Sunday, October 30, 2011

මේ නියමයන් පරීක්ෂා කර බලා තිබේද..?

මේකත් මම උපුටා ගත්තෙ මට ආපු ඊයකින්...


http://liftright.net/dirtyhands.jpg
1. ලොරන්ස්ගේ යාන්ත්‍රික පිළියම් නියමය
සෑම යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී.




------------------------------------------------------------------------------------------------------


http://us.cdn3.123rf.com
2. ඇන්තනිගේ කම්මල් නියමය
ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරළී යයි.











------------------------------------------------------------------------------------------------------
http://pinknpurplelizard.com/blog/wp-content/uploads/
3. කොවෑක්ගේ න්‍යාය
වැරදි නම්බරයක් ඇමතීමේදී කාර්යබහුල නාදය කිසිවිටෙක නොඇසෙයි.






------------------------------------------------------------------------------------------------------
http://www.beadelltours.com.au/images1/flat_tyre.jpg
4. කැනන්ගේ කර්මවාදය
අද වැඩට වාර්තාකිරීමට පමාවූ හේතුව ලෙස වාහනයේ ටයරයේ හුළං යෑම යැයි කරණු ඉදිරිපත් කළහොත් පසුදින සත්‍යවශයෙන්ම වාහනයේ ටයරයේ සුළං යනු ඇත.




------------------------------------------------------------------------------------------------------


5. ඕ බ්‍රයන්ගේ විචලන නියමය
ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනා පෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි.




------------------------------------------------------------------------------------------------------


http://solodialogue.files.wordpress.com
6. බෙල්ගේ නියමය
ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි.






------------------------------------------------------------------------------------------------------
http://www.cartoonstock.com/lowres/amc0684l.jpg
7. රූබිගේ සමාසද සිද්ධාන්තය
ඔබ දන්නා කිසිවකු මුණ ගැසීමේ සම්භාවිතාව ඔබ කවුරුත් නොදකීවායි පතන අවස්ථාවකදී ඉහල යයි.






------------------------------------------------------------------------------------------------------


http://austincomputerrepairx.com/wp-content/uploads
8. විලොබීගේ නියමය
ඔබ මැසිම වැඩ කරන්නේ නැති බව ඔප්පු කිරීමට තැත් කිරීමේදී එය වැඩ කරයි.






------------------------------------------------------------------------------------------------------


http://pigjockey.com/wp-content/uploads/2010/03/
9. සැඩ්‍රාගේ ජීවමිති නියමය
කැසීමේ සැරබව අදාල ස්ථානයට  අත පෙවීමට ඇති දුරට සමානුපාතික වේ.




------------------------------------------------------------------------------------------------------


http://thedevilspitchfork.files.wordpress.com/2011/04/seat-2.jpg
10. බ්‍රෙඩාගේ නීතිය
සෑම අවස්ථාවකදීම බිත්තියට ළඟ අසුන් ගැනීමට නියමිත අය පැමිණෙන්නේ අවසානයටය.






------------------------------------------------------------------------------------------------------


11. ඕවන්ගේ නියමය
http://static4.depositphotos.com
උනුසුම් කෝපි/තේ  කෝප්පයක් රසවිදීමට සැරසෙද්දී එය නිවෙනතුරු කිරීමට ලොක්කා වැඩක් පවරනු ඇත.






------------------------------------------------------------------------------------------------------
http://3.bp.blogspot.com/

12. වූලිගේ නියමය
ඔබ බොහෝ රෑ වන තුරු වැඩ කරන කිසිම දවසක ලොක්කා නොසිටින නමුත් ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔහු අනිවාර්යෙයන්ම ළඟ සිටියි.



------------------------------------------------------------------------------------------------------

20 comments:

  1. පස්ටයි...... මට හිතෙන්නෙ නම් මේවා අමූලික ඇත්ත....:D

    ReplyDelete
  2. මරේ මරු..!

    ReplyDelete
  3. ඇත්තම ඇත්ත :D

    ReplyDelete
  4. කවුරු එවලා තිබුනත් ඊයේ තියෙන්නෙ සහතික ඇත්ත ......

    ReplyDelete
  5. ලෙඩක් කියා නිවාඩු දැමූ විට සත්‍ය වශයෙන්ම ලෙඩක් හැදෙයි.... බඩේ අමාරුව ප්‍රමුඛයි..

