Saturday, June 2, 2012

එකම එක සැරයක්..





නුඹ මෙතුවක් කල් මා ළඟම සිටියත් 
සත්තකයි මා දැනගෙන සිටියේ නැහැ
නුඹ මට කෙතරම් වටිනවාද කියා....


නුඹ මෙතුවක් කල් හෙලූ කඳුළු සුසුම් 
සත්තකයි මට දැනුනේ නෑ
නුඹ මා ළගින් වෙන්වන තෙක්ම


ආයෙත් එකම එක සැරයක් 
එකම එක සැරයක්
එන්න පුළුවන්ද මා ගාව
ඇත්තටම සත්තයි
මා නුඹට ආදරෙයි.






නුඹ දකින තුරු නොදැන සිටියෙමි
සතුට කිමැයි කියා...
නුඹ රුදු වචන වලින් සැඟවුනු 
හැඟීම දිටිමි ආදරයම ලෙස

හිත් මල මිරිකා පොඩි කර දැමුවත් නුඹ
සත්තකයි මට නොදැනුනේ වේදනාව 
ඒ ආදරයම නිසාමැයි...

ආයෙත් එකම එක සැරයක්
එකම එක සැරයක්
මම මා ලෙසම පිළිගන්න පුළුවන්ද?
සත්තකයි 
මම නුඹට ආදරෙයි


සින්දුව ගන්න: One More Time - Kim Hyun Joong
හැමදාමත් ජීවිතේ ගැන ආදරේ ගැන ලියන පොඩ්ඩීට ආදරයෙන්....

74 comments:

  1. ම්ම්ම්ම්..ලස්සනයි..

    ඇත්තටම පුලුවන්ද එහෙම ..කොච්චර රිද්දුවත් එකේ වේදනාවක් නොදැනි ඒ වේදනාව ගැන සතුටින් හිතන්න පුලුවන් ආදරේ හන්දානේ..

    ReplyDelete
    Replies
    1. ම්..එත් සමහර අය ඒක තේරුම් ගන්නෙ ගොඩක් පහුවෙලා..

      Delete
  2. " One more time " කියලා Richard Marx ගේ සිංදුවකුත් තියනවා බොක්කටම වදින. මම මාර ආසයි ඒකට. මෙන්න ලින්ක් එක.

    http://www.youtube.com/watch?v=wIaRBQKPFHY

    මේ සිංදුවත් ගති. අර ටෙලියෙම එකක් වෙන්ඩ ඇති මයෙ හිතෙ.

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. ලස්සන සින්දුවක් බෙදාගත්තට ස්තුතියි..
      Richard Max සින්දුව හරියට දුක හිතෙනවා නේ..

      Delete
    2. මම ආස ඒකෙ තියන ශෝක රසයට.. ඒක බොක්කටම වදිනවා..

      සමාවෙන්නඕනා, මම අනවශ්‍ය වැඩක් කරපු බව මගේ මෝඩ මොලේට පස්සෙයි තේරුනේ. ඔයා සින්දුවක් ගැන කියද්දී මම වෙන සින්දුවක් ගැන කියපු එක හරිම නොහොබිනා වැඩක් වගෙයි මට පස්සෙ පෙනුනෙ. ඒත් ඉතින් එතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි.

      මෝඩ කමට සමාවෙන්න.

      Delete
    3. අයියෝ සෙන්නා..ඔයා නාගන්න එක ඉවරයක් නෑනෙ..!!

      මේක කොහොමද නොහොබිනා වැඩක් වෙන්නෙ කියලා මට නම් තේරෙන්නෑ..මම සින්දුවක් ගැන කීවම තවත් ලස්සන සින්දුවක් මතක් කරන එක සහෘදයන්ගේ හැටි මම හිතන විදිහට..

      ඔයා දුන්න සින්දුවත් ලස්සනයි..මටත් ඒක බොක්කටම වදින සින්දුවක්..ඒත් මම සාමාන්‍යයෙන් දුක හිතෙන සින්දු වලට කැමති නෑ..ඒත් මේක වෙනස්..

      මගේ බ්ලොග් එකේ තියෙන්නේ මට හමුවුනු ලස්සන දේවල් ගැන කියලා මම උඩින්ම කියලා තියනවනේ..ඉතින් යාළුවො කමෙන්ට් කරද්දි එයාලට හමුවුනු ලස්සන දේවල් කියන්න පුළුවන් නම් මම ගොඩක් කැමතියි..

