Friday, January 13, 2012

දිනපොතෙන් 2: කතා බස්

මම පොඩි කාලෙ ඉදන්ම රේඩියෝ අහන්න ආසයි. ළගම නෑයෙක් නොවුනත් මම සිරස රේඩියෝ එක පටන් ගත්ත කාලෙ ඉදන්ම අහනවා. 
හොඳ නරක ගැන විචාරය නොකරත් සින්දු කතා වලට වැඩිය වෙළඳ දැන්වීම් ගියත් අදත් මීටරේ කැරකෙන්නෙ සිරස රේඩියෝ එකට. 
මේ කතා දෙක වගේ ඒවා දැන් නම් රේඩියෝ එකෙන් ඇහෙයි කියල බලාපොරොත්තු වෙන්න බැරි වුනත් එකිනෙකට කොහොමත් සම්බන්ධයක් නැතත් මගේ දිනපොතේ ලියල තියන මේ කතාවලට මම ආසයි.


මේ කථාව මම ඇහුවෙ සිරිස FM එකේ සූරිය සිරසින්. හැබැයි ගොඩ කාලෙකට කලින්. (කිංස්ලි රත්නායක වැඩසටහන කරන කාලෙද කොහෙද.)
“මදුරු රාජයෙකු ගේ දෂ්ඨ කිරීමෙන් වේදනාවට පත්වූ එක්තරා පුරුෂයෙක් තම අත්ල එකතු කොට මදුරු රාජයාට සංග්‍රහ කොට මෙසේ කීවේය. 
“කොහෙ විද්දත් කමක් නෑ,කන ගාව නම් ඔන්න කූං කූං ගාන්න එපා.“ 
සංග්‍රහය භුක්ති විද කොන්ද කැඩී අමාරුවෙන් බිම වැටී සිටි මදුරුවා මෙසේ තම අදහස ඉදිරිපත් කලේය.
“නලලෙ කෑවත්, අතේ කකුලෙ මූනෙ විද්දත් මගේ සද්දෙ එකමයි. තමුසෙට අනිත් තැන්වලට ශ්‍රවන හැකියාව නැතිවුනාට මං මක් කරන්නෙයි.“
-----------------------------------------------
මේ කථාවත් එහෙම අහන්න ලැබුනු එකක්.
       මට වාහන එලවන්න පුළුවන් හරිය
අනේ යන්න මෙයා යන්න...ඔයා එලවන වාහන...ඔයා එලවයි ඔන්න අර ගුණදාස කපුගේගෙ පාරෙ නම්
ඒ මොන පාරද?
ඇයි අනේ දන්නෙ නැද්ද.. අර කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මල්පෙති විහිරුනු මල් පාරේ..........

19 comments:

  1. කපුගේ මහත්තයාගේ පාර අක්කට හමුවෙලා තියෙන හැඩයි ෆොටෝ එක බැලුවමනම්....

    ReplyDelete
    Replies
    1. හික්ස්..මමත් කාලෙක ඉදන් හොය හොය හිටියෙ මලේ..

      Delete
  2. කතා දෙකම ලස්සනයි. මදුරුවාගේ කතාව තමා හොඳම. :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ..ඔය පැත්තෙත් මදුරුවො ඉන්නවද?

      Delete
    2. අපොයි ඔව් ඉඳ හිටලා. හවස හයෙන් පස්සේ එලියට එන එක්කෙනක් ඉන්නවා. එයාගෙන් Ross River Fever කියලා ලෙඩකුත් හැදෙනවා.

      Delete
  3. ඔව්මයි ඔය ෆොටෝ එකේ තියෙන්නේ පාර!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි..තැන්කූ මේ පැත්තෙ ආවාට ලහිරු..

      Delete
  4. කිංස්ලි රත්නායක ඉන්න දවස්වල මාත් සිරස අහන්න ආසයි. ඒත් දැන් නම් ඇහෙන්නෙම හිරු එෆ් එම්. මම අහන්නේ නෑ බස් වල දාලා තියෙන්නෙම හිරු. සගායි නිසුලියි එක්ක හිරු එෆ් එම් !!!!

    @දිනේෂ් :
    රූ අක්කෑ පාරේ දැන් කාර් එකක් යනවා මල්ලි. තව ටික කාලයක් යනකොට ඉස්කෝල ඇරිච්ච පොඩි එවුනුත් දුවන්න ගනියි. ඒ නිසා ඒක පාලු පාරක් වෙන්නේ නෑ. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. හෝව් හෝම මධු මල්ලි කාර් එක නවත්තන්න පාරේ ඔච්චර දුර යන්න එපා..හික්ස්..
      මම ඔපිස් යන වෙලාවට නම් හිරු එකේ යන්නෙ ඩීජේ අරා ඇන්ඩ් පැස්බරා..කාට කියන්නද මේවා..

      Delete
    2. මටත් හිතුනා මම ගියපු වේගේ වැඩියි කියලා.
      වාහනේ කෝට්ටේ පාරට දැම්ම ගමන් හිතුනේ හයිවේ එකට දැම්මයි කියලා. ඒකයි ලෑල්ලට පාගලා ගියේ. හික්ස් :)

      Delete
  5. අක්කත් අපිට උදේ පාන්දරම පොත දානවා වගේ..... හික්ස්.... හොඳ හැකියාවක් තියෙනවා... :P :P

    ;)

    ReplyDelete
    Replies
    1. පොත දාන්න නේද? තැන්කූ මලේ..

      Delete
  6. මදුරු කතාව අහල නැහැ කලින්.මදුරුවෙක් කියපු කතාවක් අහල තියේද චොප්ප වෙන්න ගැහුවත් කමක් නැහැ ගහල ඇත දිගේ රෝල් කරන එකයි තමයි ඉවසන්න බැරි

    ReplyDelete
  7. මීට කලින් කවුද මට ඔය කතාව කියලා තියනවා..මරු කතාව..තැන්කූ මේ පැත්තෙ ආවාට..

    ReplyDelete
  8. අනේ මරු කතා දෙක...

    ReplyDelete
  9. කපුගේගේ පාරේ වුණත් පරිස්සමෙන් එලවන්න ඕනේ. පාරෙන් පිට පැන්නොත් ගස්වල හැප්පෙන පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..ඒත් පාරෙන් පිට පනින්න හේතු නෑනේ මොකද කවුරුත් එන්නැති නිසා..

      Delete