    ෆෝන් එක ඕෆ් කර ඇති විට ඈමතුම් පැමිණීමේ සම්භාවිතව ඉතා ඉහලයි... ඊට පසු බැනුම් ඇසීමේ සම්භාවිතාව ඊටත් ඉහලයි...

    ReplyDelete
  6. මේ වගේම ලිස්ට් එකක් තියෙනවා 'මර්ෆිගේ නියමයන්' කියල. කාලෙකට ඉස්සෙල්ල කැලන්ඩරේක දැක්ක, දවසට එක ගානේ දවස් තුන්සිය හැට පහටම 'මර්ෆිගේ නියමයන්' දාල තියෙනව.

    ReplyDelete
  7. අමූලික ඇත්ත මේ නියමයන් ඔක්කොම... සමහර ඒවා නම් ඔහොමම මටත් වෙලා තියෙනවා.....

    ReplyDelete
  8. @නිසුපා
    එහෙනම් ඔයත් එකක් දෙකක් ට්‍රයි කරලා තියනවා!!
    තැන්කූ මේ පැත්තෙ ආවාට නිසූ...

    ReplyDelete
  9. @Sabhith, Ano, Mier,පංසල් හන්දිය,රාජ්,Dinesh,

    සමහර දේවල් වලට හේතු හොයාගන්න බැරිවුනත් ඒවා හැමදාම ඒ විදියටම සිද්ධ වෙනවා..

    @ රන් මාළුවා..
    ඔය ෆෝන් කතාව නම් සහතික ඇත්ත..මම නම් ප්‍රසිද්ධ පොන් ආන්සර් නොකරන එකටම තමා..

    @Observer,
    http://www.murphys-laws.com/
    මේ සයිට් එකේ තියන ඒවද ඔයා කියන්නේ?

    ReplyDelete
  10. අන්තිම එක නම් මාත් අත්දැකලා තියෙනවා. ඒ වගේම තමා කොවෑක්ගේ න්‍යායත් අත් දැකලා තියෙනවා.
    මරු න්‍යායන් ටික.

    ReplyDelete
  11. මාත් ආවා කියවලා රස විඳින්න ...

    ReplyDelete
  12. ඇත්තනේ,.. මරේ මරු,..

    ReplyDelete
  13. හනේ කියා වැඩක් නැත, ඔක්කොම ඇත්ත, හරිම වදයක්....

    ReplyDelete
  14. ම‍ර්ෆි ගුවන් යානා ඉංජිනේරුවෙක්...
    stress cell එකක් සවි කරන කණිෂ්ඨ ඉංජිනේරුවෙකුට ඔහු කියනවා ඕකේ අග්‍ර සවිකරනකොට වරදින්න පුලුවන් පරිස්සමින් සවිකරන්න කියා... කියූ විදිහටම අර කණිෂ්ඨ ඉංජිනේරුවා එය වැරදියට හයි කරනවා.... මර්ෆි නිතරම කියන්ට ගන්නවා ඉන්පසු "If something can go wrong, it will..." කියලා..... මේක පසුව "Murphy's Law" වෙනවා....
    සිංහලෙන් කියනවානම් යමක් වරදින්ට ඉඩක් ඇත්නම් එය ඒ ලෙසම වරදිනු ඇත කියලා
    දෙයක් plan කරන විටදී මර්ෆිගේ නියමය මතක තබා ගනීම හානි අවම කරගන්ට හේතු වනු ඇත...

    ReplyDelete
  15. @මධුරංග,
    වැරදි නොම්බර වලට කතා කරලා වුනු දේවල් ටිකකුත් කියන්නකො..

    @අරුණි,ප්‍රාර්ථනා..
    ස්තුතියි මේ පැත්තෙ ආවාට..

    @තිස්ස,
    මමත් මේක කියෙව්වා obdserver කිවුවට පස්සෙ..
    මර්ෆිගේ නියමය ටිකක් විතර අශුභවාදීද කියලත් හිතනවා..
    ස්තුතියි දැනුම බෙදාගත්තට..

    ReplyDelete
  16. පට්ටම කතා ටික. උපරිමයි. පුදුමයි ඒත් ඇත්තයි :))

    ReplyDelete
  17. @හසිත,
    තැන්කූ..හැබැයි මම හොයාගත්ත ඒව නම් නෙවි..

    ReplyDelete