Friday, October 14, 2011

Techno 2011| තාක්ෂණික හා ඉංජිනේරු ප්‍රදර්ශනය

ඔන්න මේ සැරෙත් Techno 2011 තිබිලත් ඉවර වුනා. හැමදාම වගේ අපිත් ප්‍රදර්ශන කුටියක් දැම්මා. මේ සැරේ අපේ බොස් හිටියේ නැති නිසා දවස් 3ම අදින්න වුනේ මට. හැමදාම රෑ 9ට විතර ගෙදර එද්දි කකුල් දෙකට හොඳ ගණන්.  අපරාදෙ කියන්න බෑ මේ ළමයා ඉන්න නිසා අනික් අය පාඩුවේ ප්‍රදර්ශනය පුරා ඇවිද ඇවිද සිත්සේ සතුටු වෙවී හිටියා. ඉවසල ඉවසල බැරිම තැන දෙතුන් දෙනෙක් අල්ලලා අපේ කුටියට තියලා බැදලා මම ගියා අනෙක් කුටි බලන්න.


වැදගත් කියලා දැනෙන ඔක්කොම බලන්න බැරිවුනත් පොඩි කතා ටිකක් හම්බ වුනා ඔයාලත් එක්ක බෙදාගන්න.


මේ තියෙන්නෙ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රදර්ශන කුටියේ තිබූ පොඩි ගැජට් එකක්.මේකෙන් කරන්නෙ ජල නල වල තියන කාන්දු හොයන එක. වැඩිපුරම සද්දෙ ඇහෙන තැන හොයලා වතුර කාන්දුවෙන තැන හරියටම හොයා ගන්න තමයි මේක හොයාගන්නෙ. අපේ ගෙවල්වලත් වතුර කාන්දුවක් තියනවානම් මණ්ඩලේට පොඩි ගානක් ගෙවලා මේ උපකරණය ගෙන්නගෙන හරියටම තැන හොයාගන්න පුළුවන්. මේ තියෙන්නෙ ඒක පාවිච්චි කරන විදිහ පෙන්නන එකක්.


----------------------------------------------------------------------------------------------------------------------------------
ඔයාලත් කැමතිද ගෙදරදිම පොල්තෙල් හදාගන්න. මේ ගැජට් එක තිබුනෙ ජාතික ඉංජිනේරු හා පර්යේෂණ ආයතනයේ (NERD) ප්‍රදර්ශන කුටියේ. මේක පාවිච්චි කරන්නෙ මෙහෙමයි.


-------------------------------------------------------------------------------------------------------------------------------------
මේ තියෙන්නෙ කැළණිය කැම්පස් එකේ කස්ටිය හදපු ඉලෙක්ට්‍රොනික ආර්ද්‍රතාමානයක්. තේ කර්මාන්තශාලාවලට යෝජනා කරපු මේ නිර්මාණය පරිගණකය සමඟ සන්නිවේදනය කරන්නත් සමත්.


----------------------------------------------------------------------------------------------------------




මේ තියෙන්නෙත් අපූරු නිර්මාණයක්. මේ දවස්වල ක්ෂේත්‍රයේ වැඩිපුර කථා කරන බලශක්තිය ඉතිරි කරන්න හදපු එකක්. මේවා වහලේ හයිකරලා ස්වාභාවික හිරුඑළිය සේවාස්ථානය ඇතුළට ගෙන්න ගන්න පුළුවන්. (වෙළඳ කුටියකින් ගත්ත නිසා මම කුටියේ නම කියන්නෑ)
-------------------------------------------------------------------------------------------------------------


මේ දවස්වල පොල් ගණන් සාපේක්ෂව බැහැලා නිසා පොල් ලෙලි ගහන අයට ආයෝජනය කරන්න පුළුවන් ගැජට් එකකුත් දැක්කා. මේකෙන් පොල් ගෙඩි දවසට 2500-3000ක් දක්වා ලෙලි ගසාගන්න පුළුවන් කියලා දැනගන්න ලැබුනා.
-------------------------------------------------------------------------------------------------------------


මේ තියෙන්නෙ කොළඹ වරායෙ ජැටිය (හෝව්... පොඩි මොඩල් එකක්)
වරාය අධිකාරියෙ ප්‍රදර්ශන කුටියෙ තමයි මම මේක දැක්කෙ. මේ දවස්වල සිදුවෙන අළුත් වරාය ව්‍යාපෘති දෙකේම ආකෘති තිබුනා.

