Monday, October 10, 2011

දියකිඳුරියක් ද? තල්මසෙක් ද?

ඔබේ තේරීම: දියකිඳුරියක් ද? තල්මසෙක් ද?




මේ ව්‍යායාම් මධ්‍යස්ථානයක දැන්වීම් පුවරුවේ මේ පණිවිඩය දිස්වූයේ රූමත් සිහින් සිරුරැති තරුණියක්ගේ පින්තූරයක්ද සමගින්.
සාමාන්‍ය පෙනුමැති පින්තූරයෙ පෙනුමට ළඟාවිය නොහැකි මැදිවියේ කාන්තාවක් මෙය දුටු විගස එයට පිළිතුරක් මෙසේ ලියා යැව්වා.

මෙම දැන්වීම පිළිබඳ කැමැත්තක් දක්වන්නෝ සඳහා!


තල්මසුන් නිතරම ඩොල්පින් මුහුදු සිංහයන් සහ විමර්ශනශීලී  මිනිසුන් විසින් වට කරගනු ලැබ සතුටින් දිවිගෙවති. ඔවුනට ක්‍රියාකාරී ලිංගික ජීවිතයක් ඇත.ගැබ්බර වන ඔවුන් සුරතල් පැටවුන් බිහිකරති. ඩොල්පින්ලා සමඟ නිදහසේ සෙල්ලම් කරති. ඉස්සන්ගෙන් කුස පුරවා ගන්නා ඔවුහු සෙල්ලම් කරති. පොලිසීනියානු කොරල්පර, පැටගොනියාව, බ‘රින් මුහුද දකිමින් සයුර සිසාරා පිහිනා යති.
තල්මසුන් (Whales) කෙතරම් දක්ෂ ගායකයින්දැයි කියනවානම් ඔවුන්ගේ ගීත පවා පටිගත කර ඇත. මිනිසුන් හැර ඔවුන්ට මුහුණදිය හැකි වෙනත් සතුරෙක් නැත.
ලෝකයේ සෑමදෙනාම පාහේ ඔවුන්ට ආදරය කරති; වර්ණනා කරති;ආරක්ෂා කරති.


අනෙක් අතට දියකිඳුරියන් මනඃකල්පිතය. නොපවතියි.
පැවතුනද මාළුවකුද මානවයකුද යන්න දැනගැනීම සඳහා විශ්ලේෂකයන්ගේ විද්‍යාගාර අසල පෝලිම් ගැසී සිටියි.තමන් ලඟට එන මානවයන්/තරුණයන් අල්ලා මුහුද යටට ගෙන ගොස් මරා දමන බැවින් ක්‍රියාකාරී තබා මොනයම් ලිංගික ජීවිතයක්වත් තිබේද?
දියකිඳුරියකගේ පින්තූරයක් දකින ඕනෑම අයෙකුට එය වැටහෙනු ඇත!
එනිසා ඔවුන්ට දරු සුරතල්ද නැත. 
ඇරත් මාළු මාකට් එකක සුවඳින් යුතු තරුණියක් අසලට යෑමට කැමති තරුණයෙක් ඇතැයි සිතීම විහිළුවකි. 


එනිසා මගේ තේරීම පැහැදිලිය.
මගේ තේරීම තල්මසෙකි. 


පසු සටහන:
සිහින් සිරුර ලස්සනයැයි මාධ්‍ය මගින් අප ඔළුවලට කාවාද්දා ඇති යුගයක අපි ජීවත් වෙමු. නමුත් මම මගේ දරුවන් සමඟ අයිස් ක්‍රීම් රසවිදීමට කැමැත්තෙමි. මා ආදරය කරන මිනිසා සමඟ රෑ කෑමකට යෑමට කැමැත්තෙමි. මගේ යහළු යෙහෙළියන් සමඟ චොකලට් පෙත්තක රස බැලීමට කැමැත්තෙමි. එවිට කාලය සමඟ වයසත් සමඟ සිරුරේ බර වැඩිවනු ඇත. 
එසේ වන්නේ අපේ අත්දැකීම් දැනුම අපි මොළයේ තැන්පත් වන බැවිනි. 
මොළයේ ඉඩ නැති වන විට ඒවා සිරුරේ අනෙක් කොටස්වල තැන්පත් වේ. 
එනිසා අප මහත නැත; අප ප්‍රඥාවන්තය; උගත්ය; කුල්මත්ය.
අද දින සිට සෑම උදයකම කණ්නාඩියෙන් බලන විට මා හට මෙසේ සිතෙනු ඇත.
“ ෂා....මම කෙතරම් දැකුම්කලුද?“