      මගේ උත්සාහය සම්පූර්ණ වෙන්නෙ එතකොට..ගොඩක් ස්තුතියි පිළිතුර බලන්න ආයෙත් ගොඩ වැදුනට..

      Delete
  3. ආයෙත් එකම සැරයක්වත් මෙහෙම කරන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නය

    ReplyDelete
    Replies
    1. ම්..ආදරේ කරනවා නම් බැරි වෙන්න විදිහක් නෑ නේද?

      Delete
  4. තව එක සැරයක් !!!
    ලස්සන සිංදුවක්.

    ReplyDelete
  5. රූට ගොඩාක් ස්තූතියි රූ තෑග්ගට. ලස්සන සිංදුවක්!!!!! :D

    ReplyDelete
    Replies
    1. යූ ආ වෙල්කම් පොඩ්ඩි..
      (සිංහලෙන් මේක කියන්නෙ කොහොමද කියලා දන්නෑ අනේ)

      මෙච්චර කල් ලිව්වා වගේ ලස්සන පෝස්ටු ගොඩක් ලියන්න ලැබේවා..

      Delete
    2. එකට සිංහලෙන් මෙහෙම කියන්න. "අනේ ඕක ගානක් නැහැ මෙයා"

      Delete
    3. @අසර්,
      අයියෝ එහෙම කිව්වාම හරි කැතයිනේ..
      ඇත්තට එහෙමද කියන්නේ?

      Delete
    4. මෙහෙමයි කියන්නේ,

      "ඕක මොකද්ද අනේ..." :)

      Delete
    5. ඇනෝ ඒක හරි නැහැ එතකොට කියවී එවෙලේ අතේ තියන දෙයක් හරි වෙනත් දෙයක නමක්.

      Delete
    6. you are welcome=ඔබව සාදරයෙන් පිළිගන්නවා

      ඉංග්‍රීසි සිංහලට හරවන්න ගියාම මේ වගේ මහ හිතුවක්කාර අයිටම් අහුවෙනවනේ...

      Delete
  6. // හිත් මල මිරිකා පොඩි කර දැමුවත් නුඹ
    සත්තකයි මට නොදැනුනේ වේදනාව
    ඒ ආදරයම නිසාමැයි...

    ඒක නම් ඇත්ත තමයි!

    ReplyDelete
    Replies
    1. ම්..ඔයාට මොකද මේක ඇත්ත කියලා හිතුනේ?..කියමු බලන්න..

      Delete
  7. ලස්සනයි අක්කේ...

    ReplyDelete
  8. නියම සින්දුව

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රජ (තුමනි!)

      Delete
  9. // ආයෙත් එකම එක සැරයක්
    එකම එක සැරයක්
    එන්න පුළුවන්ද මා ගාව
    ඇත්තටම සත්තයි
    මා නුඹට ආදරෙයි. //

    හරිම දුක හිතෙනවා ...

    ReplyDelete
    Replies
    1. අයියෝ නීතා ඔයාට දුක හිතුනද..
      මේ සින්දුව තිවුන ටීවි සීරිස් එක ඉවර වෙන්නෙ නම් සතුටු හිතෙන විදිහට..
      ඒක නිසාද කොහෙද මට මේක දුක හිතෙනවා කියලා හිතුන්නෑ..

      මේ පැත්තෙ ආවාට ගොඩක් ස්තුතියි..වෙල්කම් කියලා පිළිගත්තා ඔන්න..

      Delete
  10. //..ආයෙත් එකම එක සැරයක්
    එකම එක සැරයක්
    එන්න පුළුවන්ද මා ගාව
    ඇත්තටම සත්තයි
    මා නුඹට ආදරෙයි..//

    ආදරේත් නම් මහ පුදුම දෙයක්..මොනදේ වුනත් ආදරේ එපා කියලා හිතෙන්නේ නෑනේ..හරිම ලස්සනයි රූ....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සිතුවිලි...
      මොනවා වුනත් ආදරේ එපා කියලා හිතෙන්නෑ..

      Delete
  11. සින්දුව ලස්සනයි! Full House ටෙලි නාට‍්‍යයේ සිංදුත් මේ වගේ.... මම මාර කැමතියි ඒකේ සින්දු ටිකටත්!

    ReplyDelete
    Replies
    1. අහන්න ඕන..මම ඒ සීරිස් එක බලලා නෑ..
      ස්තුතියි ඔත්තුවට..