උඩ තියන පින්තූරේ අළුතින් ඉදිවන හම්බන්තොට වරායේ ආකෘතිය.පහල එක කොළඹ වරාය විශාල කිරීමේ ව්‍යාපෘතිය.
-----------------------------------------------------------------------------------------------------------


ගෙදර තියන ලයිට් සෙට් එක ඒ වෙලාවෙ තියන මූඩ් එක එක්ක ආලෝක ප්‍රමාණය (intensity)  වෙනස් කරන්න පුළුවන් විදිහෙ ප්‍රෝග්‍රෑම් එකක් මේ ගැජට් එකේ තියනවා. දැනටත් මේකෙ පාටි මූඩ් එකටයි, රොමැන්ටික් මූඩ් එකටයි ප්‍රෝග්‍රෑම් සෙට් කරලා පොඩි simulaition  පාරක් දාලා තිබුනෙ.




(මමත් කල්පනා කලා ඒ අයිඩියා එක හොරකම් කරලා අපි දෙන්නා රණ්ඩුවෙන වෙලාවට ගෙදර බල්බ්ටික නිවි නිවී පත්තුවෙන්න ක්‍රමයක් හදන්න. ඒත් තාම රූ මහත්තයා යෝජනාව අනුමත කලේ නෑ.)
--------------------------------------------------------------------------------------------------
අන්තිමට මේ පින්තූරෙත් බලන්නකො.
මේකත් ගත්තෙ ප්‍රදර්ශනය වෙලාවෙම තමා.






ප/ලි
මාධවත් Techno ගැන ලිපියක් දාලා තියනවා දැක්කා.

8 comments:

  1. අපේ කැම්පස් එකේ අපේ ෆැකල්ටියේත් ප්‍රදර්ශන කුටි දාලා තිබ්බා. අයියා ඒවා බලන්න ගියාද ???
    මට නම් එන්න උනේ නෑ. මම් නුවර ගිහින් හිටියේ. යන්න බැරි උනත් මේ විස්තර ටිකයි ෆොටෝ ටිකයි ගොඩක් වටිනවා.

    ReplyDelete
  2. පොටෝ ටික පේන්නේ නෑ නේ මට රූ..:-(

    ReplyDelete
  3. @මධුරංග,
    ආ ඔයා නිවාඩුවකට ගියා කිව්වනේ (අර නංගි බලන්න)
    කමක් නෑ ඊළඟ සැරේ බලමු.
    පේරා ස්ටෝල් එක බලන්න වුනේ නෑ. වෙලාවක් තිබුනෙ නෑ මලේ. ඒත් ගිය අවුරුද්දේ Pera Exhibition එක බැලුව නිසා කමක් නෑ කියලා හිතුනා.

    @ තිස්ස,
    පින්තූර ආයෙ වෙනම දාන්නම් පුළුවන් තරම් ඉක්මනට.:(

    ReplyDelete
  4. ආය්ස්මා ගුන්ඩු... අපේ කොම්පැනියෙනුත් දැම්මා ඉට්ටෝල් එකක්. කම්පැනිය ගැන කියන්න බැහැනේ...

    ReplyDelete
  5. යාළු මාළු,
    මම් වැරදිලාවත් ඔයාලගේ ස්ටෝල් එකේ පින්තූර දාලා නෑ නේද?

    ReplyDelete
  6. ඔන්න අද පින්තූරු බලන්න පුලුවන් විදිහට බ්‍රව්සරේ සැකසුණා...
    රූ නෝනෙත් කටුබැද්දෙන්දෑ එළියට ආවේ...?

    පොල් තෙල් හදන මැසිමක් ගන්න ඕනෑ අප්පා...

    ReplyDelete
  7. @තිස්ස,
    මම නම් පේරාදෙණිය සරසවියෙ..දැන් නම් ටික කාලයක් අවුට් වෙලා...

    පොල්තෙල් හදන මැසිම කඩවල්වල තියෙයිද සුවර් නෑ.කොහේදි හරි දැක්කොත් පණිවිඩේ දෙන්නම්.

    @බිඟුවා,
    තැන්කූ..තැන්කූ..

    ReplyDelete