“රූ කේක් හදන කොට අවන් එකක් පාවිච්චි කරන්නෑ නේද?...“
ලොකු බොස් මගෙන් ඇහුවෙ කාර් එකේ ටිකක් දුර යද්දි. ඒ කතාව මට තේරුනේ නැති නිසා මම බොස්ගෙ මූණ බැලුවා උත්තරයක් නොදීම.
“නෑ මම කිව්වෙ ඔයාට කේක් බේක් කරන්න අවන් ඕනි නැති නිසා“
අපේ වැදගත් පාරිභොගිකයෙක්ව හම්බවෙන්න දවල් 1ට විතර අපි දෙන්නා ඔෆිස් එකෙන් පිටත් වුනා. වෙනද නම් බොස් එක්ක විසිට් යනවනම් එයාගෙ කාර් එකෙයි යන්නෙ. මේ සතියෙ රෙපෙයාර් එකකට ඒක ගරාජ් එකේ නිසා බොස් ආවා මගේ දුප්පත් වාහනේට. ඉස්සෙල්ල කීව කතා දෙකම මට එච්චර ඇල්ලුවෙ නැති වුනත් රියදුරු අසුනේ හිටිය මම බොස් දිහා බැලුවෙ මට තේරුනේ නෑ වගේ බැල්මකින්.
බොස් සෑහෙන බැරූරුම් මූනක් හදාගෙන මම දිහා බලලා
“නෑ ඔයා කේක් මිශ්රනය හදලා කාර් එකේ පැයක් විතර දාලා වහලා තිබ්බොත් කේක් එක බේක් කරගන්න පුළුවන් නිසා මම එහෙම කිව්වෙ.“
මෙහෙමත් ලැජ්ජාවක් රියදුරු අසුන යට හිලක් තිබ්බනම් මාත් යනවා පොළව පලාගෙන. කාර් එකේ A/C එක හරියට වැඩ නොකරන්න අරන් දැන් ටික කාලයක්.දවල් වෙලාවට කාර් එකේ ජනේල වහගෙන A/C දාලා ගියොත් අර කිව්වත් වගේ බේක් වෙලා තමයි බහින්න වෙන්නෙ.
දැන් ඉතින් මෙහෙම කතා අහගෙන A/C එක හදන්නැතිව ඉන්න පුළුවන්ද..ඒ ගැන හොයද්දි හම්බ වුනු දේවල් ගැන තමා මේ පෝස්ටුව.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඉස්සෙල්ලාම අපි බලමු කොහොමද කාර් එකක A/C system එක වැඩ කරන්නෙ කියලා.
courtesy : http://youtu.be/w17DpGCcRj8
A/C එක හරියට වැඩ කරන්නැත්තම් හේතු කීපයක් තියනවා.මේ වීඩියෝ එකෙත් ටිකක් මේ ගැන විස්තර කරනවා.
1. A/C ගෑස් එක අඩුවීම/කාන්දු වීම්
මේ නිසා වාහනේ වායු සමීකරණ ධාරිතාව අඩුවෙනවා වගේම A/C පද්ධතියේ අනිත් දේවල් වලටත් බලපානවා. ගෑස් කාන්දු වීම බලාගන්න පොඩි sight Glass එකක් තියනවා. පහල පින්තූරෙ තියෙන්නෙ ඒක තමා.
 |
http://www.evansauto.procarcare.com/images/shar/encyclopedia/88520c01.gif |
ගෑස් ප්රමාණය මදි කියන එකෙන් ගෑස් කාන්දු වීමක් ඇඟවෙන නිසා කාන්දු වෙන තැන් හොයා ගන්න පුළුවන්.
මේ පින්තූරෙන් කියන්නේ ඒ වගේ ගෑස් කාන්දු වීම් පරීක්ෂා කරන්නේ කොහොමද කියලා.
 |
http://www.aa1car.com/library/ac_refrigerant_leaks.gif |
2. Compressor සම්පීඩකය නියමිත පරිදි ක්රියා නොකිරීම
Magnetic Clutch එක නිවැරදිව ක්රියා නොකිරීම මෙයට හේතු විය හැක.
3. Blower fan (Condenser Fan ) එක වැඩ නොකිරීම
වාහනේ ඇතුලේ උණුසුම එළියට අදින්නෙ මේ A/C fan කියලා අඳුන්වන Fan එකෙන්. මෝටරේ ප්රශ්න, Fuse එක නරක් වීම, විදුලි කපාට (Contact Relays) සවුත්තු වීම නිසා.
4. Condensor හි මඩ හා දූවිලි තට්ටු බැදී තිබීම
තාපය පිටතට ඇද ගන්නා condensor හි මඩ බැදී තිබීම නිසා එහි ධාරිතාව අඩු විය හැක.
5. එන්ජිම අධික ලෙස රත් වීම
මේ නිසා ශීතකරන වායුව හරි හැටි ශීත නොවීම නිසා වායු සමීකරණ පද්ධතිය නියමිත පරිදි ක්රියා නොකරයි.
6. A/C ෆිල්ටර් කුණු බැදී තිබීම
මේ නිසාත් වායු සමීකරණ පද්ධතිය හරියට වැඩ නොකරන්න ඉඩ තියනවා.