බ්ලොග් සටහන:
පින්තූර සහ කථා අනුග්‍රහය : http://www.feministlawprofessors.com/2009/09/mermaid-or-whale/
මේ කථාව මට ලැබුනේ මිතුරියකගේ ඊයකින්. ලොකු කථාවක් සරලව කියා තියන නිසා මගේ ටීකා අවශ්‍ය නැතැයි සිතමි. මින් පසු “ඔයා මහත්වෙලා“ යැයි අසන ප්‍රශන්යට දීමට ඇති සාර්ථක පිළිතුරක් මට දැන් ඇත.!

11 comments:

  1. මට නම් ඕකේ අනිත් පැත්ත තමයි හිතන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තල්මසෙකුට වඩා දිය කිදුරෙක් වෙන්න වෙලා තියෙන්නේ.

    ReplyDelete
  2. හහ් හහ් හහ්... අලුත්ම දැක්මක්...!!!! නියමයි...!!!!
    හැබැයි ස්ථුල බව නිසා හෘදයාබාධයක් හැදුනදවසකත් ඔහොම්මම හිතේවිද..?

    ReplyDelete
  3. මැදුම් පිළිවෙත ඔය කෝකටත් ගැලපෙනවා

    ReplyDelete
  4. අපෙ සර් කීවේ
    කටුස්සෝ කෙට්ටුවට හිටියම ලස්සනයි
    අලියො මහතට හිටියම ලස්සනයි කියල
    අලිය කටුස්සා වෙලවත්
    කටුස්ස අලිය වෙලවත් වැඩක් නෑ.
    කැතයි.

    ReplyDelete
  5. @මධුරංග,
    හෆොයි මලේ ඒ මොකෝ?
    @තිස්ස,
    කියනකම් මට මතක්වුනේ නෑ නොවැ.හ්ම්..ඒ ගැනත් සලකලා බලන්න ඕනි

    @විසිතුරු,
    ම්.ඒක ඇත්ත...ඒත් ප්‍රශ්නේ මැද මාවතේදි අයිස්ක්‍රීම් කීයක් රස බලන්න පුළුවන්ද කියන එක තමයි!ස්තුතියි මේ පැත්තෙ ආවට.:)

    @සුදු මිහිරිය,
    සර් දන්න දේවල්!..ඒක නෙවි ඕක කියලා දුන්නේ “හීන් සැරය“ උගන්නද්දිද?

    ReplyDelete
  6. තිස්ස අයියා කිව්වා වගේ ඕනෑවට වඩා මහත් උනොත්නම් ප්ස්සේ කාලෙක ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්

    ReplyDelete
  7. නෑ,අපෙ පිසික්ස් සර් කීවේ.
    ඔය බොටැනි හෝ වනමල් ගැන දන්නවද?
    සුදු මිහිරිය කීවේ?

    ReplyDelete
  8. මේ මොකද්ද අක්කේ ... හරියට සම්භව්‍ය මෙව්වා එකක් වගේ... තව දෙ​තුන් පාරක් වත් කියවන්න වෙනවා....

    ReplyDelete
  9. @පූසා,
    ම් සලකලා බලන්න ඕනි. ඒත් චොකලට් වගේ එවා දැක්කම ටිකක අමතත වෙනවා.

    @ සුදු මිහිරිය,
    ඇත්තටම මම බොටැනි කියන්නේ මොනවදවත් දන්නෑ. වනමල් නම් ගොඩක් දැකලා තියනවා කඳු නැගපු දවස්වල.
    මම බොටැනි දන්නැති වුනාට ගූග්ල් දන්නවනේ..:)

    @රන් මාළුවා
    හයියෝ..ඔයාට මේකවත් තේරෙන්නේ නැද්ද මලේ

    ReplyDelete
  10. මාළුවා මුහුදට දැම්මම ඇන්නෑවේ කීවලු...
    මලීත් මේ වගේ එකක් ලියලා තිබ්බා. මම හිතන්නේ එතන තමයි බ්ලොග් අවකාශේ ඔය තල්මස්සු ඔක්කොම ටික එලිය බැස්සේ...

    ReplyDelete
  11. @crazy World,
    හික්ස්..තැන්කූ මේ පැත්තෙ ආවාට..

    ReplyDelete