සීනි තවරපු තොල් කූඹි කෑවාම මොකද කරන්නේ කියලා කියලා නෑනේ.

      ඊට කලින් හාදුව දීලා ඉවර කරන්න. ස්තුතියි :)

      Delete
    2. @පොඩ්ඩි,
      මේකයි තොල් කූඹි කන්න කලින් කරන්න ඕන දේවල් ඉවර කලොත් කූඹින්ට කන්න දෙයක් ඉතුරු වෙන්නැතිවේවි..

      @මධුරංග,
      ඔයා මට කලින් කියලනේ..ඔයාටත් ස්තුතියි ..:D
      (රහසින්) ඔයත් දන්න දේවල්..!!

      Delete
  6. සීනි කැට කිහිපයක් ග්‍රයින්ඩරයෙන් කොහොමද අඹරා ගන්නේ... :P
    …සෑහෙන දේවල් අළුතින් දැනගත්තා. සීනි වලට කරන්න පුලුවන් ජාති ගොඩයිනේ! අක්කටත් සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. කිහිපයක් කිව්වාම අවුල් නේද..ස්වල්පයක් කියලා වෙනස් කරන්නම්කෝ..ස්තුතියි ලහිරු..

      Delete
  7. පුදුම ප්‍රයෝජන ගොඩක් නේ සිනි වලින් තියෙන්නේ.
    හිතන පතන දේ ඉටු කරගන්න වරම් ලැබෙන සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග
      සීනි කන්න විතරක් තියන ජාතියක් නෙවි.:)

      Delete
  8. සීනිත් ලේසි නෑ බලාගෙන ගියාම.. :) අඹ වගේ ඇඹුල් දේවල් ව්‍යංජනයක් ලෙස සකස් කරන කොට සීනි ස්වල්පයක් දමනවා ලු.

    ඔබටත් සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ම්..ඔව් සීනි සම්බෝලෙටත් සීනි දානවානේ..

      ස්තුතියි චන්දන මේ එකතු කිරීමට..

      Delete
  9. අම්මෝ...සීනිවලට මෙච්චර දේවල් කරන්න පුළුවන් කියල දැනහත්තෙ අද නේ.. :P

    සුබ නව වසරක් අක්කී !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වකා..
      ඔයාටත් එසේම වේවා..

      Delete
  10. දැන් ඉතින් කුස්සියේ සීනි බෝතලෙත් ඉවරයි වනිතාවෝ ඒක මූනේ ගාන්න ගත්තම

    ReplyDelete
    Replies
    1. වනිතාවො විතරක් නෙවි මහත්වරුන්ටත් මූණේ ගාලා ලස්සන වෙන්න පුළුවන්..ඒක නිසා අවතාර් ඉරිසියා කරන්න එපා..:P

      Delete
  11. සීනී....හම්මෝ කොච්චර හොරෙන් කාලා ඇත්ද...?

    හපාපු (රසයක් නැති) චුවින්ගම් එකට නැවත රස ලබා දීම සඳහා සීනි අහුරක් කටේ දමා ගන්න.

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ සීනි හොරු..හික්ස්..මටත් මතක් වුනා සීනි හොරෙන් කාපු දවස් නම්..

      චුන්ගම් කතාව ගැන නම් සලකලා බලන්න ඕන..දැනං හිටියෙ නෑ..:))

      Delete
  12. Nodanna dewal godak dana gaththa oyage lipiyen. Sini walatath thiyena wada neda?

    Goda dawasakin awe me paththata. Oyatath subama suba aluth awruddak wewa.....!

    ReplyDelete
    Replies
    1. ම්..අසනීප කට්ටිය ළඟ නැති නිසා මොන බ්ලොග් ද නේදනංගි බබා ?
      ඉතින් කාලෙකට පස්සෙ හරි ආව එක ගැන සතුටුයි ගොඩාක්..

      Delete
  13. "මිශ්‍ර කොට තොල්මත තවරා සම්බාහනය කොට ලෙවකන්න." කොහෙද?

