Wednesday, December 21, 2011

සුරඟන කතා: සතුටු කුමරු සහ ගිනි නැති මකරා- 4

සුරංගනා කතාව පටන් ගත්ත හැටි....

කලින් පෝස්ටුවෙ අපි නතර වුනෙ බිසව සුරංගනාවට බනිනකොට රජතුමා බයවෙලා එයාට කට වහගන්න කියල කිව්ව තැනින්...අද එතැන් සිට..


“ඔය කියන මිස්ප්‍රොප් සමහරවිට පේන්නැතිව මේ වටේ සැරිසරනවා ඇති. අනිත් එක කුමාරයා නොසැලකිලිමත් වුනත් එයාගෙ අනිත් ගතිගුණ නිසා අමාරුවෙ වැටෙන්නැතිවෙයි. බයවෙන්න එපා. එයා පිට රාජ්‍යකට ගිහිල්ලා මකරෙක්ව මරලා ලස්සන කුමාරිකාවක් කසාද බඳීවි. ඊටපස්සෙ සේනා එක්ක ගිහිල්ල සටන් කරලා මාමටයි අපිටයි රාජධානිය ලොකු කරගන්න උදව් කරාවි. එයා විශිෂ්ඨ රජතුමෙක් දක්ෂ සටන්කරුවෙක් වේවි. ඔයා ඉතිහාසෙ කතා කියවලා බැලුවොත් ඒක තමයි හැමදාම වෙලා තියෙන්නෙ. “රජතුමා කිව්වා.
“ඒත් මේවා කවද වෙන වැඩද? මම දන්න විදිහට දැන් අවුරුදු ගානකින් මකරු ගැන ආරංචියක්වත් නෑ.“ බිසව පිළිතුර දුන්නා.                
“ඇත්තටම කුමාරවරුම මරලා මකරු වඳවීයන වර්ගයට අයිතිවෙලා තියෙන්නෙ. මේ දවස්වල සමහර රාජධානිවල කතාවෙනවා මීට පස්සෙ මකරු මරන එක තහනම් කරන්නත්.“
“ඒක ඔය මකරු කන්න බලාන ඉන්න ගෑනු ළමයින්ටත් හොඳ ආරංචියක් වේවි.“බිසව කිව්වෙ කුමරයා පිටත් කරන එක ගැන තරහින්.
“මකරු කනවා කියන්නෙ කන්‍යාවො විතරනෙ. කොහොමද දන්නෑ උන් කන්‍යාවො අඳුරගන්නෙ? “
“මේකනෙ කන්‍යාවන්ගේ සංගමයත් මේකට සෑහෙන්න මහන්සි වෙනවා. එයාලා මේ දවස්වල සටන් පාඨය විදිහට අරන් යන්නෙ “ඔයාලා වශී කරගන්න කැමති මකරෙක්ද කන්‍යාවක්ද කියලා.“  
මම හිතන්නෙ මීට පස්සෙ කුමාරයන්ට පුළුවන් මකරු වෙනුවට ඔය බෝදිලිමො, ගිනිහොටව් වගේ සත්තු මරන්න. ඒත් උනුත් මම හිතන්නෙ වඳවී යන වර්ගයට තමා අයිති. අපි දැන් ජීවත් වෙන්නෙ අමාරු කාලෙකනෙ. මම බලාන අපෙ පුරෝහිත කියනවා මකරු මරාදැමීමේ ගැසට් එකේ මකරු අවශ්‍ය වී ඇත කියලා දැන්වීමක් දාලා තියනවා  කියලා. පොයිස්ටෙස්ම් රාජධානියෙ මකරෙක් මරන්න ඕනි කියලා දාල තියන දැන්වීමෙ රජ කුමරියගෙ පින්තූරෙත් දාලා තියනවා. කුමාරිකාව නම් ලස්සනයි තමයි ඒත් මකරා දරුණු සතෙක් හින්දා මම හිතන්නෙ ඌව මරන්න කුමාරවරු හොයාගන්න එක ලේසිවෙන්නෑ. “
“මකරා දරුණුයි නම් මම හිතන්නෙ සතුටු කුමාරයා ජීවිතේ පරදුවට තියනඑකේ තේරුමක් නෑ. “
“ඒත් දේවිය මම කුමාරයාට කතා කලාම අර දැන්වීමෙ හිටිය කුමාරිකාවගෙ පින්තූරෙ දැකලා කැමති වුනා. එයා නොසැලකිලිමත් තමයි ඒත් ඒ වගේම නිර්භීතයි කියන එකත් අමතක කරන්න එපා. “
 “අයියෝ මම හිතන්නෙ මට පුතාව ආයෙ දකින්න ලැබෙන එකක් නෑ. මට විශ්වාසයි ඔය කියන කුමාරිකාවගෙ පිත්තූරෙ අර කොම්පීතරවලින් හදපු එකක් වෙන්නැති මගේ පුතාගෙ හිත ගන්නම..“

බිසව කොච්චර ඇඬුවක් රජ සිරිත ඉෂ්ට කරන එක අනිවාර්යයි.  කුමාරයා ගමනට ඕනි අඩුම කුඩුම සියල්ල සූදානම් කරගත්තා.  ඒ එක්කම පුරෝහිත දුන්න පොයිස්ටෙස්ම් රාජධානියෙ ප්‍රධාන මාර්ග පෙන්නන සිතියම හොඳට අධ්‍යනය කලා.  කුමාරයා අඩි දොළහේ හෙල්ල දෙකක් එයාගෙ විශ්වාසවන්ත කඩුව වගේම මළකඩ කන්නැති සැහැල්ලු යුධ සන්නාහකයත් සූදානම් කරගත්තා.පුරෝහිත නම් කිව්වෙ ඒ සන්නාහකය හදලා තියෙන්නෙ ඇලුමීනියම් කියලා මැජික් ලෝහයෙන් කියලා.