      Delete
  12. ලස්සන සිංදුවක්.. පුංචි බලාපොරොත්තුවක්...

    විශේෂයි : පොඩ්ඩි අක්කට විතරද තෑගී.. ඇයි අපිට නැද්දෝ??

    ReplyDelete
    Replies
    1. අයියෝ..කාට හරි තෑග්ගක් දුන්නාම ඇයි මට නැද්ද කියලා අහන එක හරි නෑ නේ..!!
      :D :D

      විශේෂයි: තෑග්ගක් නේද? බලමු බලමු මලේ ඉස්සරහට..

      Delete
  13. අපූරු ලස්සන ගීයක් අර ටෙලියේම ගියක්ද මේක

    ReplyDelete
    Replies
    1. ඔව්..ඒ කතාවෙ ගීත 10ක් විතර තියනවා..මේක තමා ප්‍රධාන සින්දුව..

      Delete
    2. මේක මට පස්සෙ මතක් වුනේ..
      මේ සින්දුව කියන්නෙ ඒ ටීවි සීරිස්එකේ සෙනුක් වගේ චරිතය රඟපාන නළුවාමයි..
      එයාට හොඳට රඟපාන්න වගේම සින්දු කියන්නත් පුළුවන්..
      කොරියාවෙ ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ ස්ටයිල් අයිකන් කෙනෙක් විදිහට..

      Delete
  14. @ සෙන්නා,
    ඒක කැත වැඩක් ද? අප්පච්චියේ මම සින්දු සෙට් එකක් ගැනම කිව්වනේ.....

    ReplyDelete
    Replies
    1. බුද්ධි,

      ඔයා සින්දුවක නමක් විශේශයෙන් සඳහන් කළේ නෑනේ..

      මට හිතෙන්නෙ ඒක කැත වැඩක්.. අඩු ගානේ ඉස්සෙල්ලම රූ කියපු සින්දුව ගැන අදහසක්වත් කියලා හිටියනම්... කොහෙද මෝඩ මොලේ.. පැනපු ගමන් මම ආස සින්දුව ගැනනෙ කිව්වෙ.

      ෂිහ්.. ගොන් වැඩ කරද්දි පේන්නැත්තෙ ඇයි ඒක ගොන් වැඩක් කියලා..

      මටමමයි වෙන්නෙ.

      Delete
    2. එහෙම තමා.... කැමති දේවල් ගැන කියද්දි ඔක්කොම මතක නැති වෙලා යනවනේ..... රූ නෝනා තරහ වෙන එකක් නෑ........... හෙහ් හේ.............

      Delete
    3. @සෙන්නා..
      //ෂිහ්.. ගොන් වැඩ කරද්දි පේන්නැත්තෙ ඇයි ඒක ගොන් වැඩක් කියලා..//
      මේක නම් සම්පූර්ණ ඇත්ත...කියලා වැඩක් නෑ..කටේ චොකලට් කිලෝ එකක් දාන්න වටිනවා..
      (මේක කියවලා මට හිනාව නවත්තගන්න සෑහෙන වෙලාවක් ගියා..)

      කොහොම වුනත් උඩ කතාව මෙතෙනට අදාල නැති නිසා මේ කොමෙන්ටුව නම් ගොං වැඩක්..!!

      මේ වගේ ඔය දෙන්නා කතාවෙද්දි අපි යාලුවො නෙවිද කියලත් හිතෙනවා..නාඳුනන අයත් එක්ක ගනුදෙනු කරද්දිනෙ අපි කියන්න ඕන මොනවද එහෙම කිව්ව එක අප්සට්ද මන්දා කියලා හිතන්නෙ..!!

      @බුද්ධි මහත්තයාට,
      සෙන්නව බයිට් කරන්න එපා අනේ පව්නේ..
      //කැමති දේවල් ගැන කියද්දි ඔක්කොම මතක නැති වෙලා යනවනේ//
      ඒක කතාවත් ඇත්ත බලාගෙන යනකොට..
      නිකම්ම රූ කිව්වාම අවුල් වගේද?

      Delete
    4. නෑනෑ රූ කිව්වම අවුලක් නෑ.....සෙන්නගේ බයිට් එකේ සැර වැඩිවෙන්නයි රූ “නෝනා“ කිව්වෙ හෙහ් හේ.........

      Delete
  15. රූ මේ තියෙන්නෙ සින්දුවක් ඒකේ..... ඒ ටෙලි නාට‍්‍ය කොරියන් එකක් බලන්න වෙලාවක..... මටනම් මාර විදිහට හිතට ඇල්ලුවා.....