    "මේ සියල්ල හොඳින් මිශ්‍රෙකාට ගස්වල වැටවල්වල ආලේප කිරීමෙන් සමනලුන් ආකර්ෂනය කර ගත හැක." සමනල්ලු කැරකි කැරකි යන හැටි මැවිලා පේනවා.. :)

    හතුරෙකුගේ වාහනයක එන්ජිමට සීනි දමා බලන්න..

    ReplyDelete
    Replies
    1. ලෙවකන්න කියලා මම මෙතනින් අදහස් කලේ ඔය කියපු ආලේපය ගාපු තමන්ගෙම තොල් දෙක..ඒත් ඉතින් හරී කැමති තැනක ලෙව කන්න ගිහින් අමාරුවේ වැටුනොත් මම නම් වගකීම බාරගන්නෑ ඔන්න..

      සමනල්ලු කැරකි කැරකි යන්න පුළුවන් නේන්නම් රම් ෂොට් එකක් එක්ක මිශ්‍ර කලාම..මේක කියලා තියෙන්නේ සමනල්ලු ඇති කරන්න කැමති අයට..

      එන්ජිමට සීනි දාන්නෙ කොහොමද?

      Delete
    2. සොලි සොලි.. පැස්ටෝල් ටැංකියට..

      Delete
    3. හම්මෝ හරී එක්ක නම් වැරදිලා වත් තරහා වෙන්න හොඳනෑ..


      ඒත් මේකත් බලන්නකෝ..

      Delete
  14. මේවා ඇත්ත ඉස්සර අපේ ගම්වල අත්බෙහෙතක් හැටියට බඩ කොර වෙන කොටත් බඩ දැවිල්ල අල්නවිටත්, ඇල්වතුරට සීනි දියකර බොන්න දෙනවා.
    ඒවිතරක් නෙවෙයි. කටුවක් ඇනුනාම සීනියි පොලුයි තියලා බදිනවා. පැය 24 කින් කටුව ඇදෙනවා.

    ReplyDelete
    Replies
    1. ම්..කටුවේ කතාව නම් අම්මාත් මට කරලා තියනවා..
      ස්තුතියි දයානන්ද මේ එකතු කිරීමට..

      සීනි වල විෂේශ ගුණ බොහොමයක් තියනවා..

      Delete
  15. කෙටියෙන් කිව්වොත් අලුත් අවුරුද්ද බලාපොරොත්තු වෙන පරිදි ගෙවා දමන්න හැකි වේවා. රූ - කෙටිම නම තියෙන බ්ලොග්කාරියට මගේ සුබ පැතුම!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බුද්ධි.
      කෙටිම නම කිව්වාට එහෙමම නෑ..ඇයි මගේ නම පිටිපස්සේ ඒක දික්කරන්න දාලා තියන තිත් හතර දැක්කෙ නැද්ද?

      ඒක නිසා මගේ නම ඔයාගෙ නමටත් වැඩිය දිගයි..හී..හී..

      Delete
  16. අලුත් අවුරුද්දේ කමු අනේ සීනි ඕන තරම්

    ReplyDelete
  17. සීනි වලට මෙච්චර දේ කරන්න පුලුවන් කියලා අවංකවම මම දැන සිටියෙ නැත.

    නව වසර සුභ වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා..ඔයාගේ අවංක ප්‍රකාශය අගය කරනවා..

      Delete
  18. හිහිහී.. හෆොයි සීනි..! නොදන්න ගොඩක් දේවල් දැනගත්තා රූ අක්කෙ.. අර සමනලුන්ට රම් ෂොට් 1 දාලා දීලා හරහට පියඹන්න ගනීවිද දන්නෑනෙහ්..! ;)
    මීට අමතරව මීමැස්සන්ගේ ආහාරය වෙනුවෙනුත් 50% ප්‍රතිශතයෙන් මීමැසි පාලනය කරන්නන් සීත කාල වලදි දෙනවා. :)
    ස්තූතියි ගොඩක් මේ වටින ලිපියට..!
    සියළු පැතුම් ඉටුවෙනා සුබම සුබ නව වසරක් වේවා..!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නන්ඳු..මී මැස්සො ගැන එකත කිරීමට

      රම් ෂොට් කීවට ගොඩක් කන්න බැරි නිසා මම හිතන්නෙ කියන තරම් භයානක වෙන්නැති වේවි.. හික්ස්

      Delete
  19. බොහොම වැදගත් කරුණු ටිකක්නේ..