කුමාරයා ගමනට පිටත් වුනා. රජතුමාත් බිසවත් එයා නොපෙනී යනකන්ම අතවැනුවා. කුමාරයා ධෛර්යමත් කරන්න මග දෙපස ජනතාව රැස්වෙලා හිටියා.  ඒ අතරෙ පේන තෙක් මානයෙදි කුමාරයා අශ්වයගෙන් වැටෙයි කියල ඔට්ටු අල්ලපු අයත් නොහිටියාම නොවෙයි. (කුමාරයා වතාවක් දෙවතාවක් විතර වැටුනා තමයි!)

පොයිස්ටෙස්ම් රාජධානියට ළඟාවෙන්න කුමාරයාට වසරකුත් දවසක් ගතවුනා. ඔව් ඒක තමා සම්මත කාලේ කුමාරයා අතරමං වුනේ නෑ. ඇත්තටම කියනවා නම් කුමාරයා ඒ රටේ මායිම පහු කලේ සති ගානකට ඉස්සෙල්ලා. පොයිස්ටෙස්ම් රාජධානියෙ ෆැරඩේ රජතුමාගෙ මාලිගාවට එන්න තමයි ඉතිරි කාලය ගතවුනේ.

මාලිගාවෙ දොරටුපාලයා කුමාරයාගෙ හැඳුනුම් පත්‍රය හොඳට පරීක්ෂා කළා. ඊට පස්සෙ කුමාරවරුන්ගේ නාමාවලිය පරීක්ෂා කරපු දොරටුපාලයා කුමාරයගෙ මූණ දිහා බැලුවා.

ඊළඟට මොකද වුනේ? කුමාරයාට මාලිගාවට ඇතුල්වෙන්න අවසර ලැබුනද?  අපි ඊළඟ කොටසින් බලමු.



* මෙම සුරඟන කථාව පරිවර්තනයක් පමණි.ලෝ ප්‍රසිද්ධ මුල් රචකයා පිළබඳ මෙම කථාව අවසන පලවනු ඇත. ඔබට අනුමාන කල හැකි නම් පහත කොමෙන්ටුවක සටහන් කරන්න‍.

7 comments:

  1. ගිනිහොටව් කියන්නේ මොකාද...?

    අක්කේ කුමාරයාගේ අයිඩෙන්ටින්ටියේ එයාගේ මූනත් තිවුනෙයි... මේක බලාගෙන හිටියා වගේ ලස්සනට කියන්න පුළුවන්නම් ඒකත් දන්නවා ඇතිනේ....!!!

    ReplyDelete
  2. @ prasanna- වෙළද දැන්වීම් දාන්නේ නැතුව බලාගන ඉමුකෝ මචං මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
  3. මාත් දන්නේ නෑ අක්කේ ගිනිහොටවු කියන්නේ මොක්කුද කියලා.මට හිතෙන්නේ මේ කුමාරයාට මාලිගාවට යන්න අවසර ලැබෙයි. :)

    ReplyDelete
  4. මේ ඇත්තටම අක්කේ ගිණිහොටවු කියන්නේ මොක්කුද))

    ReplyDelete
  5. //“මකරු කනවා කියන්නෙ කන්‍යාවො විතරනෙ. කොහොමද දන්නෑ උන් කන්‍යාවො අඳුරගන්නෙ? “//

    මාර මකරොනේ සුරංගනා කතාවල ඉන්නේ...:))

    අන්න අර ඔක්කොම අහන ප්‍රශ්නේ මටත් ප්‍රශ්නයක්....:D

    ReplyDelete
  6. @යාළු මාළු,
    අයිඩින්ටියේ පොටෝ එක තිවුනා..මේ පොටෝ එක ගන්න යද්දිම කුමාරයා පය පැටලිලා වැටෙන්න (ප්ලෑෂ් ලයිට් එකේ වයර් එක)ගිය නිසා මූණ නිකම් කජු ලෙල්ලක් වගේ පෙනෙන්න තිබුනෙ..එයා අළුත් පොටෝ එකක් ගන්න කියල ඉන්නෙ..මාළුටත් පුළුවන් කැමරා කට්ට කරේ එල්ලන් ඒ පැත්තට ගිහින් එන්න..

    ගිනිහොටව් කියන්නෙ අර ඔර්සමටුල්ලො වගේ ජාතියක්...!!

    @ප්‍රදීප්,
    සම්පූර්ණ ඇත්ත..ටිකක් බලන් ඉන්නකොටනෙ ජොලියක් තියෙන්නෙ..

    @මධුරංග,
    ඔබ හරි..ඔන්න ඊළඟ කොටසෙන් බලා ගන්නකෝ..

    @පොඩි කුමාරිහාමි,
    බිසව තාම ඔය ප්‍රශ්නෙ කල්පනා කරනවා කියන්නෙ ඔළුවට අතගහගෙන...දිගටම එන්නකො..එතකොට මකර කියාවි ඇත්ත විස්තරේ..

    @දිනේශ් හා හැමෝටම,
    අයියෝ ඔයාලා ගිනිහොටව්වත් දැකලා නැද්ද? !!
    මෙන්න මේ පින්තූරෙ බලන්නකො..

    ReplyDelete
  7. දැන් නේ දන්නේ මේකලාට ගිනිහොටවු කියනවා කියලා.

    ReplyDelete