    ReplyDelete
  16. http://www.youtube.com/watch?v=hSmn1Cux7RQ

    ReplyDelete
    Replies
    1. ඒකත් මරු සින්දුව..

      මම හිතන්නෙ, කොරියන් සිංදු, චිත්‍රපටි, ටෙලි දැන් දැන් ටික ටික ලෝකව්‍යප්ත වෙන්ඩ පටන් අරන් තියෙන්නෙ. මම බැලුවා කොරියන් ඩිටෙක්ටිව් ෆිල්ම් එකක්, එතකොට තව ටිකක් හොල්මන් පහේ ෆිල්ම් එකක්.. ඒවත් මරු..

      Delete
    2. @බුද්ධි,

      //ආදරය මෙලෙස පැමිනේ යැයි මා සිතුවේ නෑ කිසි දිනෙක
      මගේ හිත නුඹ ළඟ සැලෙන්නේ ඇයි නොමතේරේ මට...//

      ම්..ඒක නම් රසම රස සින්දුවක්..වීඩියෝ එකත් ලස්සනයි..
      කටහඬ,සංගීතය දෙකම ලස්සනයි..

      මේ වගේම තීම් එකක් තියන සීරිස් එකක් තමා personal taste.
      පුළුවන් නම් හොයාගෙන බලන්න..

      http://en.wikipedia.org/wiki/Personal_Preference_(TV_series)


      @සෙන්නා,
      ඔයා මම කියපු සින්දුව ගැන තාමත් මොකුත් කියන්නැතුව බුද්ධි කියපු එක ලස්සනයි කිව්වා නේ..හයියෝ සල්ලි..!!1

      කොරියන් කතා හරිම ලස්සනයි..ඒවා ගොඩක් සංකීර්ණ නැති නිසා වෙන්න ඇති නේද? ඒවායෙ ඉන්න නරක චරිතෙත් හිතාගන්න බැරි තරමට හොඳයි..

      Delete
  17. රූ ඔයා කොරියන් දන්නවද? ශා.....මරු..... ඔය ෆුල් හවුස් බැලුවට පස්සෙ අපේ කස්ටිය ටොරෙන්ට් කර කර කොරියන් ඒවා අරං බැලුවා.... සබ්වලින් තමා අපි ගේම ගොඩ දා ගන්නේ........ අර කියපු එකේ ‍‍ඔත්තුව මම ඒ ගොල්ලන්ට දෙන්නම්. එතකොට රොරෙන්ට් වෙන්ඩ ගනී සිටි සිටි ගාලා..

    ඒක නෙමේ ඇයි අර අසර‍න ‍‍ශෙන්නාට හෝම කරන්නේ.... පව් අහින්සකයා.... නිවාඩුවට ආපු ගමන්නෙ....

    මම කියන ෆුල් හවුස් කතාවත් පැටලැවිලි නැති කතාවක්. හැබැයි වෙනස්. ඒකේ කොලුගැටයා මං කැමතිම විදිහෙ ඩයල් එකක්. පොරගෙ විහිලුත් ඒ වගේමයි....

    හරියට ‍‍ෂෙන්නා වගේ.... එයාම කියලා එයාම ‍ඔලුවෙ අත ගහගන්නවා....හෙහ් හේ.....

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ රූ මහත්තයත් ඔහොම තමා හිතාගෙන ඉන්නෙ මේ දවස්වල මම බලන කොරියන් ටීවි සීරිස් වල හැටියට..!!
      මේ කතා බැලුවාම හිතෙනවා කොරියන් ඉගෙන ගන්න තියෙනවා නම් කියලා..
      මේ සින්දුවෙ තේරුමත් හොයාගත්තෙ ජංජාලෙ පීරලාම තමා..තේරුම ඒක්ක සින්දුව අහනකොට තවත් ලස්සනයි..

      සෙන්නාව බයිට් කරන්නෙ නිවාඩුවට ආපු නිසානේ..පිටරට ඉද්දි ඔහොම කරන්න ගියොත් මොනවයින් මොනවා වෙයිද දන්නෑ..

      ඇත්තම කියනවා නම් full house එකේ පිරිමි ළමයා හරි කැතයිනේ..ගෑණු ළමයා නම් එයාට මැච් නොවන තරමට ලස්සනයි..කතාව බලන්නැතුව ගොඩක් කියන්න ගියොත් මමත් සෙන්නා වගේ නාගනීවි..!! ඒක නිසා බලලම මොනවා හරි කියන්නම්කෝ..