    සුබ නව වසරක් වේවා රූ..

    ReplyDelete
  20. සීනි බහුකාර්යය භාණඩයක් කියලා ඕන් රූ කිව්වම තමා දැන ගත්තෙ...

    සීනි මෙන් පැණි රස 2013 ක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා..

      සීනිවලට ගොඩක් දේවල් කරන්න පුළුවන් නිසා වෙන්නැති ඒකට සුදු රත්තරං කියලා කියන්නෙ..

      Delete
  21. අලුත් අවුරුද්දට රසවත් ලිපියක්! සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  22. අළුත් අවුරුද්දට ගොඩක් දේවල් ඉගෙන ගත්තා සීනි වලින් කරන්න... පළවෙන එක නම් අපිට උණ හැදුනම අම්මා දැනටත් කරනවා.

    ReplyDelete
    Replies
    1. ගොල්ඩ් ෆිෂ්ලටත් උණ හැදෙනවද?!!
      කොහොම වුනත් අම්මලා තරම් දන්න වෙන කවුරුත් නෑ..

      Delete
  23. සුබ අළුත් අවුරුද්දක් වේවා රූ අක්කේ !

    ReplyDelete
    Replies
    1. @මධු,
      ඔයා නම් හරිම අපූරුයි මල්ලි..
      ඔයාගේ දෙවනි සුභ පැතුමත් ආදරයෙන් පිළිගන්නවා..ස්තුතියි..

      Delete
  24. හප්පේ මේච්චර දේවල් සීනි වලින් කරන්න පුළුවන් කියලා දන්නේ අදනේ. නියමයි නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. මේකෙන් දෙක තුනක් වත් ට්‍රයි කරලා බලන්න කෝරලේ මහත්තයෝ..

      Delete
    2. සීනි කන්න ගිහින් හාමිනේගෙන් කොසුපාරක් කන්න වෙයිද දන්නේ නැහැ. :)

      Delete
  25. අදනේ රූ මම මේ පැත්තෙ ආවේ....සීනි වලින් මෙච්චර දේවල් කරන්න පුළුවන් කියලා මම අදමයි දැන ගත්තේ..

    ආයෙම එන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිමා මේ පැත්තෙ ආවාට..

      Delete
  26. ඇයි අනුන් වෙනුවෙන් කිරන්නත් සීනි ගන්න පුලුවන්නේ :P

    ReplyDelete
    Replies
    1. හ්ම්..එත් අනුන්ට සීනි කිරන්නැතුව උඩ කියලා තියන ස්ක්‍රබ් එකවත් හදාගෙන මූනෙ ගැවොත් නරකද හසිත?!

      හික්ස්..බලාගෙන යනකොට සීනි කිරන්නැතුවත් ජීවත් වෙන්න බෑ හසිත..

      Delete
  27. Replies
    1. මේ දවස්වල මධ්‍යම පාන්තික ජනතාවගේ ප්‍රධාන සතුරා නෙව..

      Delete
  28. රූ මේ දවස්වල ලියන්නෙම රසවත් මාතෘකා ගැන වගෙයි. හොඳයි හොඳයි.. ඔයාටත් සුභම සුභ නව වසරක් රූ නෝනා. ඕං ඉතින් පවුලේ හැමෝටමත් එක්කයි ඒ සුභ පැතුම හොඳේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සරා..
      දැන් සනීපයි කියා සිතනවා..
      ඔයාගේ පවුලේ හැමෝටමත් සුභ නව වසරක්..

      Delete
  29. කවුද දන්නේ අනේ සීනි වලින් මෙච්චර වැඩ ගන්න පුළුවන් කියලා... ට්ර්යි කරලා බලන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. :)
      දෙක තුනක්වත් ට්‍රයි කරලා බලන්න ප්‍රාර්ථනා..

      Delete
  30. මට මේක මිස් වෙලා රූ. ඔන්න අදයි මෙච්චර දෙයක් සීනි වලට කරන්න පුලුවන් කියල දන්නෙ.

    ReplyDelete
    Replies
    1. ම්..ස්තුතියි මේ පැත්තෙ ආවාට..

      Delete