      Delete
    2. හපොයි...මම නාලලු නේද ? ඇඬෙනවා අප්පා.. මේ තියන රස්නෙ හැටියට මෙහෙමවත් නාගන්ඩ ලැබෙන එක හොඳයි.. දෙන්නටම ඉත්තූතියි වතුර ඇඳලා දුන්නට.. හැක් හැක් හැක්... :-)

      Delete
    3. තිත් දෙකයි කැපිටල් ඩී ද? පී ද?
      එක්කො දෙකම..!
      :D :P

      Delete
  18. ඉස්සර වෙච්ච අය සේරම දේවල් කියලා නොවැ. මට කියන්න දෙයක් ඉතිරි වෙලා නෑ. ඒ නිසා කියෙව්වෙමි.බැලුවෙමි. රස වින්දෙමි කියන්නම්. ජය...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සරත්..
      මේ පැත්තෙ ආවාටත් කොමෙන්ටුවටත්..
      ඔය අහා මම නිතරම ගියත් කොමෙන්ටුවක් දාලා ඇවිල්ලා නෑ මයෙ හිතේ..එහෙම වෙන්නෙ මටත් ඔයා කියපු දේම කියන්න වෙන නිසා..

      Delete
  19. ලස්සනයි රූ...කෝ අනේ අර දඟකාර හාදුවේ ඉතුරු ටික? :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයු..
      දඟකාර හාදුවේ ඉතුරු ටික වෙන බ්ලොග් එකක ලියැවේවි සයු..
      රූ සිරිනි වල ලියැවෙන ටික ඉවරයි..ඔයාට මම ලියනවාටත් වඩා ලස්සනට ටීවි සීරිස් එක බලන්න පුළුවන්..

      Delete
  20. රූ, ඔන්න මේ දැන් තමයි මං ගොඩ ආවෙ ඔයාගෙ තොත්තු සීරීස් එක බලලා.... හප්පේ ගෙදරින් පට්ට බැණුම් අහ අහා බැලුවෙ නැද්ද ඉවර වෙනකම්ම.... වැඩ ඇරිලා ඇවිත් පාන්දර දෙක තුන වෙනකම් බැලුව හලෝ..... :D

    හරිම ලස්සනයි රූ... ඒකට ලින්ක් එක දුන්නටත් ගොඩාක්ම ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතුටුයි මියුරු මගේ ගොඩට එක්කෙනෙක් එකතු වුනාට..
      ලස්සන කතාවක් නේද?

      ඔයාට ගෙදරින් තවත් බැණුම් අහන්න පුළුවන් මේ සීරීස් තුන බැලුවනම්..
      Boys before flowers, Personal Taste, Full House.
      හැබැයි මමත් පරස්තාව බේරගත්තෙ බොහොම අමාරුවෙන් ඒක නිසා පරිස්සමෙන් හොඳේ..!! :D

      Delete
    2. හික්..හික්..හික්... ඔයාටත් එහෙම උනාද... මගේ පරස්තාවටත් මොනා වෙයිද දන්නෑ... මොකද කලින් එක ඉවර වෙලා දැන් Personal Taste බලනවා.... වාහනේ සද්දෙ ඇහෙනකොටම දාල දුවනවා.... ඒ උනාට බොරු කරන්න බෑ අප්පා, මගේ හැටි හොඳට දන්න හින්දා.... බනිනවා දැන්, කාලෙන් කාලෙට කම්පියුටරේ ඇලිලා ඉන්න මොකක් හරි අල්ලගන්නව කියලා....... මොනා කරන්නද අනේ... ඒ කතා හරිම ලස්සනයිනෙ.... ආයෙමත් තැන්කූ හොඳේ..... :D

      Delete
    3. ආයෙ දෙකක් නෑ මියුරු..
      ප්‍රවේශම් වෙන්න කියලා තමයි කියන්න වෙන්නෙ.. :D
      (මම කිව්වා කියලා නම් කියන්න එපා වැරදිලාවත් මහත්තයට..මමත් ඉවරයි මගේ බ්ලොග් ලිවිල්ලත් ඉවරයි ඔන්න..)
      තව ලස්සන එකක් හොයාගත්තොත් මටත් කියන්න..

      Delete
    4. Boys before flowers කියන්නේ අර ගුජම්පියා ඉන්න එකද! ඒක බලලා කස්ටියක් කාලයක් මටත් නම දාලා තිබ්බා ගුජම්පියා කියලා :D

      Delete
    5. ඒ කතාව තමා සබිත්...
      ඔයා එච්චර ලස්සනද? ඒ නළුවා රඟපාන තවත් එකක් තමා personal taste කියන්නේ...

      Delete
    6. රූ, ඔය කියපු ටික ඔක්කොම ඉවර කරලා City Hunter ත් බැලුවා... ඒකත් හරිම ලස්සනයි... ගොං ජෝක්ස් වැඩිය නෑ.... ඇක්ෂන් ඩ්‍රාමා එකක්... පුළුවන් නම් බලන්න...

      Miyuru

      Delete
    7. මියුරු මට ඊ මේල් එකක් එවනවද?
      ru.sirini07@gmail.com
      නැත්නම් මූණු පොතේ මාව එකතු කරගන්නවද?
      http://www.facebook.com/rusirini

      Delete
    8. මම මේල් එකක් එව්වා සතියකට විතර කලින්... දැක්කෙ නැද්දෝ...

      Miyuru

      Delete
  21. අන්තිමට පොඩීට ආදරෙන් කියල දාන්නේ ඇයි ඇත්තටම ?

    ReplyDelete
    Replies
    1. ම්..කලින් පෝස්ටුවේ කමෙන්ට් කරද්දි මට හිතුනා පොඩ්ඩිට තෑග්ගක් දෙන්න ඕන කියලා..ආදරේ ජීවිතේ ගැන හැමදාම වෙනස් විදිහට කතා ලියන පොඩ්ඩිගෙ සෙන්චරිය වෙනුවෙනුයි මේ පෝස්ටුව...

      දැන් ඔයත් දිනේශ් මල්ලි වගේ අහන්න එපා කෝ අපිට තෑගි නැද්ද කියලා හොඳේ

      Delete
  22. කවදාවත් නොවෙනස් වෙන ආදරේකට විතරයි එහෙම කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හිතේ ඇතිවන අපූරු සිතුවිල්ලක් ජීවිතයම වෙලා අපිව ජීවත් කරද්දි ඒකට තමා ආදරේ කියන්නේ..
      ස්තුතියි පැතුම් ලස්සන අදහසට..

      Delete
  23. මොකක්ද මේ ආදරේ.. උඩ බුද්ධි සෙනා රූ සංවාදයක් ගිය නේ.

    ReplyDelete
    Replies
    1. අපි බැලුවෙ සෙන්නාව ටිකක් බයිට් කරන්න...ඒකට පෝස්ටුවෙ සම්බන්ධයක් නෑ..ඒත් අන්තිමට බයිට් වුනේ කවුද කියලා හිතා ගන්න බෑ..
      හික්ස්.. :D

      Delete
  24. මම හිතන්නේ කමෙන්ට් දෙසැරයක් කියවපු මම බයිට් වෙලා ඇත්තේ.

    ReplyDelete
  25. ලස්සන සින්දුවක්.... මේක කියන්නේ මොන භාෂාවෙන්ද???
    හැබැයි ඉතින් ස0ගීතය විශ්ව භාෂාවක් නිසා රස වින්දනයට බාධාවක් නම් වුනේ නෑ

    ReplyDelete
    Replies
    1. මේක කොරියන් සින්දුවක්..ඉංග්‍රීසි වචනත් එකතු කරලා තියන හැටි නම් අපූරුයි..

      Delete
  26. මටත් හිතෙයි මේ විදියටම කවදා හරි!

    ReplyDelete
    Replies
    1. ම්...එකම එක සැරයක් ආඩම්බර කම පැත්තක තියලා ආදරේ කරන්න හිතෙන්න කියලා පතනවා..

      Delete
  27. මම සෑහෙන්න පරක්කුයිනේ බොලේ.... සමාවුව මැන අක්කෝ පද පේලිය නම් මාර ලස්සනයි හැබැයි ඉතින් සිංදුව ඇහුවට තේරෙන එකක්යැ... මම ආසා ජපන් සිංදු වලට විශේෂයෙන් නරුටො කාටුන් ගීත....

    ReplyDelete
    Replies
    1. ඔයා නම් නරුටො පිස්සෙක් වගේ..මමත් හොයාන බලන්න ඕන..ටිකක් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මට තාම හරි ගියේ නෑ..

      Delete